ඉක්බිත්තෙන් මැදමුලනී රජ්ජුරුවෝ දැහැමෙන් සෙමන් රට කරවා(රටේ උන්ට කරවා)පස් අවුරුද්දක් ඉක්ම ගියේය.දැන් දැන් උන්ගේ කීර්තිය මහත්ය.උදරයද මහත්ය.මෙවිට රජ්ජුරුවෝ සිතන්නාහු,'කොළ මාගේ සැට පස්වැනි ඕපපාතික දිනයත්,රාජශ්‍රීය ලැබ වර්ෂ පංචකයක් පිරීමත් එක්ම දිනෙක යෙදී ඇති නියාය.ආශ්චර්යයෙක මහතැ!මෙවන් වූ උතුම් අවස්ථාවෙක් ඉදින් නම් නොයෙදෙන්නේය.මෙවිට කුමක් කටයුතුදැයි"සිතූහ.
එකල්හි වාසල දුෂ්ටාචාර්ය ඌරුවංශයා රජ්ජුරුවන්ට සමීපවැ කියන්නාහු"මහරජ මුඹගේ චිත්ත ප්‍රවේගයන් මාවිසින් මනා කොටැ දක්නා ලදැ.මෙය වනාහි මහත් ආශ්චර්යමත් මොහොතෙකි.මෙම ශුභ මුහුර්තයෙන් කටයුතු සැට කෝටියක් කර්තව්‍යයන් මාවිසින් සිතනා ලදැ.''මෙවිට රජ්ජුරුවෝ සිය ගත හිරිපොළා ගියාහු''ඉදින් කුමක් පිණිස තවත් තෙපරබාන්නාහුද?වහ වහා හෙළි කොටැපියව''යි නිලකළහ.
එකල්හි ඌරුවංශයා මාගලක් පමණවූ පත්ඉරුවෙක් දිගහැර කියවන්නට ගත්හ.
''පස්වාන්දහසකට බුදුවන අපගේ මහරජාගේ ඕපපාතික සංවස්තරය නිමිතිකොටගෙන රාජ්‍යයෙහි අට දිග්භාගයේම කොටැපියන්නට සැළසුම් කළාවූ සංවස්තර මහෝත්සවයේ න්‍යායපත්‍රයයි.....
ප්‍රීතී...ප්‍රීතී....ප්‍රීතී.....පුරා වර්ෂ පංචකයක් මුළුල්ලේම දැහැමෙන් සෙමෙන් රට වළඳන්නාවූ අප මහා රාජෝත්තම ගෞරවාරභ ශ්‍රී රෝහණ මනරංජන වැඩවර්ජන ඕල්ඩ් ලුමුම්බා ග්‍රැජුවේටඩ් මැදමුලනී භ්‍රහ්මධථ්ථාභිධාන අපරාධෝත්තමයාණන් දෙහි අලයක් අතදරා නාමල්පුෂ්පයෙක දෙපියල්ලෙක් තුළින් ඕපපාතිකවැ ඉදින් සැට පස් හවුරද්දෙක් ඉක්මගියෝල.උන්ගේ ශ්‍රී විභූතිය සමරණුවස් රටවැසියා විසින් ඒඒ තන්හි සැණකෙළි කටැපියයුතුය.මේ නිමිත්තෙන් ශුභ මුහුර්තයෙන් බතල කොළ එකොළොස්දහස් එකසියයක්ද සිටුවීමට කටයුතු යොදා ඇත.නුවර වැසියෝ සියළුවැඩ අත්හැරපියා එළුසන් දියයුතුය.එදින නුවර සියළු රාජ්‍ය ආයතන වසාපියනු ලැබේ.අතදරුවාගේ සිට මරණාසන්න මහල්ලා දක්වා සියල්ලෝම එක හඬින් අපමහරජ්ජුරුවන්ගේ ගුණ ගායනා කළයුතුය.තවද ඒඒ තන්හි දාර සයිස් බැනර්ද දැමියයුතුය.එහි සටහන්කළයුතු සෙත්කවි පාඨයත් රජ්ජුරුවන්ගේ මූණත්තහඩුවත් වක්‍රාකාරයෙන් සර්කියුලරයක් මාර්ගයෙන් අදාළ ප්‍රදේශවල ගම්මුලාදෑනීන් වෙත එවාපියා ඇත.ඉදින් මේ අයුරින් කටයුතු නොකරන්නාවූ කෙනෙක් වෙත්නම් ඌතුමූගේ අසුවල් ස්ථානයට හීන් කෙඳිරිය මුගුරින් තළා,කරපය මස්වා වැලිකඩ මුවහංකොක්කේ එල්ලීමට කටයුතු කරනු ලැබේ.තවද මහ කිරිබතක්ද පිසීමට කටයුතු යොදා ඇත.මෙය කුමන ආකාරයේ කිරිබතෙක්ද යත්;ඊට සහල් බුසල් සැට ලක්ෂයෙකුත්,තනකිරි කළ අසූලක්ෂයෙකුත් යොදා රජගෙදර අරක්කැමියා ප්‍රමුඛ අරක්කැමියන් විසිදහසක් විසින් හිනා ඉනා වායුව යොදාගෙන පිසිනු ලැබේ.මේසා මහත් තනකිරි ප්‍රමාණයක් කෙසේ සොයාගත ඇක්ක දැයි රටවැසියා කුකුස් නොඉපදවියයුතුය.අප මහ රාජෝත්තමයාණන්ගේ අන්තඃපුරයේ අළුත දරුවන් ලද නවයොවුන් බිසවියන් එක්සිය සැට ලක්ෂයෙක් ඇතැ.මෙම කිරිබත තුලින් අප මහරජුජුරුවන් ගිනස් රැකෝඩයක්ද තැබීමට නියමිතය.එය ලියාගැනීමට ගිනස් පොතත් ගෙන පර සුද්දෙකුද මෙම උත්කර්ෂවත් මොහොතට සහභාගී වනු ඇත.''
''කොළ ඌරුවංශය තාවිසින් නිලකළ නියා අනගිමයැ.ලේඛණයේ සුළු සුළු ග්‍රැමටිකල් එරර්ස් අතළොස්සක් ඇති නියාය.එය කරෙක්ට් කොටැපියා පබ්ලිෂ් කරවන බව සුදුසුයැ''රජ්ජුරුවෝ අණකළහ.
සත් දිනක් ඇවෑමෙන් ඕපපාතික දිනය පැමිණියේය.රජවාසළ මහ මැදමිදුළෙහි යටකී කිරිබතද උයාපියන ලදී.ගිනස් රැකෝඩ් පරසුද්දාද මෙය දැක''මයි ගෝඩ් නියාය.දිස් ඊස් අ රියල් සර්ප්‍රයිස්ල.අයි විල් ෂුවර්ලි රයිට් දිස් ඩවුන් ඉන් මයි ගිනස් බුක්ල.''යනුවෙන් තූෂ්ණිම්භූත වූවාහුය.ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ කිරිබත මුළුමණින්ම අනුභව කොටැපීය.ටෙන් මිනිට්ස් ඇවෑමෙන් රජ්ජුරුවෝ බඩ අල්ලාගෙන පරිවර්තකධාතු උත්පාදකාගාරය වෙත හුරේ රන් එකේ ගියහ.තවද ටුවෙන්ටි මිනිට්ස් ඇවෑමෙන් සැනසිළි මුවින් එළියට බට රජ්ජුරුවෝ ගිනස් රැකෝඩ් පරසුද්දා කැඳවාපියා මෙසේ කියන්නාහු''කොළ පර සුද්ද,මා විසින් එක් කිරිබතින් වාරතා ද්විත්වයක් තබා ඇති නියාය.වහ වහා මාගේ පරිවර්තකධාතු උත්පාදකාගාරයට ගොස් සටහන් කොටැගනුව''යි නිලකළහ.පරසුද්දාද එහි ගොස් එබීබලා එක් අතෙකින් නාසය වසා අනෙක් අත නළලෙහි ගසා ගනිමින් මෙසේ පරිච්ඡින්න කළ නියා සියළු රටවැස්සා දතයුතුය.
''මයි ගෝඩ්.....!!!නන් බ්‍රේකබල් රෙකෝඩ්......දිස් ඉස් හෝලි ෂිට්.......!"
පිස්සා කැරිම කැරි කොල්ලා
ReplyDeleteමැදමුලිනි මහ රජු අල්ලා
උගේ දෙක හොල්ලා
ගලක් කපතී රස පොවාලා
දේස පාලුවන් බඩ වඩති
ReplyDeleteඑළ යැ!!!
ReplyDeleteInput = Output
ReplyDeleteසියළු රට වැස්සෝ පිස්සා ගේ ලිවීමේ හැකියාව අගය කොටපිය යුතුයැ. පිස්සා ද හුදී ජනතාවගේ පහන් සංවේගය උදෙසා තව තවත් පෝස්ට වහ වහා ප්‍රකට කල යුතුමයැ.
ReplyDeleteමේ කතාව නම් ඉතා විශිෂ්ඨ යැයි සළකාපියා, වාසල දෙරටුවෙන් ධවල රථයක් පිස්සා තුමෝ සොයා පිටත් විනැ.
ReplyDeleteතෙල පිස්‌ස, තොපගේ පෝස්ටය නම් එලයයැ,
ReplyDeleteප්ට්ටය්යයැ,ලොවෙත් නැතිය යැ......
අඩේ පික්සු කොරයැ
ReplyDeleteඅනර්ඝයැ
පට්ටයැ
ඉදිරියට තව තවත් මෙවැනි පෝස්ට ලියන්ටයැ
උබට ජය පතමියැ
අඩෝ සරම, සරම!padda@ymail.com
ReplyDelete112.135.70.218