දෙබරයකට ගල් ගැසීමේ ක්‍රම දෙකක් තිබේ.පළමුවැන්න නම් කාටවත් නොකියා හොරෙන්ම ගොස් දෙබරයට ගල් ගැසීමයි.දෙවැන්න නම් දෙබරයට ගල් ගසන්නට තමන් යන බව ප්රසිද්ධකර ඊට විරුද්ධ වන උදවියගේ බලවත් විරෝධය මැද විරෝධතාකරුවන් පිරිවරාගෙන ගොස් දෙබරයට ගල් ගැසීමයි.මෙයින් පළමු ක්රමයේ කිසිම ආතල් එකක් නැත.දෙවැනි ක්‍රමය ෆුල් ආතල්ය.දෙවැනි ක්‍රමයේදී ඇවිස්සෙන දෙබරුන් ආතක් පාතක් නොබලා විරෝධතාකරුවන්ටද අනියි.විරෝධතාකරුවන් දුවන්නේ මර විලාප නඟමින් ඇඟේ රෙදිත් නැතිවය.එවිට විරෝධතාකරුවන්ගේ නිරුවත නිකම්ම හෙළිවේ.
පසුගිය ආන්දෝලනාත්මක ලිපි දෙක ලිවීම නිසා බෝහෝ පුද්ගලයන්ට බුද්ධාගම බඩඑළිය යාමට පටන්ගෙන තිබේ.සමහරුන්ට පින් පවු මතක්වී තිබේ.පිස්සා පණපිටින් අපායට දක්කන්නටද පිස්සාගේ දත් කුට්ටම හලන්නටද වොලන්ටියර්ස්ලා හිටු කියා බිහිවෙමින් පවතී.සමහරු ස්වයංවින්දනය කරන්නටද පටන්ගෙන ඇත.පිස්සා උපතින් බෞද්ධයකු බවට හඳුනාගෙන ඇති පිංවතෙක්ද සිටියි.ලංකාවේ උප්පැන්න සහතික වල ජාතිය මිස ආගම සටහන් නොවන බව මේ පිංවතා නොදනියි.
මේ එළිදරව් වන්නේ බහුතර බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාව නමැති ගොබ්බයන්ගේ නිරුවතයි.කස්ටිය සෙට්වී පවුකාරයාට ගල් ගසනවිට තමනුත් ගලක් ගසා හුරේ දැමීමද,සද්දය දමා ලොකු කටකින් කියන ඕනෑම දෙයක් අගමුල නොසොයා ඇත්ත යයි පිළිගැනීමද මේ ගොබ්බ සේනාවේ ප්රතිපත්තියයි.ලංකාවට හෙණ ගැසී ඇත්තේද ඉදිරියටත් හෙණ ගහන්නේද මෙවැනි ගොබ්බයන් නිසාය.
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500 ක් ගිය තැන පටන් බුද්ධාගමෙහි පිරිහීම ඇරඹෙන බවත්,එය විවිධ ස්වරූපයන්ගෙන් ජනතාව මුළා කරවමින් නොමඟ යවන බවත්,අවසානසේ භික්ෂුව යනුවෙන් පෙනී සිටින්නේ කහ පැහැ නූලක් අත පැළඳගත් පෘතග්ජනයින් බවත් බුදුන් වහන්සේ විසින්ම දෙසා වදාළ බව පිස්සා ශ්‍රවණය කර ඇත.
මේ විනාශය දැනට බොහෝ කලකට පෙර සිට ඇරඹී ඇති බව පිස්සා දනියි.බුද්ධාගම යනු හුදෙක් නිවන්යාම හෝ අපාගතවීම යන දෙක පමණක්ම නොවන බව මහජනයාට අවබෝධ කරවන්නට වර්තමානයේ බොහෝ චීවරධාරීන් අසමත්ය.ඒ වෙනුවට දැන් ඔවුන් කරනුයේ බුද්ධාගමේ නාමයෙන් මැජික් පෙන්වීමයි.මුග්ධ මහජනයා මැජික් සරණ යැවීමයි.
ලංකාවේ සිංහල බෞද්ධකම ඇඟට ගෙන උඩපනින බහුතර ජනයා බුද්ධිමය අතින් අන්ධය.''ඔන්න කණෝ පිනුම්''කියා කණාට පිනුම් පෙන්වූ ආකාරයටම මේ බෞද්ධයින්ට මැජික් පෙන්විය හැකිය.මේ අමනයින් තමා ප්‍රෝඩාවකට අසුවී ඇති බව දැනදැනත් අන් අයගේ උපහාසයන්ට ලක් වේ යයි බියෙන් සත්‍යය ගිල දමා සාදුකාර දෙති.
මෙසේ බුද්ධාගමේ නාමයෙන් චීවරධාරී ස්වරූපයෙන් හෝ ප්රාතිහාර්ය වල ස්වරූපයෙන් බුද්ධ ධර්මය විකෘති කිරීමට උත්සාහ ගත් අවස්ථා හා උත්සාහ ගන්නා අවස්ථා වහෙන් ඔරෝ භාෂාවෙන් නොව කෙලින්ම දැක්වීමට පිස්සා සූදානම්ය.එයින් සිදුවන්නේ මෙම ලිපිය කියවා අවසානයේ පිස්සා අපාගත වේවායි ප්‍රාර්ථනා කර පහන් සිතින් පන්සිල් ගෙන නිදිවදින බුද්ධිමතුන් සංඛ්‍යාව වැඩිවීම බව පිස්සා නොදන්නවා නොවේ.එහෙත් පිස්සා අපාගත වෙන්නට භය නැත.යකාට බය නම් විමානයේ ගෙවල් හදන්නේ නැත.
මෙන්න උදාහරණ කිහිපයක්;
01.දොළුකන්දේ හාමුදුරුවෝ(බුදුගුණ අනන්තයි කියමින් මහජනයාගේ කණකර ගසාකෑ පල් හොරා)-මොහු දැන් ඉන්නා තැන සිංහල බෞද්ධයන් දන්නවාද?
02.අලවතුරේ විජිතවංශ(කවි බණ කැසට්කර විකුණන හොර දෙටුවා)
03.එල්ලාවල මේධානන්ද ප්රමුඛ චීවරධාරී හොර නඩය-සෝම හිමියන්ගේ මරණය වෙනුවෙන් ස්වාධීන කොමිසමක් ඉල්ලමින් දේශපාලනයට පැමිණි මොවුන් දැන් ඉන්නේ කොහේද?කරන්නේ කුමක්ද?
04.රුවන්වැල්ලේ වෙද හාමුදුරුවෝ හෙවත් ඒ.සොභිත හෙවත් අංකොක්කාවේ සෝභිත-වශීගුරුකම්,ධනලාභ,මගුල් තුලා ගැන දිනපතා ස්වර්ණවාහිනියේ ඊසි ටීවී පටියේත් පත්තර පිටු පිරෙන්නත් ඇඩ් දමන මේ පින්වත් ස්වාමීන්වහන්සේ ගැන සිංහල බෞද්ධයන් දන්නවාද?මේ උන්නාන්සෙ බුද්ධාගමේද?
05.කිරිබත්ගොඩ ඥානානන්ද-මහජනයා තවමත් ලණුව ගිලිමින් සිටින නිසා වැඩි විස්තර නොලියමි.
06.රිචඩ් අභ්‍යාස පොත් අනුග්‍රහයෙන් කැමරවට බණ කියන බණ්ඩාරවෙල අමිතානන්ද-මහජනයා තවමත් ලණුව ගිලිමින් සිටින නිසා වැඩි විස්තර නොලියමි.
මේවා උදාහරණ වශයෙන් ගත් සිදුවීම් කිහිපයක් පමණි.තවත් බොහෝ සිදුවීම් ඇත.ඉදිරියටත් මෙවැනි අය බිහිවනු ඇත.ඉදිරියටත් මහජනයා මේ තක්කඩින්ට රැවටෙනු ඇත.තිත්ත ඇත්ත එයයි.
ඉතින් සිංහල බෞද්ධයනි ඉදිරියට වරෙවු පවුකාරයාට ගල් ගසන්නට!
Wesige putho, thoge amma thawama jeewath wela innawada..?
ReplyDeleteසිංහල තලිබාන් ලා ගැන පිස්සා ළමයා දන්නේ නැහැ වගේ?
ReplyDeleteඔබ කුමන ආගමකදැයි මා දන්නේ නැත..
ReplyDeleteඑය මට වැදගත්ද නොවෙ..
නමුත් ඔබ මෙම ලිපියේ(අන් ලිපි ගැන මා දන්නේ නැත)දක්වා ඇති කරුණු පිළිගත හැක.
මෙම විවෙචන මැදහත් සිතින් දරාගත යුතු බව මාගේ හැගීමයි.
ඔබද ඉදිරියට මෙම අංශය පිළිබඳව ලිවීමෙදී මැදහත්වම ලිවිය යුතු බව මා සිතමි.
මන්ද බොහෝ විට මෙවන් මාතෘකාවක් ඔස්සේ කතා කරන්නට යන අය නොදැනුවත්වම එක් අංශයකට බරවීමට ඇති ප්රවණතාවයයි.
එය සිදුවන්නේ තමා ඉදිරිපත් කල කරුණ ඔප්පු කරන්නට යාමෙදී වන දැඩි උත්සහයයි.
කෙසේ වෙතත් ඔබගේ අරමුණ දෙයක් නිවැරදි කිරීමටනම් ඒ සඳහා මාගේද ස්තූතිය හිමිවන අතර..
ඔඛෙ අරමුණ බුදුදහමට අපහාස කිරීම හෝ..බ්ලොගයේ හිට්ස් වැඩිකර ගැනීම වැනි දෙයක් නම්..ඒ පිළිබඳව කිසිත් නොකියමි..
කල හැකි එකම දේ මෙම බ්ලොගය වර්ජනය කර සිටීම පමණි.
ඉතින් දැනට මා බලා සිටිමි.
මාරයා දෙයාකාරය
Deleteපළමුව සත්ව පුද්ගල සංකල්පයක් (බුදුදහමෙහි එන වසවර්ති දිවියතලයෙහි වෙසෙන මාර දෙවි පුත්ය. ඒ මෙම බුද්ධ කල්ප යට ඉහත කකුසඳ නම් බුදුන් සමයෙහි සිටි මාරයා දුසී නම් විය. ඒ දුසී මාරයාගේ ඤාාතියෙක් සිටියා "කාළී" කියලා ඇය ේ පුතා තමයි දැන් සිටින වසවත් මාරයා එදා දුසී නම් මාරයා අද බුදුසසුනෙහි මුගලන් මහ තෙරවරුන්
ඉතින් ඒ මාරයා දිනක මාරයාට මගොදුරුව යන බවත් මරැත් මරන සැබෑම මරයා කවුරුන්ද ?
මාරයා දෙයාකාරය
Deleteපළමුව සත්ව පුද්ගල සංකල්පයක් (බුදුදහමෙහි එන වසවර්ති දිවියතලයෙහි වෙසෙන මාර දෙවි පුත්ය. ඒ මෙම බුද්ධ කල්ප යට ඉහත කකුසඳ නම් බුදුන් සමයෙහි සිටි මාරයා දුසී නම් විය. ඒ දුසී මාරයාගේ ඤාාතියෙක් සිටියා "කාළී" කියලා ඇය ේ පුතා තමයි දැන් සිටින වසවත් මාරයා එදා දුසී නම් මාරයා අද බුදුසසුනෙහි මුගලන් මහ තෙරවරුන්
ඉතින් ඒ මාරයා දිනක මාරයාට මගොදුරුව යන බවත් මරැත් මරන සැබෑම මරයා කවුරුන්ද ?
යමන් බන්ඩො වෙසක් බලන්න කිව්වලු ..
ReplyDeleteනියමයි කොලුවො දීපන් පොරි හැලෙන්න.. හොර නඩයට..
බුද්ධායම කන කාළකන්නි... මුන් ගැන අන්‍ය ආගම්වල එවුන් අහනකොට දෙන්න උත්තර නෑ...
කට්ටියටම අමතක වෙච්ච කාරනයක් ගැන මමත් පෝස්ට් එකක් දාන්නයි ඉන්නෙ....
කතාව නම් ඇත්ත තමයි.
ReplyDeleteඒත් මේ උන්නාන්සේලාට දොසක් කියන්න ඕනි නෑ නොව. බොලෑම තේරුම් අරන් තියෙන විදියට මේ රටේ එව්වන්ගෙ ගොබ්බකම නොව හේතුව. ගොඩක් එවුන් විහින් ගොබ්බයෝ වෙලා ඉන්නෙ මහ එව්වන්ගෙ අංගිලල. ගංජ ගැහැව්ව වගේ පට්ට ආතල් එකක් ඒකෙන් ගන්නව. ඒ ආතල් එක දිගටම රඳවගන්න උදව් කරන උන් බුදු වෙන්න ඕනි නොව.
ඔබ ලියු අනිත් වැදගත්කමක් ලිපි වලට වැඩිය මේ ලිපිය හොදයි ඔබ කියන්න යන අදහස පැහැදිලියි නමුත් ඒවා පෙන්වා දෙන විට සාක්ෂි ඇතිව සමාජයට ඉදිරිපත් කරන්න සිවුරැ හැද සිටින හැමදෙනාම බුද්ධ පුත්‍රයන් නොවන බව අපි දනිමු නමුත් සමාජය එය එකර පිළිනොගනී
ReplyDeleteමෙම ලිපියේ ඇති කරුණු ඇත්ත ලෙස පිළිගත හැකිය. මාරයා කියා ඇති ලෙස මැදහත්ව ඉදිරියට යන්න.
ReplyDeleteඔන්න ඔන්න පිස්සෝ බඩු ටික එලියට දාන්න වෙලාවත, අලවතුරේ විජිවංශ කියලා කැසට් වික්ක උන්නාන්සේ දැං සිවුරැ එහෙම ඇරලා, ආරංචිද? කලින් ගැසට් ගහපු තැනටත් පොල්ලක් දාලා වෙන නිෂ්පාදකයෙක් හොයං ගිහින් කියලයි ආරංචිය. (අධිරාජ්‍යවාදී අන්‍යාගමික බලවේගයක් ක්‍රියාත්මක වූවාදැයි නොදනිමි). බුද්ධාගම රැකගන්න නම් ඉස්සවෙලාව කරන්න ඕන මේ හොර නඩය සහ ඔවුන්ගේ හොර අනුගාමිකයින් පහර ගැසීමය. එය ආරම්භ කළ යුත්තේද පිස්සෙකි. මන්ද යථා සිහියෙන් එසෙ කරන්නට ගියහොත් අනිත් වුන් "මූ පිස්සෙක්" යයි කියන්නට ඉඩ ඇත.
ReplyDeleteගොඩක් අයට රිදෙයි... ඒ ඔවුන්ගේ සාක්කුවලට පාඩු වන නිසාය.
පුළුවන්නම් පිස්සාගේ උදාහරණ ටික වැරදියි කියලා පෙන්වන්න.
Dan ithin Ube blog eka ubema comments walin Umbama aragena palayan,
ReplyDeleteThe End
You have made an in depth & correct analyzation of the plight of the sinhala buddhism today & the reasons that caused it to fall into the abyss.
ReplyDeleteit's certainly differs from Lord Buddha's buddhism as chalk from cheese.
Well, obviously what we have today is actually a profit making business masquerading as buddhism promoted by a motley & unholy alliance of rogues & theives.
P.S. / yakata bayanam vimanaye geval hadanne neta /
It should be " yakata bayanam sohone geval hadanne neta "
The need of the hour is more like you to come out & say it loud & clear.
My best wishes for having the courage to call a spade a spade.
තමන්ගේ මතවාදය තාර්කිකව, ශිෂ්ට සම්පන්න ලෙස ගෙනහැර පෑමේ කිසිදු වැරැද්දක් නැත. බුද්ධාගමට වින කරන්නවුන් පෙන්වා දීම හොඳය. නමුත්, පුද්ගල නාම, ගාථා පාඨ විකෘති කොට දක්වමින් 'ආතල්' එකක් ගන්නට උත්සාහ දැරීම හිරිකිතය. එය ස්වයං වින්දනයක් ලබා ගැනීම මිස අන් කිසිවක් නොවේ. ඔබ, ඔබේ කළින් ලිපි දෙකේ කර තිබුනේ එයයි.
ReplyDelete"මේ එළිදරව් වන්නේ බහුතර බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාව නමැති ගොබ්බයන්ගේ නිරුවතයි."
පෙර ලිපි දෙක මගින් ඔබ අන් අයගේ නිරුවත හෙළිකලේ ඔබද නිරුවත් වෙමිනි. කොටින්ම කියතොත්, මම කතාකරන්නේ ඔබේ මතවාදය ගැන නොවේ. එය (කලින්) ඉදිරිපත් කර තිබූ පහත් ආකාරය ගැනයි.
සහෝදරය,
ReplyDeleteඅලවතුරේ'ත් අර ඒ දවස්වල (කපුගේ, කල්දේර වගේ) සන්ෆ්ලවර් එක්ක කැසට් එකක් ගහන්න හිතිල වෙන්නැති, සිවුරෙන් ගිහින් කියල ආරංචියි තමා.
දොලුකන්දෙ උන්නාන්සෙත් දැන් එහේ නෑ, මොකද නිවන් මග කෙටි ඉක්මන් කරගන්න පහුරක් හදාගන්න ගස් කපනවට අන්‍යාගමික වන ජීවී එකෙන් ලෙඩේ දාල දැන් ආගිය අතක් නෑ. සමහර විට ඔය කොහෙ හරි රත්තරන් බඩු සාප්පුවක් දාන් ඉන්නව වෙන්න පුලුවන්, මොකද JVP එකටත් වඩා උන්නාන්සෙනෙ රත්තරං එකතුකරේ!
එල්ලාවල හාමුදුරුවො මං හිතන්නෙ බෙන්ස් එකේ ඉන්න බල්ලන්ට සාත්තු කරනව වෙන්ටැ. (හැබැයි චම්පික උපාසකගෙ ලණුව කන්න කලින් කරපු සේවය ගැන හිතල ඔන්න ඔහේ උන්නාන්සෙට ඉන්න ඇරහං මලයො ).
අනිත් ඉතින් ඔය රුවන්වැල්ලෙයි, පානදුරෙය් අරහෙ මෙහෙ ඉන්න ගණින්නාන්සෙල ටික නිලා වගේ ඉඳල නිවිල යන්නෙ නැතෑ අපේ තලේබාන්ල දෙතුන්දෙනෙකුත් පුච්චගෙනම.
අර අනික් දෙනම දෙසන දේ තීන අඩුපාඩුත් පුලුවන්නම් හිරිකිත නැති තාලෙන් පෙන්නල දීහන්, පස්සෙ හරි කට්ටියට තේරෙන්න කියල, ඇස් පෑදුන දාකට.
2.කවිබණ කැසට් කර විකිනීම,,ඉතින් ඕකෙ වරද මොකක්ද??විජිතවංශ බ්ලූ ෆිල්ම් එකක් ගහල විකුනුවෙ නෑ නෙව..අනික් එක එයා දැන් චීවරේ නෑ..එයා බිස්නස් එකක් කවිබණ වලින් කලාම මොකද??/ඔයා හිතන්න අද බුදුහාමුදුරුවො ජීවත් උනත් මාකටින් නැතිව ජීවත් වෙන්න බෑ..එදා සිටුවරු රජවරු ගැන බුදුදහම ගැන කියන පොත්වල ලොකුවට කියනව ඔබ දැකල ඇති..ආගමකට නොවෙයි මොන කෙහෙම්මලකට උනත් වානිජකරණය නොවී දේශපාලනීකරනය නොවී පැවැත්මක් නෑ...
ReplyDelete3.එල්ලාවල හාමුදුරුවො එදා කොටි ඉන්නව කියල බලන්නෙත් නැතිව අපේ රටේ පුරාවස්තු ගැන එලිපිට කතාකලා...දෙමල නිජබිම උතුර වෙන්න බෑ කියල පෙන්නන්න නොගත්ත උත්සාහයක් නෑ..අපේ ඉතිහාසෙ කතා වල තිබුනට අතීත සිංහල ජනාවාස උතුරෙ නැගෙනහිර තිබුන කියල අපි දන්නෙ උන්වහන්සෙ ඇතුලු පිරිස නිසා...එයා ඒ පලාත්වල තියෙන බෞතික සාදක නිසා අපි එල් ටී ටී එකේ බොරු වලට ප්‍රබල තර්ක හැදුව...අද දේශපාලනය කිරීම සහ උන්වහන්සේ පැජරෝ එකක යෑම කියන්නෙ පුරා විද්‍යා මහ පුස්තකාලයක් වාගෙ මනුස්සයගෙ අගය අඩුවෙන්න හේතුවක්ද???
4.වෙදකමවත් ගුරුම්කමවත් ස්වාමීන් වහන්සේට අකැප දේවල් නෙමෙ ඒත් ඔය හාමුදුරුවො වැරදියි..හරිදැන් ඔයා කිය්න්න අපි මොකක්ද එයාට කරන්න ඕනි...එයා ස්ත්‍රී දූශකයෙක් නම් නීතිය තියනව ඔප්පු කලොත් දඬුවම් කරන්න...මොන සංඝනායකයො හිටියත් කවුරුත් සෝවාන් වෙලා නෑ...
5.කිරිබත්ගොඩ හාමුදුරුවො ගොඩක් පාලි පොත් සිංහලට පරිවර්ථනය කරල ධර්මය මහජනයාට සමීප කලා,,,,,තව මේ කාලෙ ධර්මය වහකදුරු වාගෙ පෙනෙන තරුණ පරපුරේ විශාල පිරිසකට දහම් සිසිල දුන්න...ඉතින් අපි හිතමු ධර්ම දේශනාවකදි 2කදි උන්වහන්සේට වැරදුනා සෝමාවතිය අනාගත්ත ඉතින් ඒව නිසා ඔය හාමුදුරුවො දුසිල් කියන්න පුලුවනිද???අද සමහර මහ නායක කෙනෙක්ටවත් හදාගන්න බැරි මහ ස්‍රාවක පිරිසක් උන්වහන්සෙ වටෙ ඉන්නව... මේ ධර්මය මේ හැටියට හරි ඉදිරියට ගෙනියන්න පිරිසක් ඇතිකල උන්වහන්සෙ කරපු මහලොකු වරද මොකක්ද???
6.මිනිස්සු පිලිපදින්නෙ නැති උනාට රිචට් හරි මොකෙක් හරි අනුග්‍රහයෙන් ධර්මය මහජනයාට සමීප කිරීම වැරදි කම මොකක්ද??
1.දොලුකන්දට දඬුවම් ලැබී ඇත..ඒ තත්වයට සම කිරීමට පහල ඇත්තේ සෝබිත පමණි..
.බුදුදහම විනාස වන්නේ අවුරුදු 5000 කින් යැයි කියා මම අසා ඇත..ඔබට එය 2500 වූයේ කෙසේදැයි මා නොදනිමි...මට ඔබ ගැන ප්‍රස්නයක් නොමැත එහෙත් අසරණ කැපිගිය මාතෘකා (එහෙත් වැදගත් ) වෙනුවෙන් වචනයක් නොහලන සමහරු ඔබේ අතාර්කික ලිපියට වැඳ නමස්කාර කොට හොඳ කියා ඇත්තේ ලිපියේ කොතනට දැයි මා නොදකී තිබේ..මා වැදගත් යැයි සලකන එක ලිපියකි ටැබූගේ සමරිසි කතාන්තර...
ටැබූ එම ලිපියෙන් තම අංක හැලෙන බව දැන දැන එම ලිපිය පලකොට තිබේ...එහෙත් ඔබ වැන්නෝ අංක වෙනුවෙන් සතුන් සමඟ වුව නිදාගන්නේ යැයි කෙනෙක් කීවොත් මම ඔහුට දොස් නොකියමි....
මෙන්න කණෝ පිණුම්...!
ReplyDeleteMr. Pissa, We are ready to drive out sinner. But here you didn;t mention about Galigamuwe Ganadeepa. So i know you have close relationship with him or you are the son of Devadatha's. So lets start the lapidation from your team.
ReplyDeleteLets start it..
එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර... හිතේ වෛරය පුරෝගෙන මඩ ගහනවට වඩා... තමන් ධර්මය දන්නව නම් කියලා දෙන එක වටිනව නේද? මං හිතන්නේ ඒක මේ හැම කෙනෙක්ටම වටීවි. හැබැයි මේ ඊනියා බෞද්ධයෝ එක්කෙනෙක්වත් ඒවට කමෙන්ට්ස් දැමිල්ල තියා ඒවා කියවනනෙවත් නැති බව මට නම් ෂුවර්.
ReplyDelete