Saturday, August 7, 2010

සක්විති සර්ගෙන් තවදුරටත් දැඩි ලෙස ප්‍රශ්නකෙරේ-Sakvithi Sir is being Qestioned mercylessly

සක්විති සර්ගෙන් දිගින් දිගටම ප්‍රශ්නකරගෙන යනබව පිස්සාට ආරංචි වී ඇත.

එම බියකරු ස්තානයේ සෙටප් එක මේ වගේ වියහැකි යයි පිස්සා ඊයෙ රෑ හීනෙන් දැක්කේය.

ඒසී කාමරයකි.වීදුරු මේසයක් දෙපැත්තේ කැරකෙන පුටු දෙකක් තබා ඇත.එක පුටුවක සක්විති සර් බයෙන් ගැහෙමින් වාඩිවී ඉඳියි.අනෙක් පුටුව හිස්ය.බෙලක් කෝප්ප හෙලවෙන සද්දයක් හා තාච්චුවක මස් බැදෙන සුවඳක් සක්විතිට දැනෙයි.දැන් දැන් තමනුත් කෑලි කපා තේලේ බදිනු ඇතැයි සිතන සක්විතිට චූ යයි.එවිට බිත්තයේ ගසා ඇති බුදුපිළිමය සක්විතිට පෙනේ.හිත කූල් වෙයි.සිකද පූතල වී යයි.කොට ගවුමක් ඇඳි ළඳක් උණු උණු රෝස් චිකන් සමඟ විස්කි බෝතලයක් ගෙනැවිත් මේසය උඩ තියයි.උඩු රැවුල්කාර නිළධාරියෙක් පැමිණ ඉස්සරහ පුටුවේ වාඩවී සක්විති දෙස ඔරවා බලයි.

''මං දිහෑ ඔහොම බලංඩ එපා සෑර් බය හිතෙනව"

''කටවහගෙන කාපිය ඔක්කොම චිකන් ටික''

''හා කන්නං"

''දැං බීපිය විස්කි බෝතලයත්''

''අනේ බනින්ඩ එපා සෑර් බොන්නං''

''දැං කියාපිය කෝ සල්ලි?''

'' මට වෙරි සෑර් හෙට කියන්නං''

''හා හෙට නොවැරදීම කියාපිය එහෙනං''

පසුදිනද සෙටප් එක ඒ වගේමය.

''තෝ දැං කියනවද නැත්තං හෙට කියනවද?''

''හෙටම කියන්නං සෑර්''

පසු දිනද එසේමය.

''අද කියනවද නැද්ද?''

''අද මාසෙ පෝය නේ.හෙට කියන්නං සෑර්''

''හෙට මං නිවාඩු.එහෙනං අනිද්දම කියාපිය.''

දින දෙකකට පසු:

''හෙට කියනවද නැද්ද කියල මේ දැංම තෝ නොකිව්වොත් හෙම මං තෝව පණ පිටිං හම ගහනව''

''අනේ බුදු සෑර් හෙට කියනවාමයි.සුවර්.''

මේ ආකාරයෙන් දිගින් දිගටම ප්‍රශ්නකිරීම කරගෙන යයි.ආශ්චර්යය කියන්නේ මේවාටය.

10 comments:

  1. ”හෙට කියනවද නැද්ද කියල මේ දැංම තෝ නොකිව්වොත්......." ?

    මාර ක්‍රියේටිව් බං. මැක්සා...

    ReplyDelete
  2. අන්තිමට තියෙන තැන කියපු දාට අර දුන්නු චිකන් වලටයි විස්කි වලටයි හරියන්න කියල ඒ සල්ලි වලින් ගාන කපාගනියි නේද?

    ReplyDelete
  3. ඌ විස්කිමද බන් බොන්නෙ ? වෙන ජාති බොන්නෙ නැත්ද ? එළම එළ !

    ReplyDelete
  4. බ්ලොග් කරැවෙක්August 7, 2010 at 10:58 AM

    මුට දැන් දෙනවා ඇති මල පයින්න මොනවා නැතැත් ගැනිට හොදට වදිනවා ඇති :D

    ReplyDelete
  5. "හෙට මම නිවාඩු.එහෙනම් අනිද්දම කියාපිය." (පට්ට,පට්ට).
    අහෝ සක්විති,නොදු‍ටු මොක්පුර!!!

    ReplyDelete
  6. "එවිට බිත්තයේ ගසා ඇති බුදුපිළිමය සක්විතිට පෙනේ.හිත කූල් වෙයි.සිකද පූතල වී යයි."
    කෙළියා නේද තාප්පෙටම....

    "මේ ආකාරයෙන් දිගින් දිගටම ප්‍රශ්නකිරීම කරගෙන යයි.ආශ්චර්යය කියන්නේ මේවාටය."
    හා උඹ කියන්නෙම නැද්ද? එහෙනම් මම පොඩි අයිඩියා එකක් දෙන්නම්.....
    උඹට භාගයයි.... මට භාගයයි.... (නෝටි ළමයි ඔක්කොම කයි)

    ReplyDelete
  7. නියමයි..!

    මේ ම්කෝ මේ වර්ඩ් ප්‍රෙස් දාලා?
    මේකේ ෆොලොවර් බට්න් එකක් නැහැ නේ, ලිපි මඟ හැරේවිද මන්දා මට නම්, මොකද මම බ්ලොග් කියවන්නේ ෆොලෝ කරන ඒවායේ අප්ඩේට් නිසා. පිලියමක් කියනවාද ඒකට?

    ReplyDelete
  8. අනේ ඇත්තට මූට ආපහු ලංකාවට එනවා ඇරෙන්නට වෙන යන්න තැනක් තිබුණේම නැද්ද? දැන් ඔය කොල්ලකාපු සල්ලි මිනිස්සුන්ටත් නෑ, ඌටත් නෑ, ටිකකලකින් රාජසන්තකවෙලා කරදියවර වගේ මොකක් හරි කඩප්පුලි රාජ්‍ය සංදර්ශණයකට වියදම් කරයි,

    ReplyDelete