Thursday, February 24, 2011

ගුජ රණ අලංකාරය....

කය නම් අසාරය
රට නම් භයංකාරය
කියනුව දිවා රැය
කෙරෙම් ගුජ රණ අලංකාරය


කර සදා චාරය
නැති කර දුරා චාරය
කරනට ප්‍රචාරය
කළත් නැත මුගෙ කිසිම චාරය


තබලා මතට තිත
ඇති නමුත් කිසි පළ නැත
කොටු කොටු ෆිල්ම් යත
කොටුව පල්ලෙන් හොඳට වෙරි මත


නාභියද දක්වා
සළු ඇඳ දණිහ දක්වා
පපා තන සක්වා
ඉන්න එවුනට ගල් ගසත්වා.


ජොක්කු නොඇඳිමෙන්
බාටා නැතුව යමෙන්
හිස ජෙල් නොගෑමෙන්
ගුණය දත හැක දඩ ගෙවීමෙන්


සිතන්නට නිදහස
කන්න බොන්නට නිදහස
ලියන්නට නිදහස
මැරුම් කන්නට වුවද නිදහස


ඇත්තේ අපටමය
ෆන් එක අපෙ උපරිමය
විකුණගෙන සාමය
බේර ගන්නෙමු අපේ ජාමය

Sunday, February 20, 2011

ගෘහස්ථ හිංසනයට එරෙහිව (මි.රි.)හාන පොලීසිය...

ට්‍රීං... ට්‍රීං.........


හලෝ....


සෑර් මහේස් සෑර්ද?


ඔව්වොව් කවුද ඕයි තමුසෙ?


අහිතක් හිතන්ඩ එපා සෑර් මං මි.රි.හාන අයි ඕ සී.....


මොන රෙද්දකට ඕයි තමුසෙ මේ පාන්දර මට කෝල් කරන්නෙ..?


අනේ බුදු සෑර් අයි බෙග් යුව පාඩන් තවුසන් ටයිම්ස් සෑර්.....පොඩි ආරාදනාවක් කොරන්න කතාකොලේ..


මොකද්ද ඕයි....තෙපරබාන්නැතුව කියනවකො...මට අඩියක් ගහන්න යන්නත් තීනව..


සෑර් අරකිට ගැහැව්වයි කියල ආරංචියි.....ඇත්තද සෑර්?


කොයි කාලෙ ඉඳලද ඕයි මං ඕකිට ගහන්නෙ....බඳින්නත් කලිං ඉඳල.....අනික මං විතරක්යැ.....?


සොරි සෑර්....සෑර් ක්වෙස්චන් එක මිස් අන්ඩස්ටුඩ් කරගෙන වගේ......


හා.......ඔය කියන්නෙ අර ඕකි හොස්පිටල් ඇඩ්මිට් වෙච්චි සිද්දියනේ..


දෑ..ස් කරෙක්ට් සෑර්..


ඒකත් එච්චර දෙයක් නෙවෙයි ඕයි...මං මීට කලිනුත් ඕකිගෙ හොම්බට ඇනල තීනව..අනික මේ අපේ ෆැමිලි ප්‍රොබ්ලම් වලට අත දාන්න තමුසෙලාට තියෙන අයිතිය මොකද්ද?


නෑ...නෑ...සෑර්...එහෙම එකක් නෙවි.....අපේ හුර්දයංගම සුබපැතුම් පිලිගන්න....අපි සෑර් වෙනුවෙන් සුහද හමුවක් ඇරේන්ජ් කොරන්න යන්නෙ.කවද්ද මේ පැත්තෙ එන්න පුළුවං කිරිබත් කටක් හෙම කාල යන්න...?


ම්...ම්....අද බෑ...හෙටත් බෑ.....ලබන සතියෙ මං අහවල් තුමාගෙ ඉලෙක්ෂන් කැම්පේන් එකේ...නෙක්ස්ට වීක් මැලේෂියා ටුවර් එකක් තීනව.....කොහොම උණත් මං ඇපොයිමන්ට් එකට දිනයක් ෆික්ස් කරල කෝල්ලෙකක් දෙන්නං.......


සුවර් නේද සෑර්........අනේ එන්ඩම ඔනෙ....ඔන්න මතකනැති කොරන්න එහෙම එපා....


පිස්සුද ඕයි මං අපේ රජ්ජුරුවො වගේ තනි වචනෙ මිනිහ....එනවයි කිව්වොත් එනවාමයි...මාව විස්සාස නැද්ද ඕයි.....බුදු සුවර්....


ඕකේ එහෙනං බායි සෑර්.....අපි බලං ඉන්නව ඔන්න හොඳෙයි.....




ඒයි පීසී  මෙහාට වරෙං මෙන්න මේ ඉස්ටේට්මන් එක මීඩියා වලට දාපං...මෙහෙම ලියපං...


" අයි, දි අයි.ඕ.සී ඔෆ් මි.රි.හාන පොලිස් හෑස් පර්සනලි කන්ටෑක්ටඩ් මිස්ටර් මහේස් රිගාඩිං ඇසෝල්ට් ටු එම්.පී. ද යංගර් සිස්ටර් ඔෆ් රවුන්ඩ් බුටික් ඇන්ඩ් හී ඇග්රීඩ් ටු පර්සනලි ඇපියර් ඇට් පොලිස්......"

Wednesday, February 16, 2011

ටියුබ් ලයිට් එෆෙක්ට් ෆර්ස්ට් ඉයර් ඇනිවර්සරි සමඟ පිස්සාගේ ෆේස්බුක් ආගමනය...

පිස්සාගේ පළාමල්ල අරඹා වසරක් සම්පූර්ණ වූයේ පසුගිය 08 වැනිදාටය.මේ පිළිබඳව එදිනම පෝස්ටයක් දමා හැපි ඇනිවසරි ගැනීමට නොහැකි වූයේ එදින පිස්සාට නහුතයට වැඩ යෙදී තිබුණු බැවිනි.ඒ නිසා අයි බෙග් යුව පාර්ඩන් සමඟ මෙම ටියුබ්ලයිට් හැපි ඇනිවසරි පෝස්ටය පළකරමි.

මිනිසුන්ගේ සිත් තුළ කැකෑරෙන සමාජ අසාධාරණයන් පිළිබඳව විරෝධතා ආකල්ප වලට උපහාසාත්මක ගුණයෙන් යතු ප්‍රකාශන මාධ්‍යයක් සැපයීම පිස්සාගේ ඉලක්කය විය.මෙහි පළකළ ලිපි කියවීමෙන් පසු පාඨකයන් පිරිසක් තමන් විසින් අවබෝධ කරගත් එහෙත් කිව නොහැකිව තිබූ දෙයක් ලියැවී තිබුණාය යන ප්‍රසන්න ආකල්පයෙන් යුතුව සැහැල්ලු මනසකින් පසුවන අතර තවත් පිරිසක් "අනේ මුගේ හොම්බට දෙකක් අනින්න තිබුණා නම්" හෝ ''උඹ මට කවදහරි අහුවෙයන්කො..." යන පාරිශුද්ධ චේතනාවෙන් දහදිය පිසිමින් නිදිමරාගෙන කල්පනා කරනබව පිස්සාට රහසක්  නොවේ.


මිනිසුන්ගේ ආකල්ප විවිධය.බුද්ධි මට්ටම් විවිධය.පිස්සා පළකරන ලිපි ඒ ඒ පුද්ගලයන්ට තම තම නැණ පමණින් වටහාගත හැකිය.


අපගේ බ්ලොග් අඩවියට වසරක් පිරෙන මොහොතේ අපි ෆේස් බුක් වෙතද පා තැබුවෙමු.ඒ අපගේ පාඨක ජාලය පුළුල් කරගැනීමේ අභිලාශයෙනි.


අපගේ ෆේස් බුක් පිටුවට මෙතැනින් පිවිසිය හැකිය.


වසරක් පුරා අප සමඟ රැඳී සිටි පාඨක ඔබ සැමට පිස්සා ශීර්ෂ ප්‍රණාමය පුදකර සිටියි.

Tuesday, February 15, 2011

අස්පයා පැනයාමට පෙර ලියන වග නම්....A Short Notice Before The Horse leave the stable..............

අපගේ අතිරමණීය සිරි ලංකා මහද්වීපයේ තවත් සක්විති රණසිංහ ෆැමිලියක් බිත්තරය බිඳගෙන හැච් වීමට ඔන්න මෙන්න වී ඇති බව පිස්සා සාඩම්බරයෙන් සැළකර සිටියි.

ලංකාවේ ඇත්ත දැනගන්නා ආකාරය කුජීත ලෙසින් කියාදෙන අකුරු තුනක මාධ්‍ය ජාලයකට හිමිකම් කියන මෙම ෆැමිලි‍යට සුවිසාල තොරරෙම්බොල් කඩ සංකීර්ණයක්ද ඇත.සෝමාරි පෙනුමකින් යුත් එර්දි වන ආකාරයේ සිංහ ධේනුවක් මෙහි මුල් පුටුව හොබවයි.

මෙම ෆැමිලිය එක්තරා ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයක් හා එක්තරා ෆයිනෑන්ෂියල් සර්විස් ආයතනයක් හරහා කෝටි ගණනක මහජන මුදල් තැන්පතු වශයෙන් ලබාගෙන ඇත.එම මුදල් යොදවා දැනට කැනඩාවේ දෙපළ මිළට ගෙන ඇත.

දැන් ඉතින් මෙම ෆැමිලිය ඕනෑම මොහොතක එර්දි විමට සූදානමින් පසුවේ.ඒ බව ජනමාධ්‍යයන්ගෙන් වසන් කිරීමට ලංකාවේ ප්‍රකට ආයතන දෙකකට අල්ල පුරවා පගාවද දී ඇත.

ඉතින් මිත්‍රවරුණි,බොහෝවිට ඉදිරි දින කිහිපයකදි සක්විති ඩ්‍රාමා පාර්ට් 2 තිරගතවනු ඇත.එවිට මෙහි ගනුදෙනුකාර භවතුන්ට හුලං බකන්නට සිද්ධවනු ඇත.

Monday, February 7, 2011

කප් එක අපි ආයෙ ගේමු......


දියව් දියව් අපට දියව්
ක්‍රිකට් බලන ටිකට් දියව්

කන්න බොන්න අපට එපා
ඉහට වහල අපට එපා
ක්‍රිකට් කන්න අපට දියව්
ටිකට් ගන්න අපට දියව්

හෙල ජාතික අබිමානේ
කප්එක ගන්නට ඕනේ
අනේ *කේ නන්නානේ
බල්ලො *කයි ගම්මානේ

ක්‍රිකට් ක්‍රිකට් දියව් ටිකට්
ගෙදර උන්ට එම්ටි පොකට්

හුරේ හුරේ සිරි ලංකා
ආස්චරියමත් ලංකා
වඩේ බැදං බලමු ක්‍රිකට්
ඉතිං අපිට දියව් ටිකට්


සී ප්ලේනුත් අපට ඇතේ
හයදාහට  කොළඹ යතේ
කන්න නැතත් කමක් නැතේ
අපිත් ක්‍රිකට් බලමු පුතේ

සීනි නැතුව තේ බොඤ්ඤං
මිරිස් නැතුව හොදි කඤ්ඤං
රජා අපට **** නං
පුකෙං උනත් අපි යඤ්ඤං

හොම්බ ලඟට වතුරෙ ගිලී
අපි තව තව ඇදන් නාමු
නගුල බැදං කුඹුරු හාමු
කප් එක අපි ආයෙ ගේමු

Thursday, February 3, 2011

අප්පට හුඩු e-ශ්‍රී ලංකා හෙවත් ඇස් ඇම් ඇස් ටැක්නොලොජිය.....

ලංකාවේ ජහමනයා හට හැඳුණුම්පතක් හෙවත් අයි‍ඩින්ටියක් හදාගැනීමට කරදර අටෝරාසියකට මුහුණදීමට සිදුවේ.පොටෝ ගතයුතුය.ඇප්ලිකේසම පිරවියයුතුය.ග්‍රාමසේවක ගොයියා ළඟට අඩුගණනේ සීනි තේකොළ ටිකක් වත් ගෙන යායුතුය.ඒ ටික බාරදුන් පසු අයිඩින්ටිය කවදා ලැබේදැයි හිතාගැනීමට නොහැකිව ඩිප ගසා සිටිය යුතුය.


ඉතිං මේ දහමර යුද්දය දැක අපේ පාලක පැලැන්තියේ හුර්දය වස්තු ඉටිපන්දම් කිරි මෙන් උණුවී දියාරු වී වැක්කෙරෙන්නට පටන්ගෙන තිබේ.සමහරු හොටු හූර හූරා අඬන බවද තවත් සමහරු මෙච්චර හරියක් ජහමනයාට වෙලා තියෙද්දිත් ආත්මාර්තකාමී ලෙස තමන්ගෙන් ආතල් ගැනීමට පැමිණෙන ප්‍රිය බිරින්දෑවරුන්ට බූ හනස්සෙන් තලා ඇති බවටත් උලංකා පුවත්සේවය පවසයි.

මේ ගැන වහාම ක්‍රියාත්මකවු මහරජතුමා ඉටිකිරස් විසඳුම් මාලාවක් ලබාදී මින් මතුවට ජහමනයා මෙවන් අපහසුතාවයන්ට පත් නොකරන ලෙස ඉතාම තදින්(කොච්චර තදේට දැණුනා දැයි ලැබුණ එකා කියා නැත) නියෝග කර ඇත.



ඒ අනුව චූ බර වූ අදාල නිලදාරින් අති විසිස්ට විසඳුමක් ලබාදී තිබේ.එනම් ඇස් ඇම් ඇස් එකක් ගසා අයිඩෙන්ටිය ලැබෙන දිනය ජහමනයාට දැනගන්නට සැලැස්වීමයි.

මෙහි සවිස්තරාත්මක කිරියා පටිපාටිය මෙසේය.



මුලින්ම පොටෝ කෑලි තුනක් ගතයුතුය.මේවා පාට එව්වාගෙන් ගන්නද කළුසුදු එව්වාගෙන් ගන්නද, වටේ දිග පළල, මුණ හැරවිය යුතු ඈංගල් එක ආදී සියළු විස්තර ග්‍රාමසේවක ගොයියාගෙන් අසා ඉතාම පහසුවෙන් දැනගත හැකිය.
ඉන්පසු අදාළ ඇප්ලිකේසම රාජ්‍ය භාෂාවෙන් පුරවා පොටෝ කෑලි සමඟ ග්‍රාමසේවක තුමාට බාරදිය යුතුය.
සීනි තේ කොළ,කිරි හට්ටි,අරක්කු බෝතලයක් දෙකක්,රුපියල් දාහක් හමාරක් මේ සමඟ බාරදීම ජහමනයාට ඉතාම පහසුය.
දැං ඉතිං හූල්ල හූල්ලා ගෙදෙට්ට වී නොඉඳ ඇස් ඇම් ඇස් එක ගැසිය යුතුය.
එය ගසන්නේ මෙසේය.
rpd <හිස්තැනක්> sts <හිස්තැනක්> ඉල්ලුම්පත් අංකය සටහන් කර 1919 ට ඇස් ඇම් ඇස් කොරන්න.
ඒස්වාඃ පුඃ
මාරයි නේද?

ඔන්න දැං අයිඩෙන්ටිය ලැබෙන දිනය අතටම ලැබී ඇත.දැං ඉතිං තවත් නිදිමරාගෙන මොළේ කරගැට එනකල් කල්පනා නොකර නිදිවැදිය යුතුය.

මේ ක්‍රමයට ඇස් ඇම් ඇස් ගැසූ අපේ ගමේ සිරිපාලයාට ලැබුණේ මෙවැනි උත්තරයකි.
Your National Identity Card will be ready at 21:34:56  on 01 April 2097


පල්ලෙහා කඩේ ගෝසියා ගැසු ඇස් ඇම් ඇස් එකට ආවේ මෙවැනි උත්තරයකි.
We have not yet Received your application.So how the hell we issue u an identity card?

මෙහිදී ගෝසියා ඇප්ලිකේසම බාරදීමේ ක්‍රියාවලියේ ටැක්නිකල් එරරයක් සිදුවී ඇති බව පසුව අනාවරණය විය.එනම් ඇප්ලිකේසම සමඟ සීනි පන්සීයක් ගෙහුන් දීමට ගෝසියාට අමතක වී තිබේ.


දැන් ඉතින් මෙම ඇස් ඇම් ඇස් ක්‍රියාවලිය කජු කන්නා වගේ ‍ටොයිස් මෙන්ම හයි ඉස්පීඩ් ටැක්නොලොජි එකක් බව පාඨකයාට අවබෝධ වියයුතුය.

ඉතින් මේ ක්‍රමය වැඩිදියුණු කර ඉදිරියේදී ජහමනයාට අති විසාල සේවාවක් කිරීමට හැකි වන බව පිස්සාගේ විස්සාසයයි.මේ ටැක්නොලොජියට සමගාමීව පහත සඳහන් සේවාවන්ද නුදුරු අනාගතයේදි ඇස් ඇම් ඇස් මඟින් අපට ලැබිමට නියමිතය.


1.සරත් ෆොන්සේකා නිදහස් කරන දිනය දැනගත හැකි විම.
2.ප්‍රගීත් එක්නැලිගොඩ ගෙදර එන දිනය දැනගත හැකි වීම.
3.ලංකා ඊ නිවුස් ගිණි තිව්වේ කවුරන්දැයි සොයාගන්නා දිනය දැනගත හැකි වීම.
4.ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ කවුරුන්දැයි සොයාගන්නා දිනය දැනගත හැකි වීම.
5.පෝද්දල ජයන්තගේ කකුල් කැඩුවේ කවුරන්දැයි සොයාගන්නා දිනය දැනගත හැකි විම.
6.සිරස ගිණි තිව්වෙ කවුරුන්දැයි සොයාගන්නා දිනය දැනගත හැකි වීම.
7.පොල් ලාබ වෙන්නේ කවදාදැයි දැනගත හැකි විම.
8.රජයේ සේවකයන්ගේ හා කම්කරුවන්ගේ වැටුප් වැඩිවන්නේ කවදාදැයි දැනගත හැකි වීම.


සහ තවත් ප්‍රයෝජනවත් සේවා රාසියක්ම ඇත.