“යටගියදවස බරණැස්නුවර බඹදත් නම් රජ්ජුරු කෙනෙක් රාජ්ජය කොරන සමයෙහි........“සීයා කියවාගෙන ගියේ පන්සියපණස් ජාතක පොතේ කතා වස්තුවකි.
“ටං ටං ටටට ටටං ටං ටං ටටං ටටං ටකටක ටකටක ටටා ටාටා ටාටටටා...“මගේ මොබයිලය නාදවන්නට විය.
අප්පට හුඩු!අපේ කිරි අත්තාගෙන් කෝලයක් එයි.වසර හැටකට පෙර සුවර්ගස්ත වූ කිරි අත්තා මට කතා කොරන්නේ මොන උලව්වකටද?උන්දෑගෙන් කෝලයක් ලැබියයුතු වයසෙහි සිටින්නේ අපේ සීයාය.ඕන මගුලක් කියා මම මොබයිලයට ආන්සර් කෙරුවෙමි.
“අඩා හුජ්ජ කොල්ලා, තොගේ මහ එකීගෙ මහඑකා ඔතන ඉන්නවද?“
ඒ කියන්නේ අපේ සීයා ගැනය.කිරි අත්තා දැන් නම් ට්‍රැක් එකට වැටී ගෙන එන හැඩකි.
“ආ....ඉන්නව කිරි අත්තෙ...“මම මොබයිලය සීයාගේ හස්තප්‍රාප්ත කෙරුවෙමි.
සීයා මීක් සද්දයක් නැතිව මොබයිලය කණතියාගෙන විනාඩි පහක් පමණ සිට ඈනුමක් හැර මගේ මොබයිලය පොළවේ ගැසිය.
උන්දෑටත් සුවර්ගයට ටිකැට් කෑල්ල ඇදී ඇති බව කිරි අත්තා කියන්නට ඇතැයි මම හිතුවෙමි.නමුත් එය සම්පුර්ණ රෝං අයිඩියාවක් බව මට පසුව ප්‍රත්‍යක්ෂ විය.
කිරි අත්තා අපේ සීයාට කිව්වේ කුමන හරුපයක්දැයි කියා මීළඟ ලිපියෙන් ලියන්නට බලාපොරොත්තුවෙමි.
No comments:
Post a Comment