Tuesday, August 3, 2010

අපි හෙළුවෙන් හූ....හූ.....හූ.........

මේ ඡායාරූපය උපුටාගන්නා ලද්දේ ලංකාවේ නොම්මර එකේ ජන මාධ්‍යයකිනි.මේ ඡායාරූපයට පසුබිම්වූ සිද්ධිය ගැන පිස්සා කමෙන්ට් කරන්නට යන්නේ නැත.ඒ වෙනුවට පිස්සා සහෝදර පාඨකයින් වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත්කර සිටියි.මේවට උත්තර දන්නවා නම් කියන්න.

1.මෙහි ඇක්ෂන් පිට ඉන්නා මාධ්‍යවේදීන් හා ඇමතිවරයාට අම්මලා ඉන්නවා/ඉන්නට ඇතැයි ඔබ සිතනවාද?

2.මුන්ට සහොදරියන් ඉන්නවා/ඉන්නට ඇතැයි ඔබ සිතනවාද?

3.මුන්ට ගෑණු හෝ දරුවන් ඇතැයි ඔබ සිතනවාද?

4.මුන් එකෙකුගේ අම්මා/ගෑණි/සහෝදරියක්/දරුවෙක්/හෙළුවෙන් ගස්  බැන්දත් මුන් ඔය ඇක්ෂන් එකෙන්ම පොටෝ නොගනීවි යයි ඔබ හිතනවාද?

5.පාරේ යන කෙල්ලන්ට පඩත්තල කතා කියමින් විසිල් ගසමින් බෝක්කු කණු උඩ රස්තියාදු ගහන වේසිගෙ පුතුන් හා මුන් අතර වෙනසක් ඔබට පෙනෙනවාද?

6.ඔය සත්ගුණවත් ඇමතිවරයා මාධ්‍ය ආයතන වලට පැන මුන්ගේ ඇට මිරිකීමේ වරදක් තිබේද?

18 comments:

  1. සීන් එක මොකක්ද කියලා දැන ගන්න ඕන පිස්සා මලයො... ඒත් මර්වින් ඇමතිවරයගෙ ගොඩක් වැඩ අනුමත කල නොහැකි උනත් අනුමත කල හැකි සමහර වෙඩත් නොතිබෙනව නෙමෙයි..

    ReplyDelete
  2. මේ දැන් යාලුවෙක් කෝල් කරලා කිව්වා සීන් එක . . එත් ඊට කලින් මම ඩේලි මිරර් එකේ දැක්කා. මම ඌට කිව්ව අපි ඔක්කෝම එකතු වෙලා ඊලඟපාර මෙතුමාව ජනාධිපති කරන්න කැම්පේන් එකක් පටන් ගමුද කියලා . . . හැබැයි ඌ කිව්වේ දැන් ඉන්න කෙනාත් මෙතුමාට වඩා වැඩි වෙනසක් නෑ කියලයි . . හික්ස්

    ReplyDelete
  3. ඒ මනුස්සයගෙ මොකක් හරි විශේෂ වැඩක් නිසා ‍රැස්වීමට එන්න බැරි වෙන්න ඇති.දැන් ඉතින් මිනිහගෙ ලයිෆ් එකම ඉවරයිනෙ.ඔතන ඉන්න මෑන්ස්ට වාගෙ ලැජ්ජාවක් නැති අය නෙමේනෙ හැමෝම.

    ReplyDelete
  4. යහලුවා හරිම පිලිකුල් සහගත දෙයක්.... මුලින්ම කරන්නෙ වගකිම ගන්න නොසුදුසු අයට රස්සා දෙන එක, ඉට පස්සෙ කරන්නෙ එක හරියට නොකරද්දි උන්ට පහර දෙන එක.

    මෙය ලංකාවෙ පවතින නිතියට නිග්‍රහයක්. නිතිය අවත්ක්සෙරු කිරිමක්, නිතිපතිවරයත් අසරණයි. ලංකා වේ ජනතාවට අවශ්‍ය මෙයනම් අපි මෙය උපෙක්ෂාවෙන් යුතුව නරඹමු.

    ReplyDelete
  5. " පාරේ යන කෙල්ලන්ට පඩත්තල කතා කියමින් විසිල් ගසමින් බෝක්කු කණු උඩ රස්තියාදු ගහන වේසිගෙ පුතුන් හා මුන් අතර වෙනසක් ඔබට පෙනෙනවාද? " මුන් ඊටත් අන්තයි
    මේ වගේ හ‍රකෙක්ට ඡන්දෙ දුන්නු එවුන්ටයි මෙහෙම ක‍රන්න ඔනෙ

    ReplyDelete
  6. කොහොමද අපේ ජනතා නියෝජිතයෝ...අනේද කියන්නේ

    ReplyDelete
  7. machan pisso meka uba hari mama hari kalanam nadu keeyak watida, ahem nathnam jenaral fonsekage kenek karanam ITN akath othna athi.me amthiya arkshaka amathi karanam hodai neeeeeeeda........LANKAWE HERO SILVA he he

    ReplyDelete
  8. Fcking disgusting.....
    Soo dissapointed about this incident.
    But frankly I can't expect any better from people who belongs to calibre of our so called minister.

    ReplyDelete
  9. මටනම් හිතෙන්නෙ මේක තවත් එක නාට්‍යයක් පමණයි කියලයි.... අධ්‍යක්ෂනය, තිර රචනය, රගපෑම ඔක්කොම එකාගෙ....

    ReplyDelete
  10. ඇයි කලබල.
    එයා ඡන්ද ලක්ෂ ගාණක් ගන්නකොටත් එයා මීට වෙනස් නෑනෙ.
    හුඟක් වෙලාවට ඔය ගස් බැඳපු සමෘද්ධි මහත්තයත් චන්ද හොයල දෙන්න ඈති මෙයාට!

    අපරාදෙ කාලෙ නාස්ති නොකර වැඩක් බලා ගමුද?

    පිස්සෝ, මචං මේ කැමරා අටවන් ඉන්න පරයින්ගෙ කැමරාත් උන්ගෙම අධෝමාර්ගෙ එබෙයි ලඟදිම. එතකන් වරෙං මචං රටකජු ගොට්ටක් කකා ආශ්චර්යය ආතල් බලන්න.

    ReplyDelete
  11. මේ පරයො ඔක්කොම එකයි. බෝක්කු උඩ ඉන්න කොල්ලො විහිලුවක් කරාට උන් මීට වඩා හොඳයි. මුන් මහ පාහර යක්කු.

    ReplyDelete
  12. රාජ්‍ය සේවය රාජ පස්ස යට

    ReplyDelete
  13. සමෘද්ධී අයියලා මාර සටන්කාමීයි නේ. (තමන්ට කෙලවෙනකොට)

    ReplyDelete
  14. මේ රටේ ඉන්න ටීවී කාරයෝ මළමිනී විකුනගෙන කන අවලමුන් නේ. මුන්ට සදාචාරයක් නෑ. වසුරු වලට ඇදීගෙන යන නිලමැස්සන් මෙන්, මුනුත් මර්වින්ගේ ඕනෑම කක්කා වැඩකට කැමරා අටවගෙන සෙට් වෙනවා.

    ඔය මර්විනයාම උන්ගේ ඔෆීසියට පැනලා එකෙකුට දෙන්නෙකුට කනට ගහලා ඇට මිරිකලා ගියාම අඩන්නවිතරයි උන් දන්නේ.

    ReplyDelete
  15. Media එකට බනින්න එපා.ඔහොම දෙයක් වුණු බව අපි දන්නෙ ත් Media නිසා නෙ. ඒ වුණාට ඔතන බලන් ඉදපු අනිත් අය ගැන මට දුතයි.

    ReplyDelete
  16. පැට්ටාAugust 9, 2010 at 9:21 AM

    "මුන් එකෙකුගේ අම්මා/ගෑණි/සහෝදරියක්/දරුවෙක්/හෙළුවෙන් ගස් බැන්දත් මුන් ඔය ඇක්ෂන් එකෙන්ම පොටෝ නොගනීවි යයි ඔබ හිතනවාද?"..

    කවුරු හරි තදයෙක්ගේ හරි නැත්තං මර්වින්ගෙම හරි දුවෙක් ගෙනල්ලා කිරිබත්ගොඩ හන්දියෙ හෙළුවෙන් ගස් බැඳලා බලපල්ලා ඕකුන් එනවද කියලා ඒක ගන්න..පොඩි මිනිහට කෙලින්න විතරයි උන් එන්නේ..

    ReplyDelete
  17. මේක මට සෑහෙන්න කාලෙකට කලින් ආව හැඟීමක්. හෝකන්දර පවුලක් ම මරා දැම්ම වෙලාවෙ, මම දැක්ක දෙයක් මේ. ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙක් ගසක අත්තකට වෙලා (උක්කුටියෙන්) ඒ සිදුවීම ආවරණය කරනවා, සෙනග වැඩි හේතුවෙන්. ඒක දැකපු වෙලේ ඉඳන් මතකයට ආවෙ පරණ කාටූන් වල පෙන්නන, මොකෙක් හරි සතෙක් මැරෙනකන් බලා ඉන්න ගිජු ලිහිණියන් ව.

    ඒත් ඒ අයගෙ පැත්තෙන් බැලුවොත්, ඒ අයට මොන දෙයක් කරලා හරි සිදුවීම වාර්ථා කිරීම විය හැකි එකම අභිප්‍රාය. (මට හිතෙන්නේ මාධ්‍යවේදීන්ගෙ යුතුකම, ජනතාවට නියමාකාරයෙන් යම් සිදුවීමක් වාර්තා කිරීම කියලයි, ඒත් දැන් හැම දෙයක් ම මුදල් මත තීන්දු වෙන කාලයක් තියෙන්නෙ, ජනමාධ්‍ය පවා). මාධ්‍යවේදියෙකුට පවා, හෘදසාක්ෂියද, ලැබෙන වෙනත් ලාභ ප්‍රයෝජනයක් ද යන්න තීරනය කිරීමට සිදුවන වෙලාවක් එලඹෙනු ඇත.

    හෘදසාක්ෂියක් තිබුන මාධ්‍යවේදියෙ වුනු කෙවින් කා(ර්)ටර් ගැන අසා ඇතැයි සිතමි. http://indikak.blogspot.com/2010/03/blog-post_17.html

    ReplyDelete