Monday, April 19, 2010

ආතතිනන්ද eunuched

සිංහාසනාවරණයේදී මහජන මතය කොල්ල කෑම පිළිබඳව වහෙන් ඔරෝ භාශාවෙන් හෙළිකළ ආතතිනන්දයාගේ කථාව අසාපියා රටවැසියාගේ කුකුස් වැඩී ඇති නියා රජ්ජුරුවන්ටද ආරඤ්චි විය.මෙවිට රජ්ජුරුවෝ වහ වහා හසුන් පතක් යවා ආතතිනන්දයා රජ මැදුරට කැඳැවූහ.රජ්ජුරුවෝ සිය හසුනෙහි වැඩිමනත් සඳහන් කරන්නාහු

''එම්බල ආතතිනන්දය,තොපි විසින් සිංහාසනාවරණය නිමකළාහු මාගේ චිත්ත ප්‍රසාදය වැඩී ගියේය.ඉදින් තා හට පඬුරු පාක්කුඩම් ආදිය දෙවාපියන්නට අපි වනාහි නොයිවසිල්ලේ පසුවම්හ.ඉදින් සෙට දින උදාසනක්සේම ඉස්සෝධා නාපියා වරෙව.හා පුරා කියා පැමිණෙන්නාහු රජ මැදුරට සිස් අතින් පැමිණිම නොකටයුතු යයි හඟිමි.එසේ හෙයින් තා රවුල බානා දැළි පිහියද මනාකොටැ මැදැපියා මිටින් ගෙන වරෙව.ඇඹැනියන්දෑත් කැටුව එන දෑ නම් වඩාලාමත් යහපත් වන නියායැ''යි ලියා යැවූහ.

ආතතිනන්දයා ද රාජ ප්‍රසාද කෙරෙහි ලෝභවැ පෙර නිලකළ පරිද්දෙන්ම රජ මැදුරට යන්නාහු දොරටුවෙන් ඇතුළුවෙන්නා හා සමඟම රජ්ජුරුවෝ ඌතුමූ කණ් කෙටියෙන් ගෙනැ කළුවර කුටියකට ලාපියා නොඑක් කැට මුඟුරු ආදියෙන් තැළූහ.අවසනැ ඌතුමූ නැවතත් භක්ෂිශීලයා හමුවට පමුණුවාපීහ.
මෙවිට භක්ෂිශීලයා කියන්නාහු,''කොල නිවටය හුදෙක් රජ්ජුරුවන්ටම නතුවවයි අප ඇම කියා තිබියදීත් රට වැසියා කුපිතවැ යන නියායෙන් සිංහාසනාවරණ අවසන මුඛරි බස් දොඩාපීහ.තොපි වනාහි අපහට පිළිලයක් වන්නට කාරණා යෙදෙමින් තිබේ.උදක්ම තා කැඳවන ලද්දේ ප්‍රසාද දීපියන්නට යයි සිතුවාහුද?කිසිසේත් නැත.තොපගේ අනාගත අභිවෘද්ධිය ඉදින්‍ මෙවක් පටන් මම්මැ නිළකරවමි.තොපගේ නර්තන විලාශය අප ඇමට නොගැලැපේ.තොපගේ වයසටද නොගැලපේ.ඉදින් මෙම රෝගයට හේතුපාදක වන්නාවූ අවයවය සුළු ශල්‍යකර්මයක් මඟින් ඉවත්කොටැපියා මුඹගේ රෝගය දුරුකැර ලන්නට අප ඇම තීන්දුකොටැපියන ලදී.තොපගේ රවුල බාන්නාවූ දැළිපිහිය මෙහි දෙව.තොපගේ අසුවල් ස්ථානයේ පිහිටි මටසිළුටු මස්පිඬු යුගලය ඉවත්කොටැපීම අපගේ කරාඹන්නාචාර්ය මර-විණ ශෛලවයා විසින් මානුෂීය අයුරින් සිදුකරනු ඇත.එතෙකුදු වුව නොබව මැනව.මෙයින් තොපට අභිවෘද්ධියක්ම වන්නේය.තවද තොපගේ සංවේදී භාවයට කිසිදු හානියක් කිරීමට අප මහරජාණෝ නොකැමතිය.එබැවින් අසුවල් අවයවයේ සංවේදී කොටස ශල්‍යකර්මයට භාජනය නොකරන්නාහුය.මෙනයින් බලාපියන කලැ තොපිද අප ඇම මෙන් අතිශය සංවේදී පුද්ගලයකු වනු ඇත."
මෙසේ භක්ෂිශීලයා විසින් නිලකරන ලදුව මර-විණ ශෛලවයාගේ ශ්‍රී හස්තයෙන්,ශුභ මුහුර්තයෙන් ආතතිනන්දයාගේ කරඅඹාපියන ලදැයි දතයුතුය.

8 comments:

  1. ඒක මරු කතාව.. (දෙශපාලන අදහසක් නොවේ ) තොපගේ බස අනගිමයැ..

    ReplyDelete
  2. ආතතිනන්දගෙ විතරක් නෙවෙයි කර අඹල තියෙන්නෙ.
    කර අඹන්නම අවශ්‍ය එව්වන්ගෙ අඹන්නෙ නැති පාටයිනෙ ඒ වුණාට....

    ReplyDelete
  3. Just love your stories,

    just one insignificent point though:
    " Delipihiya manakota mainahamen meda "
    " Maina hama " is actually bellows used in smelting iron, what's used for sharpening a " Delipihiya " is a strip of leather called Strop, I don't know the correct Sinhala word.

    ReplyDelete
  4. You are Welcome,

    And keep up the Good work, it's just amazing

    ReplyDelete
  5. මට මතක හැටියට, " කරගල " කියලා කියන්නේ Strop කියන එකට.

    කපුගේ ශූරීන් ගේ සින්දුවකත් තියනවා.
    " කර ගල ග ගා එන්න - කරණවෑමි සොහොයුරාණෙනී " කියලා.

    මෙන්න මෙතන ඒ සින්දුව තියනවා.

    http://boondimusic.blogspot.com/2009/11/gunadasa-kapuge.html

    ReplyDelete
  6. ඔබ නිවැරදි විය හැකිය.දැළිපිහියට "කරය" යනුවෙන් සඳහන් කර තිබෙනු පිස්සාට පොත් කිහිපයකම හමුවිය.එබැවින් කරය මුවහත් තැබීමට යොදාගන්නා උපකරණය කරගල ලෙස හැඳින්වීම නිවැරදි යයි පිස්සාටද සි‍තේ.

    ReplyDelete
  7. How come this piece of crap considered to be a good work?

    ReplyDelete