Friday, December 31, 2010

නොකෑ පපඩම් හා තෙල්හිඳියා කොමිසම.....



අපේ ගමේ කුප්‍රසිද්ද චණ්ඩියාවූ බූරු චුට්ටෙ අල්ලන්නට පසුගියදා පොලිසියෙන් ආවේය.කවුන්ට්ලස් ප්‍රමාණයක් නොසන්ඩාලකම් කර තිබුණද මේ දක්වා ඌට එරෙහිව ගමේ එකෙක් පඩයක්වත් ඇරියේ නැත.එහෙම තිබියදී උගේ ගෑණි පොලිසීයේ පැමිණිල්ලක් දමා ආවේ මේ නසරාණියා දිනපතාම දෙකක් දමාගෙන ඇවිත් යුෂ්මතියට පස්පඩංගුවේ පහරදෙන බව කියමිනි.
සති දෙකකට පසු පොලීසිය බූරු චුට්ටෙ සොයාගෙන ආවේ ඉහත පැමිණිල්ල ගැන කටඋත්තරයක් ගන්නටය.ඒ එනවිට කුස්සිය ඇතුළේ බූරු චුට්ටෙ හා යුෂ්මතිය නොකෑ පපඩම් හා තෙල්හිඳියා කොමිසමක් පිහිටවාගෙන සාක්කි දෙමින් සිටියෝය.
බූරු චුට්ටෙ අත්අඩංගුවට ගැනීමට යුෂ්මතිය බලවත් විරෝදය පළකළ අතර දැං බූරු චුට්ටේ පාඩං ඉගෙනගෙන ඇති බවත් අවශ්‍යම නම් පොලිසියටද කොමිසම හමුවේ සාක්කි දිය හැකි බවත් ප්‍රකාශ කළාය.
ඉන්පසු බූරු චුට්ටෙ සබාපති පුටුවට පැමිණි අතර ගමේ සිදුවූ නොසංඩාලකම් වලට තමා කිසිසේත්ම සම්බන්ද නැති බව තරයේ ප්‍රකාශකළේය.
ඉන්පසුව පැමිණියේ පොලීසියේ වාරයයි.පැමිණි පොලිස් කණ්ඩායම් තුනම ප්‍රකාශකළේ තමන්ට මේ සිද්දිය පිළිබඳ මෙලෝ බෝලයක් තේරෙන්නේ නැති බවත් යුෂ්මතිය පොලිසියට පැමිණිලි නොකළේ නම් මේ මළ හුණ්ඩුවට කිසිසේත්ම අත නොදමන බවත්ය.
ඒ අනුව පොලිස් කණ්ඩායම් තුනම වැරදිකරුවන් බව බූරු චුට්ටේ විසින් ප්‍රකාශකරන ලද අතර ‘813 රී’ වගන්තියෙන් තමාට පැවරී ඇති බලතල අනුව එම තීන්දුව අනුමත කරන බවත් එය වෙනස් කිරීමට අවශ්‍ය නම්  පෞද්ගලිකව පැමිණ ඉල්ලීමක් කළ හැකි බවත් යුෂ්මතිය ප්‍රකාශ කළාය.
අනතුරව පොලිස් කණ්ඩායම් තුනම තම තමන්ගේ බැටන් පොලු වලින් තම තමන්ගේ පුකවල් වලටම තලාගෙන නිල්පාට බන්දනාගාර බස්එකක නැගී හිරේ ගියෝය.

ප.ලි:-හැපි නිව් ඉයර් හේතුවෙන් ක්ලයිමැක්ස් එකේ ඉන්නා ෂ්‍රී ළාණ්ඛිඛයන්හට අද දිනරාත්‍රී අයි.ටී.ඇන්. එකේ අතින් කයිට්ස් බලා හෙට උදේම නැගිට හැට පහේ පොල් ගා කිරිබත් පිස චූන් එක බෙදාගන්නා ලෙස පිස්සා යෝජනා කරයි.

Thursday, December 23, 2010

ප්‍රතිනාමකරණ වසංගතය හෙවත් Renaming without underware................


ට්‍රීං.. ට්‍රීං...
සුබ අනාගතයක් මේ ආස්චරියලන්තයේ නිරපරාද කොට්ටාස පොලෝසියේ හදිස්සි ඇමතුං ඒකකයයි.ඔබේ බිල්පත් ශේෂය දැනගැනීමට අංක එක ඔබන්න...අනියම් සම්බන්දතා විස්තර දැනගැනීමට අංක දෙක ඔබන්න.රිඟිං ටෝන් ලබාගැනීමට අංක තුන ඔබන්න.ඕ අයි සීට කතාකිරීමට අංක හතර ඔබන්න.......
ෆූක්........
ඕ අයිසී ජිනා මැඩම් හමුවී එනතුරු මඳක් රැඳී සිටින්න......
ටිං....ටිටිටිටිං.......ටිටිටිටිටිං........ටිටිටිං.......ටී......ටී....ටී...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
(විනාඩි 30 කට පසු)
ආයි බෝං මම ඕඅයිසී.....කරුණාකර ඔබට අවශ්ය සේවය පවසන්න....
ඕයි...මේ ...මං මැදමුලනී බ්‍රහ්මදත්ත කතාකරන්නේ.....තෝ කොහේ මකබෑවිලාද හිටියෙ පොළොස් කොට්ටෝරුවො?
මං පොඩි රිෆ්රෙශ්මන්ට් එකකට ගොහිං උන්නෙ සෑර්.....මොකද්ද කේස් එක?
යකෝ මගේ මහින්ද්‍රා කැබ් එකේ තව එකෙක් වාහනයක් හැප්පුවා.මට නස්පුක් වෙන්න ඩැමේජ්.ඉක්මනට වරෙං....
හරි සෑර් මේ එනව....සෑර් කොහේද ඉන්නෙ කියල කියනවද?පොඩ්ඩක් ඉන්ඩ සෑර් මං කරදහියක් අරං ලියාගන්ඩ...හා දැං කියන්ඩ සෑර්...
මං ඉන්නෙ මහීෂරාජපියපුරවරයේ.....
පැහැදිළි මදි සෑර් විස්තර ඇතුව කියන්ඩ....ඇම්බූලන්ස් එකක් එවන්ඩ එපෑයැ.පාර වැරදුණොත් හරකට කියල රිවස් කොරවන්ඩයැ......
ඈ හරකො දැං ඇම්බූලන්ස් දුවන්නෙ හරක් බැඳලද?
ඔව් සෑර්....ඛණිජතෙල් ත්‍රස්තවාදය නැතිකරන්න කියල අපේ පචායුද සෑර් දාපු අයිඩියාවක් නිසා ඔක්කොම ඇම්බූලන්ස් යන්නෙ හරක් බැඳල....දේසීයත්වෙ නේ සෑර්.......ඉතිං සෑර් හරයටම පාර කියන්ඩකො.....
මහීෂරාජපියපුරවරයේ හන්දිය පහුවුණාම දකුණු පැත්තෙ මැදමුලනී විද්‍යාලය තියනව........
හෝව්..හෝව්...වැරදියි සෑර් කොම්ප්ලීට්ලි රෝං......දැං දකුණ කියල පැත්තක් නෑ.තියෙන්නෙ වම විතරයි.ඒකත් ප්‍රගතිශිලී වම සෑර්...මං ඒ විදිහට ලියාගන්නං....ඉතිං ඉතිං....
මැදමුලනී විද්යාලයට ඉස්සරහින් මැදමුලනී බාර් එක තියෙනව....බාර් එක ළඟ ඉඳල මීටර් සීයක් ගියතැන.....
හෝව්...සෑර්....දැං මීටර කියල දුර මනින ක්‍රමෙයක් නෑ.කවුද ඔය පර සුද්දන්ගෙ ක්‍රම ගනංගන්නෙ.යොදුන් වලින් කියන්න සෑර්........අපි දේසීයත්වෙ අගේ කොරන්ඩ එපැයි සෑර් මළත්....
ඕන මගුලකිං ලියාගනින්....මට අමාරුයි ඕයි....ඉතිං එතන ඉන්නව ලොතරැයි කාරයෙක්.උගේ නම මැදමුලනී බ්‍රහ්මදත්ත.ලොතරැයි කූඩුවෙ යන සිංදුව’’හායි බෝ වේවා මහ බඹානනේ....’’කියල.මං එතන වැටිල ඉන්නෙ ඕයි.කොන්ද හතරට කැඩිලද කොහෙද?

සෑර් තව පොඩි පුරස්නයක්........සෑර් යටට ඇඳලද ඉන්නෙ?
නෑ ඕයි.....මං හදිස්සියකට යන ගමං.....
කොම්ප්ලීට්ලි රෝං සෑර්......යටට අඳින්නැතුව දොට්ටපිළට බැහීමත් ගැසට් නිවේදනේකිං තහනං කොරල තියෙන්නෙ.කරුණාකරල වහාම යටට ඇඳගෙන අපිට කෝල් එකක් දෙන්න.එතකොට ඇම්බූලන්ස් එක එවන්නං.බායි....!

ඒයි පීසී මෙහෙ වරෙං....අන්න මහීෂරාජපියපුරවරයෙ මැදමූලනී විද්යාලෙ ළඟ ප්‍රගතිශිලී වම් පැත්තෙ තියන මැදමුලනී බාර් එක ළඟ ඉඳල‍ යොදුන් සීයක් ගියතැන මැදමුලනී බ්‍රහ්මදත්ත කියල ලොතරැයි කාරයෙක් ඉන්නව.එතන මැදමුලනි බ්‍රහ්මදත්ත කියල එකෙක් ඇස්සිඩන් වෙල ඉන්නවලු.ගිහිං ඇරං වරෙං.මතක ඇතුව බලපං යටට ඇඳලද කියල....

මළජූලියයි සෑර්....දැං ආස්චරියලන්තෙ ඔක්කොම දිස්තිරික්ක උතුමාණන්වහන්සේට ‍ගවුරව පිණිස මහීෂරාජපියපුරවර කියල නම් කොරල තියෙන්නෙ.ඔය කියන එකා වැටිල ඉන්නෙ මොන මහීෂරාජපියපුරවරේ දන්නෑ......?

යකෝ මගේ ඔලුව අවුල් කොරන්නෙ නැතුව කියපු වැඩේ කොරපිය......

ඕකේ...සෑර්......

(සති දෙකකට පසු)
බඩු ගෙනාව සෑර්....මෙන්න බුවා.....හෙන අමාරුවෙං හොයාගත්තෙ...
කෝ ඕයි මූ ඇස්සිඩන් වෙච්චි පාටක්වත් නෑ නේ.....
හරියටම හරි සෑර්....ඇස්සිඩන් වෙච්චි බුවා මට ලොරි ටොකක් දුන්න..මැදමුලනී  බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඌ ලු.මං නං අහුවෙයි ඕවට.දැං හැමෝම උතුමාණන් වහන්සේට ගවුරව පිණිස මැදමුලනී බ්‍රහ්මදත්ත කියල නම දානව නේ සෑර්.....මං ගිය ගමං බැලුවෙ ඌ යටට ඇඳල ඉන්නවද කියල.ඌ යටට ඇඳල නැති විත්තිය දැක්කගමන්ම මං දඩ කොළයක් ලියල දුන්න.ඇම්බූලන්ස් එක එවන්න නං තැපැල් කන්තෝරුවට දඩේ ගෙවල හිටිං කිව්ව.

එස්සලන්ට පීසී... යූ ආ ‍ග්‍රේට්.....එතකොට මේ අල්ලන් ආපු එකා මොකාද?
මේ ලොතරැයි කාරය සෑර්.මුගේ නමත් මැදමුලනී බ්‍රහ්මදත්තනේ.දෙකක් ඇනල ගත්තම ඇස්සිඩන් ලුක් එක එනව.මූ නං සුවර් එකටම යටට ඇඳල ඉන්නෙ.මං ඩබොල් චෙක් කොරල ගෙනෑවෙ සෑර්..............



අප නිහඬකළ නොහැක......

2010.12.22 දින සිට අපගේ මුල් බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමට බාධා පමුණුවා තිබේ.එයට විරෝධය පෑමක් වශයෙන් අප බ්ලොග් අඩවිය Wordpress වෙතින් මුළුමණින්ම ඉවත්කර Blogger අවකාශයෙහි ප්‍රතිස්ථාපන කිරීමට සිදුවිය.කෙසේ නමුත් අපගේ www.palaamalla.tk ලිපිනය නොවෙනස්ව පවතී.නිදහස් අදහස් ප්‍රකාශන අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.

අපගේ අඩවියෙහි අන්තර්ගතය පිළිබඳ ගැටළුවක් ඇතිබව සඳහන් නිවේදනයක් ලබාදී අඩවිය යාවත්කාලීන කිරිම මුළුමණින්ම අත්හිටුවීමට Wordpress පියවර ගෙන තිබේ.මෙහි අන්තර්ගතය ගැටළුවක් වන්නේ කාහටදැයි බොහෝ පාඨකයන් අවබෝධයෙන් සිටින බව අපේ විශ්වාසයයි.

Friday, December 3, 2010

මිදි ඇඹුලයි.......

මහ පප්පා බ්‍රිටන් ගියා
රැස්පට් පෙන්නන්න ගියා
කොටි හපුවට ඩෝං ගියා
උං හැම පෙළපාලි ගියා

ඔස්පඩයට එන්නකියා
කියල කියපු නිසා ගියා
ඒත් එවුන් පොල්ල තියා
මහ පප්පගෙ හුලං ගියා

ග්‍රේට් බ්‍රිටන් වී කොන්ඩම්
ගෝ ටුද හෙල් නෝ බැක් කම්
අපිම ඊට් රටෙ ඉන්කම්
දිස් ඉස් ද නැෂනල් ෆ්‍රීඩම්

අපගේ සාතිශය සංවේගය!

සිංහල බ්ලොග්කරණයේ එක් කඩඉමක් සනිටුහන්කරන සහෝදර කතන්දරකාරයාගේ පියාණන් අභාවප්‍රාප්තවීම පිළිබඳ පිස්සාගේ සාතිශය සංවේගය.

ගණදුර දුරලු බැස නොමයන රිවිඳාන

අගහිඟ නොමැති ලොව මා තැබු ඉසුරාණ

මුදු පිය වදන් තෙපළා සෙනෙහස පාන

මගෙ ලෝකයේ ඔබ සක්විති රජිඳාන......

ලේ කිරි නොවු නමුත් හඬනා වෙලාවට

බත සරිකළා ඔබ මගෙ දිවි තුරාවට

මට සවියක්ය ඔබ මහමෙර විලාසෙට

ඔබෙ පුතු මමයි ඔබ බුදුවන තුරවට........

මෙවැනි ගීයක් කලකට ඉහත පිස්සාගේ කණට ඇසුණා මතකයි.

අපි තාත්තලාට ආදරෙයි......

කතන්දරකාරයාගේ පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනාකරමි!