Wednesday, February 17, 2010

ගහේ ලී

ඉක්බිතිවැ රජ්ජුරුවෝ හා ඌරුවංශයා හා සමඟැ කුමන්ත්‍රණය කොටැ සාර මාසයක් ඉක්මගියේය.රජ්ජුරුවෝ සෙන්පෝකයාට පෙරදී මන්ත්‍රණය කළැ පරිද්දෙන් අතිපාලක තනතුර දෙවූහ.
පෙරැ පරිද්දෙන් මහදිවුලින් ගම්වරයක් දෙන බව කී නමුත් ඔප්පුවැ ලියාපියා එය තුමූමැ හිණගසාගත්තාහුය.කිසිවිටෙකත් සෙන්පෝකයාට ‍නුදුන් විරීය.තවද සාර මාසය මුළුල්ලේමැ නුණුවණ රටවැසියාගේ දුක්ඛිතවැ උපයාගත් ධනස්කන්ධය නොඑකුත් බදු ආදියැ පණවමින් රාජ භාණ්ඩාගාරයටමැ අද්දාපීය.එතෙකුදු නොනැවැතී එම ධනස්කන්ධය යොදාපියා නොයෙක් අමන සැණැකෙළිද කෙළවූහයි දතයුතුය.
මෙකල්හි නොඑකුත් වන්දි භට්ටයෝ රජ්ජුරුවෝමැ වණන්නාහ.ඒ වනාහි හුදෙක් ඌ කෙරෙහි අසළ කමකට නොවැ ඌගෙන් මසුරමක පමණැ වුව ධනයක් මම්ද වඤ්චාකොටැපියමියි යන වසළ චේතනාවැ පෙරැදැරිවය.
මෙපරිද්දෙන් සාර මාසයක් මුළුල්ලේම රජ්ජුරුවො විසින් රටැවැසියා ගසාකාපීහ.උගේ වන්දිභට්ටයෝත් තම තමා හැකි පමණින් රටවැසියාමැ ගසාකාපීහ.මෙපරිද්දෙන් රටැවැසියා දින දිනමැ මන්ද පෝෂිත වන්නාහුය.මෙවිට රජ්ජුරුවෝ සංවේදීවැ සිතන්නාහු ඉදින් මාගේ ධනයෙන් මෙවිචරකටැ පමණ දෙවා මුන් ඇම සනසාපීම යහපතැයි සිතූහ.ඒ කෙසේ කළාහුද යත් සංගීතය වනාහි මනුෂ්‍යයාට අහරෙකැ,ඉදින් මනහරැ කොට ගයාපියන්නට ඇත්නම් මුන්ගේ සා ගින්න නිවාපියන්නට ඇක්ක,උතුරුකුරු දිවයිනෙන් ගඳඹුන් ගෙන්වා මාගේ රාජශ්‍රීය වැණෙනායුරින් කර්ණරසායන කොටැ මනහර ගී බඳවාපියා මුන් ඇම අස්වාපීම යහපතැයි සිතා,මනා කොටැ ගී බඳවා,නුවරැ මුළුල්ල ඒ ඒ තන්හි අටළොස් රියන් උසැ මාහැඟි චිත්‍රක පත්‍ර නංවාපියා ගහේ ලී නම් එක් වෛශ්‍යඞගනාවක් ලවා ගායනා කරවාපීහ.
ඒසේ වුවද එම වන්දිභට්ටකම් කළාවූ වෙසඟනටැ අබැටක පමණ වුව පඬුරක් නොදුන් විරීය.
ඉදින් උන්දෑ පඬුරක් ඉල්වාපියා වාසලැ පැමිණි දෑ නම් රජ්ජුරුවෝ උන් අමතා මෙසේ කියන්නාහුය."තොපි වනාහි වෙසඟනකැ.ඉදින් තොපට පඬුරු ලෙස මා හා රමණය කිරීම යුක්තිසහගතයැ.රජ්ජුරුවන් හා සමඟැ රමණය කිරීමේ වාසනා ගුණය ඇමටම ලැබිය නොහැක්කයි."අශීක්ශිතවැ බෙණෙන්නාහුය.

9 comments:

  1. එළ එළ, දැන්නම් උදේට උදේට ආතල් එකේ කියවන්න දෙයක් තියෙනවා. ඔහොම දිගටම ලියපං. ලොකු කමෙන්ට් එකක් පස්සේ දාන්නම්. ආතල් ගන්න අස්සේ දිග කොමෙන්ට් දාන්න බැහැ. ආතල් කැඩෙනවා.

    ReplyDelete
  2. pissu hadenawa ban . . .. maara aatal ara kiwwa th wage . . . mewwa mama copy karala mage moonu pothe dammata kamak nadda macho . . ???

    ReplyDelete
  3. දුකා,
    උඹට ඕනෑම වෙලාවක ඕනෑම ලිපියක් පිටපත් කරගනින්.මේව මගේ අතින් ලියවුණාට අදහස් මගේ නොවෙයි.මේව තමා මරබයෙන් ජිවත්වන මිනිස්සුන්ගෙ හෘදසාක්ෂිය.කටවල් බැඳෙගෙන සුසුම් හෙළන මිනිස්සුන්ගේ හෘදසාක්ෂිය.
    'NO COPYRIGHT FOR HUMAN CONSCIENCE'
    මේවගට,
    පිස්සා.

    ReplyDelete
  4. මචන්,

    මන් ලන්ගදි තමයි මෙ බ්ලොග් කියවන්න සෙට් උනේ ලක්බිමෙන් දෑකල.
    මට හිතෙන විදියට උම්බේ කතා වලින් දෙගොල්ලකට වදිනව.
    1. වෙබ් එක නිසා තරුනයන්ගෙ ර්සන්ග්තාව මෑරිල කියන අතීත කාමයෙ ලෑගල ඉන්න මෝඩ වෑඩිහිටියන්ට
    2. ඉතින් කාට කාටත් තෙරෙනවනෙ නෝකිඋව්වට මෙ චරිතවල ඉන්නෙ කව්ද කියල්, අන්න උන්ට.

    එල මචන් එල, ඔහොම යන්..ජය වෙවා

    ReplyDelete
  5. මුත්තෙන් මිණෙන් ආඪ්‍ය වූ මැදුරක ට පිවිසියා සේ දැනේ. තෙපි බස් මධුර කටුකය. බොහෝ බී පියනු කැමැත්තෙමි. නැවත ගොඩවෙමි.

    ReplyDelete
  6. Greatwork pissa!!
    U cannot think on thisway unless u r crazy!! D

    ReplyDelete
  7. >උඹට ඕනෑම වෙලාවක ඕනෑම ලිපියක් පිටපත් කරගනින්.මේව මගේ අතින් ලියවුණාට අදහස් මගේ නොවෙයි.මේව තමා මරබයෙන් ජිවත්වන මිනිස්සුන්ගෙ හෘදසාක්ෂිය.කටවල් බැඳෙගෙන සුසුම් හෙළන මිනිස්සුන්ගේ හෘදසාක්ෂිය.
    ‘NO COPYRIGHT FOR HUMAN CONSCIENCE’
    මේවගට,
    පිස්සා.<

    like it. :)

    ReplyDelete
  8. machan, uba pissek kiyala nikamata wat hitenne na.. PaXta

    ReplyDelete
  9. බ්ලොග් ගඩොල්May 21, 2010 at 9:10 AM

    pissa, u r unbelievably great

    ReplyDelete