......ඉදින් ඌරුවංශයා කියන්නක් සැබැව නම් මා දිවි නැත්තේය.සෙන්පෝකයා වනාහි මෙවිචරකට බලසම්පන්නයහයි මාගේ අසූ කෙළක් මුග්ධ ඇමැති මණ්ඩලයද නොදක්නා ලදහ.එසේ කළැ මතු වන්නා වූ භය ඌරුවංශයා විසින් දක්නා ලදහ.මූගේ නුවණැ මහතැ.ඉදින් මූම මාගේ ආචාරීන් කොටගනිමියි රජ්ජුරුවෝ සිතා“ මෙසේ එවමැනව ආචාරීනි.තොපි වනාහි මාගේ ගැලැවුමකාරයාණෝල.යුද්ධෝපායය දන්නෝත් මුඹමය.රටවැසියා නම්මාගන්නායුරු දන්නෝත් මුඹමය.ඉදින් මෙවිට කුමක් කරමෝදැයි“මහත්කොටැ වැලැපී කෙළතොළු ඌරුවංශයාගේ පය පාමුළ වැඳවැටුණාහ.
මෙවිට ඌරුවංශයා සිතන්නාහු‘‘වන්නාටය,දැන් ඉදින් මට කම්කරන්නාවූ මා විසින්මැ උපායය සාධනය කොටැ සෙන්පෝකයා මරවාපියමි,මේ අඳබාල රජාට කළමනාද පසුව දන්නෙම් වේදැයි“සිතා රජ්ජුරුවෝ අස්වසන්නාහු“මහරජ නොබව මැනැව.සෙන්පෝකයාට කියටි දන්නෙම් වේදැයි“උරුළෑ හඬ නඟාපීහ.
රජ්ජුරුවෝ මහත්කොටැ සැනැසුම් සුසුම් හෙළා ළය මඬළ සැහැල්ලු කොටැගෙන ඌරුවංශයා විචාරන්නාහු‘‘ආචාරීනි,ඉදින් කටයුතු උපායය මාර්ග තෙපිම නිළ කොට මනා නොවේදැයි“ ඇසූහ.
මහරජ එක් උපායෙක් ඇත.මේ හා සමාන අනෙක් උපායෙක් නැත්තේය.දැන්මම සෙන්පෝකයාගේ කරපය මස්වාලීම යුක්ත නොවෙයි.එකල්හි මහජනයාද මුඹවහන්සේටැ එදිරිවැ සෝලි කෙරෙන්නට ගනු ඇත.පළමුකොටැ ‘අතිපාලක‘ නම් තනතුරක් ඇතිකොටැපියා එය සෙනෙවිරත් ධූරයටත් වඩා බලසම්පන්නයහ,වඩා අගනේ යැයි කියා පුළුගන්වා සෙන්පෝකයාට දෙවාපීම යහපති.අතිපාලක වනාහි කෙසේ නම් ඨානාන්තරයක්ද යත් ඊට ඇඟැ වසන්නාවූ කෝඳුරුවකු වුව පළවාපියන බලයක් නැත්තේය.නියමාකාර වේතනයක්ද නැත්තේය.එසේ වුව මේ වනාහි මෙතෙක් බලසම්පන්නයහයි රටැ පතළකොටැ යුත්තේය.
අප රට වැසියා වනාහි ඉතාම මුග්ධයහ.දෙපෝයක් ඇවෑමෙන් කිරුබාහරයා මරාපියන ලද්දේ කවරෙකු දැයි උන් නොහඟිනාහ.මෙවිට සෙන්පෝකයා සතු ජනබලයද ක්ෂීණ වන්නාහ.එකල්හි සුදුසු උපායෙක් යොදාපියා සෙන්පෝකයා මරවාපීම යහපතැයි“ රජ්ජුරුවෝ ගිවිස්සූහ.....
Tuesday, February 16, 2010
සෙන්පෝක කථාවස්තුව-4 කොටස
Subscribe to:
Post Comments (Atom)
ela katawa!!
ReplyDeleteEla story line!
ReplyDeletePuluwan nam digatama karanna...
Cheers
නියමයි නියමයි.... නොවැරදීම කියවනවා...
ReplyDeleteඑළ එළ ඔහොම්ම යං...
ReplyDeleteko 5 weni kotasa????
ReplyDeleteඅඩෝ තෝ මහ රජට අවමන් කරන්නෙහිය.. මුග්ධ ජාති ද්‍රෝහියෙකු නොවව..
ReplyDeleteකදිමයි, කදිමයි,
ReplyDeleteබොල කොලුව, තාගේ ලියැවිල්ල නම් ඉතා අපූරුය.