මෙසේ නග්නභාවයට පත්වූ රජ්ජුරුවෝ ප්රමුඛ අඳබාලයන් රැළ තම නව උපායමාර්ගයේ තීක්ෂණභාවය පිළිබඳව ගත හිරිපොළා ගියාහු තම සෙළුව පිළිබඳවැ අංශුමාත්‍රවූද අවධානයෙක් නොමැතිව සුරා පානයෙන් මත්වැ නිඝණ්ඨ රැළක් මෙන් සෙළුවෙන්ම නටන්නට පටන්ගත්හ.මෙසේ තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ නටාපියා අවසන්වැ සිහි එළඹගත්තාහු තම තමා නිරුවත් බව දැන දැනත් අනෙකාගේමැ අසුවල් අවයවයැ පෙන්නාපියා උසුළු විසුළු කරන්නාහ.
"කොල,තොපේ සළුව කොහිදැ?ඉදින් අපිනම් නග්නවැ වෙසෙන්නට විළි ඇත්තම්හ.වහ වහා සළුවක් ඇඳපියව"යයි එකිනෙකාටමැ විසුළු කොටැපියන්නාහ.
මෙවිට උදාසනක් සේමැ රජවාසළ පැමිණියාවූ දොරටු පල්ලෙක් විළි වැදැ තෙළ නිඝණ්ඨ රළ අමතා මෙසේ කියන්නාහ."මහරජ බලුගැත්තා ගැන කමත්වා.මුඹ වහන්සේ ප්රමුඛ අසූ කෙළක් අමාත්‍ය මණ්ඩලයේද,ඌරුවංශයාගේද නිරුවත හෙළිවී ඇති නියාය.ඉදින් මහාජනයා කැට මුඟුරු ගෙන අපි ඇම පළවාපියන්නට පෙර යම්තම් වස්ත්‍රයෙක් වත් ඇඳැපීම යුක්තවන්නේනම් මැනැවි".
එකල්හි උන් ඇමගේ පශ්චාත්භාගයන් සීතලවැ ගියාහු මහත්සේ බියපත්වැ තූෂ්ණිම්භූත වූහ.රජ්ජුරුවෝ වහ වහා ඌරුවංශයා විචාරන්නාහු"බලව තගේ නුනුවණකම් නිසා අප ඇමගේ ඇඳිවත ගැලැවුණු නියාය.වහා සුදුසු සළුවක් ගෙන්වාපියා අපට අඳවාපියව.නොඑසේනම් හුණපත්තෙන් මරවා පිටිකරැ ගස්වමි"යි කීහ.
ඌරුවංශයා නොපමාවැ රාජ භාණ්ඩාගාරය විවෘතකරවා සැටකෝටියක් සළු ගෙන්වාපියා රජ්ජුරුවන් විළි වසන්නට තැත්කළමුත් එකදු සළුවෙක් උන් හිණැ නොරැඳෙන්නේය.
එම සළු කිහිපයෙක් වනාහි මෙසේ යයි දතයුතුය.
01.ඒකීය රාජ්‍ය සළුව
02.විදේශ කුමණ්ත්‍රණ සළුව
03.මැදමුලනී චින්තන සළුව
04.පණ ඇති නායකත්ව සළුව
05.සෞඛ්‍ය අභිවෘද්ධි සළුව
06.මරක්කයාගේ පන්කෝටියේ අත්ලස් සළුව
07.කලා අභිවෘද්ධි සළුව යනාදී වශයෙනි.
මේ කවර සළුව ඇන්දද උන්ගේ සෙළුවමැ පෙනේ.එකල්හි ඌරුවංශයා රජ මාලිගයේ අටු කොණෙක තිබී වියතෙක පමණ ගොරෝසු රෙදිකඬක් සොයාපියා රජ්ජුරුවෝ හැඳවූහ.එයින් යම්තම් උන්ගේ විළි වැසුණු නමුත් එහි සිටි නොඑක් ආකාර මැක්කන් ආදිය කෑමෙන් අසුවල් ස්ථානයේ බලවත් කැසිල්ලක් අටගත්තැයි දතයුතුය.මේ කැසිල්ල කරණකොටැගෙන රජ්ජුරුවෝ මහාජනයා අමතාපියන තැන් වලදී හිටවනමැ දෑසින් කඳුළු වැගිරෙන්නේයැ,හිටිවනමැ නිරුත්තර වන්නේයැ,හිටිවනමැ උන්තැන් අමතකවැ සොළී බසින් රටවැසියා අමතන්නේයැ,හිටිවනමැ කෝප වන්නේයැ.
මේ මහාර්ඝ සළුව වනාහි කෘතගුණ අමුඩය නමි.
හිටවනමැ දෑසින් කඳුළු වැගිරෙන්නේයැ,හිටිවනමැ නිරුත්තර වන්නේයැ,හිටිවනමැ උන්තැන් අමතකවැ සොළී බසින් රටවැසියා අමතන්නේයැ,හිටිවනමැ කෝප වන්නේයැයි දතයුතුය.
ReplyDeleteමේ මහාර්ඝ සළුව වනාහි කෘතගුණ අමුඩය නමි.
Sira part eka ban. mama mekenuth weiyenma aasa
සොළී බසින් රටවැසියා අමතන්නේයැ, kiyana part ekata. ohoma yan mchn ohoma yan
සොළී බසින් රටවැසියා අමතන්නේයැ.............. MaXa bangz
ReplyDeleteHikz..........!!
ReplyDeleteකියලා වැඩක් නෑ...............!
ReplyDeleteමරේ මරැ.....
ReplyDeleteකෘතගුණ අමුඩය මහාර්ඝ සළුවකි ....
ReplyDeleteමරැ…..
ඇයි බං, දේශප්‍රේමී සළුව . . .
ReplyDeleteI juz came to ya site and I read all ya posts. Honestly enjoyed a lot by reading.
Keep it up bro. Wish ya all the best. tc.
බොල කොලුවෝ…උඹේ කතාව නම් පංකාදුයි…
ReplyDeleteබොල කොලුවෝ...උඹේ කතාව නම් පංකාදුයි...
ReplyDeleteමෙසේ නග්නභාවයට පත්වූ රජ්ජුරුවෝ ප්රමුඛ අඳබාලයන් රැළ තම නව උපායමාර්ගයේ තීක්ෂණභාවය පිළිබඳව ගත හිරිපොළා ගියාහු තම සෙළුව පිළිබඳවැ අංශුමාත්‍රවූද අවධානයෙක් නොමැතිව සුරා පානයෙන් මත්වැ නිඝණ්ඨ රැළක් මෙන් සෙළුවෙන්ම නටන්නට පටන්ගත්හ.
ReplyDeleteකදිමයැ.තා නම් ඉතා බුහුටි ලියන්නෙක.
මෙසේ හුරුබුහුටි ලෙස ලියන්නට තා උගත්තේ කොතනින්ද? තොපගෙ මේ සෙන්ෆෝකවත කියවීමෙන් අප පිනා ගියෙමු. එසේ අප පිනා ගියෙ සෙන්පොකයා කල අපරාදය නිසා නොව , එම අපරාද කරුවන් තතු අපවන් හුදී දන හට හෙලිකොට නිසායයි දත යුතු.
ReplyDeleteඅප කොමෙන්ටුව දොස් සහිත බැව් දුට්මි. "සෙන්පෝකයා කල අපරාද" යන්න " සෙන්පෝකයාට කල අපරාද " ලෙස ගත යුත්ය.
ReplyDeleteමැනැවින් ලියා ඇත. අපි හුස්ම එලවා ගත නොහැකිවැ බිමැ පෙරෙලෙමින් සිනා සි සී අඬන්නමෝ වමු. සිනා තෙපි කියන බස බුහුටි නිසාත් හාසය උපදවනා නිසාත් යැ. හැඬුම් එන්නේ තෙපි ලියන දැයෙහි නිදාන ප්‍රත්‍ය සැබවක් නිසා හා 'මළවදේ' දිනපතා පෙනෙන නිසාත් ය.
ReplyDeleteනියමයැ.... මරුයැ.....
ReplyDeleteඉඳින් කඳ මැදින් දෙකට නැමී
හිස බිම හොත්තේ
සිනහ නැවැත්තේමටය.....
එහෙත්
බැලීමි
උන්ගේ හෙලු වැල්ල
දකිනු රිසියෙන්...
අහා....දැල්වූ විදුලි බුබුලක් සේ රත් පැහැය...
අපූරුයි..අපූරුමැයි......