Friday, June 18, 2010

විජයග්‍රහණයේ 13වන මස සමරණු(වස්) කවිය.The Curse Of The Conscience

අප්පා වුවද විකුණං කන මෙහව් රටේ
පප්පා වරුන් රජවෙයි නිති හැටට හැටේ
කප්පා දමා ඔළුගෙඩි මනු සතුන් කටේ
පුප්පා පිට්ටු ඔබ්බති රට හතර වටේ

බොරුවෙන් මුසාවෙන් වැසියන් බිලි බෑම
තරුවෙන් පට්ටමෙන් මිනිසුන් වැළලීම
වරුවෙන් දෙකෙන් වැඩිවන කොඳු බිඳලීම
කරුමෙන් නොවේ,වැසියනි තොපෙ රැවටීම

කඳුළැලි පුරා වැසියනි හිස බිමට නමා
වැරහැළි පැළඳ රජුහට ආවඩනු කිමා
තරු එළියෙනුදු දකිතැකි දුර නොවනු පමා
කළඑළි දකින්නට මෙය නිසි කළ ම තමා

මළ රණවිරු ලෙයින් බිම පාවඩ බන්දා
දළ බිම නොඇණු ඇත් රජු සිරගෙට කැන්දා
කළගුණ නොදත් හොර රජු කරගත් නින්දා
පළමුව මොකා හට සහගහවිද මන්දා

ඇස යන යන තැන සුදු කොඩි පෙනීයන්
සුදු කොඩි නැති තැනදි ගොක් කොළ වැනීයන්
වැසියන් විඳින දුක රජු හට දැනීයන්
අවි තැනු උන්ගෙ ළෙහි එම අවි ඇනීයන්

කඳ බඩ වඩනවුන් සිහිනය බොඳවේවා
අඳ කළ පුතුන් නෙත් යුග මිණි පැළඳේවා
හොඳ නැති රජුන් ගේ දරුවන් හොඳවේවා
හොඳ නැති පුතුන් තැනු රජවරු වඳවේවා

23 comments:

  1. යුද්ධ විකුණ කාලා ඉවරයි නේද
    සාමය කැම තාමත් නිම නැහැ නේද
    අතහැර දමා වැඩකට නැති පුහු දේද
    තමනට පරපුරට පමණක් ඇති නේද

    පරපුර ගොඩ දමා බලනා විටදි යලි
    වැසියන් හට කුමට වැඩකට නැති කෑලි
    සාමය නමින් තනනා විෂ නයි රාසි
    මේ රට කවද වැසියන් වෙයි සූ පෝෂී

    ReplyDelete
  2. අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
    අවසානයේ උන් හැම අවියෙන් නසිතී
    ලෝක සොබාවය එහෙමයි දන කියතී
    මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

    යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
    ගෙදර තියන් ඉන්නද අද යුද නැතුව
    හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
    පොලොස් ගැට කපමු අපි අද එකමුතුව

    කවි ලිව්වේ: ජූනි 2009

    ReplyDelete
  3. යන බස් රියේ ගිනි ජාලා නැති කලට
    කිරි පලු අත ගගා කිසිවක් නොසොයන කලට
    මිනී පෙට්ටියෙන් උන් ගම් නොවදින කලට
    නොදෝමකින් මේ දේ නොපෙනෙන කලට

    මළ රණවිරු නමට නිති මඩ ගස්සා
    යටත් වෙච්ච කොටි වෙත ගිනි අවි ගස්සා
    රණවිරු නයුවන්ට හිටුවා පස් ගස්සා
    කෙළිනට හැදු එකා ලයි දඟ ගෙයි උස්සා

    ඉන්නට බැරි නිසා දැක දැක මේ නිස්සා
    කෙළිතියි පිස්සු බ්ලොග් ලොව තුල මේ පිස්සා
    ඇදි වත උනා කඩයේ යන මේ වස්සා
    ඇන ගනු පෙනේ බිම උගෙ මහතැති පස්සා

    සිත මුගෙ දැවේ වෛරෙන් පළිගන්ට සිතී
    පුක කසනට එනමුත් නිය පොත්ත නැතී
    මහ රජු හට වස් කවි කියමින්ම නිතී
    පලා මල්ලෙ පිස්සා නක දීම පුසී

    ReplyDelete
  4. [...] ඇති නිසා පද්දා මෙය අප වෙත එවා ඇත. කවිය මේ ලිපිය සමග [...]

    ReplyDelete
  5. Binary1101010101100June 19, 2010 at 1:38 AM

    [පලා මල්ලෙ පිස්සා නක දීම පුසී]
    කික්ස්..
    නියමයි කොල්ලො :D පද ගැලපිල්ල පට්ට කොරයි.
    :D :D

    :D [පලා මල්ලෙ පිස්සා නක දීම පුසී] :D
    :D :D

    වස් කවිය නක දීම පුසින පිස්සාට උගේම වස් කවිය වැදිලාද කොහෙද. :D

    ReplyDelete
  6. විදුලි පුවත ලදිමි
    මෙහෙකරුවන් සමග දොඩමලුව
    එළිමහනේ හිස පීරන විට...

    ''රජයේ සාතිශය කනගාටුව''
    ඒ සමඟ දන්වා තිබිණි...
    ක්‍රියාන්විතයේ දී
    මිය ගිය මහිමි වෙනුවෙන් !

    දින දෙකක් කිසිවක් නොදත්තෙමි
    ඉනික්බිති අවදි වූයෙමි
    දුක් වන අසල්වැසියකුගේ හඬකින්
    යළි පියවි සිහිය ලදිමි...
    ඉනික්බිති,
    පළමු වැන්දඹු ඇඳුම්
    පළමු වැන්දඹු අහර....

    මතකයෙන් හැර දමන විට
    උකුල් ඇට එතැන
    ඉල ඇට මෙතැන
    ගිජු ලිහිණින්ට ඉතිරිය...

    සිප ගනු ලැබූවෙමි
    පුතුගෙ හිස අතගානු දුටුවෙමි
    ලද දින වීර පදක්කම
    පළ විය පුවත්පත්වල
    ''තුරුණු වියෙහි ම ඔහු
    විරුවකු ව මිය ගියේය...''

    නැවත මිතුරෝ රැස් කෑහ
    සුබ පැතුමට එවර...
    සතියක් පුරා ම'පුතු ද
    පැළඳ ඒ පදක්කම
    වීදිය පුරාම දිවැ
    රසකැවිලි පුද ලද...

    දැන් ඒ පදක්කම
    පෙට්ටගම තුළ...
    ඉන් කුමක් කරම් ද?
    දෙඅත් නැත ඊට,
    දෙතොල් නැත...
    ළිඟුවක්ද නොමැතිය
    සැබැවින්ම එය
    තවත් එක් පිත්තල කැබැල්ලකි.

    තවුෆික් රෆාත් නමැති පාකිස්තානු කවියාගේ ද මෙඩල් නම් කවියේ පරිවර්තනයකි.

    Taoufik Rafath | තවුෆික් රෆාත්
    පරිවර්තනය - Chandana Sirimalwaththa | චන්දන සිරිමල්වත්ත

    ReplyDelete
  7. Ado piZZa.. maru ban

    ReplyDelete
  8. යන බස් රියේ ගිනිජාලා නොමැති ‍රටේ
    කිරි පලු අතගගා තවමත් සොයති ඇටේ
    නීතිය හදිසි තවමත් ඇත අමන රටේ
    මේ ගැන අසන විට මුන්ගේ පිට්ටු කටේ

    මිනි පෙට්ටියෙන් ගම් නොවදින රණ විරුවෝ
    රුපු ඔද නසා ජන ජීවිත සරි කෙරුවෝ
    ඒවා බලා ජය විකුණා රජ්ජුරුවෝ
    මහ රණවිරු තුමන් සිරගෙට පත් කෙරුවෝ

    මළ රණවිරු නමට මඩ ගැස්සුවා කියා
    නොකියූ කතා පත්තරයෙන් කියාපියා
    ඇටවූ උගුල රජු හා උගෙ ලොකු මලයා
    ගහ දත් අපට මොට තොප පානෙද කොළයා

    පද්දා හෙවත් අටුවේ පෙරමුණෙ රාළ
    එළිසමෙ වත් නොමැති කවි කොට අඳබාල
    පළකළ සතුට විඳිමින් බයි-නරිරාළ
    පට්ටයැ කියයි අටුවගෙ පද ගැළපිල්ල

    වෛරී දේශපාලනයක් නොකරන්න
    කෛරාටිකව රජුටම තව දෙක පුන්න
    ‍ඓයිරාවණ ලෙසින් යුදකළ සෙනෙවින්න
    සිරකළ පවට තව තව ආවඩපන්න

    ReplyDelete
  9. Binary1101010101100June 19, 2010 at 7:46 AM

    [පලා මල්ලෙ පිස්සා නක දීම පුසී]

    පිස්සු හැදෙන සඳ බැබලෙන විලසින්නේ
    පිස්සා කවි ලියයි වසුපැටියෙක් මෙන්නේ
    පිස්සගෙ තරම ඌ තාමත් නොම දන්නේ
    නක දී පුසින පිස්සා හෙලුවෙන් යන්නේ

    ෆොන්සේකා විරු පුතුට දෙසපලු උන දුන්නේ
    රනිලුයි සොමේයයි බව තෝ නොම දන්නේ
    හිටි ලෙස සිටියනම් අද ෆොන්සේකා ඉන්නේ
    කොහෙදැයි පිස්සො තෝ තාමත් නෑ දන්නේ

    ReplyDelete
  10. සියදෝරිස් සීයාJune 19, 2010 at 7:58 AM

    අනේ පද්දො, තොට විරිත රැකගෙන කවි ලියන්න බෑ බං. නොදන්න මඟුලට ගිහින් වරිගෙ නහ ගන්නෙ නැතුව වෙන වැඩක් නැත්නං චූ කරල බුදිය ගනින්.

    ReplyDelete
  11. සියදෝරිස් සීයාJune 19, 2010 at 7:59 AM

    @Binary1101010101100 ,

    උඹ පද්දගෙ ගල් කොල්ලද?

    ReplyDelete
  12. සියදෝරිස් සීයාJune 19, 2010 at 8:10 AM

    ජඩ වැඩ කරන මහ රජු කියනා බල්ලා
    දෙපයින් ගෙන පරසක්වල ගහ පල්ලා
    පද්දා කියන උගෙ හුරතල් බට කොල්ලා
    තදකොට ඇකේ පුරපන් බොටුවෙන් අල්ලා

    ReplyDelete
  13. අපූරුවාJune 20, 2010 at 5:58 AM

    පද්දගෙ තාත්තා ගමනක්ගිය ගිය වේලේ
    මර්වින් සිල්වා රිංගල මුගෙ ගෙට එ වෙලේ
    උගේ අම්මා එක්ක බුදියපු නිසා බොලේ
    පද්දා ඉපදුනා නව මසකට පසුව කැලේ

    අවජාතක පද්දා නැති ඔලුවෙ මොළේ
    කඩේ යනවා උගේ අප්පා වගේ බොලේ
    ඔය වගේ හරක් ඉන්නා තුරු අපොයි මලේ
    මහ රජාට කෑ හැකි රට සදා කලේ

    ReplyDelete
  14. පද්දා පද්ද පද්දා විත් ඇට වල්ල
    එබුවා නේද පෙරමුණෙ රාළගෙ මල්ල
    මහරජ නාඩගම පමණක් දුටු කොල්ල
    කොමිසන් ගනී රජු දුටුවොත් ඇට වල්ල

    දුවනා ලෙසට කෙට එළදෙන හැරුණු අතේ
    අරිනා ලෙසට දික්කර නිතඹ දහ අතේ
    විකුණා දමන තෙක් සිරිලක කැමති සිතේ
    ලොවිනා පද්ද තෝ පද්දෙක් මෙලක මතේ

    ReplyDelete
  15. අනේ බොල සීයෙ? උඹ දන්න කවි? පෙන්නඑන් කො බලන්න උඹ ලිවු කවියක්? බීඩියක් ගහල බුදිය ගනින් සීයෙ, නහින දෙහින කාලෙ නොදන්න කවි ගැන කියවන්නෙ නැතුව

    ReplyDelete
  16. පිස්සා කවි ලියයි ගලපා හතර පද
    රිස්සා යන ලෙසට හූමිටි තබන ලෙද
    වස්සා බව පෙනේ නගනා විටදි නද
    පස්සා පැත්ත ඇණුණම බොල රිදෙනවද

    නොයෙක් නමින් පිළිතුරු පෙල දමා ඇත
    අයෙක් එකම බව බැලුවිට පෙනී යත
    නයෙක් අරින්නට හැදුවට බොහෝ අත
    ගලක් කපන්නට උන් එක් වෙලා ඇත!

    අපූරුවා, රසිකය යන වසු පැට්ටෝ
    පිස්සාමය තමයි සැක නම් නෑ මැට්ටෝ
    ගොන් වැඩ වල සීමාවක් නැති හැට්ටෝ
    බොල තොපි තමයි සෙයිලමකට ගම් බට්ටෝ

    ෆොනී ගොයිය ලොබ බැඳා සිහසුනට
    ඇනී ගියා හොට දවසක දරුණුවට
    කුළී ගෙව ගෙවා කහිනට අප සතුරන්ට
    වැදී යාවි හෙණ ගෙඩි සිර කූඩුවට

    ජෑන්ස් කෙල්ල ලියුවෙ බොල පල් බොරුද
    මැන්ස් වගේ ගන්නට ගිය නඩු කොහෙද
    චෑන්ස් වැරදුන ජිල්මාට් කතාවද
    ඤෑස් ගෑවුන රට පාවා දුන් වරද

    පිස්සා හිතන්නේ ඌ මෙන් පොර නැතැයි කියා
    අස්සා ඇතිය එළිසමයන් කොහෙද කියා
    නිස්සා ලෙසම එලි සම එළි වැටද තියා
    බස්සා වගේ ඉඳපන් මේ පැදිය කියා

    ReplyDelete
  17. @ සියදෝරිස් සීයා

    උඹ පිස්සගෙ ගල් කොල්ලද?

    ReplyDelete
  18. යවෙස් ලූ මිනිසාJune 21, 2010 at 3:28 AM

    එම්බල පිස්සා
    නැති නිසා ඉස්සා
    වේය අප ගිවිස්සා
    ඌ පොන්න වස්සා

    සෙන්පෝක විකාරය
    ජෙප්පන් වකාරය
    බෑනා පැන ගොසින්
    ජීවතේ අසාරය

    සියදොරිස් සීයා
    නාකි දර ලීයා
    සැම කියයි ඊයා
    දැක උගේ මීයා

    ReplyDelete
  19. රට පාවා දෙන නොදෙන එක ගැන අරුම කතා
    ඉන්දු-චීන යුග ඇරුමෙන් පෙනෙයි ඉතා
    පද්දා පොට්ට ඉර හැරුනම පිස්සු කතා
    සනුහරේ එවුන් වාගෙම සුනඛ කතා

    ReplyDelete
  20. සූර පප්පාJune 22, 2010 at 10:20 PM

    [පලා මල්ලෙ පිස්සා නක දීම පුසී]

    ReplyDelete
  21. සූර පප්පාJune 22, 2010 at 10:22 PM

    [පලා මල්ලෙ පිස්සා නක දීම පුසී]
    හූහූ පිස්සා

    ReplyDelete
  22. සූර පප්පාJune 22, 2010 at 10:22 PM

    [පලා මල්ලෙ පිස්සා නක දීම පුසී]
    හූහූ

    ReplyDelete
  23. අපූරුවාJune 27, 2010 at 11:38 PM

    පද්දා කියන ඔළ මොල ඇති ගොන් වස්සා
    නින්දා කර තිබේ මා කියලා පිස්සා
    හින්දා නොදන්නා බව ඌ මැටි පුස්සා
    බින්දා නිහඩ බව දෙමි පිළිතුරු රිස්සා

    ඇත්ත දකින්නට බැරි වී ලද පොට්ට
    හැත්ත වරිගේ රැකගන්නද අල්ලනු ගොට්ට
    මොත්ත දමා පෙන්නනවද ගත් ඇම් බැට්ට
    තොත්ත බබකු ලෙස හැස්රෙනු කිම මැට්ට

    දෙනවා කියූ දෙදහස්පන්සීය කොහේ
    යනවා බඩු මිල ඉහල වේගෙන් ඊ ගහේ
    කනවා මුළු රටම එක්වී උන් රජුගේ රැහේ
    මොනවා වෙයිද ජහමනයට කියනු කොහේ

    හෝදන නමුත් ‍ොඳටම රජ කුණු රෙද්දා
    ගාන නමුත් සුදුහුණු දාගෙන සද්දා
    නාන නමුත් හොඳහැටි ඇදගෙන පද්දා
    වෙන කෙක් නොවේ මූ පාහර කල වැද්දා

    ReplyDelete