යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන සමයෙහි පසල් දනව්වෙහි එක්තරා සෝලියක් ඇතිවිය.ඒ කෙසේදයත් පසල් දනව්වෙහි චෞර පිරිසක් ඒකරාශි කැරගත් කිරුබාහර නම් සොළී සොර දෙටුවෙක් ඒඒ තන්හි මිනිසුන් මරාපියන්නාහ.මේ රාජ්‍යෙයන් මාහට මෙතෙක් කොටැ දෙවාපියව,ඉදින් නුදුන්නේ වී නම් තවද වැසියන් මරවාපියමි යි සෝලි කෙරෙති.මේ විසඳාගත නොහී රජ්ජුරුවෝ නිදි වර්ජිත වන්නාහුය.ඉදින් කිරුබාහරයා පැමිණ මා ද මරාපියන්නට ඉඩ ඇත.එසේ වී නම් නපුරැ යි සිත සිතා තැවෙන්නාහුය.
මෙවිට අසූ කෙළක් ඇමති මණ්ඩලය එක්සිය සැට කෙළක් කණ් මන්ත්‍රණයක් කරන්නාහු,අප නරපතියා බියසුල්ලෙක,ඉදින් වැසියෝ මෙපවත් දනිත් නම් අප හැම අඹවාහරිනු නියතය,වහ වහා පිළිසරණක් සෙවීම යුක්ත වන්නේ යයි පරිච්ඡින්න කළාහුය.
උන් හැම මෙසේ සුසුම් ලමින් කල් හරිනා අතරැ එක් බුහුටි පුරුෂයෙක් පැමිණ,තොප හැම ශෝක වන්නට කාරණා කිමැ,සෙන්පෝක නම් මම්මය.කිරුබාහරයා කන බොන තැනත් දනිමි.පහරන තැනත් දනිමි.හැමනෙන අයුරුත් දනිමි.ඉදින් මෙවිට ඌ නැත.කල් නොයවා ඌ මරාපියමියි වාගාඩම්බර කීවේ ල.
අසූ කෙළක් ඇමති මණ්ඩලයේ එක් බඩපත ඇමැත්තෙක් මෙවිට සෙන්පෝකයා බණන්නාහු,තොපි හුදෙක් වහසිබස් නොදොඩව.අප රජ්ජුරුවෝ සේනාධිනායකයෝය.උන් අසමත් දෑ කරන්නට තෙපි කෙසේ නම් සමත් වන්නාහු දැයි විචාලහ.
කොළ බඩපත කෙළතොල්ල,මම තොප මෙන් රට වැසියාගේ රීරි මාංශයෙන් යැපෙමින් හැමනෙමින් නොසිටිමි.යුද්ධෝපායයන් දන්නේ නම් කිරුබාහරයා ජීවග්රහයෙන් වුව අල්ලාපියන්නෙම් වේදැයි සෙන්පෝකයා කීහ.
එසේ වීනම් කිරුබාහරයා කල් නොයවා මරාපීම යහපතැයි ඇමැත්තෝ පරිච්ඡින්න කළාහු,අටළොස් අක්ෂෞහිණියක් යුද සේනාව සෙන්පෝකයා නතු කරවූහ.
සෙන්පෝකයා වනාහි අවංක පුරුෂයෙක්ල.ඌ තුමූ අට මසක් ඇවෑමෙන් කිරුබාහරයා මරාපියා රට සමනය කොටැපීය.මෙවිට චිත්ත ප්‍රීතියෙන් ඔද වැඩී ගියාවූ ඇමැත්තෝ දැන් ඉතින් අපගේ අර්ථසාධනය වී ඇත්තේය.කිරුබාහරයා සාධාපියන ලද්දේ අප මහ රජාණන් යැයි රට වැසියන් වඤ්චා කොටැ පිය යුත්තේය.එවිට උන් සැණකෙළි කෙළින්නාහ.එසේ වූ කළැ නුවණ නැති රටවැසියාගේ බඩට කෙළැවීම අත්‍යන්තයෙන්ම පහසු කර්තව්‍යයක් වන්නෙ යැයි මණ්ත්රණය කළාහුය.
(....මට නිදිමතයි ඉතුරු හරිය පස්සෙ ලියඤ්ඤං.....)
Saturday, February 13, 2010
නූතන උම්මග්ග ජාතකය-සෙන්පෝක කථාවස්තුව කෙසේදයත්!
Subscribe to:
Post Comments (Atom)
happe mehemath kadeyaamak...........
ReplyDeletepuduma amaruwakinne pelenne. dan deela deela sehenna loku karala ethi neda senpoka.
ane mehemath kalakanni
එළ එළ දිගටම ලියන්න ......!! :)
ReplyDeleteAnti Mahinda - Kadeyaama
ReplyDeletePro Mahinda - Deeshaanuraagaya
Ela macho... niyamai.. oya hil wenuwata bin gewal thiyena ewun kiyana ewa ganan ganne nathiwa digatama liyanna.
ReplyDeleteසෙන්පෝක තෙමේ ස්වකීය දේශානුරාගයේ බල මහිමයෙන් මහරජාණන් අභිමුඛව එළඹ කිරුබාහරයා මරාපියන්නට ඒ අවසරත් ඉල්වී දෝ හෝ නැතහොත් රජ තෙමේ තමන්හුගේ ආරක්ෂක ලේඛකාධිකාරී දෝ නොහොත් යුවරජ තැන්පත් මලනුවන්දෑ ගේ බස් පිට සෙන්පෝක තෙමේ පා බල ගණයේ අධිකාරි ධුරන්ධර කොට හැරපීයේයැයි දැයි දනව් වැසි ජනයාගේ තුඩ තුඩ රැව් දෙන පැණෙයෙකි.
ReplyDelete***
කියන අදහස කොහොම උනත් සිරා ලිවිල්ල, ඔක්කොම එකට දැම්ම නම් තමා වඩා රහ. සාහිත්‍යය ගැන හොඳ දැනීමක් තියනව වගේ?
niyama kathawa
ReplyDeletepissu kora . . uba siraama porak banz . . !
ReplyDeleteකාට විරුද්ධව උනත් කමක් නෑ. ඔය විදියටම ලියපං හරිද
ReplyDeleteතෙපි වනාහී මහාර්ඝ වූ ලේඛක රත්නයෙකි.
ReplyDeletegas gembo... uba gana Dukai
ReplyDelete[...] ජාතකයෙ සෙන්පෝක කථාවස්තුව ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන්. ඒ කථාවස්තුවට අදාල [...]
ReplyDeleteකතාව දිගටම ලියමු මිත්‍රයා... අපි බලාගෙන ඉන්නවා කියවන්න.
ReplyDelete[...] Go to comments පිස්සාගෙ පලාමල්ලෙ තිබී හමුවුන නූතන උම්මග්ග ජාතකයේ සෙන්පෝක කථාවස්තු... බරණැස් නුවරුන් ලියූ පිටපත ගැන පිස්සා [...]
ReplyDeleteane shooi ane niyamai! mata duka නුවණ නැති රටවැසියා gana!
ReplyDeleteඅනේ අපොයි මහ රජානෙනි..!!!!!
ReplyDeleteඑල මචො.. දිගටම ලියමු. මේ අමන මහ රජා ගැන තාමත් කයිවාරු ගහන බූරුවොත් ඉන්නවා මේ රටේ.
ReplyDeleteසාහිත්‍ය නිර්මාණ කරණය පිළිබද වූ උපාදි උගුඩුවෝ අතය. තොප වනාහි ලේඛනයේ සැබෑ හිමිකරැවෝ ය. විකිනීමට නොව රස විදීමට ලියන්නේ නම් ඔබ ශ්‍රේෂ්ට ය. නො එසේ නම් ඔබද තවද එක්........
ReplyDelete