Friday, April 16, 2010

තෙන්දුල්කාර් මල්ලීගෙන් බෙකම් අයියාට....

‍ආදරණිය බෙකම් අයියාට කිරිකැට් පිට්ටනියේ සිට ලියමි,

මචං අයියේ,

උඹටත් කකුලේ අමාරුව හොඳකරගන්ඩ ලංකාවට එන්ඩ කියා මහ රජ්ජුරුවන් ලියුං කෑල්ලක් එවූ බව අසා තකහනියක්ම මෙය ලියන්නට හිතුණි.මගේ වාත අමාරු සියල්ලම රජ්ජුරුවන්ගේ දෙමුහුන් වෙදා සනීප කර ඇතැයිද මම පුල් ජොලියේ බල්ටි ගසමින් සිටිනු ඇතැයිද උඹ හිතන බව මට හැඟෙයි.

උඹට කියන්ඩ අයියේ ලංකාව මාර රටකි.දැන් එය ටිකෙන් ටික ආශචර්යමත් වෙමින් යයි.ම‍ගේ වාත අමාරුවට ඔය වෙදා හමුවී ප්‍රතිකාර ගන්නට ලැබුණේද මගේ පූරුවේ කරුමයකටමය.

මිනිහාගේ ප්‍රතිකාර ආශ්චර්යමත්ය.ඉතින් මට තිබුණු අමාරුව හොඳයි කියා සිතුණි.ඒ බව නොකියා මම රජ්ජුරුවන්ටද බටර් පාරක් උලා යන්තම් මෙහාට පැනගත්තෙමි.නැත්නම් මටද නම්බු පිටින්ම සුදු වෑන් රතයක යන්නට ටිකැට් කෑල්ල ඇදෙනු ඇති බව මට කීවේ රජ්ජුරුවන්ගේ කෝකියාය.ඉතින් මම රජ්ජුරුවන්ට පේන්නට සැලියුට් පාරක් දමා පොටෝ කෑල්ලක්ද ගන්නට ඉඩදී වාත අමාරුව ‍ඩබොල් කොරගෙන ගෙදරට පංගාර්තු වුණෙමි.

උඹෙ මොළේ තාමත් ඔළුවේ ඇතැයි මට හිතෙන නිසා වැඩිදුර විස්තර නොලියමි.රොසපාටට දිළිසෙන රණවිරු මාක් කකුලක් දානෙ පාපන්දු ගහන්න උවමනාවක් තියෙනවනම් ලංකාව පැත්තෙ ගිහින් වරෙන්.

උඹට අතුරලියේ රතන හාමුදුරුවන්ගේම සරණයි.

මම නවතිමි.

මම උඹේ බොක්කෙන්ම ෆ්‍රෙන්ඩා,

සචින් මල්ලී.

10 comments:

  1. නියම කතාව........

    ReplyDelete
  2. හෙහෙ, එල කතාව

    ReplyDelete
  3. නියමයි නෙ...

    ReplyDelete
  4. බලාගෙන උඹව හොයාගෙන එයි සුදු වෑන්

    ReplyDelete
  5. රන්ධීර්April 16, 2010 at 1:08 PM

    පෝස්ට් එක කියවා පැමිණි නිගමනය:
    ද්වේශය පළ කිරීම විනා එක්සත්ජාතික පාක්ෂිකයන්ට තවත් කිරීමට දෙයක් ඉතිරි වී නැත.

    ReplyDelete
  6. රන්ධීර්April 16, 2010 at 1:09 PM

    වාත අමාරුව ඩබල් උනානං ක්‍රීඩා කරන්නේ කෙසේදැයි කියා දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  7. පිස්සාට ලැබුණු network attack එක ගැන ඔබතුමාගේ නිගමනය කුමක්ද?ඒව යහපත් චේතනාවෙන්ම කරන ඒව වෙන්ඩෑ.

    ReplyDelete
  8. dostharala inne lankawe vitarak nowana nisa

    ReplyDelete
  9. pala h****** kollo yanna

    ReplyDelete
  10. The government is not worried about 50 cent bloggers like you. get a life your UNP supporter.

    ReplyDelete