කය නම් අසාරය
රට නම් භයංකාරය
කියනුව දිවා රැය
කෙරෙම් ගුජ රණ අලංකාරය
කර සදා චාරය
නැති කර දුරා චාරය
කරනට ප්‍රචාරය
කළත් නැත මුගෙ කිසිම චාරය
තබලා මතට තිත
ඇති නමුත් කිසි පළ නැත
කොටු කොටු ෆිල්ම් යත
කොටුව පල්ලෙන් හොඳට වෙරි මත
නාභියද දක්වා
සළු ඇඳ දණිහ දක්වා
පපා තන සක්වා
ඉන්න එවුනට ගල් ගසත්වා.
ජොක්කු නොඇඳිමෙන්
බාටා නැතුව යමෙන්
හිස ජෙල් නොගෑමෙන්
ගුණය දත හැක දඩ ගෙවීමෙන්
සිතන්නට නිදහස
කන්න බොන්නට නිදහස
ලියන්නට නිදහස
මැරුම් කන්නට වුවද නිදහස
ඇත්තේ අපටමය
ෆන් එක අපෙ උපරිමය
විකුණගෙන සාමය
බේර ගන්නෙමු අපේ ජාමය
No comments:
Post a Comment