මේ සා මහත් අනුහස් ඇති කෘතගුණ අමුඩය හැඳැපියා රජ්ජුරුවෝ මහාජනයා අමතන්නාහු මෙසේ පැවසූහ.
"මාගේ මුග්ධ රටවැසියනි,තොපි ඇම කිරුබාහරයාගෙන් ගලවාපියන ලද්දේ මම්මය.වැළිත්,මේ මා ඇඟි කර්තව්‍යය කටැපියන්නට යාමේදී මා අට පැමිණි බාධක මෙවිචරකටැයි කිව නොඇක්ක.වෙනෙකෙක් තබා උතුරුකුරු දිවයිනෙහිද මා අට එරෙහිවැ කිරුබාහරයා විසින් සෝලි කරවන ලදී.මම් වනාහි මේ එකදු සෝලියෙක් පයිසයකටවත් මාඉම් නොකොටැ මාගේ කර්තව්‍යය ඉෂ්ඨ කෙළෙමි.තොපි ඇම මාගෙන් වෙන කිසිවක් නොඉල්වූ විරූය.හුදෙක් මා හට කළගුණ සළකාපියව."
තවද පදිරික්කා නම් එක් වෙසඟනෙක් ලවා මෙවැනි ප්රවෘත්තියෙක්ද රට පතළකොටැපීය.
"කිරුබාහර සෝලියේ අවසන් භාගයේදී,ඌ තුමූත්,ඌටම කම් කරන්නාවූ මහ නැඩයාත් පුල්ලි දේවයාත් අප්‍රමාණ මරණ භයට පත්වැ ගොක් කොළයක් පෙරටු කොටැගෙන පැමිණෙන කළැ උන් ඇම සාධාපියවැයි "අන්න පොබය" විසින් මාගේ උප සෙනෙවි කොල්ලෙකුට කියනලදැයි කියා සෙන්පෝකයා අසුවල් ස්ථානයේදී පවසා ඇතැ.හුදෙක් අප නම් එවැනි අපරාධයෙක් නොකළ විරූ නමුත් එවැනි යුද රහසක් හෙළිකොටැපීම නම් මහත්වූ අපරාධයෙක.එයින් අප ඇමගේ සෙළුව හෙළිවන්නේයැ.අප වනාහි කිරුබාහරයා සාධාපියන ලද්දේ මානුෂීය ආකාරයටමය."
තවත් නොඑක් වන්දිභටිටයන් ලවා මෙවැනි චෝදනාවෙක්ද සෙන්පෝකයාට කළේ යැයි දතයුතුය.
"සෙන්පෝකයාගේ බෑණනුවන් වනාහි ධන-ඌනයාය.කිරුබාහර සෝලියේදී සෙනෙවි කොල්ලන්ට රා පෙවීම පිණිසැ හයිය කෝප්ප ගෙන්වීමට භාරගත්තාහු නම් මේ ධන-ඌනයාමය.ඉදින් එහිදී ධන-ඌනයා හයිය කෝප්ප නොගෙන්වා කුඹල් කරුවන් හට අත්ලස් දෙවාපියා කොකු කැඩුණු කෝප්පම ගෙන්වාපීය.මේ වඤ්චාවෙන් මූ තුමූ මෙවිචරකටැයි කිව නොඇකි මහත්වූ ධනස්කන්ධයෙක් උපයාගන්නා ලදහ.මූ වනාහි සොරෙකැ."
මෙසේ ෂඩිවිධ ආකාර ජිල්මාට් යොදාපියා මහාජනයා නොමඟ යවා සිංහාසනාවරණය දින සෙන්පෝකයා පැරැද්දූහ.
"ධන-ඌනයා හයිය කෝප්ප " niyama kella bro....
ReplyDeletebtw mokada mechchara keti....
kathawa thawa tikak liwwanam thama hoda. anika den katha danna parakku wenne mokada ???
mervin silvano genath liyapankoooo.....
ReplyDeleteexcellent
ReplyDeleteela ela
ReplyDelete