Friday, May 21, 2010

එළ පවුසි!!!!ඔහොම යං.....

''පාරු පාළමෙන් කොළඹට ගැල් පේලිය සැපත් උණා......''

වෑර්ලස් එකේ නහුතයට සිංදු යයි.

සීයා සුබ අනාගත වංගෙඩිය එක අතකින්ද කුසලානය අනෙක් අතින්ද අරගෙන පිළ උඩ ඈඳි ගත්තේය.
''බොලං කොලුවො මට මෙන්න මේ විට කොටල දීහං......"

මම සුබ අනාගත කොළ දෙකක් දමා විට කොටන්නට පටං ගත්තෙමි.

"ඈ....සීයෙ..අද කාලෙ වගේ ඒ කාලෙත් කොළඹට නප්පියට වැහැල ගලන්ඩ ඇති නේද?ඒක නේ පාරු පාළමෙන් ගැල් පේලියක් ගිහිල්ල තියෙන්නෙ."

''අනේ උඹ දන්න උලව්ව..කතාව තියල මට ඕක කොටල දියං"

"ඒක නෙවෙයි සීයෙ දන්නවද වැඩක්,අපේ මහින්ද අංකල්ගෙ සැට් එකේ එළ පවුසි උන්නැහැ කොළඹ ඔක්කොටම හිටු කියල ගංවතුර ආදාර දෙනවලු.අප්පට හුඩු!මිනිස්සු පැන පැන ගන්නවයි කියන්නෙ.එසේ මෙසේ ගාණක් නෙවෙයි එක්කෙනෙකුට රුපියල් වලින්ම පණස් හතරක් දෙනවලු.''

"හ්ම්"

''හැබෑට සීයෙ රුපියල් පණස් හතරකින් මොන තරං දේවල් කොරංට ඇහැකිද?හොඳයි අපි ගණං හදල බලමු.

*රෝල්ස් රොයිස් කාර් එකක් ගන්න -රු 10

*ගෙදර බඩු මුට්ටු කාර් එකට දාගන්න නාට්ටාමි කෙනෙකුට-සත 2

*ගංවතුර නැති තැනට එනකං කාර් එක දාගෙන එන්න බෝට්ටුවක් ගන්න-සත 50

*බෝට්ටුවෙ යන ගමං කන්න පිට්සා 6 කට-සත 1

*බෝට්ටුවෙ ඩැයිවරට ටිප් එක-සත 1

*කාර් එකට පැට්ටල් ගහන්න-සත 2

*වෝටස් එජ් එකෙන් දවල්ට කන්න-රු 3

*කකුල් වල හිරිවාතෙට පාරලිමේන්තුවෙ පාමසියෙං බේත් ඩිංගක් ගන්න-සත 4

*උඩ රටින් තේ වත්තක් එක්ක බංගලාවක් ගන්න-රු 20

*රෑට හීතල යන්න ගෑණියෙක් ගන්න-රු-10

*බංගලාවෙ වැඩකාරයින්ට පඩි ගෙවන්න-සත 7

*හිච්චි පුංචිගෙ මේකප් වලට-සත 30

*ඇල්ටේසන් බල්ලෙක් ගන්න-රු 2.50

*බලු බිස්කට් වලට-සත 50

*පොකට් මනි වලට-රු 4

*වැට් බද්ද-සත 30

*පරිසර බද්ද-සත 20

*ආරක්ෂක බද්ද-සත 50

*ජාතිය ගොඩනැඟීමේ බද්ද-රු 1

හත් ඉලව්වයි සීයෙ!ඒත් තව රුපියල් හතරක් ඉතුරුයි නෙවැ.මේකෙං මක් කොරන්නද?"
''හතරක් ඉතුරුද?මෙහෙ වරෙං මං උඹට කියාදෙන්න."

මම ආරක්ෂාකාරීව පසු පාදට පෙරට තබා සීයාට කිට්ටු කළෙමි.

"ඔය රුපියල් හතර ඉස්සෙල්ල දෙකේ කාසි වලට මාරු කරගං.

ඊට පස්සෙ ගහගණිං   ........................"
මේ උදාන වාක්‍යය ඇසීමෙන් පසු මට නියම අයිඩියාවක් පහළවිය.

''අපි පවුසි මාමට කියමු ඔය රුපියල් පණස් හතරම දෙකේ කාසි වලට මාරු කරල ගහගන්න කියල   ....................."

12 comments:

  1. හික්, එල පවුසි කතාව!

    ReplyDelete
  2. koheda gahaganne??? mata eka click wune neha!!

    ReplyDelete
  3. එල පවුසි එල . . .. !

    hik hik

    ReplyDelete
  4. මරු මචෝ මරු..

    ReplyDelete
  5. මචං මට නිකමට වගේ මතක් වුනේ,
    මම කල්පනා කරා ඇයි සීයා දෙකේ කාසි වලටම මාරැ කරගෙන එන්න කිව්වේ ඇයි කියලා. ඉස්සර නම් සීයා කියන්නේ රැපයලේ කාසි වලින් ගේන්න කියලා. පස්සෙයි මට කාරණේ මතක් වුනේ. පහුගිය ටිකේම ආණ්ඩුව අපිට ...කේ ඇරලා ඇරලා දැන් ලොකු වෙලා... දැන් රැපියල පොඩි වැඩියි....

    අසභ්‍යයි වගේ නම් කියවලා අමතක කරන්න. ඒත් ඉතින් පිස්සාගේ කතාවට තවත් පිස්සු කතාවක් විතරයි.

    ReplyDelete
  6. අයියා සෙන්පෝක වස්තුව ලියන එක නැවැත්තුවේ ඇයි ?

    ReplyDelete
  7. හික්.. හික්.., එල පවුසි....

    ReplyDelete