රටේ පසුගිය වසර 30 තිස්සේ සිදුවූ බරපතල දේශද්‍රෝහී ක්‍රියාමාර්ගයන් හමුවේ ඔබතමුන්නාන්සේලා මයිනස් ගණන්වලටම කළකිරී ඇති බව දැං මට ටක්කෙටම පහැදිළි වීගෙන එයි.පසුගිය රජය විසින් පුරා වසර 30ක් මුළුල්ලේ ඔබ තමුන්නාන්සේලා ගසාකා ඇති බව මට පෙනී යයි.අවාසනාවක මහත!මගේ ළඟ හිටපු එවුන් මටත් හොරෙන් මහජනයාගේ බඩට ගසා ඇත.මේ පිළිබඳව මේ මොහොතවන තුරු හාංකවිසියක් වත් මම දැනගෙන හිටියේ නැත.මගේ කැබිනට්එකේ හිටපු තක්කඩි ටික අද තා වෙන්නත් මට මේ ගැන කියා නැත.ඉතිං බලංඩ පිංවතුනි මුං හමගැහුවත් හිත්වදිනවයැ.
සං සුං වන්න පිංවතුනි....සංසුං වන්ඩ......
ඉතිං මේ නසරාණි කැබිනට් මණ්ඩලයේ පුකට පයින් ගසා පන්නා දමා අලුත්ම කිරි කිරි ටොයියා කැබිනට්ටුවක් පත්කර ගැනීමට මා ක්ෂණික තීරණයක් ගෙන ඇත.අනේ ඒත් මට නං දැම්ම ගෙදර යන්ඩ බැරිය.වැරදි කරපු එවුන් සොයාගැනීමට ත්‍රි පුද්ගල කමිටුවක්ද පත්කරනවා ඇත.එයින් වැරදිකරුවන් වන එවුන් තරාතිරම නොබලා හයිඩ්පාක් පිටටනියට ගෙනැත් හමගහන්නට කටයුතු කරගෙන යනු ලැබේ.
ඉතිං අනේ කිව්වම අහල සංසුං වෙන්න පිංවතුනි....
රටේ හැමපැත්තෙන්ම ඕසෙට සංවර්දන වැඩ කෙරීගෙන යයි.රට වටේ අපිට කෝචොක් කැර කැර යන නව් නවත්තාගැනීමට අළුත්ම අළුත් බ්රේක් වෝටර්ද ඉදිවෙමින් පවතී.රට උඩින් පියාසර කරන කපුටන්ට වහන්නටත් ගුවන් තොටුපොළවල් හැදෙයි.ජිවන බර රිණ ගණන් වලට පහත හෙළා ඇති අතර,ඒක පුද්ගල ආදායම හැට හුට හමාරට වැඩිකර ඇත.අළුත උපන් ළමයි ඇති අම්මලාට ටොන් හයහමාරක් බර පෝෂණ මල්ලක් බැගින්ද දී ඇත.
විදුලිය ලබාදෙන්නේ නිකම්ම වගේය.පෙට්ටල් හා ගෑස්ද ඊට නොදෙවනි මට්ටමට ලාබ වි ඇත.හාල්,එළවළු හා පොල් කොච්චර ලාබ දැයි කියතොත් ටියුනීසියාවට අපනයනය කිරීමට කටයුතු යොදා ඇත.
ඉතිං මේ අනුව බලන කල ජහමනයාට කුපිතවිමට කිසිම හේතුවක් නැත.දේශද්‍රෝහී බටහිරගැති,කුමන්ත්රණකාරී,විපස්සයේ පච ප්‍රචාර වලට නොරැවටී සාමකාමීව සිටින ලෙස රට වැසියාට ආයාචනය කර සිටියි.
ජහමනයාට හෙණගැහුවත් මට නං රජ සැප හැරදමා ගෙදර යා නොහැකි බව දැනුම් දෙමි.
ඉතිං දැං වත් සංසුං වෙයල්ල යකුනේ.තොපි කෑගැහුවට මගෙ බල්ලවත් මෙතනින් නෝ හෙල්ලුං....පොල් මැල්ලුං.....ඔබ සැමට සුබ අනාගතයක්.හැපි නිව් ඉයර්.අච්චා මංගලක්කු සාප්පුඩම්.
මෙයට
විශ්වාසී
හොස්නි මුබාරක්(ඊජිප්තු මහාරාජ ධුරන්ධර)
හුරේ.... පිස්සා තුමාට ජය වේවා.....
ReplyDeleteඅප්පුච්චේ... ඊජිප්තුවෙත් වෙන ජාති?
ReplyDeleteනියමයි...!!!
ReplyDeleteNiyamai
ReplyDeleteඑළ . ඊජිප්තුව කියන තැනට හිස්තැනක් දාපන් . කැමති රටක නමක් දාල පුරවා ගන්න :O.
ReplyDeleteමහරජගෙ හෙලුව...!!!
ReplyDeleteMaxxaaa...
ReplyDelete