Friday, December 31, 2010

නොකෑ පපඩම් හා තෙල්හිඳියා කොමිසම.....



අපේ ගමේ කුප්‍රසිද්ද චණ්ඩියාවූ බූරු චුට්ටෙ අල්ලන්නට පසුගියදා පොලිසියෙන් ආවේය.කවුන්ට්ලස් ප්‍රමාණයක් නොසන්ඩාලකම් කර තිබුණද මේ දක්වා ඌට එරෙහිව ගමේ එකෙක් පඩයක්වත් ඇරියේ නැත.එහෙම තිබියදී උගේ ගෑණි පොලිසීයේ පැමිණිල්ලක් දමා ආවේ මේ නසරාණියා දිනපතාම දෙකක් දමාගෙන ඇවිත් යුෂ්මතියට පස්පඩංගුවේ පහරදෙන බව කියමිනි.
සති දෙකකට පසු පොලීසිය බූරු චුට්ටෙ සොයාගෙන ආවේ ඉහත පැමිණිල්ල ගැන කටඋත්තරයක් ගන්නටය.ඒ එනවිට කුස්සිය ඇතුළේ බූරු චුට්ටෙ හා යුෂ්මතිය නොකෑ පපඩම් හා තෙල්හිඳියා කොමිසමක් පිහිටවාගෙන සාක්කි දෙමින් සිටියෝය.
බූරු චුට්ටෙ අත්අඩංගුවට ගැනීමට යුෂ්මතිය බලවත් විරෝදය පළකළ අතර දැං බූරු චුට්ටේ පාඩං ඉගෙනගෙන ඇති බවත් අවශ්‍යම නම් පොලිසියටද කොමිසම හමුවේ සාක්කි දිය හැකි බවත් ප්‍රකාශ කළාය.
ඉන්පසු බූරු චුට්ටෙ සබාපති පුටුවට පැමිණි අතර ගමේ සිදුවූ නොසංඩාලකම් වලට තමා කිසිසේත්ම සම්බන්ද නැති බව තරයේ ප්‍රකාශකළේය.
ඉන්පසුව පැමිණියේ පොලීසියේ වාරයයි.පැමිණි පොලිස් කණ්ඩායම් තුනම ප්‍රකාශකළේ තමන්ට මේ සිද්දිය පිළිබඳ මෙලෝ බෝලයක් තේරෙන්නේ නැති බවත් යුෂ්මතිය පොලිසියට පැමිණිලි නොකළේ නම් මේ මළ හුණ්ඩුවට කිසිසේත්ම අත නොදමන බවත්ය.
ඒ අනුව පොලිස් කණ්ඩායම් තුනම වැරදිකරුවන් බව බූරු චුට්ටේ විසින් ප්‍රකාශකරන ලද අතර ‘813 රී’ වගන්තියෙන් තමාට පැවරී ඇති බලතල අනුව එම තීන්දුව අනුමත කරන බවත් එය වෙනස් කිරීමට අවශ්‍ය නම්  පෞද්ගලිකව පැමිණ ඉල්ලීමක් කළ හැකි බවත් යුෂ්මතිය ප්‍රකාශ කළාය.
අනතුරව පොලිස් කණ්ඩායම් තුනම තම තමන්ගේ බැටන් පොලු වලින් තම තමන්ගේ පුකවල් වලටම තලාගෙන නිල්පාට බන්දනාගාර බස්එකක නැගී හිරේ ගියෝය.

ප.ලි:-හැපි නිව් ඉයර් හේතුවෙන් ක්ලයිමැක්ස් එකේ ඉන්නා ෂ්‍රී ළාණ්ඛිඛයන්හට අද දිනරාත්‍රී අයි.ටී.ඇන්. එකේ අතින් කයිට්ස් බලා හෙට උදේම නැගිට හැට පහේ පොල් ගා කිරිබත් පිස චූන් එක බෙදාගන්නා ලෙස පිස්සා යෝජනා කරයි.

Thursday, December 23, 2010

ප්‍රතිනාමකරණ වසංගතය හෙවත් Renaming without underware................


ට්‍රීං.. ට්‍රීං...
සුබ අනාගතයක් මේ ආස්චරියලන්තයේ නිරපරාද කොට්ටාස පොලෝසියේ හදිස්සි ඇමතුං ඒකකයයි.ඔබේ බිල්පත් ශේෂය දැනගැනීමට අංක එක ඔබන්න...අනියම් සම්බන්දතා විස්තර දැනගැනීමට අංක දෙක ඔබන්න.රිඟිං ටෝන් ලබාගැනීමට අංක තුන ඔබන්න.ඕ අයි සීට කතාකිරීමට අංක හතර ඔබන්න.......
ෆූක්........
ඕ අයිසී ජිනා මැඩම් හමුවී එනතුරු මඳක් රැඳී සිටින්න......
ටිං....ටිටිටිටිං.......ටිටිටිටිටිං........ටිටිටිං.......ටී......ටී....ටී...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
(විනාඩි 30 කට පසු)
ආයි බෝං මම ඕඅයිසී.....කරුණාකර ඔබට අවශ්ය සේවය පවසන්න....
ඕයි...මේ ...මං මැදමුලනී බ්‍රහ්මදත්ත කතාකරන්නේ.....තෝ කොහේ මකබෑවිලාද හිටියෙ පොළොස් කොට්ටෝරුවො?
මං පොඩි රිෆ්රෙශ්මන්ට් එකකට ගොහිං උන්නෙ සෑර්.....මොකද්ද කේස් එක?
යකෝ මගේ මහින්ද්‍රා කැබ් එකේ තව එකෙක් වාහනයක් හැප්පුවා.මට නස්පුක් වෙන්න ඩැමේජ්.ඉක්මනට වරෙං....
හරි සෑර් මේ එනව....සෑර් කොහේද ඉන්නෙ කියල කියනවද?පොඩ්ඩක් ඉන්ඩ සෑර් මං කරදහියක් අරං ලියාගන්ඩ...හා දැං කියන්ඩ සෑර්...
මං ඉන්නෙ මහීෂරාජපියපුරවරයේ.....
පැහැදිළි මදි සෑර් විස්තර ඇතුව කියන්ඩ....ඇම්බූලන්ස් එකක් එවන්ඩ එපෑයැ.පාර වැරදුණොත් හරකට කියල රිවස් කොරවන්ඩයැ......
ඈ හරකො දැං ඇම්බූලන්ස් දුවන්නෙ හරක් බැඳලද?
ඔව් සෑර්....ඛණිජතෙල් ත්‍රස්තවාදය නැතිකරන්න කියල අපේ පචායුද සෑර් දාපු අයිඩියාවක් නිසා ඔක්කොම ඇම්බූලන්ස් යන්නෙ හරක් බැඳල....දේසීයත්වෙ නේ සෑර්.......ඉතිං සෑර් හරයටම පාර කියන්ඩකො.....
මහීෂරාජපියපුරවරයේ හන්දිය පහුවුණාම දකුණු පැත්තෙ මැදමුලනී විද්‍යාලය තියනව........
හෝව්..හෝව්...වැරදියි සෑර් කොම්ප්ලීට්ලි රෝං......දැං දකුණ කියල පැත්තක් නෑ.තියෙන්නෙ වම විතරයි.ඒකත් ප්‍රගතිශිලී වම සෑර්...මං ඒ විදිහට ලියාගන්නං....ඉතිං ඉතිං....
මැදමුලනී විද්යාලයට ඉස්සරහින් මැදමුලනී බාර් එක තියෙනව....බාර් එක ළඟ ඉඳල මීටර් සීයක් ගියතැන.....
හෝව්...සෑර්....දැං මීටර කියල දුර මනින ක්‍රමෙයක් නෑ.කවුද ඔය පර සුද්දන්ගෙ ක්‍රම ගනංගන්නෙ.යොදුන් වලින් කියන්න සෑර්........අපි දේසීයත්වෙ අගේ කොරන්ඩ එපැයි සෑර් මළත්....
ඕන මගුලකිං ලියාගනින්....මට අමාරුයි ඕයි....ඉතිං එතන ඉන්නව ලොතරැයි කාරයෙක්.උගේ නම මැදමුලනී බ්‍රහ්මදත්ත.ලොතරැයි කූඩුවෙ යන සිංදුව’’හායි බෝ වේවා මහ බඹානනේ....’’කියල.මං එතන වැටිල ඉන්නෙ ඕයි.කොන්ද හතරට කැඩිලද කොහෙද?

සෑර් තව පොඩි පුරස්නයක්........සෑර් යටට ඇඳලද ඉන්නෙ?
නෑ ඕයි.....මං හදිස්සියකට යන ගමං.....
කොම්ප්ලීට්ලි රෝං සෑර්......යටට අඳින්නැතුව දොට්ටපිළට බැහීමත් ගැසට් නිවේදනේකිං තහනං කොරල තියෙන්නෙ.කරුණාකරල වහාම යටට ඇඳගෙන අපිට කෝල් එකක් දෙන්න.එතකොට ඇම්බූලන්ස් එක එවන්නං.බායි....!

ඒයි පීසී මෙහෙ වරෙං....අන්න මහීෂරාජපියපුරවරයෙ මැදමූලනී විද්යාලෙ ළඟ ප්‍රගතිශිලී වම් පැත්තෙ තියන මැදමුලනී බාර් එක ළඟ ඉඳල‍ යොදුන් සීයක් ගියතැන මැදමුලනී බ්‍රහ්මදත්ත කියල ලොතරැයි කාරයෙක් ඉන්නව.එතන මැදමුලනි බ්‍රහ්මදත්ත කියල එකෙක් ඇස්සිඩන් වෙල ඉන්නවලු.ගිහිං ඇරං වරෙං.මතක ඇතුව බලපං යටට ඇඳලද කියල....

මළජූලියයි සෑර්....දැං ආස්චරියලන්තෙ ඔක්කොම දිස්තිරික්ක උතුමාණන්වහන්සේට ‍ගවුරව පිණිස මහීෂරාජපියපුරවර කියල නම් කොරල තියෙන්නෙ.ඔය කියන එකා වැටිල ඉන්නෙ මොන මහීෂරාජපියපුරවරේ දන්නෑ......?

යකෝ මගේ ඔලුව අවුල් කොරන්නෙ නැතුව කියපු වැඩේ කොරපිය......

ඕකේ...සෑර්......

(සති දෙකකට පසු)
බඩු ගෙනාව සෑර්....මෙන්න බුවා.....හෙන අමාරුවෙං හොයාගත්තෙ...
කෝ ඕයි මූ ඇස්සිඩන් වෙච්චි පාටක්වත් නෑ නේ.....
හරියටම හරි සෑර්....ඇස්සිඩන් වෙච්චි බුවා මට ලොරි ටොකක් දුන්න..මැදමුලනී  බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඌ ලු.මං නං අහුවෙයි ඕවට.දැං හැමෝම උතුමාණන් වහන්සේට ගවුරව පිණිස මැදමුලනී බ්‍රහ්මදත්ත කියල නම දානව නේ සෑර්.....මං ගිය ගමං බැලුවෙ ඌ යටට ඇඳල ඉන්නවද කියල.ඌ යටට ඇඳල නැති විත්තිය දැක්කගමන්ම මං දඩ කොළයක් ලියල දුන්න.ඇම්බූලන්ස් එක එවන්න නං තැපැල් කන්තෝරුවට දඩේ ගෙවල හිටිං කිව්ව.

එස්සලන්ට පීසී... යූ ආ ‍ග්‍රේට්.....එතකොට මේ අල්ලන් ආපු එකා මොකාද?
මේ ලොතරැයි කාරය සෑර්.මුගේ නමත් මැදමුලනී බ්‍රහ්මදත්තනේ.දෙකක් ඇනල ගත්තම ඇස්සිඩන් ලුක් එක එනව.මූ නං සුවර් එකටම යටට ඇඳල ඉන්නෙ.මං ඩබොල් චෙක් කොරල ගෙනෑවෙ සෑර්..............



අප නිහඬකළ නොහැක......

2010.12.22 දින සිට අපගේ මුල් බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමට බාධා පමුණුවා තිබේ.එයට විරෝධය පෑමක් වශයෙන් අප බ්ලොග් අඩවිය Wordpress වෙතින් මුළුමණින්ම ඉවත්කර Blogger අවකාශයෙහි ප්‍රතිස්ථාපන කිරීමට සිදුවිය.කෙසේ නමුත් අපගේ www.palaamalla.tk ලිපිනය නොවෙනස්ව පවතී.නිදහස් අදහස් ප්‍රකාශන අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.

අපගේ අඩවියෙහි අන්තර්ගතය පිළිබඳ ගැටළුවක් ඇතිබව සඳහන් නිවේදනයක් ලබාදී අඩවිය යාවත්කාලීන කිරිම මුළුමණින්ම අත්හිටුවීමට Wordpress පියවර ගෙන තිබේ.මෙහි අන්තර්ගතය ගැටළුවක් වන්නේ කාහටදැයි බොහෝ පාඨකයන් අවබෝධයෙන් සිටින බව අපේ විශ්වාසයයි.

Friday, December 3, 2010

මිදි ඇඹුලයි.......

මහ පප්පා බ්‍රිටන් ගියා
රැස්පට් පෙන්නන්න ගියා
කොටි හපුවට ඩෝං ගියා
උං හැම පෙළපාලි ගියා

ඔස්පඩයට එන්නකියා
කියල කියපු නිසා ගියා
ඒත් එවුන් පොල්ල තියා
මහ පප්පගෙ හුලං ගියා

ග්‍රේට් බ්‍රිටන් වී කොන්ඩම්
ගෝ ටුද හෙල් නෝ බැක් කම්
අපිම ඊට් රටෙ ඉන්කම්
දිස් ඉස් ද නැෂනල් ෆ්‍රීඩම්

අපගේ සාතිශය සංවේගය!

සිංහල බ්ලොග්කරණයේ එක් කඩඉමක් සනිටුහන්කරන සහෝදර කතන්දරකාරයාගේ පියාණන් අභාවප්‍රාප්තවීම පිළිබඳ පිස්සාගේ සාතිශය සංවේගය.

ගණදුර දුරලු බැස නොමයන රිවිඳාන

අගහිඟ නොමැති ලොව මා තැබු ඉසුරාණ

මුදු පිය වදන් තෙපළා සෙනෙහස පාන

මගෙ ලෝකයේ ඔබ සක්විති රජිඳාන......

ලේ කිරි නොවු නමුත් හඬනා වෙලාවට

බත සරිකළා ඔබ මගෙ දිවි තුරාවට

මට සවියක්ය ඔබ මහමෙර විලාසෙට

ඔබෙ පුතු මමයි ඔබ බුදුවන තුරවට........

මෙවැනි ගීයක් කලකට ඉහත පිස්සාගේ කණට ඇසුණා මතකයි.

අපි තාත්තලාට ආදරෙයි......

කතන්දරකාරයාගේ පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනාකරමි!

Sunday, November 28, 2010

පස්පඩංගුවේ බැණවැදීම සහ උඩ බලාගෙන කෙළ ගැසීම....

පිස්සා දැන් ලිපියක් ලියන්නේ ඉඳහිට වුවත් නිරතුරුවම බ්ලොග් කියවීම සිදුකරයි.මෙම බ්ලොග් අතරට අළුතින් එක්වූ බ්ලොගයක් පිස්සාගේ අවධානයට යොමු විය.මෙහි පළකර ඇති සැම ලිපියකම ඇත්තේ එකම දෙයකි.මේ අයුරින් බ්ලොග් ලිවීම ටොයිස් වැඩකි.මෙහි භාෂා ශෛලිය අනුගමනය කරමින් පිස්සා විසින් ලියනලද පෝස්ටයක් පහත පළවේ.

අඩෝව්....බව් බව් බව් බව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃ තුඃ බවු බවු බවු බවු බවු බවුබව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃබවු බවු බවු බවු බවුබව් හවු හවුතුඃබවු බවු බවු බවු බව් බව් බව් බව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃ තුඃ බවු බවු බවු බවු බවු බවුබව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃබවු බවු බවු බවු බවුබව් හවු හවුතුඃබවු බවු බවු බවු බව් බව් බව් බව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃ තුඃ බවු බවු බවු බවු බවු බවුබව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃබවු බවු බවු බවු බවුබව් හවු හවුතුඃබවු බවු බවු බවු බව් බව් බව් බව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃ තුඃ බවු බවු බවු බවු බවු බවුබව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃබවු බවු බවු බවු බවුබව් හවු හවුතුඃබවු බවු බවු බවු බව් බව් බව් බව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃ තුඃ බවු බවු බවු බවු බවු බවුබව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃබවු බවු බවු බවු බවුබව් හවු හවුතුඃබවු බවු බවු බවු බව් බව් බව් බව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃ තුඃ බවු බවු බවු බවු බවු බවුබව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃබවු බවු බවු බවු බවුබව් හවු හවුතුඃබවු බවු බවු බවු බව් බව් බව් බව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃ තුඃ බවු බවු බවු බවු බවු බවුබව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃබවු බවු බවු බවු බවුබව් හවු හවුතුඃබවු බවු බවු බවු බව් බව් බව් බව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃ තුඃ බවු බවු බවු බවු බවු බවුබව් හවු හවු බවු වවු හවු හවු හවු හවු තුඃ තුඃ තුඃබවු බවු බවු බවු බවුබව් හවු හවුතුඃබවු බවු බවු බවු...අඩ්ඩෝව්...බුහ් බුහ් බුඃ...පුඃ
මෙම ආශ්චර්යමත් බ්ලොග් අඩවිය මෙතැනින් බලාගතහැකිය

Saturday, November 27, 2010

එක කිරිබතින් වාර්තා දෙකක් හෙවත් The Record of Holly SHIT!

ඉක්බිත්තෙන් මැදමුලනී රජ්ජුරුවෝ දැහැමෙන් සෙම‍න් රට කරවා(රටේ උන්ට කරවා)පස් අවුරුද්දක් ඉක්ම ගියේය.දැන් දැන් උන්ගේ කීර්තිය මහත්ය.උදරයද මහත්ය.මෙවිට රජ්ජුරුවෝ සිතන්නාහු,'කොළ මාගේ සැට පස්වැනි ඕපපාතික දිනයත්,රාජශ්‍රීය ලැබ වර්ෂ පංචකයක් පිරීමත් එක්ම දිනෙක යෙදී ඇති නියාය.ආශ්චර්යයෙක මහතැ!මෙවන් වූ උතුම් අවස්ථාවෙක් ඉදින් නම් නොයෙදෙන්නේය.මෙවිට කුමක් කටයුතුදැයි"සිතූහ.

එකල්හි වාසල දුෂ්ටාචාර්ය ඌරුවංශයා රජ්ජුරුවන්ට සමීපවැ කියන්නාහු"මහරජ මුඹගේ චිත්ත ප්‍රවේගයන් මාවිසින් මනා කොටැ දක්නා ලදැ.මෙය වනාහි මහත් ආශ්චර්යමත් මොහොතෙකි.මෙම ශුභ මුහුර්තයෙන් කටයුතු සැට කෝටියක් කර්තව්‍යයන් මාවිසින් සිතනා ලදැ.''මෙවිට රජ්ජුරුවෝ සිය ගත හිරිපොළා ගියාහු''ඉදින් කුමක් පිණිස තවත් තෙපරබාන්නාහුද?වහ වහා හෙළි කොටැපියව''යි නිලකළහ.

එකල්හි ඌරුවංශයා මාගලක් පමණවූ පත්ඉරුවෙක් දිගහැර කියවන්නට ගත්හ.

''පස්වාන්දහසකට බුදුවන අපගේ මහරජාගේ ඕපපාතික සංවස්තරය නිමිතිකොටගෙන රාජ්‍යයෙහි අට දිග්භාගයේම කොටැපියන්නට සැළසුම් කළාවූ සංවස්තර මහෝත්සවයේ න්‍යායපත්‍රයයි.....

ප්‍රීතී...ප්‍රීතී....ප්‍රීතී.....පුරා වර්ෂ පංචකයක් මුළුල්ලේම දැහැමෙන් සෙමෙන් රට වළඳන්නාවූ අප මහා රාජෝත්තම ගෞරවාරභ ශ්‍රී රෝහණ මනරංජන වැඩවර්ජන ඕල්ඩ් ලුමුම්බා ග්‍රැජුවේටඩ් මැදමුලනී භ්‍රහ්මධථ්ථාභිධාන අපරාධෝත්තමයාණන් දෙහි අලයක් අතදරා නාමල්පුෂ්පයෙක දෙපියල්ලෙක් තුළින් ඕපපාතිකවැ ඉදින් සැට පස් හවුරද්දෙක් ඉක්මගියෝල.උන්ගේ ශ්‍රී විභූතිය සමරණුවස් රටවැසියා විසින් ඒඒ තන්හි සැණකෙළි කටැපියයුතුය.මේ නිමිත්තෙන් ශුභ මුහුර්තයෙන් බතල කොළ එකොළොස්දහස් එකසියයක්ද සිටුවීමට කටයුතු යොදා ඇත.නුවර වැසියෝ සියළුවැඩ අත්හැරපියා එළුසන් දියයුතුය.එදින නුවර සියළු රාජ්‍ය ආයතන වසාපියනු ලැබේ.අතදරුවාගේ සිට මරණාසන්න මහල්ලා දක්වා සියල්ලෝම එක හඬින් අපමහරජ්ජුරුවන්ගේ ගුණ ගායනා කළයුතුය.තවද ඒඒ තන්හි දාර සයිස් බැනර්ද දැමියයුතුය.එහි සටහන්කළයුතු සෙත්කවි පාඨයත් රජ්ජුරුවන්ගේ මූණත්තහඩුවත් වක්‍රාකාරයෙන් සර්කියුලරයක් මාර්ගයෙන් අදාළ ප්‍රදේශවල ගම්මුලාදෑනීන් වෙත එවාපියා ඇත.ඉදින් මේ අයුරින් කටයුතු නොකරන්නාවූ කෙනෙක් වෙත්නම් ඌතුමූගේ අසුවල් ස්ථානයට හීන් කෙඳිරිය මුගුරින් තළා,කරපය මස්වා වැලිකඩ මුවහංකොක්කේ එල්ලීමට කටයුතු කරනු ලැබේ.තවද මහ කිරිබතක්ද පිසීමට කටයුතු යොදා ඇත.මෙය කුමන ආකාරයේ කිරිබතෙක්ද යත්;ඊට සහල් බුසල් සැට ලක්ෂයෙකුත්,තනකිරි කළ අසූලක්ෂයෙකුත් යොදා රජගෙදර අරක්කැමියා ප්‍රමුඛ අරක්කැමියන් විසිදහසක් විසින් හිනා ඉනා වායුව යොදාගෙන පිසිනු ලැබේ.මේසා මහත් තනකිරි ප්‍රමාණයක් කෙසේ සොයාගත ඇක්ක දැයි රටවැසියා කුකුස් නොඉපදවියයුතුය.අප මහ රාජෝත්තමයාණන්ගේ අන්තඃපුරයේ අළුත දරුවන් ලද නවයොවුන් බිසවියන් එක්සිය සැට ලක්ෂයෙක් ඇතැ.මෙම කිරිබත තුලින් අප මහරජුජුරුවන් ගිනස් රැකෝඩයක්ද තැබීමට නියමිතය.එය ලියාගැනීමට ගිනස් පොතත් ගෙන පර සුද්දෙකුද මෙම උත්කර්ෂවත් මොහොතට සහභාගී වනු ඇත.''

''කොළ ඌරුවංශය තාවිසින් නිලකළ නියා අනගිමයැ.ලේඛණයේ සුළු සුළු ග්‍රැමටිකල් එරර්ස් අතළොස්සක් ඇති නියාය.එය කරෙක්ට් කොටැපියා පබ්ලිෂ් කරවන බව සුදුසුයැ''රජ්ජුරුවෝ අණකළහ.

සත් දිනක් ඇවෑමෙන් ඕපපාතික දිනය පැමිණියේය.රජවාසළ මහ මැදමිදුළෙහි යටකී කිරිබතද උයාපියන ලදී.ගිනස් රැකෝඩ් පරසුද්දාද මෙය දැක''මයි ගෝඩ් නියාය.‍දිස් ඊස් අ රියල් සර්ප්‍රයිස්ල.අයි විල් ෂුවර්ලි රයිට් දිස් ඩවුන් ඉන් මයි ගිනස් බුක්ල.''යනුවෙන් තූෂ්ණිම්භූත වූවාහුය.ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ කිරිබත මුළුමණින්ම අනුභව කොටැපීය.ටෙන් මිනිට්ස් ඇවෑමෙන් රජ්ජුරුවෝ බඩ අල්ලාගෙන පරිවර්තකධාතු උත්පාදකාගාරය වෙත හුරේ රන් එකේ ගියහ.තවද ටුවෙන්ටි මිනිට්ස් ඇවෑමෙන් සැනසිළි මුවින් එළියට බට රජ්ජුරුවෝ ගිනස් රැකෝඩ් පරසුද්දා කැඳවාපියා මෙසේ කියන්නාහු''කොළ පර සුද්ද,මා විසින් එක් කිරිබතින් වාරතා ද්විත්වයක් තබා ඇති නියාය.වහ වහා මාගේ පරිවර්තකධාතු උත්පාදකාගාරයට ගොස් සටහන් කොටැගනුව''යි නිලකළහ.පරසුද්දාද එහි ගොස් එබීබලා එක් අතෙකින් නාසය වසා අනෙක් අත නළලෙහි ගසා ගනිමින් මෙසේ පරිච්ඡින්න කළ නියා සියළු රටවැස්සා දතයුතුය.

''මයි ගෝඩ්.....!!!නන් බ්‍රේකබල් රෙකෝඩ්......දිස් ඉස් හෝලි ෂිට්.......!"

Tuesday, November 9, 2010

වැඩේ 'කරවිට' වීම-Karvita Has DONE it

පිස්සා ළදරු වියේදී ගමේ හැඩකාර කොල්ලෙක් හිටියේය.උගේ නම කරවිටය.ඌ ගමේ සියලුම සක්කරවට්ටං වලට කලින් කලට ලයින් දැම්මේ සමනලයකු ලෙසිනි.ඌ ඉස්කෝලෙ මහත්තයාගේ ලොකු කෙල්ලටද ලයින් දැම්මේය.මෙය කණින් කොණින් ආරංචි වූ ගමේ එවුන් කරවිටයාට වෝනිං දුන්නේ ඉස්කෝලෙ මහත්තයා නහරකාරයා බවත්,කෙල්ල බඩ උණොත් කරගහන්නට වීම අනිවාර්ය බවත් කියාය.කරවිටයා අති පණ්ඩිතයා බැවින් එම උපදෙස් පයිසයකට වත් ගණන් නොගෙන වැඩේ කොන්ටිනියු කළේය.හය මසක් ඇවෑමෙන් කෙල්ල බඩ විය.ඉස්කෝලෙ උන්දෑ සාමකාමීව රෙජිස්ටාර් කෙනෙකු කැඳවා දෙන්නා එකතැන් කර දුන්නේය.

එතැන් පටන් කරවිටයා ඉන්නේ ඇටි කෙහල් කෑ උගුඩුවකු මෙනි.කිසි එකෙකුගේ මූණ කෙලින් නොබලයි.වැඩේ කෙළවී ඇති බව උන්දෑට අවබෝධ වන විට පහුවෙලා වැඩිය.මේ සන්තෑසියෙන් පසු මීට සමාන සිද්ධි කිහිපයක්ම ගමේ සිද්දවූ අතර බෝක්කු පාළුවන් ඒවා ගැන කතාකරන්නේ මෙසේය.''බලහං අර......ට වෙච්ච වැඩේ.අරකිගෙ පස්සෙ කැරකි කරකි ඉන්නකොට මං කිව්ව ඕකට වැඩේ වරද්දගන්න එපයි කියල.කෝ ඇහුවයි.ඕං දැං වැඩේ කරවිට වෙලා......"
මේ ජාතියේම තරු ගැසූ කරවිටයෙක් පහුගියදා සෙට් එකක් සමඟ මහඋළුගෙදර කුඩු අල්ලන්නට ගොස් එහි‍ නේවාසික මහත්තැන්ලාගෙන් අම්බානක කා ජම්පරයක් ද ඇඳ කූඩුවී සිටියේය.මේ ඇසූ පිස්සාට හිතුණේ කරවිටලා කොහෙත් ඔහොම බවය.වැඩේ කරවිට කරගැනීම උන්ගේ ජම්ම ගතියකි.

Friday, October 8, 2010

Centro de Ensino

Nós formamos
Engenheiros,
Médicos,
Advogados,
Analfabetos
e Cheira-cola.
Prazer, nós somos o Sistema.

Eis que sinto

Sinto, posto que sei
Que do amor nada sei,
Que de algum mal fui acometido
Pois de meu frio coração
Nada nunca floresceu
Que fosse tão desprezível e desejável
Como o que sinto quando a vejo

ante tAl mal
não há nada que Me salve
SendO assim,
TeRei que sucumbi

Morte, Eterno

Em teu rosto cálido mórbido
Vejo o caminho do infinito
Vejo o destino dos homens
O florescer do mal
O caos impiedoso
desprovido de qualquer sentimentos

Sempre pensei que o infinito
Fosse maravilhoso
Tolice a minha
Se bem que poderia ser
Mas não o é,
Do infinito viemos
Para o infinito caminhamos

හච්....ඡිං.....Rankatha..............

ටොක්...ටොක්...ටොක්....

කවුද?......

ටොක් ....ටොක්......හච්චිං...

කවුද ?....

ටොක්...ටොක්....හච්ඡිං.ටොක්......ටොක්..හචෝස්.......

මොන මළ හෝන්තුවක්ද?මේ රෑ දොරට ගහන්නෙ..

ෂ්...ඒයි...අර පැත්තෙ එක්කෙනෙක්ද දන්නෙ නෑ.දෑත් ශක්තිමත් කරන්න ඇවිල්ලද කොහෙද?

ඩිංගක් දොර ඇරල බලන්න.

කවුද???????හත් දෙයියනේ!

කවුද ඕයි ඇවිල්ල තියෙන්නේ?මොකෝ මළ යස්සනියෙක්වත් දැක්කද?

ඔව්......

මොකක්?

ඒයි....මේ.......නැගිටිනව.....අන්න ඔහේගෙ අම්ම ඇවිල්ල.
මොන ඉලව්වකට මේ රෑ ආවද මන්ද?

හච්චිං.....හචිස්....කෝ අරූ ඉන්නවද?...හච්චිස්....මැදමුලනී පුතේ.....කෝ උඹ මයෙ අම්මා.....හචිං....හචිස්.....

මං මෙහේ මමී......ඇයි මමී මේ රෑ මෙහාට පාත්උණේ?ඔයි වයසට රෑට ඇවිදින්න නාකයි.....ඇහැක්කවෙලා මං කීන්නෙ පිණිබාන්ඩ ඇහැකි.
මොනව බොල....තෝ මං ගැන අබමල් රේණුවක් වත් හිතනව නං වල් පාහරයෙක් වගේ වැඩ කරනවද

ඌරො?

බලාපිය තොගේ කඳේ තරම?හච්චිං......හච්....කොහෙං කැපුවත් කිලෝ දෙකයි.....

රටේ මිනිස්සුංගෙ මිනීමාලු කාල කාල තරවෙලා ඒ මදිවට තව අවලං වැඩත් කොරනව....හචිස්....හචිං..තෝ පහුගිය ටිකේ කොරපු වැඩ වලට මට ඉඳහිටල හචිං ගියා තමයි......දැං ඕයි මිනී පෙට්ටියෙ ඇණ ගැලවිලා යන්නම හච්චිං යනව.හච්ඡිං......හචිං..... හච්චෝස්.........

ඕං මං නොකිව්වයි කියන්න එපා....අරූ වහාම නිදහස් කොරල දාපං.නැත්තං තොට හෙණ ගහන්නෙ ඇරියසුත් එක්ක.හච්චිං......හච්චිං....‍
කෝ..... ගියාද? මළ යස්සනී.....

එහෙම කියන්න එපා ඒයි. අපේ අම්ම නේ....හරියට හචිං යනව......

Tuesday, October 5, 2010

Introdução

Só o concreto florece
Meu planeta padece
É o progresso
É o progresso
Construindo um novo cenário
Pra uma nova civilização
Mas qual o preço disso?
O desmatamento
A destruição

Friday, September 17, 2010

Oh,Rachel!

Senhora da verdade
Expôs as injustiças
E sofrimentos do nosso povo

Não romantizou em nada
Nem foi preciso
Ganhou prestigio
Mostrando a beleza
Das das dores do sertão

Seco,árduo,febril
Deus que peleja interminável
A terra contra o homem
O homem contra a fome
A fome que o consome

Ah,1915!Ano de miséria
Meu Deus que ano miserável
O sertanejo segue seu caminho
Não sabe que seu destino ainda é a miséria,a favela,as ruas
Ou talvez saiba,mas prefere sonhar

Não se conforma com a desgraça da sua terra
Busca melhor destino,
Vai pra outra terra,
Sofre desgraças em outro lugar.

Oh,Rachel!
A alma feminina foi aprisionada em tuas palavras
Mostrou com uma mulher sente, e sofre o mundo
Oh,céus!Quanta delicadeza...
Mas quanta
angústia,sofrimento,preconceito,dor,medo,incertezas

Oh...Oh,céus!Oh Rachel!
Por que descarnou a mulher
Expondo-lhe a alma
Mostrando-a frágil e firme?

Oh,Rachel!
Com honras entrou na Academia de Letras
Recanto dos deuses
das letras,das palavras,da língua,das dores do mundo
do mundo dos homens,dos registros das dores dos homens
das dores e amores,amores e alegrias

Oh, Rachel!
Por sua peculiaridade ganhou o direito
de ser Imortal...

Wednesday, September 8, 2010

හොදි ඕන්නෑ....No need of curries

පිස්සා හනිමූන් එකෙන් පසු නැවතත් රිටන් වී තිබේ.ඒ පිළිබඳ විස්තර පසුවට තබා මේ දිනවල ඇඟේ නටන මාලු ටිකක් බ්ලොගයට මුදාහරිමි.

ස්ථානය:රවුන් කඩේ ළඟ හිටගෙන හිටි නංගීගේ ගෙදර

දිනය:අඥාතයි
වේලාව:10 පී.ඇම්.

''ඔන්න යන්තං ඉවරයි.ඇතිද දැං?''

''මදි අනේ."

පැය දෙකකට පසු;

''දැං කොහොමද?ඇතිද?''

''පිස්සුද?දැණුනෙවත් නෑ.''

තවත් පැය දෙකකට පසු;

''දැං හරි නේද?''

''මොන පිස්සුද?චාටර් අනේ!''

තව පැය හතරකට පසු;

''මේ පාර කොහොමද?එළකිරි වගේ නේද?''

''චිහ්.....ගාණක්වත් නෑ අනේ.''

''පොඩ්ඩක් ඉන්න,මං ජාතික පුෂ්පෙ මල්ලිට කියල බලන්නං"

පැය බාගයකට පසු ජාතික පුෂ්පෙ මල්ලි ඇස්ටන් මාටිං එකෙන් ආවේය.

විනාඩ් පහළොවක් ගතවිය.

''එනවද?''

''ඔව් ඔවි''

''එනවද?''

''ඔව් එනෝ...එනෝ''

''හරිද?''

''හරි..හරි...හරී.........''

''ඇතිද?''

''ඇති.ඇති.......තව නං එපෝ''

ජාතික පුෂ්පෙ මල්ලි දාඩිය පිහදාගෙන ඇස්ටං මාටිනයට නැඟී පිටත්විය.

''කොහොමද කෑම?''

''හොදි ඕන්නෑ.....!!!!''

''රජ්ජුරුවො හම්බවෙන්න හවස යනවද?''

''නොගිහිං කොහොමද?මට හතියි අනේ......''

Tuesday, August 10, 2010

තාවකාලිකව බ්ලොග්කරණයට සමු දෙමි.-See U soon!

නොවැලැක්වියහැකි හේතුවක් මත අගෝස්තුමාසයේ ඉතිරි කාලය තුළ බ්ලොග්කරණයෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇත.සහෘදයිනි අපි ඉක්මණින්ම නැවත හමුවෙමු.මේ දක්වා ඔබෙන් ලද දිරියට මාගේ ශීර්ෂ ප්‍රණාමය.
මේ වගට,

පිස්සා.

ප.ලි./එක්කෙනා දෙන්නෙක් වෙන්නයි යන්නෙ.හිකිස්!

Saturday, August 7, 2010

සක්විති සර්ගෙන් තවදුරටත් දැඩි ලෙස ප්‍රශ්නකෙරේ-Sakvithi Sir is being Qestioned mercylessly

සක්විති සර්ගෙන් දිගින් දිගටම ප්‍රශ්නකරගෙන යනබව පිස්සාට ආරංචි වී ඇත.

එම බියකරු ස්තානයේ සෙටප් එක මේ වගේ වියහැකි යයි පිස්සා ඊයෙ රෑ හීනෙන් දැක්කේය.

ඒසී කාමරයකි.වීදුරු මේසයක් දෙපැත්තේ කැරකෙන පුටු දෙකක් තබා ඇත.එක පුටුවක සක්විති සර් බයෙන් ගැහෙමින් වාඩිවී ඉඳියි.අනෙක් පුටුව හිස්ය.බෙලක් කෝප්ප හෙලවෙන සද්දයක් හා තාච්චුවක මස් බැදෙන සුවඳක් සක්විතිට දැනෙයි.දැන් දැන් තමනුත් කෑලි කපා තේලේ බදිනු ඇතැයි සිතන සක්විතිට චූ යයි.එවිට බිත්තයේ ගසා ඇති බුදුපිළිමය සක්විතිට පෙනේ.හිත කූල් වෙයි.සිකද පූතල වී යයි.කොට ගවුමක් ඇඳි ළඳක් උණු උණු රෝස් චිකන් සමඟ විස්කි බෝතලයක් ගෙනැවිත් මේසය උඩ තියයි.උඩු රැවුල්කාර නිළධාරියෙක් පැමිණ ඉස්සරහ පුටුවේ වාඩවී සක්විති දෙස ඔරවා බලයි.

''මං දිහෑ ඔහොම බලංඩ එපා සෑර් බය හිතෙනව"

''කටවහගෙන කාපිය ඔක්කොම චිකන් ටික''

''හා කන්නං"

''දැං බීපිය විස්කි බෝතලයත්''

''අනේ බනින්ඩ එපා සෑර් බොන්නං''

''දැං කියාපිය කෝ සල්ලි?''

'' මට වෙරි සෑර් හෙට කියන්නං''

''හා හෙට නොවැරදීම කියාපිය එහෙනං''

පසුදිනද සෙටප් එක ඒ වගේමය.

''තෝ දැං කියනවද නැත්තං හෙට කියනවද?''

''හෙටම කියන්නං සෑර්''

පසු දිනද එසේමය.

''අද කියනවද නැද්ද?''

''අද මාසෙ පෝය නේ.හෙට කියන්නං සෑර්''

''හෙට මං නිවාඩු.එහෙනං අනිද්දම කියාපිය.''

දින දෙකකට පසු:

''හෙට කියනවද නැද්ද කියල මේ දැංම තෝ නොකිව්වොත් හෙම මං තෝව පණ පිටිං හම ගහනව''

''අනේ බුදු සෑර් හෙට කියනවාමයි.සුවර්.''

මේ ආකාරයෙන් දිගින් දිගටම ප්‍රශ්නකිරීම කරගෙන යයි.ආශ්චර්යය කියන්නේ මේවාටය.

Friday, August 6, 2010

Abismo

Evoco fogo do céu
E eles me ouvem
Oh meu Deus
Eu me sinto um deus

Tudo vai tão bem
E ainda assim meu mundo está desmoronando
O que é isso
Será que perto do fim perdemos o medo da morte?
Senhor,por que me sinto assim?

Sinto que o mundo está em minhas mãos
Eu me sinto tão bem
Mas estou indo para o abismo
O que é isso meu Senhor?
Perdi o medo da morte?
Perdi o medo dos homens?

Não,não,sei que não é isso
Não só isso
Perdi o medo do amanhã
Não acredito mas que terei um
Então nada mais importa
Não tenho nada a perde

Não tenho nada além desse instante
E não pretendo desperdissa-lo
Estou caindo no abismo
Mas ainda não cheguei ao chão
E o prazer da queda
Da morte certa,
me dá um estranho prazer

Saber que vou morrem me faz
Me sentir vivo
Que paradoxo

Chega de conversa pois não quero pensar
Pensar pra que?
Pra lembrar que no fim vou fracassar?

É uma boa pedida
Saber que vou perder tudo
Me faz querer gozar o que tenho
Enquanto tenho

As certezas nos trazem medo
Por isso sou tão incerto quanto o amor
Prefiro a incerteza do amor

සක්විති සර් සමඟ (off record)සජීවී සංවාදයක්-Sir.Sakvithi a with discussion live(off road).

ටිං ටිං ටිං ටිං.........ඩක ඩක ඩක ඩක................භ්‍රී ලාංඛේය අබි මානය.

හායි හායි හැමදෙනාටම.කුණු රසය වඩවන දිනයක් වේවා.මම ඔබේ හිතවත් මාද්දියවේදී කුකුලා අරින්ඩ ජයලාල්.පේක්සකයිනි අපි අද බුද්දිමය සංවාදය කොරන්න යන්නේ දේශයට අමිල මෙහෙයක් කොට සංසාරය ගැන කළකිරී වසර දෙකකට අදික කාලයක් වනගතව තවුස් දම් රැක අප හමුවට නැවත පැමිණ සිටින ඉංග්‍රීසි ජාතියේ පින් පියා වන සක්විති මහතා සමඟයි.

අපි ඔබතුමා හායි කියල පිළිගන්නව.''හායි...හායි.''

''ඇත්තටම කියන්ඩ සතුටුයි මෙතුමා කාලාන්තරයක් මුළුල්ලේම දැයේ දරුවන්ගේ කඩ්ඩ පොලිස් කරපු විත්තිය.කෙලිංම කියනව නං මමත් කඩ්ඩ දාගත්තෙ මෙතුමාගෙන් තමයි.ඉස් අයි රයිට් ඕ ලෙෆ්ට් සර්?"

"යූ ආ රයිට් පුතා''

''දැං අපට කියංඩ සෑර් ඔබතුමාගේ මෙම ආගමනය කොහෙමද සිද්ද උණේ?''

"මචං මං උඹට ඇත්තම විස්තරේ ප්‍රයිවෙට් එකේ කියන්නංපොඩ්ඩක් ඕෆ් රෙකෝඩ් දාපං.''

''අරි අරි අයියා පොඩ්ඩක් ඉන්ඩ"

''රායිට් දැං අරි.ඉතිං කියන්නකො මොකද්ද කේස් එක?''

''උඹට කියංඩ මල්ලි මං හරි අසරණ වෙලා ඉන්නෙ බං.අතේ පිච්චියක් නෑ.මේ බලහං ලක්ස එකහමාරක් විතරයි තියෙන්නෙ.උඹ දන්නව නේ පහුගිය ටිකේ මට වෙච්චි නස්පැත්තිය.මං ටික ටික දියුණුවේගෙන එනකොට ගනුදෙනු කාරයො මං ගැන ඊරිසියා කොරන්න අරං අවලං කතා කිව්ව.මං උංගෙං හොරකං කොරාලු.උඹ දන්නව නෙ මල්ලි උං සල්ලි වැඩිකරගන්න තියන පෙරේතකමට තමයි බැංකු වල නොදා මගේ ළඟ සල්ලි දැම්මෙ.හෙණ ගහන්න එපාය මුංට.මගේ බිස්නස් එක ලියාපදිංචි මූල්‍ය ආයතනයක් කියල කොහේවත් ගහල නෑ.එහෙව් එකේ උං දැනගන්න එපෑයැ හොයල බලල වැඩ කරන්න.මුංට විරුද්දව නීත්යානුකූලව ඇක්සන් ගන්න ඕන මල්ලි.මිනිහෙක් දියුණුවෙනකොට කටවහ දාන අවලං හැත්ත.මේ බලහං මට දැනුත් ඇඬෙනව."

''හරි හරි..අඬන්නැතුව හිටහං අයියෙ.උඹ කොහොමද හැබෑට ඉන්දියාවට පැන්නෙ."

''කවුද බං ඔය ගජබින්න කියන්නෙ.මොන ඉංදියාවක්ද?මං උන්නෙ කොරියාවෙ.අප්‍රමාණ දුක් විඳගෙන වළං හෝද හෝද හිටියෙ.බලහං රැවුලත් වැවිල.කොහොමට හිටිය පොරක්ද මං?''

''කොහොමද අයියෙ කොරියාවට පැනගත්තෙ?සල්ලි ටික කොරියාවෙ බැංකුවක දාන්ඩ ඇති නේද?‍දැං කාලෙ කොරියාවට යන එකත් ලේසි නෑ.කොරියන් බාසාව දන්නෙ නැත්තං වීසා දෙන්නෙත් නෑ මයෙ හිතේ.''

''එහෙම එකක් නෑ බං මමත් කොරියාවට ගිහිල්ලමයි කොරියන් බාසාව දැනගත්තෙ.මිරිහානෙ අයි ඕ සී ගෙ ගෑණි හොඳට කොරියන් බාසාව දන්නව.''

''හැබෑටම අයියෙ කොහෙමද කොරියාවට ගියෙ.''

''මිරිහානෙ අයි ඕ සීගෙ ගෙයි පස්ස දොරෙං කුස්සිය පැත්තට පළයං.අන්න නියම කොරියාව.වැඩ තියනව ඕසෙට.හැබැයි එකක් තියෙන්නෙ ඕන වෙලාවක කන්න හම්බුවෙනව.බලහං මං ඩිංගිත්තක් ඉතර මහත්වෙලා නේද?මායි ගෑණියි ඔය කොරියාවෙ තමයි අවුරුදු දෙකක්ම උන්නෙ.ඔය අවුරුදු දෙකට අයි ඕ සියා තඹයක් වත් මට දුන්නෑ බං.මං අර ජහමනයාගෙං යංතං හම්බු කරගතපු තුට්ටු දෙකටත් ඌ කෙලිය.ඌ කියන විදිහට මහ රජ්ජුරුවොත් කොටහක් ගත්තලු.මං නවගමුවෙ නැන්දිලයි දිහෑ ගියෙ පොඩි එකාට ටොපියක්වත් අරං දෙන්න රුපියල් දෙකක් ඉල්ලගන්න.මේ පඩත්තලය මායි ගෑණියි අල්ලගෙන පත්තරවලට කියල පොටෝ ගස්සවල ආයිත් අල්ල දුන්න නේ මචං.
කොහොම උණත් ඌ රිලයබල් පොර.ඌ කියන විදිහට මේ දවස්සල රජ්ජුරුවංට නස්පුක් වෙන්න පුරස්නලු.එහෙං කේ පියා ගෙ වීඩියෝ එළියට දාලලු.මෙහෙං මරවියා ජෝගි නටනවලු.ජහමනයාගෙ අවදානය ගන්නලු මාව අල්ලල දුන්නෙ.දවසක් දෙකක් ගියාම කේස් එක යට ගහල දෙන්නං කිව්ව.
පොඩ්ඩක් කිට්ටු වෙයං මල්ලි උඹට පොඩි රහසක් කියන්න."
''මොකද්ද අයියෙ ඒ?''

''දඬුවම් මුත්තත් අන්න අයි ඕසී ගොයියගෙ කුස්සිට වෙලා තේ හද හදා ඉන්නව.පවු අහිංසකය.ඌටත් උණේ මට උණ සන්තෑසියම තමයි.මාව ප්‍රසිද්ද කොරල කේස් එක ගොඩදාගන්න බැරි උණොත් දඬුවම් මුත්තත් එළියට දාවි මයෙ හිතේ‍."
මෙවිට හදිසියේම පැමිණි සුදු වෑන් රතයක් මගින් සක්විති සර් තුසිත දෙව්ලොවට ගෙන යන ලදී.

Tuesday, August 3, 2010

රජෙකි මෙමට මගේ පියා-My Father is the NOBLEST although you hate him...

අඳුරට බිය නොවන ලෙස මට මඟ පෙන්නා
කඳුළැලි මුසු නොකොට  දුකඳුරු දුර ලන්නා
සඳු ලෙස එළිය කොට දිවිමඟ හැඩ ගන්නා
බිඳු බිඳු මිනිස් ගුණයම නුඹ මට දුන්නා

නුඹ වත මඬල මට ජීවය ගෙනා දෙන්
නුඹ රළු දෙඅත මගෙ කුසගිනි නිවා දෙන්
නුඹ හද මඬල පිය සෙනෙහස දිනා දෙන්
කඹ පොට නුඹට වෙර වීරිය ගෙනා දෙන්

අම්මා උයා දෙන බත් කට කවන්නට
පෙම්මා ලෙසින් සුරතල් බස් දොඩන්නට
නිම්මා නොමැති පිය සෙනෙහස විඳින්නට
සම්මා සමිඳු ඇත මපියා රකින්නට

යුද වැද කුසගින්න සමඟින් බොහෝ දුකින්
හද ගිනි නොලා නුඹ මා රැකි නිසා දුකින්
අද අත බැඳුණු  කඹ පොට නුඹ අපා දුකින්
ගලවන අත්වැලම වේවයි පතමි නිතින්

පුතේ කියා නුඹ අමතන විටදි සෙනේ
ගතේ රුහිරු කකියවමින් හදට දැනේ
නෙතේ කඳුළු පිසදා බුදු පියාණනේ
වතේ මඳහසින් මා දෙස බලනු මැනේ

පොළව වසයි බිම් දෙවියන් අපට වසයි
අහස වසයි හිරු දෙවියන් අපට වසයි
මුහුද වසයි මහ ජල කඳ අපම නසයි
මිනිසුන් වසයි මනුසත්කම උන්ට වසයි

වවුලන් කුමට අඳුරේ පියඹන්න බැරි
සැවුලන් කුමට අරුණේ හඬලන්න බැරි
බළලුන් කුමට මීයන් අල්ලන්න බැරි
මිනිසුන් කුමට මැරයන් පන්නන්න බැරි

අපි හෙළුවෙන් හූ....හූ.....හූ.........

මේ ඡායාරූපය උපුටාගන්නා ලද්දේ ලංකාවේ නොම්මර එකේ ජන මාධ්‍යයකිනි.මේ ඡායාරූපයට පසුබිම්වූ සිද්ධිය ගැන පිස්සා කමෙන්ට් කරන්නට යන්නේ නැත.ඒ වෙනුවට පිස්සා සහෝදර පාඨකයින් වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත්කර සිටියි.මේවට උත්තර දන්නවා නම් කියන්න.

1.මෙහි ඇක්ෂන් පිට ඉන්නා මාධ්‍යවේදීන් හා ඇමතිවරයාට අම්මලා ඉන්නවා/ඉන්නට ඇතැයි ඔබ සිතනවාද?

2.මුන්ට සහොදරියන් ඉන්නවා/ඉන්නට ඇතැයි ඔබ සිතනවාද?

3.මුන්ට ගෑණු හෝ දරුවන් ඇතැයි ඔබ සිතනවාද?

4.මුන් එකෙකුගේ අම්මා/ගෑණි/සහෝදරියක්/දරුවෙක්/හෙළුවෙන් ගස්  බැන්දත් මුන් ඔය ඇක්ෂන් එකෙන්ම පොටෝ නොගනීවි යයි ඔබ හිතනවාද?

5.පාරේ යන කෙල්ලන්ට පඩත්තල කතා කියමින් විසිල් ගසමින් බෝක්කු කණු උඩ රස්තියාදු ගහන වේසිගෙ පුතුන් හා මුන් අතර වෙනසක් ඔබට පෙනෙනවාද?

6.ඔය සත්ගුණවත් ඇමතිවරයා මාධ්‍ය ආයතන වලට පැන මුන්ගේ ඇට මිරිකීමේ වරදක් තිබේද?

Saturday, July 31, 2010

හාන්සියත සමඟ දේවදත්ත න්‍යාය හෙවත් Government induced Autolysis

ඉක්බිත්තෙන් දිනක් අළුයම් වේලෙහි රජ්ජුරුවෝ සිරියහනෙහිම හිඳැ අසුවල් කර්තව්‍යය නිමකොටැපියා මෙසේ සිතන්නාහුය."වන්නාටය අද දින වනාහි ඉතාමැ ඩල් නියාය.අත ගැසූ කාරියත් වැරැදී ගියේයැ.ඉදින් මරවිණයා හෝ කැඳැවාපියා කිසියම් ප්‍රයෝජනවත් කාරියෙක යෙදැවීම යහපති.''
මෙසේ සිතා සිරියහනෙන් බිමට බටු වහාම කිසියම් වූ මෘදු දෙයක් රජ්ජුරුවන් පයැ ගැටුණි.මේ වනාහි මාගේ මිරිවැඩි සඟල වනැයි සිතා ඌ තුමූ එය පයින් මැඬැගෙනම නැඟී සිටියහ.මෙවිට සිරියහන පාමුළ සුනඛ සෙය්‍යාවෙන් වැතිර හුන් මරවිණයා මරහඬ තළමින් නැඟී සිටියේය.

''මම් වනාහි මුඹ වහන්සේගේ අසුවල් ස්ථානයත් සෝධා ඇතැ.මුඹ වහන්සේටමැ සුවච කීකරුවැ හුන්නෙමි.මුඹ වහන්සේගේ ශ්‍රී පාදයන් දෛනිකවමැ ඛේටයෙන් ධෝවනය කොටැ ‍දුන්නෙමි.එසේ වූ මාගේ අසුවල් අවයවයැ මුඹ වහන්සේ  ශ්‍රී පාදයෙන් මැඬැපීහ.මුඹ වහන්සේ මා අට ඉතා කුරිරු වූ නියායැ''යනුවෙන් සොටු වගුර වගුරා මරවිණයා හඬාපියන්නට පටන්ගත්හ.

රජ්ජුරුවෝ ඉතා සංවේදිවැ මරවිණයා අස්වසන්නාහු"කොළ ශෛලවය,මම් අද දින උදාසනක් සේමැ තොපිම සිහිකොටැ නැඟී සිටියෙම් වේදැ.අද දින මාවිසින් අත ගැසූ කාරියත් වැරැදී ගියේය.බිසවුන්දෑත් නැතැ.ඉතාමැ ඩල් නියාය.අස්වැසීගනුව.තොප විසින් මනා කොටැ නිශ්ඨාපනය කට ඇක්කාවූ කර්තව්‍යයෙක් මා විසින් සිතනා ලදැ.නොපමාවැ නැඟී මර සෙන් සපයාගනුව.මාඇඟි රථයක් මම්මැ නිලකරවමි"යි කීහ.

මරවිණයා වහ වහා සැරැහී පැමිණ රජ්ජුරුවෝ විචාරන්නාහු"කිමෙක්ද මහරජ,නිලකොටපිය මැනැව"යි කීහ.

රජ්ජුරුවෝ ඇඟැ මැළි කඩමින් කියන්නාහු"කොළ නිවටය,වර්ෂ පංචකයකට පෙරැ මා පළමු සිංහාසනාවරණය කෙළවන සමයෙහි මා අට මූල්‍ය වශයෙන් අධාර කළාවූ එක් බුහුටි පුරුෂයෙක් ඇත.ඌ වනාහි රෝෂඅන්ත නමි.ඉදින් ඌ හට කළගුණ සළකාපියන්නෙම් පසුකාලීනවැ මම් හාන්සියත නම් මාඇඟි අඬබෙරයක් ඌ තුමූට පවරා දුනිමි.පසුකාලීනවැ මූ මා අට ද්‍රෝහීවැ සෙන්පෝකයාට අනුග්‍රහ කරන ලදැයි පාරම්පරික ශබ්දයෙන් දැනැපියා මම් භක්ෂිශීලයා ලවා මෙම බෙරය පළවාපීමි.එවක් පටන් කාලානුරූපව මූ අඬබෙර ලෑම නවත්වනු ඇතැයි බලාසිටින්නෙම් සාරමාසයකුත් ඉක්ම ගියේයැ.මූ තවමැ කොරගසමිනුත් අඬබෙර ලවයි.දෙපස පැළි ඇති අඬබෙරයෙන් කිසිදු මිහිරි අඬෙක් නැඟෙන්නේද නැත.මේ නොහොබිනා ක්‍රියාව හේතුවෙන් මම් තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ නිදිවර්ජිතවැ හිඳිමි.තොපි මරසෙන් රැගෙන ගොස් හාන්සියතේ බෙර කඳද පළාපියා තව දුරටත් අඬ නොනැඟෙන පරිද්දෙන් බෙරයට තළන අඩරියන් කොසුමිට ද සොරකම්කොටැ ගෙන වරෙව.''යි  නිල කළහ.

මරවිණයාද නිලකළ පරිදිදෙන්ම බෙරකඳ පළාපියා ඉනුදු නොනැවතී ඊට හනසු පුරවා ගිනිලැවූහ.අඬබෙරය රැක සිටි නිරයුධ පුරුෂයින් අට හුණ පත්තෙන් මරවා පිටිකරැ ගැස්වූහ.

පසුදින පහන්වන්නාහාමැ මේ ව්‍යසනය රටවැස්සාටද ආරඤ්චි විය.උන් ඇම ඒඒ තන්හි කියන්නාහු මේ වනාහි රජ්ජුරුවන් විසින් නිල කොටැ මරවිණයා විසින් පරිච්ඡින්න කටැපියන ලද්දකැයි හැඟෙන්නේ යයි කුකුස් ඉපිදැවූහ.
මෙවිට රජ්ජුරුවෝ පොළොස්පතියා කැඳවා කියන්නාහු,''කොළ නරුමය,දැන් ඉදින් මහා ජනයා සමනයකොටැපීම තොපි අතැ කටයුතුය.මම් වනාහි අතිශය බෞද්ධ බැවින් මෙවන් ගැටළු ධර්මානුසාරයෙන් විසඳාපීමමැ කටයුතුය.තොපි දැන්ම ගොස් හාන්සියත ගිනිලැවීම පිළිබඳ ගවේශණයට පොළොස් කණ්ඩායම් ත්‍රිත්වයක් නිලකොටැපියව.''යි කීහ.

එකල්හි පොළොස්පතියා තූෂ්ණිම්භූතවැ විචාරන්නාහු"කණ්ඩායම් ත්‍රිත්වයක් කුමක් පිණිසදෑ දේවයන්වහන්සැ?''යි විචාලහ.

''‍එම්බල නුවණ නැත්තව,මේ වනාහි දේවදත්ත න්‍යායයි.ඉදින් නොදන්නාහු නම් රතුඑළියේ අතනයා සමුවී බුදුන් මැරීම පිණිස දේවදත්තයා දුනුවායන් යෙදැවූ නියා අසාගනුව.මම් වනාහි සියල්ල ධර්මානුකූලවම පරිච්ඡින්න කරමි."යි රජ්ජුරුවෝ පොළොස්පතියා පන්නාගත්හ.

Thursday, July 29, 2010

ජාත්‍යන්තර රහත්වීමේ සතිය සහ චිත්‍ර ප්‍රදර්ශනය.International RAHATH week & Painting show

ජාත්‍යන්තර රහත්වීමේ සතිය වෙනුවෙන් පිස්සා චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිදානය කර ඇත.රහත් බාවය මාකට් කළ හැකි විවිද උපාය මාර්ග සම්බන්දව විද්වතුන් සහබාගී වන හමුවක් සමග බෝතල් පාටියක්ද ප්‍රදර්ශනය අවසාන දින හැන්දෑවේ පැවැත්වේ.

පහත දැක්වෙන තේමාවන්ට අදාළව ඔබේ නිර්මාණ අපේ ගෙදෙට්ට එවන්න.

1.ගෝලියකරණය තුළ රහත්වීමේ ප්‍රවණතාවය

2.පශචාත් නූතනවාදය සමඟ වත්මන් රහත්වීමේ ක්‍රමවේදයන් ගැලපේද?

3.පවත්නා උද්ධමන වේගය මත රහත්වීමේ වැදගත්කම.

4.ඇහින්ද චින්තනය තුළ අජීවී ද්‍රව්‍ය රහත්කරවීමේ  හැකියාව.

සැ.යු:ඉන්ටනැට් එකේ ඕසෙට තියන වෝටර්මාක් ගැසූ පරණ හඩු රූප නව නිර්මාණ ලෙස හංවඩු ගසා පළකරනු නොලැබේ.

ප.ලි

අනුන්ගේ පශ්චාත් භාග වල ඇඟිලි ගසා ''ගඳයි!ගඳයි!''කියමින් කෑගැසීමට පෙර තමන්ගේ පශ්චාත් භාගවල ගන්දස්සාරය මහත බව ගොං හරකුන්ට අවබෝධ වේවා!

Sunday, July 25, 2010

නිවී ගිය පහන් සිල.....

තම තම නැණ පමණින් බ්ලොග් අඩවිය  රචනාකළ සහෝදර ලේඛක කුමුදු පින්තු මහතා අප අතරින් සදහටම සමුගත් බව දැනගන්නට ලැබුණි.ඒ පිළිබඳ පිස්සාගේ සාතිශය සංවේගය පළකරන අතර එතුමන් විසින් රචිත සියළු ලිපි සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස පිස්සා සියළුම සිංහල බ්ලොග් සින්ඩිකේටර පරිපාලකයින්ගෙන් කාරුණික ඉල්ලිමක් කරයි.

''කුමුදු පින්තු මහතාට නිවන්සුව"

Sunday, July 18, 2010

Entrelaçar-me com o amanhecer

Vem repousar em meus braços bela aurora
Esqueça o mundo,eles já não precisam de tua luz
Mas eu preciso
Preciso de ti radiante em meus braços
Radiante em mim

Repousa em meus braços ó doce aurora
Não dê ao mundo o ardor do teu brilho
Mas dê a mim,que sou teu intimo
E te adoro ó doce luz encandecente

Saturday, July 17, 2010

Uma canção

Tudo passou,
Como a brisa do mar
Em te olhar vou pensar
Como tudo se foi
Nem a brisa restou
Com a onde se foi
Quem chamei de meu amor
A tristeza voltou
Só a dor me restou
Só de olhar vou em paz
Nem olhar posso mais
Já que nada restou
Já se foi meu amor
Não posso viver em paz
Sem te olhar eu jamais
Viverei um dia a mais

Do meu grande filme,fui figurante

Hoje é um dia especial.
Foi reservado para um funeral.
Mas não precisa ser um dia infeliz.
É um dia para comemorar a morte de um velho ser,
fraco e infeliz
para nascer outro, mais forte,
evoluído e preparado para a vida.

Cansei de ser apenas um figurante em minha própria vida,
chegou a hora de me liberta dos meus problemas.
Vou deixar tudo que me faz mal para traz,
chegou o momento que eu tanto esperei ,
vou começar a viver de verdade.

Quero poder dizer que minha vida tem algum valor,
que no final tudo valeu apena,
que pelo menos eu tentei fazer dar certo.
Não sei se vou conseguir, mas preciso tentar,
se eu fizer direito sei que prevalecerei sobre todos.

Na vida tudo muda.
A própria vida é completamente mutante.
Agora chegou minha vez.
Chega de me preocupa com os problemas do mundo.
O mundo não e problema meu.

Não preciso de ninguém
me dizendo o que e melhor pra mim.
Eu sei o que é melhor,
é aquilo que me faz feliz.

Vou me rebelar.
Nem sempre a rebeldia e algo ruim.
Por isso me rebelo contra meus problemas,
por isso me rebelo contra o mundo,
por isso me rebelo contra você

Garota, essa noite nem o céu e o limite para mim.
Você diz que sou louco,
mas e porque você ainda não percebeu que o mundo é louco,
só agora posso ver.

Cheguei ao ponto que a dor e o sofrimento não me fazem tanto mal.
São apenas sentimentos que eu já conheço e agora só me cansam.

Vou correr atrás de novos sentimentos,
de novas sensações,
de um novo mundo onde em fim eu possa a alcançar a tal felicidade,
e o amor de quem todos falam, mas nem sei se realmente existe.

Vou criar uma nova vida para viver.
Estou deixando tudo pra traz,
começando do zero,
nascendo de novo,
reiniciando,
virando a página para começar uma nova história.
Sou eu quem esta escrevendo agora
meu próprio destino.
A vida é feita de escolhas,
agora vou fazer as certas.

Tuesday, July 13, 2010

Filosofando

E se não existe o certo
E se do nada o mal não mais existe
E se de repente o nada existe
E se tudo que existe não é nada
Qual o propósito de tudo isso então?
Se o Eterno morreu
O que é proibido
E se não existe mais crime nem castigo
O que me protegerá

Rima patetica

De tudo que vem vem da mente
Meu nobre coração é indiferente
Devia seguir a razão e exercer minha sanidade
Mas me entrego a paixão
Mesmo que venha a viver de saudade

Monday, July 12, 2010

Das aparências do Mundo

Oi,
Meu nome é tal.
Eu não sou muito brasileiro
Eu não tenho um carro
Eu não tenho uma namorada
Eu pareço um fracassado
Eu não sou um fracassado.

Eu nunca mostrei minha face pra uma garota
Na verdade eu nunca mostrei pra ninguém

O mundo é mal
O mundo não merece conhecer o melhor de mim
O mundo não merece saber quem eu sou
Eu mostro um ser qualquer para o mundo
E ele aceita como sendo eu
Eu assim me sinto protegido
As pessoas podem me criticar,
mas vão está criticando alguém que não sou eu
Assim continuo sendo um cara legal
Acho que quando eu me apaixonar eu vou mostra o melhor de mim

Os desvarios da Vida



Tudo que existe é infinito
E o infinito não existe
E o infinito é o que há de mais real
E a realidade é um sonho
E os sonhos são o pai dos desvarios
E dos desvarios o primeiro é a morte
E o maior destes é a vida
Que de tão real não passa de um sonho

Sunday, July 11, 2010

බබා හම්බවීම...

පිස්සා මේ ලියන්නේ අලුගුත්තේරු කතාවක් බව මුලින්ම කිවයුතුය.එවිට එවැනි කතා නොබලන අයට චැනල් එක මාරු කරගතහැකිය.

කතාව ෂෝට් ඇන් ස්වීට් ලියමි.

විමල්ට බබා හම්බවීමත් විමල්ගේ කිරිත්තන් මඟුලත් එකම දවසේ සිද්දවී ඇත.කිරිත්තන් මඟුල නොදන්නා අය මුස්ලිම් සහෝදරයකුගෙන් අසා දැනගන්න.(ඉස්ලාම් ආගම පට්ටගහන පෙරමුණේ රාළත් සමහරවිට දන්නවා ඇති).පඤ්ඤා විමල්ට වතුර පොවා ගෙට ගන්නට සැරසෙයි.බබා හිතූ තරම් හැඩ නැති බව රේණුකා දැක ඇත.මූණ නාලු වී ඇත්තේ ඒ නිසාය.තමනුත් දැන් තාත්තා කෙනෙක් බව දැනගත් සෂීගේ මූණේ ඇති ආඩම්බරය බලන්න.

Saturday, July 10, 2010

Abraço

Gosto de te abraçar
Porque durante um abraço
Durante um curto espaço de tempo
Estamos os dois unidos
Somos um só ser
Somente como um único ser

Sinto que enquanto meus braços
Estiverem enlaçados em tua cintura
Sou eu quem te domina
Você está sob meu controle
Enquanto estiver em meus braços
Poderei impedir que tu se vá
Tolice minha,tu sempre se vai
Sempre me deixa

Repousa em meus braços menina
Não te apressa em partir
Não me proporcine o fim desse abraço
Não preciso disso, fica comigo

Menina de doce olhar,completa-me
Sejamos um,apenas um
Dois corpos unidos por um abraço
Pelos teus e os meus braços unidos
Os meus em ti,os teus em mim

Unidos por nossos laços,
Meus braços que te prendem
Teus laços que me aprisionam
Teus laços sublimes
Meus braços que te contornam
Nossos corpos, que apenas se amam

Friday, July 9, 2010

Nasci altruísta, me fizeram Egoísta

Eu não nasci pra ser feliz
Quando sou é de metido
eu não nasci pra ser triste
Quando sou é de metido

Nasci pra fazer feliz
E pra tirar tristeza
Eu não nasci pra mim
Eu nasci prós outros

Mas os outros não me quiseram,me rejeitaram
E eu fiquei só
E eu tive pena de mim
E eu me amei
E fui egoísta
E pequei por amar
E fui egoísta
E eu amei a mim e não mais ao mundo
E fui egoísta
Mas o mundo me rejeitou
Mas eu me amei
Mas eles não me quiseram
Mas eu tive pena de mim
E fui egoísta
Pois amei mais a mim do que ao mundo
Eles não me quiseram
E eu me amo

Porque sou Brasileiro...

Eu sou parte do povo
Sou igual a vocês
Faço o que vocês fazem
Eu aprendi nos lugares mais infames
A virtude de amar tudo isso
Mas há uma hora em que a festa acaba
E toda virtude se nega

Eu sou poeta
Encontro nas mulheres minha perdição
E a inspiração necessária para fazer de tudo belo
São infinitas mulheres
Que me fazem cada vez mais póetico

Eu tenho meu ritmo
Faço isso,digo aquilo
E me amigos me querem,
meus inimigos me odeiam,
Eu irônico deslizo
satisfeito de ter meu ritmo

Epitáfio de minha personalidade fraca

Hoje morre um fracassado
Hoje se desfaz o que nunca devia
Ter se feito
Minha vida

Todos os elos que me ligam a esse mundo
Se desfazem nesse momento
Minha sofrida alma se liberta
Para vagar eternamente no infinito céu do esquecimento
E jamais será lembrado
Como se nunca tivesse sido esquecido

De resto,
Deixo meu corpo a outro
E que faça bom proveito
Ou entregue-o aos vermes

වැළ කෑ ගොබිලා...!!!

(තුම්මුල්ල හන්දියේ)ගහේ තියෙන කුණු වැළගෙඩියකට වෙලා ඔට්ටු

රහේ හොඳයි කියා ඉතින් ඔක්කොම කළෙ තට්ටු.

ඔහේ ඉතින් බඩ පිපුණයි ගෙඩියක් සේ පිට්ටු.

කොහේ ගියත් වැළ නොකන්ට මෙදා උණයි මට්ටු.

රෝගය තදවී හැදුණයි වමනේ.

වාගේ බෙර ගෙඩියක් බඩ පිපුණේ.

රජුගේ ලොකු මල්ලිගෙ කර පිටිනේ

මූන්ගෙ ගෙදරට කෙරුවයි ගමනේ.

(ආඩම්බරකාර)තාත්ත''ඇයි බොල ආවේ?'' ඇසුවා.
බේත් ගන්න මම ආවයි කිව්වා.

සාත්තුවට කෙනෙකුත් නැත කිව්වා.

මාත් ඔහේ වැටිලා බුදියෑවා.

තුන් මුල්ලේ කැඳ නැතිවම වේළුණි.

ඉන් මගෙ කාඩය යන්තං බේරුණි.

ඔන්න ඉතිං මට උණු එක අහමිනි

කන්න එපා වැළ පිං ඇති මහතුනි!

(ReMixed By Pissa)

මාදම්පේ මාළු ලෑල්ල.....!

බලයෝ..බලයෝ..අතේ ගාණට ගන්දෝ
තෝරු...මෝරුන්ගේ ඇට නැති දිව බලන්දෝ

ආඳෝ විදුලි ආඳෝ ෂෝට් සර්කිට් වේදෝ

හුරුල්ලෝ ඇටවල්ලෝ...*ල්ල නැති බූවල්ලෝ

සූඩයෝ...පැන්නෝ..හොද්දෙන් බිමට පැන්නෝ

තුඩ ඇති මරන්දෝ පස්සෙන් ඇවිත් ඇන්නෝ

ඉස්සෝ කූණිස්සෝ තටු ඇති පියා මැස්සෝ

රහසේ ගිවිස්සෝ නැතිකරමු අපි හාල්මැස්සෝ

හා..ගන්න මහත්තය....අළුත් මාළු පේනව නේද ලේ පාට....

ලාබයි ලාබයි සිඟනමරන්දෝ...සිඟනමරන්දෝ.......

A tudo me nego


Nego meu nome
Nego meu sangue
De tudo abdico
De tudo que não é meu

Renego a mim mesmo
Renego aos outros
Renego a tudo
A tudo que não é meu
A tudo que não sou eu

Renuncio ao passado
Se um dia o tive
Renuncio ao homem que fui
Porque ele nunca foi ninguém

E do mais, de tudo que um dia disse
Digo:Desminto
E nego

Me nego a moral
Me nego a ética
Me nego a religião

Em busca do perfeito
Em direção ao super-homem
Com novas ideias
Com novos ideais

Thursday, July 8, 2010

Olhos de Deusa

Há uma esfera pratiada estampado no firmamento
Ela nasce por trás dos montes usurpando Apolo
Sua luz não arde como fogo,
Sua luz é serena,é luz de luar.

Mas tu,ó doce,é maior do que a noite
Porque este manto negro só tem uma pérola de adorno
E tu menina,tens dois,mais brilhantes que a lua
Esses teus olhos,lindos olhos que me saciam
Que fulminam minhas ansias
Transpõe minhas angustias tornandoas em serenidade

Olhos mais vastos que o mar
Esconde em profundezas segredos obscuros
Quantos segredos guardam esses teus olhos brilhantes
Mas me convém desvenda-los para meu desfrute
Para que possa dizer que fui teu intimo
Que te conheci e desvendei todos os teus mistérios de mulher
E aprendi o caminho que leva a teu coração

Permita-me conhece-la
Em troca te ofertarei a maior aspiração feminil
Um rapaz galantiador a corteja-la com belas palavras de amor

Fragmentos: Eu Sou

Sou poético e filosófico
Como a vida,
Como a morte

De tudo que conheço
De tudo que existe
Eu não sou todos,
Eu não estou em todos
Mas tudo está em mim,
E são parte de mim

Eu sou o que eu conheço
Eu sou o que eu sinto
Eu sou o que amo

Friday, June 25, 2010

සැලුන් ඩි වප්ප

මෙන්න හදිස්සියේ මීටර් වූ ෂෝට් නිවුස් එකක්.

රාජගිරිය පැත්තේ අලුත් සැලුන් එකක් ඇර ඇත.ස්ථානය ජනාධිපති විද්යාලය ආසන්නයේය.‍බාබර් රජවත්ත පැත්තේ පොරකි.පොර හඳුනිගැනීම ටොයිස්ය.තට්ටය කොටට කපා ඇත.අවසන්වරට හැඳසිටියේ කහපාට ෂෝටක් සමඟ අත් කොට බැනියමකි.පිටේ හක්ගෙඩියක මාක් එකක් කොටා ඇත.

ළමාරක්ෂක අධිකාරියේ නිළධාරීන්ගේ සිට පහළට කොණ්ඩය කප්පවාගත හැකිය.මොට්ට ගෑණුන්ගේ කොණ්ඩ ස්ට්‍රේට් කරදෙනු ලැබේ.

ෆුල් එකක් -රු 10

හාෆ් එකක්-රු 5

ඇට මෝරන වයසේ කොල්ලන් සඳහා විශේෂ වට්ටම්.(උඩු රැවුල සහ යටි රැවුල කපා නොමිලේ මසාජ් එකක්ද දෙනු ලැබේ)

හාල්පාං කාපාං

''කොච්චර උණත් රට ජාතිය ගැන කැක්කුමක් තියන හිත හොඳ ගෑණි''

සීයා ග්‍රෑම් 350ක පාන් රාත්තලකුත් ගෙන ගෙට ගොඩවිය.

''කවුද සීයෙ?''මම මීටරය කරකැව්වෙමි.

''කවුරු උණාම තොට මොකද?අපේ දේශීයත්වය ආරස්සා කොරන්න එන මේ වගේ බබලත් ඇත්තියන්ව වාසනා කොරන්ඩ ඕන.''

සීයා තාම දුවන්නේ මද්යම තරංග මීටර් වල බව මට අවබෝද විය.

සීයා ඇප් ඇම් චැනල් දුවන හයි ප්‍රීකුවන්සියකට හෙමිහිට මාරුකරගෙන පුල් ඉස්ටෝරිය අසාගතයුතුය.නැත්නම් සීයා ඉස්ටෝරිය මුළුමණින්ම කොයිල් කරන අතර මගේ පිස්සු ට්‍රිබල් වීමටද ඉඩ ඇත.

''ඉතිං ඉතිං සීයෙ මොකද්ද උණ සන්තෑසිය"
''බොලං කොලුවො මං පාං රත්තලක් ගන්න ජෝං බාස්ගෙ බේකරියට ගියා නොවැ.එතන මළ ජූලියයි.පාං පිටි මිළ ගිහිංලු.ජෝං බාස් පාං මිළ නග්ගල.කස්ටිය සැට්වෙලා ජෝං බාස්ට නෙළනව බොලං.මං යන්තං හැරමිටියෙං ඇනල උන්දැව බේරගත්ත.නැත්තං උන්දැත් අද මාළුපාං මික්ස්චර් එකටම දාන්න වෙන්නෙ.පස්සෙ හිමිං සැරේ ආරංචි කොරල බැලුවම කතාව ඇත්ත.දීර්ග කාලයක් පරියේසන කොරලලු ඔය තිරණේ ඇරං තියෙන්නෙ.අරකි කියල තියනවලු දේසීය වී ගොයියා නගා සිටුවන්න නං පාං මිල තව තව නග්ගන්ඩ ඕන කියල.පාං පිටි වලිං හදපු අරව මෙව්ව කෑවම රටේ මිනිස්සුංට දහ මර දෝසයම හැදෙනවලු.දියවැඩියාව,පොරෙසර්,කොලොස්ටොල් .....රටේ නැති ලෙඩලු.හාල් වලිං පාං හදන සිස්ටම් එක ඒකි දන්නවලු.හාල් පාං ලාබෙට දෙන්නං කියලත් කිව්වලු."

''කවුද සීයෙ ඔය ගෑණි හැබෑටම?"

''හිටහං බලන්න මටත් හරියට මීටර් නැහැ බොලං,අර මූණ තැලිච්ච පූසෙකුගෙ මාක් එකක් ගහගෙන වෙළඳං කරන එකී බං''

''ඒ කවුද සීයෙ?"

''හරි හරි හිටහං මං කියන්න ......ආරියසීලි වික්කරමනායක...."

"කාගෙ කවුද සීයෙ ඒ?"

''කවුද බං දන්නෙ?රත්නසිරි වික්කරමනායක ගොයියගෙ හාමිනේ වෙන්ඩැ....''

''ඉතිං ඔය හාල් පාං කඩවල තියනවැයි?''

''ඔහේ නෑ බං."

''ඉතිං ඒව එනකං මිනිස්සු මොනා කොරන්නද සීයෙ?''

''යකෝ තොපි වගේ නොසංඩාල හැත්ත ඉන්නකං අපේ දේසීයත්වෙ දියුණු කොරංඩ වෙන්නෙ නෑ.ඇයි යකෝ වී වගා කොරපියකො.වී කොටාපියකො.හාල් ඇරං පිටි කොටාපියකො.හැම දෙයක්ම ඔක්කට වැටෙනකං ඉන්නෙ නැතුව."

''ඔය යම යුද්දෙ කොරනකොට හාල් පාං කනකොට බැරියැ.මිනිස්සු මැරිල යයි නෙවැ සීයෙ කංඩ නැතුව?''

''බොල ඔටුවො අපි ඉන්නෙ අලුත් සිලි ලංකාවක බව තොට අමතකඋණාද?සිම්පල් කේස් එකයි කොරන්න තියෙන්නෙ.පාර්ලිමේන්තුවට අළුත් පනතක් ගේනව හුදීජනයා පාං නොකෑමෙන් සුවර්ගස්තවීම රජයට කොරනලද සාපරාදී අපහාසයක් හැටියට.කොටින්ම කියනවනං පාං නොකා වලකජ්ජ ගැසීම සපුරා තහනම් කොරනව.එහෙම මළ එවුන්ට මිනී පෙට්ටි විකිණීම තහනං කොරනව.උන් වළ දැමීමත් පාංසුකූලෙ දීමත් තහනං කොරනව.ටොයිස් වැඩක්නෙ බං."

Wednesday, June 23, 2010

SF ගස් KP නිදහස්.......ජනතාවට අඹ සරණයි!

මේ දිනවල පිස්සාට පිස්සු තදවී ඇති බව දන්නෝ දනිති.මේ ගැන හොඳින් දන්නා බුද්ධිමතුන් අතර පද්දා හෙවත් පෙරමුණේ රාළ,සූර පප්පා,බයිනරි ආදී විද්වත්හු සිටිති.පිස්සු තදවී ඇති පිස්සන්ට අම්බානකට නෙළිමට මේ විද්වත්හු සැදී පැහැදී සිටිති.බම්බලපිටියේ මුහුදේ ගිල්ලා පිස්සකු පරළොව  යැවූ තැනද මෙවැනිම විද්වත්හු  සිටින්නට ඇත.

පිස්සන්ට පාරේ යන්නට මාර්ග නීති උවමනා නැත.ඇඳුම් උවමනාද නැත.පිස්සන්ගේ ප්‍රකාශන වලට නිසි බලධරයකුද නොමැත.එහෙවු පිස්සන් පාරේ යනවිට උන්ට ගල් ගසා හූ කියන්නට යන එකා මොකාදැයි දන්නෝ දනිති.

අද පිස්සා කියන්නට යන්නේ නවතම ඉටිකිරිස් නිවුස්සෙකකි.මෙවැනි නිවුස් හුදී ජනයා හීනෙකින්වත් අසා නැති විත්තිය පිස්සාට ෂුවර්ය.අසා ඇත්නම් ඉතින් චැනල් එක මාරු කැරගන්නවා යහපත්ය.
මේක එල්ලාවල උන්නැහැගේ පුකට පයින් ගසා පැන්නීම වැනි සද්දන්ත ආකාරයට ජහමනයා අතර ජනප්‍රිය නොවීය.රජ්ජුරුවන්ගේ පත්‍තර වලින් මෙය ටිකෙන් ටික ලීක් කරගෙන යයි.එවිට වෙනස ජහමනයාට දැනෙන්නේ නැත.කෙළින් කියන්න අමාරු ඒවා ටිකෙන් ටික ලීක් වෙන්නට ඇරීමෙන් එහි ඇති හොට් භාවය දියරු වී යන අතර පුවත් අස්වැන්න නෙළන විට දෑකැත්තෙන්ද ළිස්සා යයි.

ඉතින් මේ හදන්නේ ඒ වෙනස ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්නීමටයි.

"අත්වැරදීමකින් අත් අඩංගුවට පත්වූ යුගයේ ජන නායක,හිටපු සිරි ලංකා හමුදාපති කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් නිදහස්කර ඇත.මේ දිනවල එතුමා උතුරු නැඟෙනහිර සංචාරය කරමින් ජහමනයාගේ සැප දුක බලයි.තමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එම පළාත්වල ජනතාවට සහන සැළසීමට එතුමා දහ අතේ පොරොන්දු දී ඇත.එතුමා ඉතින් කිව්වොත් යමක් ටක්කෙටම කරන නිසා අපි පයිසෙකටවත් බය වියයුතු නැත.මේ අතර ත්‍රස්තවාදී හමුදාකාර සරත් ෆොන්සේකා එල්ලා මැරීමට තීන්දු කර ඇත.(හුරේ එකක් දාන්න....).සරත්ගේ ලොකු එකා වන ප්‍රභාකරන්ගේ පොටෝ එකක් රාමු කරගත් අමු සිංහලයකුගේ බඩ ඇතුළේ ඇත්තේ මොනවාදැයි සෙවීමට විශේෂ කමිටුවක් පත්කර ඇත."
මේ නිවුස්සෙක අසා සීයා කිව්වේ ඉස්සර කවි පොතකද ඔයිට සමාන නිවුස්සෙකක් තිබුණු බවයි.

කවිය මෙසේය;

පළමුව ඇස් ඇප් සරණේ යඤ්ඤයි

දෙවනුව කරුණා සරණේ යඤ්ඤයි

තෙවනුව කේ පී සරණේ යඤ්ඤයි

ජහමන හැම අඹ සරණේ යඤ්ඤයි.

Friday, June 18, 2010

විජයග්‍රහණයේ 13වන මස සමරණු(වස්) කවිය.The Curse Of The Conscience

අප්පා වුවද විකුණං කන මෙහව් රටේ
පප්පා වරුන් රජවෙයි නිති හැටට හැටේ
කප්පා දමා ඔළුගෙඩි මනු සතුන් කටේ
පුප්පා පිට්ටු ඔබ්බති රට හතර වටේ

බොරුවෙන් මුසාවෙන් වැසියන් බිලි බෑම
තරුවෙන් පට්ටමෙන් මිනිසුන් වැළලීම
වරුවෙන් දෙකෙන් වැඩිවන කොඳු බිඳලීම
කරුමෙන් නොවේ,වැසියනි තොපෙ රැවටීම

කඳුළැලි පුරා වැසියනි හිස බිමට නමා
වැරහැළි පැළඳ රජුහට ආවඩනු කිමා
තරු එළියෙනුදු දකිතැකි දුර නොවනු පමා
කළඑළි දකින්නට මෙය නිසි කළ ම තමා

මළ රණවිරු ලෙයින් බිම පාවඩ බන්දා
දළ බිම නොඇණු ඇත් රජු සිරගෙට කැන්දා
කළගුණ නොදත් හොර රජු කරගත් නින්දා
පළමුව මොකා හට සහගහවිද මන්දා

ඇස යන යන තැන සුදු කොඩි පෙනීයන්
සුදු කොඩි නැති තැනදි ගොක් කොළ වැනීයන්
වැසියන් විඳින දුක රජු හට දැනීයන්
අවි තැනු උන්ගෙ ළෙහි එම අවි ඇනීයන්

කඳ බඩ වඩනවුන් සිහිනය බොඳවේවා
අඳ කළ පුතුන් නෙත් යුග මිණි පැළඳේවා
හොඳ නැති රජුන් ගේ දරුවන් හොඳවේවා
හොඳ නැති පුතුන් තැනු රජවරු වඳවේවා

Wednesday, June 9, 2010

දෙබරයට ගල්ගැසීම,පවුකාරයාට ගල්ගැසීම සහ බුද්ධාගම බඩයාම.

දෙබරයකට ගල් ගැසීමේ ක්‍රම දෙකක් තිබේ.පළමුවැන්න නම් කාටවත් නොකියා හොරෙන්ම ගොස් දෙබරයට ගල් ගැසීමයි.දෙවැන්න නම් දෙබරයට ගල් ගසන්නට තමන් යන බව ප්‍රසිද්ධකර ඊට විරුද්ධ වන උදවියගේ බලවත් වි‍රෝධය මැද විරෝධතාකරුවන් පිරිවරාගෙන ගොස් දෙබරයට ගල් ගැසීමයි.මෙයින් පළමු ක්‍රමයේ කිසිම ආතල් එකක් නැත.දෙවැනි ක්‍රමය ෆුල් ආතල්ය.දෙවැනි ක්‍රමයේදී ඇවිස්සෙන දෙබරුන් ආතක් පාතක් නොබලා විරෝධතාකරුවන්ටද අනියි.වි‍රෝධතාකරුවන් දුවන්නේ මර විලාප නඟමින් ඇඟේ රෙදිත් නැතිවය.එවිට විරෝධතාකරුවන්ගේ නිරුවත නිකම්ම හෙළිවේ.

පසුගිය ආන්දෝලනාත්මක ලිපි දෙක ලිවීම නිසා බෝහෝ පුද්ගලයන්ට බුද්ධාගම බඩඑළිය යාමට පටන්ගෙන තිබේ.සමහරුන්ට පින් පවු මතක්වී තිබේ.පිස්සා පණපිටින් අපායට දක්කන්නටද පිස්සාගේ දත් කුට්ටම හලන්නටද වොලන්ටියර්ස්ලා හිටු කියා බිහිවෙමින් පවතී.සමහරු ස්වයංවින්දනය කරන්නටද පටන්ගෙන ඇත.පිස්සා උපතින් බෞද්ධයකු බවට හඳුනාගෙන ඇති පිංවතෙක්ද සිටියි.ලංකාවේ උප්පැන්න සහතික වල ජාතිය මිස ආගම සටහන් නොවන බව මේ පිංවතා නොදනියි.
මේ එළිදරව් වන්නේ බහුතර බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාව නමැති ගොබ්බයන්ගේ නිරුවතයි.කස්ටිය සෙට්වී පවුකාරයාට ගල් ගසනවිට තමනුත් ගලක් ගසා හුරේ දැමීමද,සද්දය දමා ලොකු කටකින් කියන ඕනෑම දෙයක් අගමුල නොසොයා ඇත්ත යයි පිළිගැනීමද මේ ගොබ්බ සේනාවේ ප්‍රතිපත්තියයි.ලංකාවට හෙණ ගැසී ඇත්තේද ඉදිරියටත් හෙණ ගහන්නේද මෙවැනි ගොබ්බයන් නිසාය.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500 ක් ගිය තැන පටන් බුද්ධාගමෙහි පිරිහීම ඇරඹෙන බවත්,එය විවිධ ස්වරූපයන්ගෙන් ජනතාව මුළා කරවමින් නොමඟ යවන බවත්,අවසානසේ භික්ෂුව යනුවෙන් පෙනී සිටින්නේ කහ පැහැ නූලක් අත පැළඳගත් පෘතග්ජනයින් බවත් බුදුන් වහන්සේ විසින්ම දෙසා වදාළ බව පිස්සා ශ්‍රවණය කර ඇත.
මේ විනාශය දැනට බොහෝ කලකට පෙර සිට ඇරඹී ඇති බව පිස්සා දනියි.බුද්ධාගම යනු හුදෙක් නිවන්යාම හෝ අපාගතවීම යන දෙක පමණක්ම නොවන බව මහජනයාට අවබෝධ කරවන්නට වර්තමානයේ බොහෝ චීවරධාරීන් අසමත්ය.ඒ වෙනුවට දැන් ඔවුන් කරනුයේ බුද්ධාගමේ නාමයෙන් මැජික් පෙන්වීමයි.මුග්ධ මහජනයා මැජික් සරණ යැවීමයි.

ලංකාවේ සිංහල බෞද්ධකම ඇඟට ගෙන උඩපනින බහුතර ජනයා බුද්ධිමය අතින් අන්ධය.''ඔන්න කණෝ පිනුම්''කියා කණාට පිනුම් පෙන්වූ ආකාරයටම මේ බෞද්ධයින්ට මැජික් පෙන්විය හැකිය.මේ අමනයින් තමා ප්‍රෝඩාවකට අසුවී ඇති බව දැනදැනත් අන් අයගේ උපහාසයන්ට ලක් වේ යයි බියෙන් සත්‍යය ගිල දමා සාදුකාර දෙති.
මෙසේ බුද්ධාගමේ නාමයෙන් චීවරධාරී ස්වරූපයෙන් හෝ ප්‍රාතිහාර්ය වල ස්වරූපයෙන් බුද්ධ ධර්මය විකෘති කිරීමට උත්සාහ ගත් අවස්ථා හා උත්සාහ ගන්නා අවස්ථා වහෙන් ඔරෝ භාෂාවෙන් නොව කෙලින්ම දැක්වීමට පිස්සා සූදානම්ය.එයින් සිදුවන්නේ මෙම ලිපිය කියවා අවසානයේ පිස්සා අපාගත වේවායි ප්‍රාර්ථනා කර පහන් සිතින් පන්සිල් ගෙන නිදිවදින බුද්ධිමතුන් සංඛ්‍යාව වැඩිවීම බව පිස්සා නොදන්නවා නොවේ.එහෙත් පිස්සා අපාගත වෙන්නට භය නැත.යකාට බය නම් විමානයේ ගෙවල් හදන්නේ නැත.
මෙන්න උදාහරණ කිහිපයක්;

01.දොළුකන්දේ හාමුදුරුවෝ(බුදුගුණ අනන්තයි කියමින් මහජනයාගේ කණකර ගසාකෑ පල් හොරා)-මොහු දැන් ඉන්නා තැන සිංහල බෞද්ධයන් දන්නවාද?

02.අලවතුරේ විජිතවංශ(කවි බණ කැසට්කර විකුණන හොර දෙටුවා)

03.එල්ලාවල මේධානන්ද ප්‍රමුඛ ‍චීවරධාරී හොර නඩය-සෝම හිමියන්ගේ මරණය වෙනුවෙන් ස්වාධීන කොමිසමක් ඉල්ලමින් දේශපාලනයට පැමිණි මොවුන් දැන් ඉන්නේ කොහේද?කරන්නේ කුමක්ද?

04.රුවන්වැල්ලේ වෙද හාමුදුරුවෝ හෙවත් ඒ.සොභිත හෙවත් අංකොක්කාවේ සෝභිත-වශීගුරුකම්,ධනලාභ,මගුල් තුලා ගැන දිනපතා ස්වර්ණවාහිනියේ ඊසි ටීවී පටියේත් පත්තර පිටු පිරෙන්නත් ඇඩ් දමන මේ පින්වත් ස්වාමීන්වහන්සේ ගැන සිංහල බෞද්ධයන් දන්නවාද?මේ උන්නාන්සෙ බුද්ධාගමේද?

05.කිරිබත්ගොඩ ඥානානන්ද-මහජනයා තවමත් ලණුව ගිලිමින් සිටින නිසා වැඩි විස්තර නොලියමි.

06.රිචඩ් අභ්‍යාස පොත් අනුග්‍රහයෙන් කැමරවට බණ කියන බණ්ඩාරවෙල අමිතානන්ද-මහජනයා තවමත් ලණුව ගිලිමින් සිටින නිසා වැඩි විස්තර නොලියමි.
මේවා උදාහරණ වශයෙන් ගත් සිදුවීම් කිහිපයක් පමණි.තවත් බොහෝ සිදුවීම් ඇත.ඉදිරියටත් මෙවැනි අය බිහිවනු ඇත.ඉදිරියටත් මහජනයා මේ තක්කඩින්ට රැවටෙනු ඇත.තිත්ත ඇත්ත එයයි.

ඉතින් සිංහල බෞද්ධයනි ඉදිරියට වරෙවු පවුකාරයාට  ගල් ගසන්නට!

Tuesday, June 8, 2010

බඩේළිය යාමෙන් පසු දුටු වෙසක් සිහිනයේ ඉතිරි කෑල්ල.....

සීයෙ දැං වෙලාව කීයට ඇද්ද හැබෑටම.

පාන්දර තුනයි යකෝ....තෝ මෝටාර් ගහන සද්දෙටයි මමත් ඇහැරුණේ....බඩේළිය ගියාද යහමිං?

හප්පා කියල වැඩක් නෑ සීයෙ,සුනාමි සහනාදාර ආව වගේ නස්පුක් වෙන්නම ගියා.ඊයෙ පයිඩ් රයිස් දංසලකිං කෑවෙ.

මං තොට කියල තියෙනව නේද මළපෙරේතය වගේ කොටා බාන්න එපැයි කියල......කමන්නෑ....දැං පළයං,ගිහිං බුදියගනිං...ඉටිබිසෝ ගාතාව කියල නිදාගං වල්බූත හීන පේනවට......

මම ඉටිබිසෝ ගාතාව නව සංගීතයට අනුව මතුරා පැදුරු කඩමාල්ලේ ඇලවුණෙමි.

යන්තම් ඇහැ පියවෙන විටම ඩිරිම් චැනල් එක නැවත ඔන් විය.

හක්කේ බුදුරැස් ප්‍රසංගයේ බෝඩ් ලෑලි ගලවාගෙන මහා දාරාණිපාත වරුසාවක් වැටෙමින් පැවතුණි.සරදාවන්ත පින්වත්තු හිස හැරුණු අතේ ගොස් වල් වැදී සිටියෝය.හතරවටින්ම වතුර ගලා පළාතම නන්නත්තාරවී තිබෙනු පෙනුණු අතර සැදැහැවත් උපාසක ගොල්ල කිහිප දෙනෙක්ම ෂෝට් කට් වලින් සුවර්ගස්තවී  සිටියෝය.මේ දහමර යුද්දය අස්සේ පින්වත් සුවාමීන්නාන්සේලා වාහන වලට සිග්නල් දමමින් සිටියෝය.
''ප්‍රිය නරබන්නනි,මෙන්න කිසිම විසේසයක් නැති නිවුස්සෙකක්.ක්‍රීබත්ගොඩ අන්ප්ලග්ඩ් හෙවත් හක්කේ බුදුරැස් ප්‍රසංගයට කිසිදු ආකාරයක බාදාවක් සිදුවීනැත.සැදැහැවත්තු තවමත් එම ස්තානයේ චිත්ත පිරිතියෙන් බල්ටි ගසමින් සිටිති.හතරවටේටම නස්පුක් වෙන්නට වැස ඇති නමුත් ප්‍රසංග බූමියට කිසිදු වැස්සක් වැටී නොමැත.හමුදා කාරයින්ට ...කේ අමාරුව හැදී එම ස්තානයට වියළි ආහාර ද්‍රව්ය පාර්සල් අහසින් දමා ඇත.මෙය මහ රජ්ජුරුවන් අපහසුතාවයට පත්කිරීමට විදේශ බලවේග සමඟ එකතුවී විපස්සය කළ කුමණ්ත්‍රණයක්දැයි හෙවීමට දැං කටයුතු කොරගෙන යනු ලැබේ.

ඔව් අපි දැං නැවතත් යොමුවෙමු බවුද්දාලෝක වෙසක් මංගල්ලයට.සාදු....සාදු ‍ප්‍රේක්සක හිතවතුනි,ඔන්න සරුවඤ්ඤ දාතු වඩම්මං එනව පොරදර්සනේට.පිටිපස්සෙං එන්නේ භය භිරන්ති බිසවුන්නාන්සෙ.බලංඩ එපෑයැ හැඩ ඉටි බිසවුන්නාන්සෙ කෙනෙක් වගේ.ඔන්න දැං භිරන්ති බිසවුන්නාන්සෙ මල් වට්ටියක් තියල සරුවඤ්ඤ දාතු වලට ආසිර්වාද කොරනව.සාදු....සාදු......

ඉස්සර නම් පිංවත් ජහමනයාට සරුවඤ්ඤ දාතුවල පිහිටයි ආරස්සාවයි.අද ඉඳං ඔක්කෝටම භිරන්ති බිසවුන්නාන්සෙගෙ පිහිටයි ආරස්සාවයි.සාදු....සාදු.....සාආආආආආආආ............

Monday, June 7, 2010

ක්‍රීබත්ගොඩ ඤානානන්ද Unplugged with Wimal.

ඔඳයි හිතවතුනි හිතවතියනි,ඔබ සැම පුල පුලා බලාසිටි ආනන්දනීය සංගීත සන්ධ්‍යාව තව ඉතාම සුළු මොහොතකින් ආරම්භ වෙනවා.ඇත්තෙන්ම හිතවත් ප්‍රේක්ෂකයිනි මෙය අයිතිහාසික අවස්තාවක්......බර්ර්ර්.......පුඃපුඃ පුඃ.......සමාවෙන්න මට මයික් එකේ වල්ගෙ පෑගුණා......ටක්.....ටක්.....ටක්....බර්ර්ර්ර්ර්......කීඊඊඊඊඊඊඊඊඊඊඊං.........

ඇත්තෙන්ම මෙය අතිසයින්ම අයිතිහාසික අවස්තාවක්.තාරුණ්‍ය‍යේ අසහාය ගායක ක්‍රීබත්ගොඩ ඤානානන්ද සමඟ ප්ලග් ගැලවීමේ සූර විමල් විරියවංස ප්‍රතම වතාවට ඔබ සැම පිනවීමට අත්වැල් බැඳගෙන තිබෙනවා.ලෝක බැංකු ප්ලග් ගැලවීමෙන් සම්මාන රාසියක් දිනාගෙන ඇති එතුමා දැං අප හැම ආනන්දයෙන් පුරඤ්ඤාවටත් පුරඤ්ඤාවෙන් ආනන්දයටත් දක්කනවා ඇත.ටක්....ටික්....කීඊඊඊඊඊඊං.......අඩෝ ඩප්පි සිරා මොන ලබ්බක් කරනවද ඔය සවුන්ඩෙක කොන්ටෝල් කරපං....පුඃපුඃපුඃ.....අරිද...පුඃ...අරිද.....ඕකේ...ටෙස්ටිං වන්ටූ...මාටිං....සූටිං....ජස්ටිං...පොන්ටිං.....වන්..ටූ.....ත්‍රී.....අරි....ඔඳයි දැං ඔය ලොකු පිරකර අරං ආපු උදවිය ලිහමු බලන්න පාර්සල් ටික.එළකිරි වගේ බඩු ටික තියෙන්න ඕන..අප්පට හුඩු මේ ගල් නේද..අපේ උතුමාණන් වහන්සේ මේ දවස්සල ගල් වලඳන්නෙ නෑ.ඔය විස්කි පිරිකර ගෙනාපු අය මේ පෝලිමෙං එන්ඩ වීඅයිපී ටිකැජ්ජන්න.ගල් ගෙනාපු අය මේ පෝලිමේ එන්ඩ සෙකන්ඩ් ක්ලාස් ටිකැජ්ජන්න.උතුමාණන් වහන්සෙ වස්සාන කාලයේදී ගල් වලඳනවා ඇත.බ්‍රීං..........පීඊක්.......අඩෝ කාගෙ පුතාද ඔය වෑර් එක පෑගුවෙ.පොරකන්ඩ එපා හත්තිලව්වෙ...මෙහෙං බෑ මෙහෙං බෑ.අර පෝලිමට යන්න වද නොදී.මං කිව්වනේ අංකල්...කොකාකෝලද ගෙනාවෙ?එහෙනං ගැලරි ටිකට් තමයි පුතෝ......කොහෙද යන හාල් කෑල්ලක් බං......මළ ගෝත කරුමෙ.අත ළඟ තියන පංසලක් වැඳගන්නෙ නැතුව මෙතෙන්ට එනව අපිට පවු දෙන්න...බ්‍රීඊං.......අඩෝ මං සැරයක් කිව්වනේ කාගෙ පුතා උනත් කමන්නෑ ඔය වෑර්එක උඩිං බැහැපියව්.

අරි අරි....දැං ඇමෝම අයිං වෙන්ඩ ක්‍රීබජ්ජොඩ උන්නාන්සෙ හුරේ රන් එකේ වැඩගෙන එනව.දැං අපි හක්කේ බුදුරැස් ප්‍රසංගය පටාං ගන්නයි යන්නෙ.මියුසික් සීදුව සකුරා,රැප් කෑලි හාල්පන්දෙණයෙ හකුරාගෙන්.

චිස්....චිස්....ඩිං .....ටික්....ඩිඩිං....පුඃපුඃ.....

ඒයි අන්න මාර කෑල්ලක් ඉන්නව.....හිමිං යකෝ හිමිං....ගොබ්බයෙක් වගේ කෙලිං බලන්නෙපා හිමීට මිටර් කොරහං......ඔන්න උඹේ ඒරියල් එකත් කෙලිං වෙල.අඩේ එළ කෑල්ල බං......

ක්‍රීබත්ගොඩට බල්ලො පැනපි කිව්වලු.බලපල්ලකො උන්නාන්සෙගෙ ආනුබාව.මේ බලහං හෙණ ගගහ මල් වැස්සක් වහිනව බං.වලාහක දෙයියොත් හක හක ගගා දෙකාණෙංම අසිර්වාද කොරනව වගේ.

ඔඳයි  හිතවතුනි මුලිංම අපි ක්‍රීබත්ගොඩ හායි කියල වේදිකාවට පිළිගන්නව.අපි ඔබ වහංසෙට ක්‍රීබත්ගොඩ කියංඩද නානනන්ද කියංඩද?......උන්නාන්සෙ ටිකක් ඔමරි කොරනව.විළි ලැජ්ජාවෙ වගේ.කමන්නෑ.....මොකද්ද අද පළමුවෙං  කියන ටැක් එක්.ඔඳ ෆාස්ට් ටැක් එකක් කියමු නේද?

ආ....එළ එළ ගාන්ඩ මල්ලි අප්පුඩියක්.......මෙන්න පළමුවෙංම අතුරලියේ රතන සූත්‍රය රී මික්ස්.
බ්‍රීං.....කීක්....අඩෝ දැං නං ඉතිං මට මළ පනිනව.මං ඔය පුතාලට හිංගලෙන් කිව්ව නේද වෑර් එක පාගන්ඩ එපයි කියල.
ඩෝං....ඩිං ඩිං.....ඩෝං..... පටෝං......

අඩා සිරා එන පොට හරි නෑ.....හෙණ ගහනව නේද බං?දුවමු දුවමු.....දැං ඉතිං ඔය පිංවත්තුත් සර්දාව ඉණේ ගහගෙන දිරාමාරු ‍වෙංඩ.
ඩෝං....‍ඩෝං....ඩෝං......

අඩේ හුජ්ජ කොල්ලෝ.....තෝ මොනවද ඊයෙ දංසල් වැඳල කොටා බෑවෙ.දුවපිය වැසිකිළියට.....ගන්දස්සාරෙ බෑ......

සීයා මගේ ....ට පයින් ගසා ඇහැරුවේය.මම නිදිමත විකාරයෙන්ම වැසිකිළියට සම්ප්‍රාප්ත වුණෙමි.
ඩෝං....ඩෝං...‍ඩෝං......

Saturday, June 5, 2010

Vícios não Virtudes

Os vícios são uma droga.Não digo literalmente,embora algumas vezes seja literalmente,mas o que eu quero dizer é que são uma porcaria.
São parasitas que nos consomem,são um caminho curto para o abismo que leva ao fundo do posso.
A foto que ai está foi tirada por mim,é uma representação.Para mostrar que os vícios são uma prisão de muros altos,que nem sempre são vistos(olhe com atenção a sombra no chão),mas nem por isso deixam de ser bem reais.
A verdade é que os malditos tem o poder de fazer você se perder de si mesmo e viver pra sacia-los.
Trazem á tona o que há de mais sujo no ser humano,e tira sua liberdade,tá certo que nem todos tem o poder de te derrubar de uma vez,mas vicio é vicio e não queira sentir o que é sentir na pele o que é querer de livrar de um e não conseguir.

Friday, May 21, 2010

එළ පවුසි!!!!ඔහොම යං.....

''පාරු පාළමෙන් කොළඹට ගැල් පේලිය සැපත් උණා......''

වෑර්ලස් එකේ නහුතයට සිංදු යයි.

සීයා සුබ අනාගත වංගෙඩිය එක අතකින්ද කුසලානය අනෙක් අතින්ද අරගෙන පිළ උඩ ඈඳි ගත්තේය.
''බොලං කොලුවො මට මෙන්න මේ විට කොටල දීහං......"

මම සුබ අනාගත කොළ දෙකක් දමා විට කොටන්නට පටං ගත්තෙමි.

"ඈ....සීයෙ..අද කාලෙ වගේ ඒ කාලෙත් කොළඹට නප්පියට වැහැල ගලන්ඩ ඇති නේද?ඒක නේ පාරු පාළමෙන් ගැල් පේලියක් ගිහිල්ල තියෙන්නෙ."

''අනේ උඹ දන්න උලව්ව..කතාව තියල මට ඕක කොටල දියං"

"ඒක නෙවෙයි සීයෙ දන්නවද වැඩක්,අපේ මහින්ද අංකල්ගෙ සැට් එකේ එළ පවුසි උන්නැහැ කොළඹ ඔක්කොටම හිටු කියල ගංවතුර ආදාර දෙනවලු.අප්පට හුඩු!මිනිස්සු පැන පැන ගන්නවයි කියන්නෙ.එසේ මෙසේ ගාණක් නෙවෙයි එක්කෙනෙකුට රුපියල් වලින්ම පණස් හතරක් දෙනවලු.''

"හ්ම්"

''හැබෑට සීයෙ රුපියල් පණස් හතරකින් මොන තරං දේවල් කොරංට ඇහැකිද?හොඳයි අපි ගණං හදල බලමු.

*රෝල්ස් රොයිස් කාර් එකක් ගන්න -රු 10

*ගෙදර බඩු මුට්ටු කාර් එකට දාගන්න නාට්ටාමි කෙනෙකුට-සත 2

*ගංවතුර නැති තැනට එනකං කාර් එක දාගෙන එන්න බෝට්ටුවක් ගන්න-සත 50

*බෝට්ටුවෙ යන ගමං කන්න පිට්සා 6 කට-සත 1

*බෝට්ටුවෙ ඩැයිවරට ටිප් එක-සත 1

*කාර් එකට පැට්ටල් ගහන්න-සත 2

*වෝටස් එජ් එකෙන් දවල්ට කන්න-රු 3

*කකුල් වල හිරිවාතෙට පාරලිමේන්තුවෙ පාමසියෙං බේත් ඩිංගක් ගන්න-සත 4

*උඩ රටින් තේ වත්තක් එක්ක බංගලාවක් ගන්න-රු 20

*රෑට හීතල යන්න ගෑණියෙක් ගන්න-රු-10

*බංගලාවෙ වැඩකාරයින්ට පඩි ගෙවන්න-සත 7

*හිච්චි පුංචිගෙ මේකප් වලට-සත 30

*ඇල්ටේසන් බල්ලෙක් ගන්න-රු 2.50

*බලු බිස්කට් වලට-සත 50

*පොකට් මනි වලට-රු 4

*වැට් බද්ද-සත 30

*පරිසර බද්ද-සත 20

*ආරක්ෂක බද්ද-සත 50

*ජාතිය ගොඩනැඟීමේ බද්ද-රු 1

හත් ඉලව්වයි සීයෙ!ඒත් තව රුපියල් හතරක් ඉතුරුයි නෙවැ.මේකෙං මක් කොරන්නද?"
''හතරක් ඉතුරුද?මෙහෙ වරෙං මං උඹට කියාදෙන්න."

මම ආරක්ෂාකාරීව පසු පාදට පෙරට තබා සීයාට කිට්ටු කළෙමි.

"ඔය රුපියල් හතර ඉස්සෙල්ල දෙකේ කාසි වලට මාරු කරගං.

ඊට පස්සෙ ගහගණිං   ........................"
මේ උදාන වාක්‍යය ඇසීමෙන් පසු මට නියම අයිඩියාවක් පහළවිය.

''අපි පවුසි මාමට කියමු ඔය රුපියල් පණස් හතරම දෙකේ කාසි වලට මාරු කරල ගහගන්න කියල   ....................."

Tuesday, May 18, 2010

කණපිටකය-කට්ට සූත්‍ර දේශනාවෙන් බිඳක්...

ප්‍රභාකරණං මරණං වර්ෂ පූර්ණං

මහාඝෝෂිතයෙං සමරණං

හිස්ට්‍රියං අමතක කරණං

මී ගොං මහා ජනං ඔළු සෝදණං.

ත්‍රිවිධ දශකං දුක්ඛ ජීවිතං

‍බහුතර ජනං මරං මරං

ප්‍රභාකරණං දුෂ්ඨ ජීවිතං

අවසානේන වර්ෂ පූර්ණං.

රණවිරුවාණං දේශමාමකං

නිර්භයං යුද්ධ සාධනං

මහ රජානං යුද්ධය පෙන්නං

බඩගෝස්තරං දේශපාලුකරණං.

දින දිනං යුද්ධය දිනං

යුද්ධය පෙන්නං චංදය දිනං

රට වැසියං බදු ගසාපියං

දුක්ඛිතං හාමතං භයං

බන්දුලයේන පාරිභෝගිකයේන

ගෑස් පෙන්නේන බඩු මිලයේන

සිරිපාලේන සුව ඇමතියේන

නිදිවදිනං සුඛං බලං

මූත්‍ර ශරීරේන රෝහලං

මහා ජනං මරණං නියතං

සේලයිනේන බෝල්ට් ඇණං

ඇමතියාන මාතෘ සිහිකරං.

පාඨලීච පාරිසරිකස්ස

කැලෑ කපං බඩවඩාපියං
පොලිතිං තහනමං ඈලියානං

ධර්ම රාජ්‍යං මනමෝහනං.

අලි ඇතුන් ගම් වැදපියං

උන් මරං දළ කපාපියං

ඒවං එක්කාසු කරපියං

විහාරේන පූජා කරපියං.

සුසිලස්ස ප්‍රේම ජයන්තස්ස

අධ්‍යාපනස්ස වනසස්ස

විභාගස්ස අභාගස්ස

දරුවංච දුක්ඛ දොමනස්ස.

ප්‍රතිඵලයේන අදයේන

අදයේන එකං නොවං හෙට යේන

විභාගං ප්‍රතිඵලං වැරදේන

අනාගතං දරු පරපුරං දුකගේන.
මෛත්‍රීපාලේන සිරිසේන

අපි වවනං රට නඟාපියං

රට්ටුන්ට බොරු පූචානං

මුඛයේන බතලං කොළ සිටුං.

වී ගොවියානං ස්ථිර මිලං
නෙවර් කමිං වස බීපියං.
පොලීසියං දේශපාලුකරණං

මහජන ජීවිතං පරලෝකකරණං

රජ්ජුරවංට ආවඩනං

අති දූෂිතං ගන්දස්සාරං.

අල්ලස් කොමිසමං අක්‍රීය කරණං

ජයසුන්දරං ආධිපත්‍යයං

කබරාල් මාමේ බාල සමාගමෝ

මහ බැංකුං කොරප්ශනං.

මර්විනයෝච අසික්ඛිතෝ

දුර්භාෂිතාච තගරියෝච

ජන මාධ්‍යයං කට කපනං

කඩේ නොයං පරලෝකප්‍රාප්තං

පාර්ලිමේන්තුවේන ඝෝෂේන

ජම්බෝ කැබිනට් මංඩලං

රට ගැන නම් නෙවර් හිතං

නිරංතර කුණුහබ්බ භාෂිතං.

විමලේන වෛර්ය වංශේන

පාෂාණ පුපුරණං බොරු ගොතාපියං

රටවැසියා අංදාපියං

මූඪ ජනමතං කණපිට පෙරළං

සරතානං සිරගතකරණං

අද්භූත කෘතගුණ භාවනං

මහ ජනයං තලං පෙළං

අද තා වෙන්නත් රජ කරණං.

තව තවත් රජුට ආවඩං

රජකරණං රජකරණං

මහජනයාට මොළ පෑදියං

රජෝහරණං රජෝහරණං.

Monday, April 19, 2010

ආතතිනන්ද eunuched

සිංහාසනාවරණයේදී මහජන මතය කොල්ල කෑම පිළිබඳව වහෙන් ඔරෝ භාශාවෙන් හෙළිකළ ආතතිනන්දයාගේ කථාව අසාපියා රටවැසියාගේ කුකුස් වැඩී ඇති නියා රජ්ජුරුවන්ටද ආරඤ්චි විය.මෙවිට රජ්ජුරුවෝ වහ වහා හසුන් පතක් යවා ආතතිනන්දයා රජ මැදුරට කැඳැවූහ.රජ්ජුරුවෝ සිය හසුනෙහි වැඩිමනත් සඳහන් කරන්නාහු

''එම්බල ආතතිනන්දය,තොපි විසින් සිංහාසනාවරණය නිමකළාහු මාගේ චිත්ත ප්‍රසාදය වැඩී ගියේය.ඉදින් තා හට පඬුරු පාක්කුඩම් ආදිය දෙවාපියන්නට අපි වනාහි නොයිවසිල්ලේ පසුවම්හ.ඉදින් සෙට දින උදාසනක්සේම ඉස්සෝධා නාපියා වරෙව.හා පුරා කියා පැමිණෙන්නාහු රජ මැදුරට සිස් අතින් පැමිණිම නොකටයුතු යයි හඟිමි.එසේ හෙයින් තා රවුල බානා දැළි පිහියද මනාකොටැ මැදැපියා මිටින් ගෙන වරෙව.ඇඹැනියන්දෑත් කැටුව එන දෑ නම් වඩාලාමත් යහපත් වන නියායැ''යි ලියා යැවූහ.

ආතතිනන්දයා ද රාජ ප්‍රසාද කෙරෙහි ලෝභවැ පෙර නිලකළ පරිද්දෙන්ම රජ මැදුරට යන්නාහු දොරටුවෙන් ඇතුළුවෙන්නා හා සමඟම රජ්ජුරුවෝ ඌතුමූ කණ් කෙටියෙන් ගෙනැ කළුවර කුටියකට ලාපියා නොඑක් කැට මුඟුරු ආදියෙන් තැළූහ.අවසනැ ඌතුමූ නැවතත් භක්ෂිශීලයා හමුවට පමුණුවාපීහ.
මෙවිට භක්ෂිශීලයා කියන්නාහු,''කොල නිවටය හුදෙක් රජ්ජුරුවන්ටම නතුවවයි අප ඇම කියා තිබියදීත් රට වැසියා කුපිතවැ යන නියායෙන් සිංහාසනාවරණ අවසන මුඛරි බස් දොඩාපීහ.තොපි වනාහි අපහට පිළිලයක් වන්නට කාරණා යෙදෙමින් තිබේ.උදක්ම තා කැඳවන ලද්දේ ප්‍රසාද දීපියන්නට යයි සිතුවාහුද?කිසිසේත් නැත.තොපගේ අනාගත අභිවෘද්ධිය ඉදින්‍ මෙවක් පටන් මම්මැ නිළකරවමි.තොපගේ නර්තන විලාශය අප ඇමට නොගැලැපේ.තොපගේ වයසටද නොගැලපේ.ඉදින් මෙම රෝගයට හේතුපාදක වන්නාවූ අවයවය සුළු ශල්‍යකර්මයක් මඟින් ඉවත්කොටැපියා මුඹගේ රෝගය දුරුකැර ලන්නට අප ඇම තීන්දුකොටැපියන ලදී.තොපගේ රවුල බාන්නාවූ දැළිපිහිය මෙහි දෙව.තොපගේ අසුවල් ස්ථානයේ පිහිටි මටසිළුටු මස්පිඬු යුගලය ඉවත්කොටැපීම අපගේ කරාඹන්නාචාර්ය මර-විණ ශෛලවයා විසින් මානුෂීය අයුරින් සිදුකරනු ඇත.එතෙකුදු වුව නොබව මැනව.මෙයින් තොපට අභිවෘද්ධියක්ම වන්නේය.තවද තොපගේ සංවේදී භාවයට කිසිදු හානියක් කිරීමට අප මහරජාණෝ නොකැමතිය.එබැවින් අසුවල් අවයවයේ සංවේදී කොටස ශල්‍යකර්මයට භාජනය නොකරන්නාහුය.මෙනයින් බලාපියන කලැ තොපිද අප ඇම මෙන් අතිශය සංවේදී පුද්ගලයකු වනු ඇත."
මෙසේ භක්ෂිශීලයා විසින් නිලකරන ලදුව මර-විණ ශෛලවයාගේ ශ්‍රී හස්තයෙන්,ශුභ මුහුර්තයෙන් ආතතිනන්දයාගේ කරඅඹාපියන ලදැයි දතයුතුය.

Friday, April 16, 2010

තෙන්දුල්කාර් මල්ලීගෙන් බෙකම් අයියාට....

‍ආදරණිය බෙකම් අයියාට කිරිකැට් පිට්ටනියේ සිට ලියමි,

මචං අයියේ,

උඹටත් කකුලේ අමාරුව හොඳකරගන්ඩ ලංකාවට එන්ඩ කියා මහ රජ්ජුරුවන් ලියුං කෑල්ලක් එවූ බව අසා තකහනියක්ම මෙය ලියන්නට හිතුණි.මගේ වාත අමාරු සියල්ලම රජ්ජුරුවන්ගේ දෙමුහුන් වෙදා සනීප කර ඇතැයිද මම පුල් ජොලියේ බල්ටි ගසමින් සිටිනු ඇතැයිද උඹ හිතන බව මට හැඟෙයි.

උඹට කියන්ඩ අයියේ ලංකාව මාර රටකි.දැන් එය ටිකෙන් ටික ආශචර්යමත් වෙමින් යයි.ම‍ගේ වාත අමාරුවට ඔය වෙදා හමුවී ප්‍රතිකාර ගන්නට ලැබුණේද මගේ පූරුවේ කරුමයකටමය.

මිනිහාගේ ප්‍රතිකාර ආශ්චර්යමත්ය.ඉතින් මට තිබුණු අමාරුව හොඳයි කියා සිතුණි.ඒ බව නොකියා මම රජ්ජුරුවන්ටද බටර් පාරක් උලා යන්තම් මෙහාට පැනගත්තෙමි.නැත්නම් මටද නම්බු පිටින්ම සුදු වෑන් රතයක යන්නට ටිකැට් කෑල්ල ඇදෙනු ඇති බව මට කීවේ රජ්ජුරුවන්ගේ කෝකියාය.ඉතින් මම රජ්ජුරුවන්ට පේන්නට සැලියුට් පාරක් දමා පොටෝ කෑල්ලක්ද ගන්නට ඉඩදී වාත අමාරුව ‍ඩබොල් කොරගෙන ගෙදරට පංගාර්තු වුණෙමි.

උඹෙ මොළේ තාමත් ඔළුවේ ඇතැයි මට හිතෙන නිසා වැඩිදුර විස්තර නොලියමි.රොසපාටට දිළිසෙන රණවිරු මාක් කකුලක් දානෙ පාපන්දු ගහන්න උවමනාවක් තියෙනවනම් ලංකාව පැත්තෙ ගිහින් වරෙන්.

උඹට අතුරලියේ රතන හාමුදුරුවන්ගේම සරණයි.

මම නවතිමි.

මම උඹේ බොක්කෙන්ම ෆ්‍රෙන්ඩා,

සචින් මල්ලී.

අවසානය තව දුරය..(The end is far away..)

අපගේ හඬ මකා දැමීමට උත්සාහ දරනු ලැබුවද අපි එම දුෂ්ඨ ප්‍රයත්නයන් වළකා නැඟී සිටියෙමු.අපට එල්ලවූ ජාලගත ප්‍රහාරය(network attack) හමුවේ අපගේ දත්ත පද්ධතිය මුළුමණින්ම පාහේ විනාශවී ගිය අතර සැලකියයුතු කාලයක් අප නිහඬ කර තැබීමට එය හේතුපාදක විය.ඉතින් අපි නැවතත් බින්දුවේ සිටම පටන්ගත්තෙමු.නිකන්ම නොවේ.වඩාත් ධෛර්යය සම්පන්නවය.වඩාත් තීක්ෂණවය.
හෙට දිනයෙන් උදාවන කාල පරිච්ඡේදයේදී බොහෝවිට මහජනයාගේ බලාපොරොත්තු බිඳී යනු ඇත.මැතිවරණ කොමසාරිස් වරයා පණ්ඩකකරණයට ලක්වීම අපි පිළිකුළෙන් යුතුව බලා සිටියෙමු.රජ්‍යා මාධ්‍ය දේශපාලනීකරණයවීම අපි පිළිකුළෙන් යුතුව බලා සිටියෙමු.මහජන ආරක්ෂාව වෙනුවෙන් මහජන මුදලින් පඩි කන පොලිසිය දේශපාලනීකරණය වීමද අපි බලා සිටියෙමු.එහෙත්........!!!!!!!!!!අවසානය තව දුරය.

පෙර මෙන් නිරන්තරයෙන් පාඨකයා අතරට ඒමට නොහැකි වනු ඇති වුවත් කට පියාගෙන නිහඬව සිටීමට පිස්සාගේ බලාපොරොත්තුවක් නැත.

PISSA is ALIVE!!!!!!!

Thursday, March 18, 2010

[ශ්]රීලා[න්ක්]ඒය්[අ අබ්හ්ඉම්]ආන්[අය්අ] බලාපල්ලා.....

"බොලං කොලුවො,ඔය මළඋලව් ජාතකේ පොඩ්ඩකට නවත්තහං."කියමින් සීයා ඇඳි පුටුව ඇදගෙන හරිබරි ගැහී ඉඳගත්තේය.

අපේ ගෙදර මහ එකා දැන් ගෙදර නැත.මධ්‍යම ප්‍රමාණයට සාරවත් දෙයක් අනුමත කරගෙන එන්නට ගොස්ය.සීයා වනාහි අපේ ගෙදර මහඑකාගේ හෙවත් ගෘහ මූලිකයාගේ ආඩම්බරකාර තාත්තාය.එබැවින් ගෘහ මූලිකයා නැති තැන සීයා නිකම්ම ගෘහ මූලික වෙයි.ගෘහමූලිකයාගේ තීරණය අවසාන තීරණය බැවින් මම කටට පැඩ් ලොක් එක දමාගතිමි.

සීයා ප්ලග් එක ගසා අවලං පෙට්ටිය දැම්මේය.වෙලාව රාත්‍රී අටය.දැං ඉතින් ලයිව්(ෆ්‍රී ඕ ඩයි හාර්ඩ් )ඇට් එයිට් බලන වෙලාවය.ටකරං සද්දයක් දමාගෙන අවලං පෙට්ටිය ඇතුළේ (වෙට්ට)පිත්තල කුරුල්ලෙක් කැරකෙන්නට විය.[ශ්]රීලා[න්ක්]ඒය්[අ අබ්හ්ඉම්]ආන්[අය්අ] යනුවෙන් පසුබිමෙහි සටහන්විය.

ඉන්පසු ලෝක ගෝලය කැරකෙන්නට විය."ලාආයිව් ඈට් ඒ......යිටි....ප්‍රා...යිම් ටා......යිම්" කියමින් අතීසාර රොගියෙක් පසුබිමෙහි විලාප ගසනු ඇසුණි.

"චිකි චිකි චිකි චිකි ටං ටං ටං ටං .......

ආයිත් බොහෝ අං,මම අරින්ඩ ජයලාල්....මම ගුලිකා වණසේකර....

රට වටේ කෙරෙන අවලං වැඩ දැනගන්න සෙට් වෙන්න අපිත් එක්ක...මෙන්න උණු උණුවේ ප්‍රථම කුණු පුවත.මේක දකිනකොට මට නම් බඩ යන තරමට හිනා යනවා.ප්‍රිය හිතවත් බූරු නරඹන්නනි,ඔබත් මෙය බලා හිත පිනවාගන්න....

පසුගියදා අහවල් ගඟේ පාවෙමින් හිටි කිරි සප්පයා නසරානි ලොරි කරුවකු විසින් ගොඩ දැමූ පුවත අපි ඔබට වාර්තා කළෙමු.මෙම නොදරුවාගේ මව් පාර්ශවය අල්ලාගැනීමට අපිත් හවුල් උණා.මේ වනචර ගෘහණිය දෙනෝදාහක් ඇස් කන් පියාගෙන බලාසිටිද්දීම නොදරුවා ගඟට විසිකර තිබෙනවා.ඇය ජීවත්වී තිබෙන්නේ සුනාමි සහන ගම්මානයක බව පැවසෙනවා.දරුවා ගඟට දැම්මේ කන්න දෙන්න නැති නිසාලු.නරඹන්නනි බලංඩ ඉතිං මේ නැහැදිච්ච ගෑනි කරන ප්‍රෝඩාව.සුනාමිය වැදිලා දැන් අවුරුදු හයක් වෙන්නත් ආව.ගෙවල් කැඩිච්ච උන් ඔක්කොටම  දැන් රජමාළිගාවල් කී දාහක් නං හදල දීල තියනවද?ඇරත් රට මැද්දෑවෙ මොන සුනාමි සහන ගම්මානද?ඒව මූද අයිනෙ තියෙන්ඩ එපෑයැ.ඔය නොදරුවට කන්ඩ හොයන එකත් අද කාලෙ මහ කජ්ජක්ද පිනවතුනි.ඇහැට කණට පේන ගෑණුන්ට මේ රටේ රස්සා වැහි වැහැල.පොඩ්ඩක් පාරට බැහැල බලන්ඩ එපෑයැ.මේව දකිනකොට මට හිටගෙනත් බඩ යන්න එනව.

ඉතිං අපි මේ වනචරී හිරේ යවන්ඩ උපරිම සහයෝගය දක්වමු.එතකොට ඕකි ආයෙත් කිරිසප්පයො ගඟට විසිකරන එකක් නෑ.හෝව් පොඩ්ඩක් මෙන්න බලන්න පිංවතුනි අර දහදුරා අවලමීගෙ අනිත් කොලු රෑන.මුන් ටිකත් පරිවාසෙටම දක්කල දාන්න ප්ලෑන් කරගෙන යනව.නැත්තං ඕකුනුත් කරදඬු උස් මහත් වෙනකොට ඔය වගේම වලත්ත වැඩ කරාවි.චියර්ස් කියන්න පිංවතුනි.....

දැං අපි ඉස්පිරිතාලෙට ගිහිල්ල පණ අදින අර නොදරුවගෙ දේහය පොඩ්ඩක් විකුණගන්නයි හදන්නෙ.ඔන්න බලන්න...දැක්ක නේද අලංකාරය.ඔන්න එතකොටම ලොකු නර්ස් නෝන ඔබට කියාදේවි දරුවෙක් ගඟට වැටුණම පණ පිටින් ගොඩදාන ආකාරය.අදම ඔබේ දරුවාත් ගඟට දමා බලන්න.මේ ක්‍රමය සුවර් ඇන් සොට්.එළකිරි වගේ වැඩ.

හික් හික් හික් හික් .......

දැං නං පුතෝ හිනාවෙලා මෙතනම බඩ යන්ඩ ආසන්නයි.මං ටක් ගාල විරාමයක් අරං එන්නං.

ඊට පස්සෙ අපි බලමු එක එක අය එක එක තැන කියන කුණු කතා.

ඒ සමඟම රට තොටේ පුවත් අස්වැන්න නෙළාගෙන අපේ මඩිස්සලේ පුරවගන්නත් බලාපොරොත්තු වෙනව.

එතකං ග්‍රීසි ටීවී පටියෙ ලිස්සන ඇඩ් සමඟ ඉතුරු ටිකෙත් ඇඩ්ම බල බල ඉන්ඩ.

ටං ටං ටං ටං ටං...........
මෙය බලාසිටි මට බඩේ රුදාව සමඟ ඕක්කාරයද හැදී ඇත.

සීයා ද බඩ අල්ලාගෙන පිළිකන්න පැත්තට දිව්වේ හුරේ රන් එකේය

ඔබේ දරුවා මැරෙන්නට යන මොහොතේ වුවත් මෙම හාල්පාරුවන් පැමිණ පුවත් අස්වැන්න නෙළාගෙන යනු ඇත.

චියර්ස් කියන්න පිංවතුනි........

Monday, March 15, 2010

ආතතිනන්ද The last backbone

රජ්ජුරුවන් විසින් ජිල්මාට් දමා තෙමේ පැරැද්දූ නියාද,අකෘතඥ ඌරුවංශයාගේ බස් ගෙන තමාගේ කරපය මස්වාපියන්නට සැරසෙන නියාද පාරම්පරික ශබ්දයෙන් දැනපියා සෙන්පෝකයාත්,වේදේහයාත් ප්‍රමුඛ පිරිස "කුරුඳු විල" නම් රහස්‍ය ස්ථානයෙක සැඟැවීගත්හ.

රජ්ජුරුවෝ වහ වහා ආතතිනන්දයා සමුවී කියන්නාහු"දැන් ඉදින් ජීවිතාලය ඇත්තාහු නම් මා රජවූ නියා හඬගාපියව"යි කීහ.

ආතතිනන්දයා මහාජනයා රැස්කරවාපියා කියන්නාහු

"මා වනාහි ඉතා දුක්ඛිතවැ දිවි ගෙවන්නෙක.මා හට දහහත්වන ව්‍යවස්ථාපිතයෙන් පළඳවාපියන ලද උරචක්‍රමාලය නිසා මම් වනාහි අප්‍රමාණ ආතතියකට පත්වැ ඇත්තෙමි.මේසා මහත් සිංහාසනාවරණයක් පවත්වන්නටැ ගොස් මා විසින් අසනා ලද කුජීත බස් අපමණය.මහරජ්ජුරුවන්ගේ වසළ සේනාව විසින් මාගේ සහචර කොල්ලන්ට පොලු මුගුරු පෑලා උන් ඇම නොමරා මරවාපීය.පොළොස්පතියාද මා අට මෙවිචරකැයි සහයක් නොදුන් විරූය.තවද රජ්ජුරුවන්ගේ අණබෙර පයිංඩය ඉතා නොසණ්ඩාල කම් කටැපියන ලදී.ඒ නොසංඩාලකම් වළකාලනු අටියෙන් මා විසින් නිලකරන ලද දියබරියා විසින් දෙන නියෝග උන් කිසිවෙකුත් නොඇසූ විරූය.ඉදින් මම් ඒ දියබරියා නැවතත් වක්කඩටම මුදාහළෙමි.හුදෙක් සිංහාසනාවරණයෙන් මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම සිංහාසනාරූඪ වන නමුත් එය වනාහි උදක්ම සම්ප්‍රදායානුකූල වනු මිස කිසිසේත් නීත්‍යානුකූල නොවන්නාහුය.මාහට මේ සා මහත් ආතතිය තවදුරටත් දරාගත නොහේ.ම්න් මත්තට ඉදින් ඇතෙක් බරට වස්තුව දුන්නේවී නමුදු මම් නම් මෙවැනී කුජීත ක්‍රියා නොකරමි."යි මහත්කොටැ හඬපීහ.මෙපවත් අසා මහාජනයා කුකුස් උපදවන්නාහු,"කොළ,රජ්ජුරුවන් විසින් අප ඇම වඤ්චාකොටැ ඇති නියායැ"යි සිතුහ.

කලියුගය?

මේ සා මහත් අනුහස් ඇති කෘතගුණ අමුඩය හැඳැපියා රජ්ජුරුවෝ මහාජනයා අමතන්නාහු මෙසේ පැවසූහ.

"මාගේ මුග්ධ රටවැසියනි,තොපි ඇම කිරුබාහරයාගෙන් ගලවාපියන ලද්දේ මම්මය.වැළිත්,මේ මා ඇඟි කර්තව්‍යය කටැපියන්නට යාමේදී මා අට පැමිණි බාධක මෙවිචරකටැයි කිව නොඇක්ක.වෙනෙකෙක් තබා උතුරුකුරු දිවයිනෙහිද මා අට එරෙහිවැ කිරුබාහරයා විසින් සෝලි කරවන ලදී.මම් වනාහි මේ එකදු සෝලියෙක් පයිසයකටවත් මාඉම් නොකොටැ මාගේ කර්තව්‍යය ඉෂ්ඨ කෙළෙමි.තොපි ඇම මාගෙන් වෙන කිසිවක් නොඉල්වූ විරූය.හුදෙක් මා හට කළගුණ සළකාපියව."

තවද පදිරික්කා නම් එක් වෙසඟනෙක් ලවා මෙවැනි ප්‍රවෘත්තියෙක්ද රට පතළකොටැපීය.

"කිරුබාහර සෝලියේ අවසන් භාගයේදී,ඌ තුමූත්,ඌටම කම් කරන්නාවූ මහ නැඩයාත්  පුල්ලි දේවයාත් අප්‍රමාණ මරණ භයට පත්වැ ගොක් කොළයක් පෙරටු කොටැගෙන පැමිණෙන කළැ උන් ඇම සාධාපියවැයි "අන්න පොබය" විසින් මාගේ උප සෙනෙවි ‍කොල්ලෙකුට කියනලදැයි කියා සෙන්පෝකයා අසුවල් ස්ථානයේදී පවසා ඇතැ.හුදෙක් අප නම් එවැනි අපරාධයෙක් නොකළ විරූ නමුත් එවැනි යුද රහසක් හෙළිකොටැපීම නම් මහත්වූ අපරාධයෙක.එයින් අප ඇමගේ සෙළුව හෙළිවන්නේයැ.අප වනාහි කිරුබාහරයා සාධාපියන ලද්දේ මානුෂීය ආකාරයටමය."

තවත් නොඑක් වන්දිභටිටයන් ලවා මෙවැනි චෝදනාවෙක්ද සෙන්පෝකයාට කළේ යැයි දතයුතුය.

"සෙන්පෝකයාගේ බෑණනුවන් වනාහි ධන-ඌනයාය.කිරුබාහර සෝලියේදී සෙනෙවි කොල්ලන්ට රා පෙවීම පිණිසැ හයිය කෝප්ප ගෙන්වීමට භාරගත්තාහු නම් මේ ධන-ඌනයාමය.ඉදින් එහිදී ධන-ඌනයා හයිය කෝප්ප නොගෙන්වා කුඹල් කරුවන් හට අත්ලස් දෙවාපියා කොකු කැඩුණු කෝප්පම ගෙන්වාපීය.මේ වඤ්චාවෙන් මූ තුමූ මෙවිචරකටැයි කිව නොඇකි මහත්වූ ධනස්කන්ධයෙක් උපයාගන්නා ලදහ.මූ වනාහි සොරෙකැ."
මෙසේ ෂඩිවිධ ආකාර ජිල්මාට් යොදාපියා මහාජනයා නොමඟ යවා සිංහාසනාවරණය දින සෙන්පෝකයා පැරැද්දූහ.

Monday, March 8, 2010

කෘතගුණ අමුඩය.

මෙසේ නග්නභාවයට පත්වූ රජ්ජුරුවෝ ප්‍රමුඛ අඳබාලයන් රැළ තම නව උපායමාර්ගයේ තීක්ෂණභාවය පිළිබඳව ගත හිරිපොළා ගියාහු තම සෙළුව පිළිබඳවැ අංශුමාත්‍රවූද අවධානයෙක් නොමැතිව සුරා පානයෙන් මත්වැ නිඝණ්ඨ රැළක් මෙන් සෙළුවෙන්ම නටන්නට පටන්ගත්හ.මෙසේ තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ නටාපියා අවසන්වැ සිහි එළඹගත්තාහු තම තමා නිරුවත් බව දැන දැනත් අනෙකාගේමැ අසුවල් අවයවයැ පෙන්නාපියා උසුළු විසුළු කරන්නාහ.

"කොල,තොපේ සළුව කොහිදැ?ඉදින් අපිනම් නග්නවැ වෙසෙන්නට විළි ඇත්තම්හ.වහ වහා සළුවක් ඇඳපියව"යයි එකිනෙකාටමැ විසුළු කොටැපියන්නාහ.
මෙවිට උදාසනක් සේමැ රජවාසළ පැමිණියාවූ දොරටු පල්ලෙක් විළි වැදැ තෙළ නිඝණ්ඨ රළ අමතා මෙසේ කියන්නාහ."මහරජ බලුගැත්තා ගැන කමත්වා.මුඹ වහන්සේ ප්‍රමුඛ අසූ කෙළක් අමාත්‍ය මණ්ඩලයේද,ඌරුවංශයාගේද නිරුවත හෙළිවී ඇති නියාය.ඉදින් මහාජනයා කැට මුඟුරු ගෙන අපි ඇම පළවාපියන්නට පෙර යම්තම් වස්ත්‍රයෙක් වත් ඇඳැපීම යුක්තවන්නේනම් මැනැවි".

එකල්හි උන් ඇමගේ පශ්චාත්භාගයන් සීතලවැ ගියාහු මහත්සේ බියපත්වැ තූෂ්ණිම්භූත වූහ.රජ්ජුරුවෝ වහ වහා ඌරුවංශයා විචාරන්නාහු"බලව තගේ නුනුවණකම් නිසා අප ඇමගේ ඇඳිවත ගැලැවුණු නියාය.වහා සුදුසු සළුවක් ගෙන්වාපියා අපට අඳවාපියව.නොඑසේනම් හුණපත්තෙන් මරවා පිටිකරැ ගස්වමි"යි කීහ.

ඌරුවංශයා නොපමාවැ රාජ භාණ්ඩාගාරය විවෘතකරවා සැටකෝටියක් සළු ගෙන්වාපියා රජ්ජුරුවන් විළි වසන්නට තැත්කළමුත් එකදු සළුවෙක් උන් හිණැ නොරැඳෙන්නේය.

එම සළු කිහිපයෙක් වනාහි මෙසේ යයි දතයුතුය.

01.ඒකීය රාජ්‍ය සළුව

02.විදේශ කුමණ්ත්‍රණ සළුව

03.මැදමුලනී චින්තන සළුව

04.පණ ඇති නායකත්ව සළුව

05.සෞඛ්‍ය අභිවෘද්ධි සළුව

06.මරක්කයාගේ පන්කෝටියේ අත්ලස් සළුව

07.කලා අභිවෘද්ධි සළුව  යනාදී වශයෙනි.
මේ කවර සළුව ඇන්දද උන්ගේ සෙළුවමැ පෙනේ.එකල්හි ඌරුවංශයා රජ මාලිගයේ අටු කොණෙක තිබී වියතෙක පමණ ගොරෝසු රෙදිකඬක් සොයාපියා රජ්ජුරුවෝ හැඳවූහ.එයින් යම්තම් උන්ගේ විළි වැසුණු නමුත් එහි සිටි නොඑක් ආකාර මැක්කන් ආදිය කෑමෙන් අසුවල් ස්ථානයේ බලවත් කැසිල්ලක් අටගත්තැයි දතයුතුය.මේ කැසිල්ල කරණකොටැගෙන රජ්ජුරුවෝ මහාජනයා අමතාපියන තැන් වලදී හිටවනමැ දෑසින් කඳුළු වැගිරෙන්නේයැ,හිටිවනමැ නිරුත්තර වන්නේයැ,හිටිවනමැ උන්තැන් අමතකවැ සොළී බසින් රටවැසියා අමතන්නේයැ,හිටිවනමැ කෝප වන්නේයැ.
මේ මහාර්ඝ සළුව වනාහි කෘතගුණ අමුඩය නමි.

Saturday, March 6, 2010

ඒකා අධිපති හොරු සමඟ හෙළුවෙන්?

"ඉදින් මඳකුදු පමා නොවෙව.වහ වහා එ උපායය අප හට හෙළි කිරීම යුක්තය.තගේ උපායයන් වනාහි මේ තාක් අප ඇම සඤ්චාරය කරවා ඇත්තේ මරඋගුලකටැ යන මාවතෙකැයි මා අට දැන් දැන් පෙනෙන්නේය.ඉදින් මෙවර තගේ උපායය සාධනය නොවුවහොත් මම්මැ උපායය සාධනය කොටැපියා තාත් සෙන්පෝකයාත් දෙන්නමෝ කරපය මස්වාපියන්නෙම් වේදැයි"රජ්ජුරුවෝ උදහස්වැ පැවසූහ.

මෙවිට ඌරුවංශයා වහ වහා රජ්ජුරුවන් අස්වසන්නේ"නොබව මැනව මහරජ ජිල්මාට් වනාහි එක් උපක්‍රමයක් නොවේ.ෂඩ්විධ ආකාර උපායය සංකීර්ණයෙකි.අපි ඇම එය ක්‍රියාවට නංවන්නමෝ ඉදින් එකෙක් නැත්නම් අනෙකෙක් ක්‍රියාත්මකවැ සෙන්පෝකයා අපගේ ග්‍රහණයට නතුවනු ඒකාන්තය"යි කීහ.
ජිල්මාට් යනු මෙසේ වූ ක්‍රියා පටිපාටියෙකැයි දතයුතුය.
01.සෙන්පෝකයාට තම ජනප්‍රසාදය වඩාගන්නට නොදී උන් අණබෙර ගසනා තැන්වලම රජ්ජුරුවන්ගේ ගුණ වැනෙන අයුරින් මහත්කොටැ අණබෙර ලැවීම.
02.එකිනෙකට පරස්පර වූ විවිධ චෝදනා එක්සියයක් සෙන්පෝකට එරෙහිව ක්‍රියාත්මක කොටැ ඌ තුමූ අන්දමන්ද කොටැපීම.
03."සෙන්පෝකයා වනාහි උතුරුකුරු දිවයිනෙහි රටවැසියෙකැ.උන්ට මේ රට පාලනය දුන්නාහු නම් උන් මේ රට ද උතුරුකුරු දිවයිනටමැ නතුකොටැපියන්නාහයි" ඒ ඒ තන්හි සෝලි කරවීම.
04.මෙයාතර සිංහාසනාවරණය දින උදාසනක්සේම භක්ෂිශීලයා රහසින්මැ ආතතිනන්දයාගේ කුටියට වැදී පොලු මුගුරු පෑලා ඌ තුමූ අප්‍රමාණ මරණභයට පත්කොටැපියා"කොළ නිවට මහල්ල,ඉදින් සෙන්පෝකයාට නම් ඉතකම් කරන්නට නොසිතව.තොපි හුදෙක් රජ්ජුරුවන්ටම නතුවව.සෙන්පෝකයාගේ ජනප්‍රසාදය මෙතෙකැයි පෙනී පෙනීමැ ගොලුවකු සේ මුවින් නොබැණම සිටුව.ඉදින් සෙන්පෝකයාට පක්ෂග්‍රාහීවූවාහු නම් තා මෙතැනම මරාපියමියි"තර්ජනය කොටැපීම.
05.අපට අසලවූ "මර විණ ශෛලව"නම් සොරදෙටුවා ඇතුළු පිරිසට නොඑක් මච්ඡ මාංස හා රා ආදී කන බොන දෑ දෙවා වේ‍දේහයාගේත් සෞම්‍යවංශිකයාගේත් පිරිස් රැස්වන්නා වූ තැන් බලාපියා උන් ඇම කුපිත කරවා තෙළ ද්‍රෝහින් මරාපියවයි කියා උන් මුදාහැරීම.

06.ඉදින් මේ එකකුත් සාධනය නොවන්නේ නම් ‍,අශීලාචාර චර්යාව කරණකොටැගෙන සෙන්පෝකයා විසින් පශ්චාත්භාගයට පයින්ගසා පන්නා දමනලද,දැන් අප මහරජ්ජුරුවන්ටම කම් කරන්නාවූ මානවඩ්ඪක නම් උපසෙනෙවි කොල්ලා ලවා සෙන්පෝකයා ගළග්‍රහයෙන් ගෙන්වීම.

යනාදී වශයෙනි.
මෙසේ සෙන්පෝකයාට මරඋගුල අටවාපියන්නාත් හා සමඟම මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ද,ඌරුවංශයාද,අසූ කෙළක් මුග්ධ අමති මණ්ඩලයද මහත් ගර්වයෙන් හැඳසිටි දේශප්‍රේමය නමැති සළුව ගිළිහී උන් ඇමගේ සෙළුව පෙනෙන්නට පටන්ගත්හයි දතයුතුය.

Thursday, March 4, 2010

ආසයි නේ......!!!!

සුබ ආරංචියකි.පිස්සාට තවත් පිස්සෙක් සෙට් වී ඇත.එසේ මෙසේ පිස්සෙක් නොව උපාධිධාරී පිස්සෙකි.වෙනත් පුද්ගලයකු කරන කටයුත්තකට බලහත්කාරයෙන් කඩාවැදී හොඳින් හො නරකින් එය අවසන්කිරීමට වෙර දරන පුද්ගලයකු අවසන් වරට පිස්සාට හමුවූයේ පිස්සා 5 වසරේ ඉගෙනගන්නා කාලයේදීය.ඉන් ඉහළට උගත්කමක් ඇති අය එවැනි අඳබාල ක්‍රියාවන් නොකරනු ඇතැයි පිස්සාගේ කුඩා මොළයට වැටහී තිබුණත් එය හිතළුවක් බව දැන් පිස්සාට වැටහෙයි.එවැනි මන්ද මානසිකයින් උපාධිධාරීන් අතරද සිටින බව පහත සබැඳිය වෙත පිවිසීමේදි ඔබට අවබෝධ වනු ඇත.

http://nadeesthoughts.wordpress.com/2010/03/04/නූතන-උම්මග්ගය-බරණැස්-නුව/
මෙයින් පැහැදිළි වන්නේ එකම දෙයකි.මොහුගේ අභිලාශය හොඳින් හෝ නරකින්  මෙම කතාව අවසන්කර දැමීමයි.කඩිමුඩියේ සරම කැහැපොට ගසාගෙන කතාව බලහත්කාරයෙන් අවසන් කරන්නට යාමේදී හොරාට කලින් කෙහෙල්කැන වැට පැන ඇති අවස්ථා පාඨකයා විසින් එම ලිපිය කියවීමේදී අවබෝධවනු ඇත.
අද රටට අවශ්‍යවනුයේ මෙවැනි විද්වතුන්ය.මෙවැනි පිටපත් රචකයන්ය.මේ උපාධිධාරී පිස්සා තේරුම්ගතයුතු කරුණු කිහිපයක් ඇත.එනම් ඔබේ පිටපත ලියා අවසන් වුවද මගේ පිටපත තවම අවසන් නැති බවයි.තවද පළාමල්ලේ ඇත්තේ නූතන උම්මග්ග ජාතකය පමණක්ම නොවන බවයි.තවත් බොහෝ කුණු කන්දල්ද,පල් හෑලිද ඇත.ඒවා නිසි කලට එළියට දමමි.මෙම ලිපි වල හොර කොපි,ලිපිය බාගයක් ලියාගෙන යනවිට නොව ඊට පෙරදීම යථෝක්ත උපාධිධාරී පිස්සාගේ මල්ලෙන් හමුවනවානම් වඩා හොඳය.

එසේම ඔහුගේ ලිපියට සබැඳුම් යෙදීමේදී මෙම බ්ලොග් රචකයා කිසිසේත් සම්බන්ධ නැති "පිස්සාගේ ලෝකය" නම් බ්ලොග් අඩවියටද සබැඳුමක් යොදා ඇත.මෙය එම බ්ලොග් රචකයා අනවශ්‍ය අනතුරක හෙලීමකි.පිස්සාගේ ලෝකය ලියන්නේත් පිස්සාගේ පළාමල්ල ලියන්නේත් ලේඛකයන් දෙදෙනකු බව අවබෝධ කරගන්නට මෙම උපාධිධාරී පිස්සා අසමත්ය.

කරනවා නම් මෙන්න උපාධිධාරී පිස්සාට තවත් වැඩක්.මේ දහවල එල්ලානන්ද නම් චීවරධාරියා විසින් රචනා කරනලද "කණපිටක සූත්‍ර දේශනාව" ද මගේ පළාමල්ලේ ඇත.මට වැඩ වැඩි නිසා දැන්මම එය ලියන්නට වෙලාවක් නැත.දැන් ඉතින් ඔබේ බුලත්පයියයද අතගා බලන්න.සමහරවිට එම පොතේ හොර පිටපතක්ද එහි තිබෙන්නට පුළුවන.තිබේනම් අලුත් පිටුවක් ආරම්භකර ලියාතබන්න.

ආසයි නේ ඉතින්......!

Tuesday, March 2, 2010

පිස්සා ලාංකීය සිතුවිලි සමාජයේ ගෞරවණීය සාමාජිකත්වය ලබයි.

අභිනවයෙන් ආරම්භ කරනලද ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයේ සාමාජිකත්වය පිස්සාට හිමිවී ඇත.මෙය ගෞරවණීය සාමාජිකත්වයක් ලෙස පිස්සා අදහයි.මෙම නව සින්ඩිකේටරයේ මුඛ්‍ය පරමාර්ථයන් හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නීති රීති පද්ධති පිස්සාගේ සිත්ගෙන ඇත.නව සින්ඩිකේටරයේ නවමු ගමනට පිස්සාගේ ආශිර්වාදය හිමිවන අතර යහපත් ප්‍රතිපත්ති නොසිඳෙන අයුරින් යන්නාවූ ඉදිරි ගමනකදී ඇතිවන කවරනම් බාධකයකදී වුව ලාංකීය සිතුවිලි සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පිස්සා පෙනීසිට්නු ඇත.

සෙන්පෝක Revolution

කල් යල් බලාපියා ඌරුවංශයාගේ නියමය පරිද්දෙන් රජ්ජුරුවෝ සිංහාසනාවරණයට දින නියම කැරවූහ.ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ආතතිනන්ද නම් මහළු පුරුෂයෙකුට පවරන ලදහ.
මෙහිදී කිසිවෙකුත් නොසිතූ විරූ දෙයක් සිදුවිය.එනම් සංසාරගතවැ ජන්මාන්තර වෛරයෙන් පෙළෙන්නාවූ වේදේහයාද,ඝණ්ඨාර භාරකාර සෞම්‍යවඞ්ශිකයාද සෙන්පෝකයාට සහාය පිණිසැ පැමිණියේල.එය කෙසේ සිදුවීදයත් වේදේහයාද,සෞම්‍යවඞ්ශිකයාද ඒඒ තන්හි සිය පිරිස් රැස්කරවාපියා මෙසේ අණබෙරලැවූ යයි දතයුතුය.
"ශරීරයේ අධෝභාගයේ වුවැ මංචාඩියක පමණ වුවැ ඉස්මොළ පිහිටියාවූ මහජනතාව වෙත බුද්ධිගෝචරවය,තෙල සිංහාසනාවරණයෙකැයි තොපි ඇම මුළාකොටැපියා ස්වකීය බඩගෝස්තරවාදී ඨානාන්තරය රැකගන්නට රජතෙමේ මානබලයි.ඉදින් ඒ වළකාපියනු පිණිස තොපි ඇම පරික්ෂ්‍යාකාරීවුව මනාය.අප ඇමගේ මහජන ප්‍රසාදය ලැබපියා උක්තවූ බඩගෝස්තරවාදයෙන් තොපි ඇම ගලවාගනු පිණිස හංස ධජය පෙරැටුකොටැගෙන මහසෙනෙවි සෙන්පෝක තෙමේ පැමිණෙන්නාහ.හුදෙක් උන්හට නතුවව.ඌ තුමූ සිංහාසනාරූඪ වූ ඇසිල්ලෙන් තොපි ඇම සමෘද්ධ කොටැපියනු නියතය."
මේ අසා මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ප්‍රමුඛ අසූ කෙළක් ඇමැති මඬුල්ල අත්ලෙන් අත්ල ගසා සෙනෙන්නාහු මෙසේ පරිච්ඡින්න කොටැපීය.
"කොළ මුග්ධ රටවැසියනි,තෙල වේදේහයාත්,සෞම්‍යවඞ්ශිකයාත් ජන්මාන්තරවැ වෛරයෙන් පෙළෙන්නාහ.ඉදින් කිසිකලෙකත් උන් දෙපළ අතර සමඟි සංධියක් ඇතිවිය නොඇක්ක.තොපි මුළානොවව.රජ්ජුරුවෝ වනාහි අතිශය සංවේදි පළපුරුදු එකෙක.උන් වනාහි පාරම්පරකවැ සතළිස්දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කොටැ ඇත්තාහ.සතළිස්දහසක් හවුරුදු යුවරජකම් කොටැ ඇත්තාහ.සතළිස්දහසක් හවුරුදු රජකම් කොටැ ඇත්තාහ.උන්ගේ පළපුරුද්දැ මහතැ.හුදෙක් මහරජ්ජුරුවන්ටම නතුවව.ඌ තුමූ තොපි ඇම ගසාකාපියනමුත් එය සංවේදීවමැ කරන්නාහ.
මේ සියල්ල අසාපියා මහාජනයා චඤ්චල සිත් ඇත්තාහු.රජ්ජුරුවන්ගේ කවටබස් මරුත්තු නොකොටැ සෙන්පෝකයා පිරිවරාගත්තාහුය.
රජ්ජුරුවෝ මේ බව පාරම්පරික ශබ්දයෙන් දැනපියා මහත් භීතියට පත්වන්නාහු "කොළ දැන් දැන් සෙන්පෝකයාගේ මහජන ප්‍රසාදය වැඩෙන්නේය.තෙල ඌරුවංශයා මා මේ මරඋගුලට අසුකොටැපීය.මෙවිට මා නැතැ.වහ වහා ඌරුවංශයාම කැඳවාපියා කළමනා දන්නෙම්වේදැයි"සිතූහ.
ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ ඌරුවංශයා කැඳවා විචාරන්නාහු"ආචාරීනි මුඹගේ උපාය වනාහි දැන් දැන් සාධනය නොවනැ අයුරුය.සෙන්පෝකයා මහාජන ප්‍රසාදය වඩාගෙනැ ඇතැ.මෙවිට අප ඇම කුමක් කරමෝදැයි"ඇසූහ.
මෙවිට ඌරුවංශයා කියන්නාහු"මහරජ තවද ඇම්මුන මැනව.දැන් ඉදින් අප විසින් මණ්ත්‍රණයකොටැපියන ලද අයුරින් රට වැස්සා වඤ්චාකොටැපීම දුෂ්කරය.‍මුඹ වහන්සේගේ බටු මලණු තැන්පත් භක්ෂිශීලයා හා මා හා එක්වැ එක් උපායෙක් සිතාපියන ලදී.මේ හා සමාන අනෙක් උපායෙක් නැතැ.මේ වනාහි ජිල්මාට් නම් උපක්‍රමයෙකැ"යි රජ්ජුරුවෝ අස්වසාපීහ.

Monday, March 1, 2010

ගොක්කොළ න්‍යාය(THE GOK PAPER THEORY)

උත්තර පංචාල නුවරත්,මියුලු නුවරත්,ඒකබලරට සංඛපාල නුවරත් පිළිගත්තාවූ එක් ධර්මතා න්‍යායක් පවතී.එනම් ගොක් ගොළ න්‍යායයි.මෙය කෙසේ නම් න්‍යායක්දයත් මෙය භාවිතයට පැමිණෙනුයේ කිසියම්වූ මනුෂ්‍යයෙකු‍ට ගොක්කොළ පෙනෙන කාලයේදී හෙවත් චුත වීමට ආසන්න කාල පරිච්ඡේදයේදීය.මෙයින් කියැවෙනුයේ කෙසේ නම් කරුණක්දයත් ඉදින් කිසියම් දෙපාර්ශවයක් අතර සෝලියක් අටගෙනැ උනුන් මරාපියාගන්නා කලැ කිසියම් පාර්ශවයෙක් අප්‍රමාණවූ මරණ භයට පැමිණුනාහු දිවිගලවාගනු කැමැත්තේ නම් ගොක්කොළයක් ඔසවා අනෙක් පාර්ශවයට ‍ප්‍රදර්ශනයකොටැපියයුත්තේය.එවිට අනෙක් පාර්ශවය මෙසේ අවබෝධ කොටැ ගැනීම යුක්තය.

ඒ කෙසේදයත්,තෙල නිවටයා වනාහි අප්‍රමාණ මරණභයට පත්වැ ඇත්තාහ.මේ තාක් කල් අප ඇම මරාපියන්නට පාරම්බෑ මුත් දැන් වනාහි මූගේ ශක්තිය සිඳී ගියේල.ඉදින් මූගේ දිවිගලවාපීම නම් යහපතැ.එවිට අප ඇමට කෙළතොළුකම් කටැපියනු පිණිස මූ තුමූ උපයෝගී කොටගතඇක්ක.මූ දැන්ම මරාපීම යුක්තනොවේ.කල්යල් බලාපියා පසුව මරවනු පිණිස මූගේ දිවි ගැලවීම යහපතැයි යනුවෙනි.

මෙම න්‍යාය කවර ආකාර බුද්ධිමතකුගේ අදහසක්ද යත්,අන් කිසිවෙකු නොව අප මහරජාණන් විසින්මැ සිතාපියා පරිච්ඡින්නකොටැ කෝලිත පහන නම් විධග්ද ,මුග්ධ පුරුෂයකු ලවා පුස්කොලයෙහි ලියවා අටළොස් වරක්ම කළුමැදපියන ලද්දකැයි දතයුතුය.

Tuesday, February 23, 2010

සිංහාසනාවරණය

මෙවිට රජ්ජුරුවෝ ඌරුවංශයා විචාරන්නාහු"තොප කීවා සැබැව ආචාරීනි,ඉදින් අපි ඇම කුමක් කරමෝදැයි" ඇසූහ.
ඉක්බිත්තෙන් ඌරුවංශයා එක් උපායෙක් සිතාපියා රජ්ජුරුවන්ට ඉතා රහසිගතවැ කීවාහුය.එය මෙසේ යයි දතයුතුය.
"වන්නාටය මහරජ,එක් උපායෙක් ඇත.මේ හා සමාන අනෙක් උපායෙක් නැත්තේය.මුඹ වහන්සේ හා මා පමණක් දන්නා පරිද්දෙන් එක් ක්‍රීඩාවක් සංවිධානය කරන්නෙමු.එය වනාහි සිංහාසනාවරණය නමි.මෙහිදී කවරක් සිදුවන්නේද යත් මුඹ වහන්සේ රජ ශ්‍රීය වැළැඳුවා ඇතැ.දැන් ඉදින් හිසෙහි නර කෙසක්ද පහළවූහ.ඝන කාලවර්ණ උඩු රවුලද දැන් දැන් ඉදෙන්නේල.මහත්වූ රාජ සම්පත් කෙරෙහි මුඹ වහන්සේ කළකිරුණෝල.වනගතවැ තවුස්දම් රැකපියන්නට කාලය එළැඹ ඇතැ.ඉදින් රජශ්‍රීය අනුභවකොටැපියන්නට රිසි කෙනෙකුන් මහජන ප්‍රසාදය පෙන්වාපීනම් ඌ තුමූ සිංහාසනාරූඪ කොටැපියා මුඹ වහන්සේ විශ්‍රාම සුවයට පත්වන සේකැයි අණබෙරයක් ලවාපියයුතුය.එවිට සෙන්පෝකයා රාජශ්‍රීය විඳගැනීමේ ලෝභයෙන් මුඹ වහන්සේ හමුවට පැමිණෙන්නේය.එකල්හි මම් අසූකෙළක් ඇමැති මඬුල්ලද සමඟ පසල් දනව්වට වැදී"සෙන්පෝකයා වනාහි රාජ ද්‍රෝහියෙක,ගුණමකුවෙක,වරක් රජ්ජුරුවන් දුන් මහානුභාවසම්පන්න අතිපාලක නිලයද දමාපියා පැලෑහ,මූ අතිශය අසංවේදී,කිසිදු පළපුරුද්දක් නැති සොර කොල්ලෙක.මූ වනාහි කරපය මස්වා දඟගෙයි ලාපීම යුක්තය.අප ඇමට ඉදින් වෙන රජක් කුමටැ,මුඹ වහන්සේම චිරාත්කාලයක් අප ඇම ගසාකමින් වුව සංවේදීවැ රට පාලනය කරත්වායි" මහත් කොටැ සෝලි කරවමි.
මෙවිට මුඹ වහන්සේ වහා වහා තෙල සෙන්පෝකයා කරපය මස්වාපියා රටවැසියා අමතා මෙසේ ප්‍රකාශකටයුතුය.
"මාගේ අමන රටවැසියනි,මා හට විශ්‍රාම සුව විඳින්නටැ වුව තොපි ඇම අවසර නොදෙන්නාහුය.මාගේ සංවේදී පාලනයමැ ඉල්ලාපියා පසල්දනව්වෙහි සෝලියක්ද අටගෙන ඇතැ.ඉදින් රටවැසියාගේ අභිප්‍රාය නොතැකීම අයුක්තිසහගතයැ.එබැවින් සිංහාසනාවරණය අවලංගු කොටැපියා මම්මැ රට කරවමි.ඉදින් මෙසේ තිබියදී අද උදාසනක්සේම සෙන්පෝක නැමැත්තෙක් මා මරාපියා සිංහාසනාරූඪ වන්නට තැත්කළාහු අපගේ පරීක්ෂ්‍යාකාරීභාවය හමුවේ උන්ගේ තැත ව්‍යර්ථකොටැපියන ලදී.ඉතාමැ මෘදු ලෙස උන්ගේ කරපය මස්වාපියා සුරක්ෂිතවැ තබා ඇත.ඉදින් මාගේ සතුරා වුවද උන්ට කුරා කුහුඹුවකුගෙන් වත් හානියක් නොවනායුරින් ඌ තුමූ සත්මහල් ප්‍රාසාදයෙක මතු මාලෙහි තැන්පත්කොටැ ඇත්තාහයි"රටවැසියා මුළාකොටැපීම නම් යහපතැයි කීහ.

Monday, February 22, 2010

සෙන්පෝක RELOADED

මෙසේ සැලැකියයුතු කාලයෙක් අතිපාලක නිලය හොබවමින් කුසීතවැ වෙසෙන්නාවූ සෙන්පෝකයා එක් අලුයමෙක උදාසනක් සේමැ පිබිදී පෙරදිග බලන්නාහු;කොළ,මම් විසින් කිරුබාහරයා සාධාපියා සාර මාසයක් ඉක්ම ගියේය.දැන් රට වැස්සාට භය වන්නට මෙවිචරකට යැයි කාරණයකුදු නැත්තාහ.ඉදින් උන් සමෘද්ධව වෙසෙනු වියයුතුයැ.දැන් වනාහි මාහා උරෙනුර ගැටී සටන් කොටැ අවසඟවුණාවූ සෙනෙවි කොල්ලන්ට ප්‍රසාද දීපියන්නට කාලයයැයි සිතා ඉස් සෝධා නාපියා මනාකොටැ මාහැඟි වස්ත්‍රයෙන් සැරැසී අතිපාලක භවනෙහි නැඟෙනහිර දොරටුවෙන් නික්මී රජවාසළ බලා පිටත්වූහ.
වාසළ මහ දොරටුව අභියසදී එක් දොරටුපාල කොල්ලෙක් සෙන්පෝකයා විචාරන්නාහු"තොපි කවරෙක්දැයි" තරවැ සෙන්පෝකයා අත ග්‍රහණය කොටැපීය.
මෙවිට සෙන්පෝකයා කිපී පෙරළා බණන්නාහු''එම්බල සොර කොල්ල,මම් වනාහි සෙන්පෝක නමි.තොපි ඇම භයගැන්වූවාවූ කිරුබාහරයා සාධාපියන ලද්දේ මම් විසිනැ.මම් වනාහි ‍දැන් මහා බලසම්පන්න අතිපාලක වෙමැ.ඉදින් තොපි එවක් නොදන්නාහු නම් පෙරළා මහරජ්ජුරුවන් අසාපියවයි'' කීවාහුමය.
මෙවිට දොරටුපාලයා මහත්කොටැ අත්පිඬි ගසා සෙනෙන්නාහු"කොළ මුසා නොදොඩා සිටුව.කිරුබාහරයා මරාපියන ලද්දේ අපගේ පස්වාන්දහසකට බුදුවන මහරජාණෝය.තොපි වනාහි සොරදෙටුවෙක.අපිදු මේ රටැ වසන්නමෝ ඉදින් කිසිවිටෙකත් සෙන්පෝකයකු හෝ අතිපාලකයකු ගැන නොඇසූ විරූයැයි"සෙන්පෝකයා ගළග්‍රහයෙන් ගෙනැ දමාපීහ.
මෙවිට සෙන්පෝකයා දණ්ඩෙන් පහරලද ආශිර්විෂයක්හු පරිද්දෙන් කිපුණාහු''බලව තොපටත් තොපගේ ගුණමකු රජාටත් කියටි දනිමියි"මහත් කොටැ සෝලි කොටැපියා පැළෑහ.
මේ වග දනන් තුඬ තුඬද පතළවිය.මෙවිට ඌරුවංශයා සිතන්නාහු"වන්නාටය,දැන් වනාහි සෙන්පෝකයා මරාපියන්නට කළැයි"සිතා රජ්ජුරුවන්ට සමීපවැ මෙසේ බෙණෙන්නාහුය.
"මහරජ දැන් දැන් මා කීවා සිතට නැඟෙන සේක්දැ,තෙල සෙන්පෝකයා වනාහි රාජද්‍රෝහියෙකැයි මම් පැවසූ දෑ දැන් දැන් සැබෑ වන්නට යන්නේල.මුඹ වහන්සේ කෙරෙහි අසාධාරණවැ කිපුණාවූ දුෂ්ඨ සෙන්පෝකයා උදක්ම ගොස් වේදේහයාද සමුවීයැයි ආරඤ්චි කටයුතුය.දැන් ඉදින් ඌ මරාපියන්නට කළැයි"කීවාහුය.

Thursday, February 18, 2010

ර ද පස හා පවුල් ගස

මෙසමයෙහි මියුලු නුවරැ දක්ෂිණ භාගයට වන්නට නොහොත් භික්තර ගඟෙන් එතෙර කොටසෙහි එක්තරා අභව්‍ය සිදුවිමක් වෙමින් පැවැත්තේය.
ඒ කෙසේදයත් නුවරැ දක්ෂිණ භාගයේ මධ්‍ය මූල ප්‍රදේශයටැ වන්නට එක්තරා පසක් හෙවත් පාෂාණමය ද්‍රව්‍යයක් මිහිපිටැ පහළැවීය.එය කෙසේ පහළැ වූහුදැයි ඉදින් කිසි කෙනෙකුන් නොදන්නා මුත් මී ගවයකුගේ වසුරු පිඬෙකින් එයට මුළපිරුණාහු යැයි දනන් තුඬ තුඩ පැවැත්තේය.
මෙය කෙසේ නම් පසක්ද යත් එමැ පොළොවෙහි පයැ ගසන්නා වූ සියළු රටැවැසියා භයඞ්කර ගිනිජාලාවෙකින් දවාපියන්නාහ.එනයින් මේ වනාහි රටැවැස්සා දවාපියන පස නොහොත් ර ද පසැයි මහාජනයා අතරැ පතළ වූහයි දතයුතුය.
ඉදින් මෙය වූ කලී අතිශයින්මැ මුස්පේන්තු පසෙකැ.එහි අබැටක පමණ වූ දෙයක් වගාකොටැපියන්නට නොඇක්ක.ඉතාම නිස්සාරැ වූත් ඇට්ටකුණා වූත් පසෙකැ.
එහෙත් බ්‍රහ්මදත්ත රජ සමයෙහි මෙම පසෙහි එක්තරා වෘක්ෂයෙක් වර්ධනය වන්නටැ විය.එය කෙසේනම් වෘක්ෂයෙක්ද යත් භයඞකර අටු දුඹුළු වලින්දැ නොඑක් බෙණැ ගුහා ආදීන්ගෙන් දැ අවටැ මහාජනයා රීරිමාංශ උරාපියා ගතහැකි දැවැන්ත අක් මුල් පද්ධතියෙකින්දැ ගැවැසීගත්තේය.කිසි කෙනෙකුට මෙම වෘක්ෂයේ සෙවණ පැතිය නොඇක්ක.ඉදින් කිසිවෙක් ගියැපීනම් උන්ගේ රීරි මාංශැ උරාපියන්නාහ.මෙනයින් බියකරු වූ වෘක්ෂය වනාහි පවුල් වෘක්ෂය යයි දනන් අතරැ පතළේය.
කල් යල් බලාපියා මෙම ගසැ වැඩිවියැ පැමිණුනාහු එහි ඵල ත්‍රිත්වයක් අටගත්තේය.ඒ වනාහි දරු ඵල නොවැ සහෝදර ඵල යැයි දතයුතුය.
මේ එක් එක් ඵලයැ මූකුරා යෑමෙන් සහෝදර ත්‍රිත්වයක් නොහොත් සමාගමයෙක් බිහිවූ විරූය.
ඉදින් මේ සමාගමයැ වනාහි අප මහරජාණන්ට අසලැ වූවාහු රජ්ජුරුවෝත් උන්ගේමැ බසට අවනත වූහ.
මුන්ගෙන් දෙටු මළණුවෝ වනාහි වැඩියක් කථා බහෙක් නැති එකෙකැ.ඌ තුමූ ඡත්‍රමාල යැයි දන්නාහුය.මැදි මළණවෝ වනාහි රජ්ජුරුවෝ පොබකළ තැනැත්තෝල.ඌගේ නුවණැ රටැවැසියා තුඬැ තුඬැද පතළහ.රට වැස්සෝ ඌ දුටුතැන "අන්න පොබය" යයි පහන්සංවේගීවැ ආමන්ත්‍රණය කොටැ පියන්නාහුය.එවිටැ මැදි මළණුවෝ පෙරළා පහන්සිතින්මැ රට වැස්සන් විචාරන්නාහු"තොපගේ මෑණියන්දෑ වරු නිරෝගීවමැ වසන්නාහුදැයි"විමසති.
බටු මළණුවෝ වනාහි අතිශය කෙළතොල්ලහ.ඌ වනාහි භක්ෂිශීල නමි.ඌ ඇමවිටමැ අත්ලස් ගන්නාහ.ඉදින් යමෙක් රජ්ජුරුවන් හා ගණුදෙනුවක් කොටැපියනු රිසියෙන් වාසලැ ආපී නම් බටු මළණුවෝ වහ වහා ඌ තුමූ සමුවී මෙසේ බෙණෙන්නාහ.
"කොළ මා කියන්නක් අසව.රජ්ජුරුවෝ වනාහි මෙවිටැ අන්තඃපුරයෙහි කනර් අලී නම් වෙසඟන සමඟැ රති කෙළියෙන් පසුවන්නාහුය.ඉදින් උන්ගේ රති කෙළියටැ බාධා පමුණුවාපී නම් ඌ තුමූ කිපෙන්නාහ.එවිටැ තොපගේ ගණුනෙදෙනුවැ කට නොඇක්ක.හුදෙක් එපමණක් නොවැ තොපගේ අසුවල් අවයවයැ මිරිකාපියා පුසිකොටැපින්නටදැ ඉඩ ඇතැ.එතෙකුදු වුව උන් නොකිපෙන පරිද්දෙන් තගේ කර්තව්‍යය කොටැ දීපියන්නට මට ඇක්ක.තොප රජ්ජුරුවන් හා සමඟැ කොටැපියන ගණුදෙනුවෙන් මෙවිචරකැ පමණ අත්ලස් මටැ දෙවාපියව.මම්මැ තොපගේ අර්ථසාධනය කොටැ දෙන්නෙම් වේදැයි"බණන්නාහුය.