සීයා මැම්බර් උන්නැහැට කඩේ ගිය විත්තිය කියන්නට පෙර කිවයුතු වැදගත් කතාවක් ඇත.එනම් සීයා සහ මැම්බර් උන්නැහේ අතර එදා සිටම එතරම් හොඳ හිතක් නොතිබුණු බවයි.ඒ එසේ මෙසේ කරුණක් නිසා නොව පරම්පරාවෙන් පැවතඑන ආරවුලකි.පුටුවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකි.පුටුව මහා බල සම්පන්න එකකි.ඊට කළනොහැක්කේ ගැහැණියකු පිරිමියකු කිරීමත් එහිම අනෙක් පැත්තත් පමණක් බව මුඛ පරම්පරාගතව පැවතේ.මේ මහා බල සම්පන්න පුටුව හැදුවේ අපේ අත්තප්පා හෙවත් කිරි අත්තාගෙත් කිරි අත්තාය.
අත්තප්පා හා පවුලේ උදවිය එය වසර 17 කට ආසන්න කාලයක් පාවිච්චි කළෝය.අත්තප්පාගේ මුණුපුරු මුත්තප්පා මැයිමස 5 වැනිදිනක හදිසියේම සුවර්ගස්ත වීමෙන් පසු එය අල්ලපු ගෙදර කොන්ත නෝනා විසින් හොරකම්කර තවත් වසර 12 නට ආසන්න කාලයක් යහමින් පාවිච්චි කොළාය.
මැම්බර් උන්නැහැ යනු කොන්ත නෝනාගේ ගෙදර වළං සේදූ ඇඹිටිල්ලන් කොල්ලාය.ඌ කාලාන්තරයක් තිස්සේ පුටුවට ඇහැගහනෙ සිට හිටිගමන්ම පුටුවට විද්දේය.පුටුව ගල්වූ අතර කොන්ත නෝනාගේ පශ්චාත් භාගය බිම ඇනුණි.දැන් මැම්බරයා මේ පුටුවේ යෙහෙන් වැජඹේ.ඌ පුටවේ ඇති බලසම්පන්න ගැජමැටික්ස් විටින් විට අත්හදාබලයි.
වැඩිපුරම අත්හදා බලා ඇත්තේ නාහෙට නාහන නසරානින් සුවර්ගස්ත කිරීමේ බොත්තමයි.
එහෙත් අපේ සීයා දැන් මේ සියල්ල අමතක කර දමා මැම්බරයාගේ දෑත් ශක්තිමත් කරන්නට තීරණයකර ඇත.
නියම පිස්සු සලාදයක් තමයි. මගේ එන්ඩෝර්ස්මන්ට් එක දෙමි.
ReplyDeleteඅඩෝ.. මේ බ්ලොග් එක ලියන එකා තමා බ්ලොග් චැම්පියන්... කසුරිටත් බැරි උනාද මන්දා මේ වැඩේ..
ReplyDelete