Tuesday, February 16, 2010

ජාතකපොත අස්සේ හසුන් පතක්

උමංදාව කියවාගෙන යන කොට ඔන්න බොලං පිස්සාට පොත අස්සේ තිබී ලවු ලෙටරයක් හමුවිය.මෙය ලවු ලෙටරයක් කීවාට ඉලවු ලෙටරයක්ද වේ.මෙය කවරකු විසින් කුමන කරුණක් අරභයා කාට ලියන ලද්දක් දැයි මට තවමත් මීටර් වන්නේ නැත.එසේ වුවත් සීයා කීවේ මෙය බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් සතර කෝරලය බාර හාමුදුරු ගොල්ලට යවාපු ලෙටරයක් කියාය.රජ්ජුරුවෝ අති ධාර්මිෂ්ට බව පිස්සා දැනටමත් දන්නා බැවින් ලෙටරයේ ආමන්ත්‍රණ කොටස සහ නැට්ට කොටස පිස්සා විසින් සම්පූර්ණ කොරන ලදී.
ලෙටරය මෙසේය;


සතර කෝරලය භාර මහතෙරුන්නාන්සේලා වෙත බුද්ධි ගෝචරවය,
ජීවිතාලය ඇති තෙරුනි,


තොපි වහන්සේලා වනාහි අනවශ්‍ය කර්තව්‍යයකට අතගසා ඇත්තාහු යයි බලු ගැත්තාට දැනගන්නට ලැබී ඇත.ඒ නම් නවම් මසැ සිවු ඌන විසි ලත් ගුරුදා මාගේ අභීත රාජ්‍ය පාලනයෙට කොණහනු පිණිසැ මහ සඟසමුළුවක් පවත්වන්නටැ යන බවයි.තොපි වහන්සේලා විසින් කොටැපියැයුතු අප්‍රමාණ කාරියන් තිබියැදී මාගේ අසුවල් ස්ථානයමැ අතගා බලාපියන්නට සැරැසීම නම් ඒකාන්තයෙන්ම හිතකර නොවන්නාහුය.මා විසින් රට තුළැ පාලනය කටයුතු සෝලි කොතෙකුත් ඇතත් තොපි වහන්සේලාගේ සෝලියට පොලු මුගුරු රැගත් වසලයන් කිහිපදෙනෙකු එවාපීම වැඩියක් නොවන්නේය.ඉදින් උන් ආපීනම් තොපි වහන්සේලාගේ මුඬුහිස් පළාපියා තූතූ කොටැ හැරපියනු ඇත.තවද ඩප්පියක් දෙකක් පුපුරවාපියා කිහිපනමක් ස්වර්ගස්ථ කොටැපීමද නොවියහැක්කැයි නොසිතමි.
මා තුළ ඇති ශාසනාලය තොපි වහන්සේලා නොදන්නාහු ය.තෙරවරුන් නම් තොපි වහන්සේලා පමණක්ම නොවන බව ප්‍රඥාගෝචර කටපියැ යුතුය.එනයින් බලාපියන කලැ මට කම්කරන්නාවූ රතුඑළියේ අතනයා වුවද මහතෙරනමක් කොටැපියා ශාසනය වඩවන්නට මටැ බැරි නොවේ.සෙසු කෝරල තුනටැ සෙප්පඩවිජ්ජා චක්‍රවර්තී මේ දහවල එල්ලානන්දයාද,දඩුවේ උම්මාලෝකයාද,සුළුන්නාවේ කොමඞ්ගලයාද පත්කොටැපියමි.මෙපවත් තොපි වහන්සේලා වෙතැ හුදෙක් ඉතකමටමැ ලියා එවමි.කිරුබාහර සෝලිය සමයේ ඔරු බැඳි සියඹලාවැ භාරවැ සිට දැන් මාහට කම්කරන්නාවූ කරන්නාගොඩ අප්පුහාමි නම් පණ්ඩකයා අතැ මේ හසුන තොපි වහන්සේලා වෙත එවාපියමි.
ඉදින් තොපි වහන්සේලා මා කියන්නක් නොඅදහන්නාහු නම් ස්වර්ගරාජ්‍යයට යවාපියන දින වකවානුද පරිච්ඡින්නකොටැ ඇතිබව ශාසනාලයෙන් දන්වමි.


මේ වගට,
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ වම්හ

13 comments:

  1. කියලා වැඩක් නෑ..... එළමකිරි..... :) දිගටම ලියන්න.....!! :)

    ReplyDelete
  2. නියමයි...... දක්ෂයි......

    ReplyDelete
  3. මේක අර "ජාතක කතා පොත තුලින් යැවූ ලියමන" ද ?

    ReplyDelete
  4. පිස්සු බම්ප් වෙනවා.. :D ලියපන් පිස්සෝ දිගටම.

    ReplyDelete
  5. අර ටැබ් එකට යන්න ඕන වෙලාද ?

    ReplyDelete
  6. එළ එළ, හැබැයි මචෝ පන්සිය පනස් ජාතකය කියෙව්වට පස්සේ ඒ බස්වහර කියෙව්වමයි. පොඩි ආතල් එකක් තියෙනවා කියවගෙන යනකොට. අපේ ඇතුලේ තියෙන "අපේකම" හින්දද දන්නේ නෑ. හැබැයි මේ කතාව ඇතුලේ හුරැපුරැදු, දන්න කියන කෙනෙක් ඉන්නවා වගේ තෙරෙනවා.

    කමක් නෑ. වටපිට විස්තර අවශ්‍ය නෑ. ලියපන්. අපි කියවනවා.

    ReplyDelete
  7. ලිපිය නම් නියමයි........දිගටම ලියන්න යාලුවා......

    ReplyDelete
  8. දිගු කලකට ඉහත ඉරිදා ලංකාදීපයේ පිස්සාගේ පලාමල්ල නමින් තීරු ලිපියක් තිබිණි.

    ඔබේ රචනා විලාශය අපූරුයි.

    අනේවාසික

    ReplyDelete
  9. maaarai ban . . .. bada palenawa hinaa welaama . . .

    ReplyDelete
  10. wade ela kiri machan, serama aththa. eth සුළුන්නාවේ කොමඞ්ගලයා oya leter eken ain karala wena namak dapan mokada menama thiyena kena politics wala na. katawath kade yanneth na. mama hithanne pissata wena kage hari namakata maru wela. please remove this name.

    ReplyDelete