ආයිබෝවන් අද සිට අපි අයිටීඇන් හුලං බෝක්කුවෙන් නව ආරක වෛද්‍ය සාකච්චාවක් ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.මෙයින් සාකච්චා කරන්නේ දැනට අපේ පීතෘ භූමියේ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති* පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා හෙවත් ප්‍රොස්ටේට් කැන්සර් පිළිබඳව හුදී ජනයා දැනුවත් කිරීමයි.අපේ සංවාදය ඇරඹිමට අපි මුළින්ම ආරාදනා කළා අපේ ජාතියේ ජීවක වෛද්‍ය චින්තාමණි හීලියම් වයිට් මහතාට.ඔබතුමා අපි හායි කියල පිළිගන්නව.
හායි..හායි...
වෛද්‍යතුමනි අපිට මුළින්ම පැහැදිළි කරන්න මොකක්ද මේ පුරස්ථ ග්‍රන්ථිය කියන්නෙ?
පුරස්ථ ග්‍රන්ථිය කියන්නේ අපේ පුරස්චාර්වක දත ළඟින් වම් අත පැත්තෙන් තියෙන ග්‍රන්ථිය.
ඉතාම පැහැදිළියි වෛද්‍ය තුමනි.දැං අපිට කියන්න මෙම ග්‍රන්ථියේ පිළිකා හැදෙන්නේ නැත්තේ කාටද කියල.
ඇත්තටම මම කියන්න කැමතියි උදේ හවස කුරහං බුදින ඝන කළු උඩුරැවුලක් සහිත වක්කඩෙන් අත සෝදා අමුඩයෙන් අත පිහදාගත් සංවේදී අයට කීයට වත් මේ නසරාණි ලෙඩේ නං හැදෙන්නෙ නැහැ.
දැං අපිට කියන්න මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පයිසෙකටවත් මායිම් කළ නොහැකි රෝග ලක්ෂණ මොනවාද?
මූත්‍රා අඩස්සිය,කෙළවරක් නැති චූ බර,චූ දැවිල්ලකොන්දේ කැක්කුම,කුකුල් කේන්තිය,සහ තවත් 18+ රෝග ලක්ෂණ අටෝරාසියක් තිබෙනවා.ඒත් මේ එකක්වත් කිසිසේත්ම පුරස්ථග්‍රන්ථියේ පිළිකාවක රෝග ලක්ෂණ නොවන බවට මට දහ අතේ සහතික විය හැකියි.
හොඳයි හිතාදර පේක්සක භවතුනි දැං ඉතිං හැමෝටම පැහැදිළි ඇති ප්‍රොස්ටේට් කැන්සර් එක කියා ලෙඩක් මේ ලෝකෙ තියා පරසක්වලේ වත් නැතිබව.ඉතිං එහෙම එකක් තිබුණත් වැදගත් උදවියට ඒවා හැදෙන්නේ නැති බව.තවදුරටත් පැහැදිළි කරනවානම් වැදගත් උදවියට එහෙම ලෙඩක් ආන්තරාවක් හැදුණත් ඒවට බෙහෙත් ගන්න බටහිර දේශද්‍රෝහී ඇල්ටීටී හිතවාදී පරසුද්දන‍්ගේ රටවල්වලට මංගච්චන්ඩ උවමනාවක් නැති විත්තිය.කෙළින්ම කියනවනං එහෙම එකකට රට ගියත් තමංගෙ පොකැට් එකෙං වියදං කරගෙන අතිං කයිට් නොවී ජහමණයාගෙ බදු මුදලින් ඒ ටික කොරගැනිමට ඇහැක්ක වෙලා තියෙන විත්තිය.
ඉතිං අපි අපේ කාලීන වෛද්‍ය සාකච්චාව මෙතනින් හමාර කරනවා.ආයිබෝවං වෛද්‍ය තුමා.අද පිටපත මහින්ද අබේසුන්දර.මා ඔබේ හිතවත් නිවේදක තුලාමන් සමබරගොඩ.
*රටේ වැදගත් උදවියගේ ප්‍රශ්න ජාතික ප්‍රශ්න බවට පත්වීම අතිශයින්ම ස්වාභාවික සංසිද්ධියකි(රජයේ බදු ඇතුළත් නොවන බව සලකන්න)
ප.ලි:-ප්‍රොස්ටේට් කැන්සර් ගැන සම්පූර්ණ අසත්‍ය තොරතුරු පහත සබැඳි හරහා හිතවත් පේක්සකයාට දැනගත හැකිය.
//රටේ වැදගත් උදවියගේ ප්‍රශ්න ජාතික ප්‍රශ්න බවට පත්වීම අතිශයින්ම ස්වාභාවික සංසිද්ධියකි(රජයේ බදු ඇතුළත් නොවන බව සලකන්න)//
ReplyDeleteඔබාමාගෙ දුව තරයි කියලා දාපු තරබාරු අඩුකරන ප්‍රතිපත්ති වලට නම් අපේ බදු සල්ලි වියදමට ගත්තා!!!
කතන්දර, කෙළින්ම මගේ බදු සල්ලි වලින් තමා ඔබාමාගේ පඩිත් ඔබාමා පවුලට බෙහෙත් ටිකත් දෙන්නෙ. සාමාන්‍ය ජනතාවට වරම් නැති කොන්ග්‍රස් හා සෙනෙට් සභිකයෝට පමණක් වරම් ඇති ඉතා ඉහළ මට්ටමේ සෞඛ්‍ය රක්ෂණයක් පවතින්නේ මගේ බදු වලින්. ඉතින් ඒ වෙනුවට මගේ බදු වලින් ම මට දෙන්න යන්නෙ එංගලන්තෙ හා කැනඩාවේ වගේ පෝලිම් වල ලගින්න එකක්. ලෙඩ නැති හින්දා හොඳයි දැනට. තව වයසට ගියාම මගෙ බැල්ලි ගිය ගමනම තමා යන්න වෙන්නෙ මටත්!!
ReplyDelete@arunishapiro
ReplyDeleteආ..නේ!! ඇමරිකාව එහේමද අක්කේ?
පිට රට කිව්වාම ඔන දෙයක් දෙන කොයි බැල්ලිටත් එකම දේ තමා වෙන්නේ :D
@Sath
ReplyDeleteමචන් කතාව සම්පුර්ණ ඇත්ත. මුන්ට සුදු එකක් දැක්කහම පැනයල ගන්නේ. ලංකාවේ එකෙක් දැක්කම නොදැක්ක වගේ අහක බලන් යන්නේ. පට්ට බැල්ලියෝ.
පව්... හිත හොඳ බල්ලෙක්...
ReplyDeleteදුකට උඩුබුරන්නෙ....
Aruni
ReplyDeletewhy are you trying to be so elitist?
Obama is doing a great job under trying circumstances.
If we turn USA over to Tea Party fanatics or that stupid c.... called Sarah Palin it would become a 3rd world country in no time.
read Paul Krugman and numerous economists who support economic policies of the present Govt.
Even Dinesh de Souza called Obama a Patriot.
Why do you cling to out of this world arguments presented by likes of Anne Coulter