Saturday, February 13, 2010

නූතන උම්මග්ග ජාතකය-සෙන්පෝක කථාවස්තුව කෙසේදයත්!

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන සමයෙහි පසල් දනව්වෙහි එක්තරා සෝලියක් ඇතිවිය.ඒ කෙසේදයත් පසල් දනව්වෙහි චෞර පිරිසක් ඒකරාශි කැරගත් කිරුබාහර නම් සොළී සොර දෙටුවෙක් ඒඒ තන්හි මිනිසුන් මරාපියන්නාහ.මේ රාජ්‍යෙයන් මාහට මෙතෙක් කොටැ දෙවාපියව,ඉදින් නුදුන්නේ වී නම් තවද වැසියන් මරවාපියමි යි සෝලි කෙරෙති.මේ විසඳාගත නොහී රජ්ජුරුවෝ නිදි වර්ජිත වන්නාහුය.ඉදින් කිරුබාහරයා පැමිණ මා ද මරාපියන්නට ඉඩ ඇත.එසේ වී නම් නපුරැ යි සිත සිතා තැවෙන්නාහුය.
මෙවිට අසූ කෙළක් ඇමති මණ්ඩලය එක්සිය සැට කෙළක් කණ් මන්ත්‍රණයක් කරන්නාහු,අප නරපතියා බියසුල්ලෙක,ඉදින් වැසියෝ මෙපවත් දනිත් නම් අප හැම අඹවාහරිනු නියතය,වහ වහා පිළිසරණක් සෙවීම යුක්ත වන්නේ යයි පරිච්ඡින්න කළාහුය.
උන් හැම මෙසේ සුසුම් ලමින් කල් හරිනා අතරැ එක් බුහුටි පුරුෂයෙක් පැමිණ,තොප හැම ශෝක වන්නට කාරණා කිමැ,සෙන්පෝක නම් මම්මය.කිරුබාහරයා කන බොන තැනත් දනිමි.පහරන තැනත් දනිමි.හැමනෙන අයුරුත් දනිමි.ඉදින් මෙවිට ඌ නැත.කල් නොයවා ඌ මරාපියමියි වාගාඩම්බර කීවේ ල.
අසූ කෙළක් ඇමති මණ්ඩලයේ එක් බඩපත ඇමැත්තෙක් මෙවිට සෙන්පෝකයා බණන්නාහු,තොපි හුදෙක් වහසිබස් නොදොඩව.අප රජ්ජුරුවෝ සේනාධිනායකයෝය.උන් අසමත් දෑ කරන්නට තෙපි කෙසේ නම් සමත් වන්නාහු දැයි විචාලහ.
කොළ බඩපත කෙළතොල්ල,මම තොප මෙන් රට වැසියාගේ රීරි මාංශයෙන් යැපෙමින් හැමනෙමින් නොසිටිමි.යුද්ධෝපායයන් දන්නේ නම් කිරුබාහරයා ජීවග්‍රහයෙන් වුව අල්ලාපියන්නෙම් වේදැයි සෙන්පෝකයා කීහ.
එසේ වීනම් කිරුබාහරයා කල් නොයවා මරාපීම යහපතැයි ඇමැත්තෝ පරිච්ඡින්න කළාහු,අටළොස් අක්ෂෞහිණියක් යුද සේනාව සෙන්පෝකයා නතු කරවූහ.
සෙන්පෝකයා වනාහි අවංක පුරුෂයෙක්ල.ඌ තුමූ අට මසක් ඇවෑමෙන් කිරුබාහරයා මරාපියා රට සමනය කොටැපීය.මෙවිට චිත්ත ප්‍රීතියෙන් ඔද වැඩී ගියාවූ ඇමැත්තෝ දැන් ඉතින් අපගේ අර්ථසාධනය වී ඇත්තේය.කිරුබාහරයා සාධාපියන ලද්දේ අප මහ රජාණන් යැයි රට වැසියන් වඤ්චා කොටැ පිය යුත්තේය.එවිට උන් සැණකෙළි කෙළින්නාහ.එසේ වූ කළැ නුවණ නැති රටවැසියාගේ බඩට කෙළැවීම අත්‍යන්තයෙන්ම පහසු කර්තව්‍යයක් වන්නෙ යැයි මණ්ත්‍රණය කළාහුය.
(....මට නිදිමතයි ඉතුරු හරිය පස්සෙ ලියඤ්ඤං.....)

17 comments:

  1. happe mehemath kadeyaamak...........
    puduma amaruwakinne pelenne. dan deela deela sehenna loku karala ethi neda senpoka.
    ane mehemath kalakanni

    ReplyDelete
  2. එළ එළ දිගටම ලියන්න ......!! :)

    ReplyDelete
  3. Anti Mahinda - Kadeyaama
    Pro Mahinda - Deeshaanuraagaya

    ReplyDelete
  4. Ela macho... niyamai.. oya hil wenuwata bin gewal thiyena ewun kiyana ewa ganan ganne nathiwa digatama liyanna.

    ReplyDelete
  5. සෙන්පෝක තෙමේ ස්‍වකීය දේශානුරාගයේ බල මහිමයෙන් මහරජාණන් අභිමුඛව එළඹ කිරුබාහරයා මරාපියන්නට ඒ අවසරත් ඉල්වී දෝ හෝ නැතහොත් රජ තෙමේ තමන්හුගේ ආරක්‍ෂක ලේඛකාධිකාරී දෝ නොහොත් යුවරජ තැන්පත් මලනුවන්දෑ ගේ බස් පිට සෙන්පෝක තෙමේ පා බල ගණයේ අධිකාරි ධුරන්ධර කොට හැරපීයේයැයි දැයි දනව් වැසි ජනයාගේ තුඩ තුඩ රැව් දෙන පැණෙයෙකි.

    ***

    කියන අදහස කොහොම උනත් සිරා ලිවිල්ල, ඔක්කොම එකට දැම්ම නම් තමා වඩා රහ. සාහිත්‍යය ගැන හොඳ දැනීමක් තියනව වගේ?

    ReplyDelete
  6. pissu kora . . uba siraama porak banz . . !

    ReplyDelete
  7. කාට විරුද්ධව උනත් කමක් නෑ. ඔය විදියටම ලියපං හරිද

    ReplyDelete
  8. තෙපි වනාහී මහාර්ඝ වූ ලේඛක රත්නයෙකි.

    ReplyDelete
  9. gas gembo... uba gana Dukai

    ReplyDelete
  10. [...] ජාතකයෙ සෙන්පෝක කථාවස්තුව ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන්. ඒ කථාවස්තුවට අදාල [...]

    ReplyDelete
  11. කතාව දිගටම ලියමු මිත්‍රයා... අපි බලාගෙන ඉන්නවා කියවන්න.

    ReplyDelete
  12. [...] Go to comments පිස්සාගෙ පලාමල්ලෙ තිබී හමුවුන නූතන උම්මග්ග ජාතකයේ සෙන්පෝක කථාවස්තු... බරණැස් නුවරුන් ලියූ පිටපත ගැන පිස්සා [...]

    ReplyDelete
  13. ane shooi ane niyamai! mata duka නුවණ නැති රටවැසියා gana!

    ReplyDelete
  14. අනේ අපොයි මහ රජානෙනි..!!!!!

    ReplyDelete
  15. එල මචො.. දිගටම ලියමු. මේ අමන මහ රජා ගැන තාමත් කයිවාරු ගහන බූරුවොත් ඉන්නවා මේ රටේ.

    ReplyDelete
  16. පිප්පලීDecember 15, 2010 at 5:02 AM

    සාහිත්‍ය නිර්මාණ කරණය පිළිබද වූ උපාදි උගුඩුවෝ අතය. තොප වනාහි ලේඛනයේ සැබෑ හිමිකරැවෝ ය. විකිනීමට නොව රස විදීමට ලියන්නේ නම් ඔබ ‍‍ශ්‍රේෂ්ට ය. නො එසේ නම් ඔබද තවද එක්........

    ReplyDelete