Tuesday, August 3, 2010

රජෙකි මෙමට මගේ පියා-My Father is the NOBLEST although you hate him...

අඳුරට බිය නොවන ලෙස මට මඟ පෙන්නා
කඳුළැලි මුසු නොකොට  දුකඳුරු දුර ලන්නා
සඳු ලෙස එළිය කොට දිවිමඟ හැඩ ගන්නා
බිඳු බිඳු මිනිස් ගුණයම නුඹ මට දුන්නා

නුඹ වත මඬල මට ජීවය ගෙනා දෙන්
නුඹ රළු දෙඅත මගෙ කුසගිනි නිවා දෙන්
නුඹ හද මඬල පිය සෙනෙහස දිනා දෙන්
කඹ පොට නුඹට වෙර වීරිය ගෙනා දෙන්

අම්මා උයා දෙන බත් කට කවන්නට
පෙම්මා ලෙසින් සුරතල් බස් දොඩන්නට
නිම්මා නොමැති පිය සෙනෙහස විඳින්නට
සම්මා සමිඳු ඇත මපියා රකින්නට

යුද වැද කුසගින්න සමඟින් බොහෝ දුකින්
හද ගිනි නොලා නුඹ මා රැකි නිසා දුකින්
අද අත බැඳුණු  කඹ පොට නුඹ අපා දුකින්
ගලවන අත්වැලම වේවයි පතමි නිතින්

පුතේ කියා නුඹ අමතන විටදි සෙනේ
ගතේ රුහිරු කකියවමින් හදට දැනේ
නෙතේ කඳුළු පිසදා බුදු පියාණනේ
වතේ මඳහසින් මා දෙස බලනු මැනේ

පොළව වසයි බිම් දෙවියන් අපට වසයි
අහස වසයි හිරු දෙවියන් අපට වසයි
මුහුද වසයි මහ ජල කඳ අපම නසයි
මිනිසුන් වසයි මනුසත්කම උන්ට වසයි

වවුලන් කුමට අඳුරේ පියඹන්න බැරි
සැවුලන් කුමට අරුණේ හඬලන්න බැරි
බළලුන් කුමට මීයන් අල්ලන්න බැරි
මිනිසුන් කුමට මැරයන් පන්නන්න බැරි

7 comments:

  1. බල්ලෙක් එක්ක නිදාගත්තු වේස ගෑණියෙකුට ජාතක වෙච්ච මේ වගේ නරුමයෙකුට ඡන්දෙ දුන්න මෝඩයින්ට ද පිස්සෝ "මිනිසුන් කුමට මැරයන් පන්නන්න බැරි" කියලා කියන්නේ ?

    ReplyDelete
  2. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..
    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.......

    ReplyDelete
  3. ලෝකයෙ වෙනස් වුනෙ දෙවියාදෝ මීනීසාදො

    ReplyDelete
  4. මූ වගේ උන් තාමත් ආන්ඩුවේ තියා ගන්න නායකයොත් එකයි මුනුත් එකයි. උන්ට චන්දෙ දෙන උනුත් එකයි.

    ReplyDelete
  5. මේකෙ ඉන්න මාධ්‍ය කාරයන්ටනම් සිද්දිය ආතල් එකක් වාගෙ.ගස් බැදල ඉන්න මනුස්සය මුස්ලිම්.බැරි වෙලාවත් මෙයාට ගැහැනු දරුවො එහෙම ඉන්නවනම්....මේ සිද්දිය මට උඹලට උනානම් කියල හිතල බලපල්ලා.

    ReplyDelete
  6. ගම්පහ ගොන් හරක්
    චන්දය දී වරක්
    බොහොඬෙක් වී පොරක්
    පෙන්නයි දැන් පුxක්

    ReplyDelete