ඉතින් අපේ කිරි අත්තා මොබයිලයෙන් සීයාට පැවසූ දෙය දැන් අනාවරණයවී ඇත.
කිරි අත්තා සීයාට පවසා ඇත්තේ වසර 43කට පෙර තමා බයිසිකලයෙන් මනමාලකමේ යනවිට වරෙත්තු බල්ලකු විසින් තමාගේ වම් පාදය හපා කෑ බවත්,ඒ පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇතැයි තමාට බලවත් සැකයක් පවතින බවත්,වහාම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත්ය.
වැඩිදුරටත් කිරි අත්තා පවසා ඇත්තේ මේ පිළිබඳව සොයා බැලීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවන ලෙසත්,ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරනලෙසත්ය.
පැන්සොං ගිය පොලිස්කාරයකු වූ අපේ සීයාට මළපැන ඇත්තේ තමා පොලිසියේ වැඩකරන කාලයේ මේ ගැන නොකියා වළපයට ගොඩපය ආසන්න වූ විට මේ ගැන කීම නිසාය.එම මළ පැනීමේ අතුරු ඵලයක් ලෙස මගේ මොබයිලයද දැන් සුවර්ගස්ත වි ඇත.
මොබයිලයේ කෑලි ටික අහුලාගත් මම හිමින්සැරේ සීයාට කිට්ටු කළෙමි.
‘‘බොලං පැන්සොන් ගිය පොලිස්කාරයන්ට බල්ලොත් වාච්චි නැතුවා.බොලෑ කිරි අත්තගෙ පුරස්නෙ කොහොම විසඳන්ඩද?‘සීයා විස්සෝප විය.
මේ ගැන ඔළුව කූරුගාමින් කල්පනාකළ මට මෝල් ගහෙන් ගැහුවාක් මෙන් සිරා අයිඩියාවක් පහළවිය.එනම් මැම්බර් උන්නැහේට කඩේ ගොස් පුරස්නය විසඳවාගැනීමය.
මේ ගැන සීයාගේ අවධානය යොමුකළ මට කළගුණ සැළකීමක් ලෙස අගනා බුල්ටො ටොපියක් හිමිවිය.
සීයා මැම්බර් උන්නැහැට කඩේ ගිය අයුරු මීළඟ ලිපියෙන් ලියමි.
No comments:
Post a Comment