කල් යල් බලාපියා ඌරුවංශයාගේ නියමය පරිද්දෙන් රජ්ජුරුවෝ සිංහාසනාවරණයට දින නියම කැරවූහ.ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ආතතිනන්ද නම් මහළු පුරුෂයෙකුට පවරන ලදහ.
මෙහිදී කිසිවෙකුත් නොසිතූ විරූ දෙයක් සිදුවිය.එනම් සංසාරගතවැ ජන්මාන්තර වෛරයෙන් පෙළෙන්නාවූ වේදේහයාද,ඝණ්ඨාර භාරකාර සෞම්‍යවඞ්ශිකයාද සෙන්පෝකයාට සහාය පිණිසැ පැමිණියේල.එය කෙසේ සිදුවීදයත් වේදේහයාද,සෞම්‍යවඞ්ශිකයාද ඒඒ තන්හි සිය පිරිස් රැස්කරවාපියා මෙසේ අණබෙරලැවූ යයි දතයුතුය.
"ශරීරයේ අධෝභාගයේ වුවැ මංචාඩියක පමණ වුවැ ඉස්මොළ පිහිටියාවූ මහජනතාව වෙත බුද්ධිගෝචරවය,තෙල සිංහාසනාවරණයෙකැයි තොපි ඇම මුළාකොටැපියා ස්වකීය බඩගෝස්තරවාදී ඨානාන්තරය රැකගන්නට රජතෙමේ මානබලයි.ඉදින් ඒ වළකාපියනු පිණිස තොපි ඇම පරික්ෂ්‍යාකාරීවුව මනාය.අප ඇමගේ මහජන ප්‍රසාදය ලැබපියා උක්තවූ බඩගෝස්තරවාදයෙන් තොපි ඇම ගලවාගනු පිණිස හංස ධජය පෙරැටුකොටැගෙන මහසෙනෙවි සෙන්පෝක තෙමේ පැමිණෙන්නාහ.හුදෙක් උන්හට නතුවව.ඌ තුමූ සිංහාසනාරූඪ වූ ඇසිල්ලෙන් තොපි ඇම සමෘද්ධ කොටැපියනු නියතය."
මේ අසා මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ප්රමුඛ අසූ කෙළක් ඇමැති මඬුල්ල අත්ලෙන් අත්ල ගසා සෙනෙන්නාහු මෙසේ පරිච්ඡින්න කොටැපීය.
"කොළ මුග්ධ රටවැසියනි,තෙල වේදේහයාත්,සෞම්‍යවඞ්ශිකයාත් ජන්මාන්තරවැ වෛරයෙන් පෙළෙන්නාහ.ඉදින් කිසිකලෙකත් උන් දෙපළ අතර සමඟි සංධියක් ඇතිවිය නොඇක්ක.තොපි මුළානොවව.රජ්ජුරුවෝ වනාහි අතිශය සංවේදි පළපුරුදු එකෙක.උන් වනාහි පාරම්පරකවැ සතළිස්දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කොටැ ඇත්තාහ.සතළිස්දහසක් හවුරුදු යුවරජකම් කොටැ ඇත්තාහ.සතළිස්දහසක් හවුරුදු රජකම් කොටැ ඇත්තාහ.උන්ගේ පළපුරුද්දැ මහතැ.හුදෙක් මහරජ්ජුරුවන්ටම නතුවව.ඌ තුමූ තොපි ඇම ගසාකාපියනමුත් එය සංවේදීවමැ කරන්නාහ.
මේ සියල්ල අසාපියා මහාජනයා චඤ්චල සිත් ඇත්තාහු.රජ්ජුරුවන්ගේ කවටබස් මරුත්තු නොකොටැ සෙන්පෝකයා පිරිවරාගත්තාහුය.
රජ්ජුරුවෝ මේ බව පාරම්පරික ශබ්දයෙන් දැනපියා මහත් භීතියට පත්වන්නාහු "කොළ දැන් දැන් සෙන්පෝකයාගේ මහජන ප්‍රසාදය වැඩෙන්නේය.තෙල ඌරුවංශයා මා මේ මරඋගුලට අසුකොටැපීය.මෙවිට මා නැතැ.වහ වහා ඌරුවංශයාම කැඳවාපියා කළමනා දන්නෙම්වේදැයි"සිතූහ.
ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ ඌරුවංශයා කැඳවා විචාරන්නාහු"ආචාරීනි මුඹගේ උපාය වනාහි දැන් දැන් සාධනය නොවනැ අයුරුය.සෙන්පෝකයා මහාජන ප්‍රසාදය වඩාගෙනැ ඇතැ.මෙවිට අප ඇම කුමක් කරමෝදැයි"ඇසූහ.
මෙවිට ඌරුවංශයා කියන්නාහු"මහරජ තවද ඇම්මුන මැනව.දැන් ඉදින් අප විසින් මණ්ත්‍රණයකොටැපියන ලද අයුරින් රට වැස්සා වඤ්චාකොටැපීම දුෂ්කරය.මුඹ වහන්සේගේ බටු මලණු තැන්පත් භක්ෂිශීලයා හා මා හා එක්වැ එක් උපායෙක් සිතාපියන ලදී.මේ හා සමාන අනෙක් උපායෙක් නැතැ.මේ වනාහි ජිල්මාට් නම් උපක්‍රමයෙකැ"යි රජ්ජුරුවෝ අස්වසාපීහ.
Tuesday, March 2, 2010
සෙන්පෝක Revolution
Subscribe to:
Post Comments (Atom)
කියලා වැඩක් නෑ....... සුපිරියටම ලියලා තියෙනවා......!! මට OL වල සිංහල සාහිත්‍ය පොත මතක් වුනා ...........!! :)
ReplyDeleteඉතින් ඊට පස්සේ..........
ReplyDeleteලියහං ලියහං, යකෝ අල්ලලා යනවා නොවැ.
ReplyDelete"ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ආතතිනන්ද නම් මහළු පුරුෂයෙකුට පවරන ලදහ."
"ඌ තුමූ තොපි ඇම ගසාකාපියනමුත් එය සංවේදීවමැ කරන්නාහ."
"මේ වනාහි ජිල්මාට් නම් උපක්‍රමයෙකැ”යි රජ්ජුරුවෝ අස්වසාපීහ."
අපේ පත්තර ඇත්තෙක් මේක කොලළමකට වත් දැම්මොත්, වැඩි පිරිසකට කියවන්න පුළුවන් වෙයි.
පුළුවන් නම්ෙම්ක පත්තෙර් දාන්න. අභියෝගයක්.
ReplyDeleteela ela :D
ReplyDelete