ලංකාවේ ජහමනයා හට හැඳුණුම්පතක් හෙවත් අයිඩින්ටියක් හදාගැනීමට කරදර අටෝරාසියකට මුහුණදීමට සිදුවේ.පොටෝ ගතයුතුය.ඇප්ලිකේසම පිරවියයුතුය.ග්රාමසේවක ගොයියා ළඟට අඩුගණනේ සීනි තේකොළ ටිකක් වත් ගෙන යායුතුය.ඒ ටික බාරදුන් පසු අයිඩින්ටිය කවදා ලැබේදැයි හිතාගැනීමට නොහැකිව ඩිප ගසා සිටිය යුතුය.
ඉතිං මේ දහමර යුද්දය දැක අපේ පාලක පැලැන්තියේ හුර්දය වස්තු ඉටිපන්දම් කිරි මෙන් උණුවී දියාරු වී වැක්කෙරෙන්නට පටන්ගෙන තිබේ.සමහරු හොටු හූර හූරා අඬන බවද තවත් සමහරු මෙච්චර හරියක් ජහමනයාට වෙලා තියෙද්දිත් ආත්මාර්තකාමී ලෙස තමන්ගෙන් ආතල් ගැනීමට පැමිණෙන ප්රිය බිරින්දෑවරුන්ට බූ හනස්සෙන් තලා ඇති බවටත් උලංකා පුවත්සේවය පවසයි.
මේ ගැන වහාම ක්රියාත්මකවු මහරජතුමා ඉටිකිරස් විසඳුම් මාලාවක් ලබාදී මින් මතුවට ජහමනයා මෙවන් අපහසුතාවයන්ට පත් නොකරන ලෙස ඉතාම තදින්(කොච්චර තදේට දැණුනා දැයි ලැබුණ එකා කියා නැත) නියෝග කර ඇත.
ඒ අනුව චූ බර වූ අදාල නිලදාරින් අති විසිස්ට විසඳුමක් ලබාදී තිබේ.එනම් ඇස් ඇම් ඇස් එකක් ගසා අයිඩෙන්ටිය ලැබෙන දිනය ජහමනයාට දැනගන්නට සැලැස්වීමයි.
මෙහි සවිස්තරාත්මක කිරියා පටිපාටිය මෙසේය.
මුලින්ම පොටෝ කෑලි තුනක් ගතයුතුය.මේවා පාට එව්වාගෙන් ගන්නද කළුසුදු එව්වාගෙන් ගන්නද, වටේ දිග පළල, මුණ හැරවිය යුතු ඈංගල් එක ආදී සියළු විස්තර ග්රාමසේවක ගොයියාගෙන් අසා ඉතාම පහසුවෙන් දැනගත හැකිය.
ඉන්පසු අදාළ ඇප්ලිකේසම රාජ්ය භාෂාවෙන් පුරවා පොටෝ කෑලි සමඟ ග්රාමසේවක තුමාට බාරදිය යුතුය.
සීනි තේ කොළ,කිරි හට්ටි,අරක්කු බෝතලයක් දෙකක්,රුපියල් දාහක් හමාරක් මේ සමඟ බාරදීම ජහමනයාට ඉතාම පහසුය.
දැං ඉතිං හූල්ල හූල්ලා ගෙදෙට්ට වී නොඉඳ ඇස් ඇම් ඇස් එක ගැසිය යුතුය.
එය ගසන්නේ මෙසේය.
rpd <හිස්තැනක්> sts <හිස්තැනක්> ඉල්ලුම්පත් අංකය සටහන් කර 1919 ට ඇස් ඇම් ඇස් කොරන්න.
ඒස්වාඃ පුඃ
මාරයි නේද?
ඔන්න දැං අයිඩෙන්ටිය ලැබෙන දිනය අතටම ලැබී ඇත.දැං ඉතිං තවත් නිදිමරාගෙන මොළේ කරගැට එනකල් කල්පනා නොකර නිදිවැදිය යුතුය.
මේ ක්රමයට ඇස් ඇම් ඇස් ගැසූ අපේ ගමේ සිරිපාලයාට ලැබුණේ මෙවැනි උත්තරයකි.
Your National Identity Card will be ready at 21:34:56 on 01 April 2097
පල්ලෙහා කඩේ ගෝසියා ගැසු ඇස් ඇම් ඇස් එකට ආවේ මෙවැනි උත්තරයකි.
We have not yet Received your application.So how the hell we issue u an identity card?
මෙහිදී ගෝසියා ඇප්ලිකේසම බාරදීමේ ක්රියාවලියේ ටැක්නිකල් එරරයක් සිදුවී ඇති බව පසුව අනාවරණය විය.එනම් ඇප්ලිකේසම සමඟ සීනි පන්සීයක් ගෙහුන් දීමට ගෝසියාට අමතක වී තිබේ.
දැන් ඉතින් මෙම ඇස් ඇම් ඇස් ක්රියාවලිය කජු කන්නා වගේ ටොයිස් මෙන්ම හයි ඉස්පීඩ් ටැක්නොලොජි එකක් බව පාඨකයාට අවබෝධ වියයුතුය.
ඉතින් මේ ක්රමය වැඩිදියුණු කර ඉදිරියේදී ජහමනයාට අති විසාල සේවාවක් කිරීමට හැකි වන බව පිස්සාගේ විස්සාසයයි.මේ ටැක්නොලොජියට සමගාමීව පහත සඳහන් සේවාවන්ද නුදුරු අනාගතයේදි ඇස් ඇම් ඇස් මඟින් අපට ලැබිමට නියමිතය.
1.සරත් ෆොන්සේකා නිදහස් කරන දිනය දැනගත හැකි විම.
2.ප්රගීත් එක්නැලිගොඩ ගෙදර එන දිනය දැනගත හැකි වීම.
3.ලංකා ඊ නිවුස් ගිණි තිව්වේ කවුරන්දැයි සොයාගන්නා දිනය දැනගත හැකි වීම.
4.ලසන්ත වික්රමතුංග ඝාතනය කළේ කවුරුන්දැයි සොයාගන්නා දිනය දැනගත හැකි වීම.
5.පෝද්දල ජයන්තගේ කකුල් කැඩුවේ කවුරන්දැයි සොයාගන්නා දිනය දැනගත හැකි විම.
6.සිරස ගිණි තිව්වෙ කවුරුන්දැයි සොයාගන්නා දිනය දැනගත හැකි වීම.
7.පොල් ලාබ වෙන්නේ කවදාදැයි දැනගත හැකි විම.
8.රජයේ සේවකයන්ගේ හා කම්කරුවන්ගේ වැටුප් වැඩිවන්නේ කවදාදැයි දැනගත හැකි වීම.
සහ තවත් ප්රයෝජනවත් සේවා රාසියක්ම ඇත.
wade watinawa
ReplyDeleteවැඩේ නැඟලා යයි වගේ......
ReplyDeleteරටේ දැවෙනම ප්රශ්න 8 නේද ඔය..:D
ReplyDeleteකෝ චිකන් ගනන් එක මෙතන නෑනෙ.
ඇයි මාගම්පුර වරායට මුල්ම නැව එන දවස ?
ReplyDeleteGreat stuff Pissa
ReplyDeletereally enjoy your posts
good luck!
රනිල් UNP නායකකම දාල යන දවස දැනගන්න බැරිද?
ReplyDelete