Friday, June 25, 2010

හාල්පාං කාපාං

''කොච්චර උණත් රට ජාතිය ගැන කැක්කුමක් තියන හිත හොඳ ගෑණි''

සීයා ග්‍රෑම් 350ක පාන් රාත්තලකුත් ගෙන ගෙට ගොඩවිය.

''කවුද සීයෙ?''මම මීටරය කරකැව්වෙමි.

''කවුරු උණාම තොට මොකද?අපේ දේශීයත්වය ආරස්සා කොරන්න එන මේ වගේ බබලත් ඇත්තියන්ව වාසනා කොරන්ඩ ඕන.''

සීයා තාම දුවන්නේ මද්යම තරංග මීටර් වල බව මට අවබෝද විය.

සීයා ඇප් ඇම් චැනල් දුවන හයි ප්‍රීකුවන්සියකට හෙමිහිට මාරුකරගෙන පුල් ඉස්ටෝරිය අසාගතයුතුය.නැත්නම් සීයා ඉස්ටෝරිය මුළුමණින්ම කොයිල් කරන අතර මගේ පිස්සු ට්‍රිබල් වීමටද ඉඩ ඇත.

''ඉතිං ඉතිං සීයෙ මොකද්ද උණ සන්තෑසිය"
''බොලං කොලුවො මං පාං රත්තලක් ගන්න ජෝං බාස්ගෙ බේකරියට ගියා නොවැ.එතන මළ ජූලියයි.පාං පිටි මිළ ගිහිංලු.ජෝං බාස් පාං මිළ නග්ගල.කස්ටිය සැට්වෙලා ජෝං බාස්ට නෙළනව බොලං.මං යන්තං හැරමිටියෙං ඇනල උන්දැව බේරගත්ත.නැත්තං උන්දැත් අද මාළුපාං මික්ස්චර් එකටම දාන්න වෙන්නෙ.පස්සෙ හිමිං සැරේ ආරංචි කොරල බැලුවම කතාව ඇත්ත.දීර්ග කාලයක් පරියේසන කොරලලු ඔය තිරණේ ඇරං තියෙන්නෙ.අරකි කියල තියනවලු දේසීය වී ගොයියා නගා සිටුවන්න නං පාං මිල තව තව නග්ගන්ඩ ඕන කියල.පාං පිටි වලිං හදපු අරව මෙව්ව කෑවම රටේ මිනිස්සුංට දහ මර දෝසයම හැදෙනවලු.දියවැඩියාව,පොරෙසර්,කොලොස්ටොල් .....රටේ නැති ලෙඩලු.හාල් වලිං පාං හදන සිස්ටම් එක ඒකි දන්නවලු.හාල් පාං ලාබෙට දෙන්නං කියලත් කිව්වලු."

''කවුද සීයෙ ඔය ගෑණි හැබෑටම?"

''හිටහං බලන්න මටත් හරියට මීටර් නැහැ බොලං,අර මූණ තැලිච්ච පූසෙකුගෙ මාක් එකක් ගහගෙන වෙළඳං කරන එකී බං''

''ඒ කවුද සීයෙ?"

''හරි හරි හිටහං මං කියන්න ......ආරියසීලි වික්කරමනායක...."

"කාගෙ කවුද සීයෙ ඒ?"

''කවුද බං දන්නෙ?රත්නසිරි වික්කරමනායක ගොයියගෙ හාමිනේ වෙන්ඩැ....''

''ඉතිං ඔය හාල් පාං කඩවල තියනවැයි?''

''ඔහේ නෑ බං."

''ඉතිං ඒව එනකං මිනිස්සු මොනා කොරන්නද සීයෙ?''

''යකෝ තොපි වගේ නොසංඩාල හැත්ත ඉන්නකං අපේ දේසීයත්වෙ දියුණු කොරංඩ වෙන්නෙ නෑ.ඇයි යකෝ වී වගා කොරපියකො.වී කොටාපියකො.හාල් ඇරං පිටි කොටාපියකො.හැම දෙයක්ම ඔක්කට වැටෙනකං ඉන්නෙ නැතුව."

''ඔය යම යුද්දෙ කොරනකොට හාල් පාං කනකොට බැරියැ.මිනිස්සු මැරිල යයි නෙවැ සීයෙ කංඩ නැතුව?''

''බොල ඔටුවො අපි ඉන්නෙ අලුත් සිලි ලංකාවක බව තොට අමතකඋණාද?සිම්පල් කේස් එකයි කොරන්න තියෙන්නෙ.පාර්ලිමේන්තුවට අළුත් පනතක් ගේනව හුදීජනයා පාං නොකෑමෙන් සුවර්ගස්තවීම රජයට කොරනලද සාපරාදී අපහාසයක් හැටියට.කොටින්ම කියනවනං පාං නොකා වලකජ්ජ ගැසීම සපුරා තහනම් කොරනව.එහෙම මළ එවුන්ට මිනී පෙට්ටි විකිණීම තහනං කොරනව.උන් වළ දැමීමත් පාංසුකූලෙ දීමත් තහනං කොරනව.ටොයිස් වැඩක්නෙ බං."

6 comments:

  1. "පාන් නැත්නම් කේක් කාපල්ලා" කීවාලුනෙ......:D....

    ReplyDelete
  2. පාං නැත්තන් කාර් කාපල්ලා

    ReplyDelete
  3. අපි නම් දැන් කන්නේ "....කාපාන්"

    ReplyDelete
  4. ඉස්සර පාන් පෝලිම් තිබ්බේ .. දැන් තියෙන්නේ කාර් පෝලිම්.. කාටද ආඩම්බර

    ReplyDelete
  5. බිපෙසි :P
    එල කතාව
    හැබැයි ඉතින් ඔය වගේ හොර තක්කඩි අමනයන්ට විහිලුවටවත් ගෑනි කියන්න එපා - ඒක ගෑනුන්ට කරන අපහාසයක්

    ReplyDelete
  6. හුරුල්ලාJune 26, 2010 at 11:51 PM

    එළළළළළළළළළළළළ.

    ReplyDelete