උත්තර පංචාල නුවරත්,මියුලු නුවරත්,ඒකබලරට සංඛපාල නුවරත් පිළිගත්තාවූ එක් ධර්මතා න්‍යායක් පවතී.එනම් ගොක් ගොළ න්‍යායයි.මෙය කෙසේ නම් න්යායක්දයත් මෙය භාවිතයට පැමිණෙනුයේ කිසියම්වූ මනුෂ්‍යයෙකුට ගොක්කොළ පෙනෙන කාලයේදී හෙවත් චුත වීමට ආසන්න කාල පරිච්ඡේදයේදීය.මෙයින් කියැවෙනුයේ කෙසේ නම් කරුණක්දයත් ඉදින් කිසියම් දෙපාර්ශවයක් අතර සෝලියක් අටගෙනැ උනුන් මරාපියාගන්නා කලැ කිසියම් පාර්ශවයෙක් අප්‍රමාණවූ මරණ භයට පැමිණුනාහු දිවිගලවාගනු කැමැත්තේ නම් ගොක්කොළයක් ඔසවා අනෙක් පාර්ශවයට ප්රදර්ශනයකොටැපියයුත්තේය.එවිට අනෙක් පාර්ශවය මෙසේ අවබෝධ කොටැ ගැනීම යුක්තය.
ඒ කෙසේදයත්,තෙල නිවටයා වනාහි අප්‍රමාණ මරණභයට පත්වැ ඇත්තාහ.මේ තාක් කල් අප ඇම මරාපියන්නට පාරම්බෑ මුත් දැන් වනාහි මූගේ ශක්තිය සිඳී ගියේල.ඉදින් මූගේ දිවිගලවාපීම නම් යහපතැ.එවිට අප ඇමට කෙළතොළුකම් කටැපියනු පිණිස මූ තුමූ උපයෝගී කොටගතඇක්ක.මූ දැන්ම මරාපීම යුක්තනොවේ.කල්යල් බලාපියා පසුව මරවනු පිණිස මූගේ දිවි ගැලවීම යහපතැයි යනුවෙනි.
මෙම න්‍යාය කවර ආකාර බුද්ධිමතකුගේ අදහසක්ද යත්,අන් කිසිවෙකු නොව අප මහරජාණන් විසින්මැ සිතාපියා පරිච්ඡින්නකොටැ කෝලිත පහන නම් විධග්ද ,මුග්ධ පුරුෂයකු ලවා පුස්කොලයෙහි ලියවා අටළොස් වරක්ම කළුමැදපියන ලද්දකැයි දතයුතුය.
නියම theory එක. කෝ මචං සෙන්පෝක කතා වස්තුවේ ඉතුරු ටික???? ඒවා ඉක්මනට ලියපන්
ReplyDeleteela ne
ReplyDeleteඋඹ නං මාර ඩයල් එකක් බං.the most creative writer in sinhala
ReplyDelete