Tuesday, February 23, 2010

සිංහාසනාවරණය

මෙවිට රජ්ජුරුවෝ ඌරුවංශයා විචාරන්නාහු"තොප කීවා සැබැව ආචාරීනි,ඉදින් අපි ඇම කුමක් කරමෝදැයි" ඇසූහ.
ඉක්බිත්තෙන් ඌරුවංශයා එක් උපායෙක් සිතාපියා රජ්ජුරුවන්ට ඉතා රහසිගතවැ කීවාහුය.එය මෙසේ යයි දතයුතුය.
"වන්නාටය මහරජ,එක් උපායෙක් ඇත.මේ හා සමාන අනෙක් උපායෙක් නැත්තේය.මුඹ වහන්සේ හා මා පමණක් දන්නා පරිද්දෙන් එක් ක්‍රීඩාවක් සංවිධානය කරන්නෙමු.එය වනාහි සිංහාසනාවරණය නමි.මෙහිදී කවරක් සිදුවන්නේද යත් මුඹ වහන්සේ රජ ශ්‍රීය වැළැඳුවා ඇතැ.දැන් ඉදින් හිසෙහි නර කෙසක්ද පහළවූහ.ඝන කාලවර්ණ උඩු රවුලද දැන් දැන් ඉදෙන්නේල.මහත්වූ රාජ සම්පත් කෙරෙහි මුඹ වහන්සේ කළකිරුණෝල.වනගතවැ තවුස්දම් රැකපියන්නට කාලය එළැඹ ඇතැ.ඉදින් රජශ්‍රීය අනුභවකොටැපියන්නට රිසි කෙනෙකුන් මහජන ප්‍රසාදය පෙන්වාපීනම් ඌ තුමූ සිංහාසනාරූඪ කොටැපියා මුඹ වහන්සේ විශ්‍රාම සුවයට පත්වන සේකැයි අණබෙරයක් ලවාපියයුතුය.එවිට සෙන්පෝකයා රාජශ්‍රීය විඳගැනීමේ ලෝභයෙන් මුඹ වහන්සේ හමුවට පැමිණෙන්නේය.එකල්හි මම් අසූකෙළක් ඇමැති මඬුල්ලද සමඟ පසල් දනව්වට වැදී"සෙන්පෝකයා වනාහි රාජ ද්‍රෝහියෙක,ගුණමකුවෙක,වරක් රජ්ජුරුවන් දුන් මහානුභාවසම්පන්න අතිපාලක නිලයද දමාපියා පැලෑහ,මූ අතිශය අසංවේදී,කිසිදු පළපුරුද්දක් නැති සොර කොල්ලෙක.මූ වනාහි කරපය මස්වා දඟගෙයි ලාපීම යුක්තය.අප ඇමට ඉදින් වෙන රජක් කුමටැ,මුඹ වහන්සේම චිරාත්කාලයක් අප ඇම ගසාකමින් වුව සංවේදීවැ රට පාලනය කරත්වායි" මහත් කොටැ සෝලි කරවමි.
මෙවිට මුඹ වහන්සේ වහා වහා තෙල සෙන්පෝකයා කරපය මස්වාපියා රටවැසියා අමතා මෙසේ ප්‍රකාශකටයුතුය.
"මාගේ අමන රටවැසියනි,මා හට විශ්‍රාම සුව විඳින්නටැ වුව තොපි ඇම අවසර නොදෙන්නාහුය.මාගේ සංවේදී පාලනයමැ ඉල්ලාපියා පසල්දනව්වෙහි සෝලියක්ද අටගෙන ඇතැ.ඉදින් රටවැසියාගේ අභිප්‍රාය නොතැකීම අයුක්තිසහගතයැ.එබැවින් සිංහාසනාවරණය අවලංගු කොටැපියා මම්මැ රට කරවමි.ඉදින් මෙසේ තිබියදී අද උදාසනක්සේම සෙන්පෝක නැමැත්තෙක් මා මරාපියා සිංහාසනාරූඪ වන්නට තැත්කළාහු අපගේ පරීක්ෂ්‍යාකාරීභාවය හමුවේ උන්ගේ තැත ව්‍යර්ථකොටැපියන ලදී.ඉතාමැ මෘදු ලෙස උන්ගේ කරපය මස්වාපියා සුරක්ෂිතවැ තබා ඇත.ඉදින් මාගේ සතුරා වුවද උන්ට කුරා කුහුඹුවකුගෙන් වත් හානියක් නොවනායුරින් ඌ තුමූ සත්මහල් ප්‍රාසාදයෙක මතු මාලෙහි තැන්පත්කොටැ ඇත්තාහයි"රටවැසියා මුළාකොටැපීම නම් යහපතැයි කීහ.

8 comments:

  1. තාම හොඳම ටික ආවෙ නෑ නේද? ඌරුවංශයට ඉදිරියෙදි සෑහෙන්න දේවල් ටිකක් කරන්න තියෙනවානේ.

    ReplyDelete
  2. මළ කෙළියයි මහරජ කිව්වලු. දිගටම ලියාපිය.

    ReplyDelete
  3. එලම තමා....ලියමු ලියමු......

    ReplyDelete
  4. කථාවේ ඉතිරියත් අසන්නට කෑමෑත්තොඅ වම්හ...

    ReplyDelete
  5. නියම කතාව මේක දෑක්කම නුවර පාරට මල පනිනව ඈති

    ReplyDelete
  6. පිස්සානෝ ඇඳිවතද ඔසොවාගෙන සෙන්පෝකට (සෙන්නපෝකට) පුලන්නාහ

    ReplyDelete
  7. Niyamai mchn niyamai. Aai katha 2 k ne.............

    ReplyDelete
  8. පර්සි මහේන්ද‍්රFebruary 26, 2010 at 7:37 PM

    එල මචන්....

    කතාවෙ වේගය වැඩිය් වගෙ...

    ඉක්මනට ඉව‍ර ක‍රන්න එපා...

    ReplyDelete