මේ දිනවල පිස්සාට පිස්සු තදවී ඇති බව දන්නෝ දනිති.මේ ගැන හොඳින් දන්නා බුද්ධිමතුන් අතර පද්දා හෙවත් පෙරමුණේ රාළ,සූර පප්පා,බයිනරි ආදී විද්වත්හු සිටිති.පිස්සු තදවී ඇති පිස්සන්ට අම්බානකට නෙළිමට මේ විද්වත්හු සැදී පැහැදී සිටිති.බම්බලපිටියේ මුහුදේ ගිල්ලා පිස්සකු පරළොව යැවූ තැනද මෙවැනිම විද්වත්හු සිටින්නට ඇත.
පිස්සන්ට පාරේ යන්නට මාර්ග නීති උවමනා නැත.ඇඳුම් උවමනාද නැත.පිස්සන්ගේ ප්‍රකාශන වලට නිසි බලධරයකුද නොමැත.එහෙවු පිස්සන් පාරේ යනවිට උන්ට ගල් ගසා හූ කියන්නට යන එකා මොකාදැයි දන්නෝ දනිති.
අද පිස්සා කියන්නට යන්නේ නවතම ඉටිකිරිස් නිවුස්සෙකකි.මෙවැනි නිවුස් හුදී ජනයා හීනෙකින්වත් අසා නැති විත්තිය පිස්සාට ෂුවර්ය.අසා ඇත්නම් ඉතින් චැනල් එක මාරු කැරගන්නවා යහපත්ය.
මේක එල්ලාවල උන්නැහැගේ පුකට පයින් ගසා පැන්නීම වැනි සද්දන්ත ආකාරයට ජහමනයා අතර ජනප්‍රිය නොවීය.රජ්ජුරුවන්ගේ පත්තර වලින් මෙය ටිකෙන් ටික ලීක් කරගෙන යයි.එවිට වෙනස ජහමනයාට දැනෙන්නේ නැත.කෙළින් කියන්න අමාරු ඒවා ටිකෙන් ටික ලීක් වෙන්නට ඇරීමෙන් එහි ඇති හොට් භාවය දියරු වී යන අතර පුවත් අස්වැන්න නෙළන විට දෑකැත්තෙන්ද ළිස්සා යයි.
ඉතින් මේ හදන්නේ ඒ වෙනස ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්නීමටයි.
"අත්වැරදීමකින් අත් අඩංගුවට පත්වූ යුගයේ ජන නායක,හිටපු සිරි ලංකා හමුදාපති කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් නිදහස්කර ඇත.මේ දිනවල එතුමා උතුරු නැඟෙනහිර සංචාරය කරමින් ජහමනයාගේ සැප දුක බලයි.තමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එම පළාත්වල ජනතාවට සහන සැළසීමට එතුමා දහ අතේ පොරොන්දු දී ඇත.එතුමා ඉතින් කිව්වොත් යමක් ටක්කෙටම කරන නිසා අපි පයිසෙකටවත් බය වියයුතු නැත.මේ අතර ත්‍රස්තවාදී හමුදාකාර සරත් ෆොන්සේකා එල්ලා මැරීමට තීන්දු කර ඇත.(හුරේ එකක් දාන්න....).සරත්ගේ ලොකු එකා වන ප්රභාකරන්ගේ පොටෝ එකක් රාමු කරගත් අමු සිංහලයකුගේ බඩ ඇතුළේ ඇත්තේ මොනවාදැයි සෙවීමට විශේෂ කමිටුවක් පත්කර ඇත."
මේ නිවුස්සෙක අසා සීයා කිව්වේ ඉස්සර කවි පොතකද ඔයිට සමාන නිවුස්සෙකක් තිබුණු බවයි.
කවිය මෙසේය;
පළමුව ඇස් ඇප් සරණේ යඤ්ඤයි
දෙවනුව කරුණා සරණේ යඤ්ඤයි
තෙවනුව කේ පී සරණේ යඤ්ඤයි
ජහමන හැම අඹ සරණේ යඤ්ඤයි.
ඒව ගැනනම් කියල වැඩක් නෑ මචෝ.ඒ උනාට SF කලින්ම වැඩේ අනා ගත්තනේ.පොරත් පිලිවෙලට ගියානම් රජ වෙන්න තිබුනා.දැන් ඔය කරු,පිල්ලි එහෙම ඉන්නෙ අපූරුවට.
ReplyDeleteඅයිසම ගුණ්ඩු..........ලොකෙන් උතුම් රට ලංකාවයි....ලංකාවයි සිරි ලංකාවයි.....
ReplyDeleteදැන් ඉතින් දේශපෙරේමී අයියලා ටික "කේපී දේශප්‍රේමී වීම" ගැන බහුශ්‍රැත මත ඉදිරිපත් කරන්න පටන් ගනී. සමහරැන්ට අනුව "කේපී දේශප්‍රේමී වීම" පට්ටම පට්ට තීරණයක් විය හැකිය. අපි අහලා තියෙන විදිහට නම් අසාධාරණෙන් හරි හම්බ කරපු දේවල් දරැවන්ට කන්න බොන්න දීපුවම ලේ බඩ යනවා. ඒත් ඉතින් කේපී ට "දෙමළ ඩයස්පෝරාවෙනන්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන්, අවි ආයුධ ජාවාරමෙන්" ආපු සල්ලි "කිරි ටොයිස්" වෙලා තියෙන්නේ. ආරංචි හැටියට උතුරේ මහඇමති කම දෙන්නත් තීරණය වෙලාලු තියෙන්නේ. එහෙම එකේ ඉතින් සරත්ලා අහවල් කෙංගෙඩියකටද?
ReplyDeleteහෙට අනිද්දට කියයි "ඕකා (සරත්) ප්රභාකරන් මරලා කොටි නායකයා වෙන්න හිටියේ" කියලා. පිස්සු පීකුදු නේ....
http://w3lanka.blogspot.com/2010/06/kumaran-pathmanathan-alias-kp-now-free.html
ReplyDeleteසභාවේ තදින් සිනා....
ReplyDelete//පද්දා හෙවත් පෙරමුණේ රාළ
ReplyDeleteඑළ එළ පුතා ඔහොම යන්, තව ටික දවසකින් කන් හැන්දෙත් කිඹුල්ලු පෙනෙයි. උඹට ඒ පාර පෙරමුණේ රාළව ඔළුවට ගැහුවද මයේ අම්මා? ඉස කුඩිච්චියක් දාගත්තා නම් ගති. අපේ හොස්ටල් එකේ ඉස්සර හිටියා පිස්සෙක්. මූට පිස්සු කිවුවට මූට පිස්සු නෑ. පෙන්නන් ඉන්නේ පිස්සු කියල. මොකද එතකොට ඕනෙ කුපාඩි වැඩක් කරන්න පුළුවන්නෙ. සමහර බ්ලොග් අවකාශයේ පිස්සනුත් එහෙම තමයි මයෙ අම්මා!
Dude, you are getting boring now.
ReplyDeleteWhere is that originality we saw in your very first posts :S
රනිල් ප්‍රභාට රැවටුනාසේ රජපස නඩය කේ.පීට රැවටුනේ නැත්නම් හොඳයි. ඕකා ඉස්තරම් මොලකාරයෙක්. රජපස නඩයේ මොල ගැන ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නෑනේ.
ReplyDelete