අපේ ගමේ කුප්‍රසිද්ද චණ්ඩියාවූ බූරු චුට්ටෙ අල්ලන්නට පසුගියදා පොලිසියෙන් ආවේය.කවුන්ට්ලස් ප්‍රමාණයක් නොසන්ඩාලකම් කර තිබුණද මේ දක්වා ඌට එරෙහිව ගමේ එකෙක් පඩයක්වත් ඇරියේ නැත.එහෙම තිබියදී උගේ ගෑණි පොලිසීයේ පැමිණිල්ලක් දමා ආවේ මේ නසරාණියා දිනපතාම දෙකක් දමාගෙන ඇවිත් යුෂ්මතියට පස්පඩංගුවේ පහරදෙන බව කියමිනි.
සති දෙකකට පසු පොලීසිය බූරු චුට්ටෙ සොයාගෙන ආවේ ඉහත පැමිණිල්ල ගැන කටඋත්තරයක් ගන්නටය.ඒ එනවිට කුස්සිය ඇතුළේ බූරු චුට්ටෙ හා යුෂ්මතිය නොකෑ පපඩම් හා තෙල්හිඳියා කොමිසමක් පිහිටවාගෙන සාක්කි දෙමින් සිටියෝය.බූරු චුට්ටෙ අත්අඩංගුවට ගැනීමට යුෂ්මතිය බලවත් විරෝදය පළකළ අතර දැං බූරු චුට්ටේ පාඩං ඉගෙනගෙන ඇති බවත් අවශ්‍යම නම් පොලිසියටද කොමිසම හමුවේ සාක්කි දිය හැකි බවත් ප්‍රකාශ කළාය.
ඉන්පසු බූරු චුට්ටෙ සබාපති පුටුවට පැමිණි අතර ගමේ සිදුවූ නොසංඩාලකම් වලට තමා කිසිසේත්ම සම්බන්ද නැති බව තරයේ ප්‍රකාශකළේය.
ඉන්පසුව පැමිණියේ පොලීසියේ වාරයයි.පැමිණි පොලිස් කණ්ඩායම් තුනම ප්‍රකාශකළේ තමන්ට මේ සිද්දිය පිළිබඳ මෙලෝ බෝලයක් තේරෙන්නේ නැති බවත් යුෂ්මතිය පොලිසියට පැමිණිලි නොකළේ නම් මේ මළ හුණ්ඩුවට කිසිසේත්ම අත නොදමන බවත්ය.
ඒ අනුව පොලිස් කණ්ඩායම් තුනම වැරදිකරුවන් බව බූරු චුට්ටේ විසින් ප්‍රකාශකරන ලද අතර ‘813 රී’ වගන්තියෙන් තමාට පැවරී ඇති බලතල අනුව එම තීන්දුව අනුමත කරන බවත් එය වෙනස් කිරීමට අවශ්‍ය නම් පෞද්ගලිකව පැමිණ ඉල්ලීමක් කළ හැකි බවත් යුෂ්මතිය ප්‍රකාශ කළාය.
අනතුරව පොලිස් කණ්ඩායම් තුනම තම තමන්ගේ බැටන් පොලු වලින් තම තමන්ගේ පුකවල් වලටම තලාගෙන නිල්පාට බන්දනාගාර බස්එකක නැගී හිරේ ගියෝය.
ප.ලි:-හැපි නිව් ඉයර් හේතුවෙන් ක්ලයිමැක්ස් එකේ ඉන්නා ෂ්‍රී ළාණ්ඛිඛයන්හට අද දිනරාත්‍රී අයි.ටී.ඇන්. එකේ අතින් කයිට්ස් බලා හෙට උදේම නැගිට හැට පහේ පොල් ගා කිරිබත් පිස චූන් එක බෙදාගන්නා ලෙස පිස්සා යෝජනා කරයි.
Last bit is the best
ReplyDeleteWish you Happy New Year with Kiribath made with hetapahe pol.
May Mervin bless you
පික්සු කොර වෙනවා ඕයි මේ ඉට්ටැයිල් එකේ ලිපි කියෝනකොට . . හික් හික් හික්
ReplyDelete