Friday, October 8, 2010

හච්....ඡිං.....Rankatha..............

ටොක්...ටොක්...ටොක්....

කවුද?......

ටොක් ....ටොක්......හච්චිං...

කවුද ?....

ටොක්...ටොක්....හච්ඡිං.ටොක්......ටොක්..හචෝස්.......

මොන මළ හෝන්තුවක්ද?මේ රෑ දොරට ගහන්නෙ..

ෂ්...ඒයි...අර පැත්තෙ එක්කෙනෙක්ද දන්නෙ නෑ.දෑත් ශක්තිමත් කරන්න ඇවිල්ලද කොහෙද?

ඩිංගක් දොර ඇරල බලන්න.

කවුද???????හත් දෙයියනේ!

කවුද ඕයි ඇවිල්ල තියෙන්නේ?මොකෝ මළ යස්සනියෙක්වත් දැක්කද?

ඔව්......

මොකක්?

ඒයි....මේ.......නැගිටිනව.....අන්න ඔහේගෙ අම්ම ඇවිල්ල.
මොන ඉලව්වකට මේ රෑ ආවද මන්ද?

හච්චිං.....හචිස්....කෝ අරූ ඉන්නවද?...හච්චිස්....මැදමුලනී පුතේ.....කෝ උඹ මයෙ අම්මා.....හචිං....හචිස්.....

මං මෙහේ මමී......ඇයි මමී මේ රෑ මෙහාට පාත්උණේ?ඔයි වයසට රෑට ඇවිදින්න නාකයි.....ඇහැක්කවෙලා මං කීන්නෙ පිණිබාන්ඩ ඇහැකි.
මොනව බොල....තෝ මං ගැන අබමල් රේණුවක් වත් හිතනව නං වල් පාහරයෙක් වගේ වැඩ කරනවද

ඌරො?

බලාපිය තොගේ කඳේ තරම?හච්චිං......හච්....කොහෙං කැපුවත් කිලෝ දෙකයි.....

රටේ මිනිස්සුංගෙ මිනීමාලු කාල කාල තරවෙලා ඒ මදිවට තව අවලං වැඩත් කොරනව....හචිස්....හචිං..තෝ පහුගිය ටිකේ කොරපු වැඩ වලට මට ඉඳහිටල හචිං ගියා තමයි......දැං ඕයි මිනී පෙට්ටියෙ ඇණ ගැලවිලා යන්නම හච්චිං යනව.හච්ඡිං......හචිං..... හච්චෝස්.........

ඕං මං නොකිව්වයි කියන්න එපා....අරූ වහාම නිදහස් කොරල දාපං.නැත්තං තොට හෙණ ගහන්නෙ ඇරියසුත් එක්ක.හච්චිං......හච්චිං....‍
කෝ..... ගියාද? මළ යස්සනී.....

එහෙම කියන්න එපා ඒයි. අපේ අම්ම නේ....හරියට හචිං යනව......

7 comments:

  1. හච්චෝස්………!!

    ReplyDelete
  2. පිස්සුම තමයි

    ReplyDelete
  3. සිරාවට දවසක් කීදෙන්කෙක් අම්ම මතක් කරනව ඇත්ද king මැදමුලන ගේ

    ReplyDelete
  4. බලපං උඹෙ අම්මටත් හච්චිං යනවද කියල. පාහරයෙක්ට අමුඩෙ නැතුව වන වන කඩේ යද්දීpadda@ymail.com
    112.135.65.210

    ReplyDelete
  5. හෆොයි හබෑටම උන්දට යනවා ඇති නේන්නම් හචින් මේ උබ කිව්ව වගේම . . හික්ස්

    ReplyDelete
  6. සුදු කොඩි කතාව ඇහෙන කොට කලවැද්දගෙ අම්මට ගල් පීනස හැදිච්ච ගානට හච්චිං යනව ඇති.padda@ymail.com
    112.135.70.218

    ReplyDelete