Thursday, March 4, 2010

ආසයි නේ......!!!!

සුබ ආරංචියකි.පිස්සාට තවත් පිස්සෙක් සෙට් වී ඇත.එසේ මෙසේ පිස්සෙක් නොව උපාධිධාරී පිස්සෙකි.වෙනත් පුද්ගලයකු කරන කටයුත්තකට බලහත්කාරයෙන් කඩාවැදී හොඳින් හො නරකින් එය අවසන්කිරීමට වෙර දරන පුද්ගලයකු අවසන් වරට පිස්සාට හමුවූයේ පිස්සා 5 වසරේ ඉගෙනගන්නා කාලයේදීය.ඉන් ඉහළට උගත්කමක් ඇති අය එවැනි අඳබාල ක්‍රියාවන් නොකරනු ඇතැයි පිස්සාගේ කුඩා මොළයට වැටහී තිබුණත් එය හිතළුවක් බව දැන් පිස්සාට වැටහෙයි.එවැනි මන්ද මානසිකයින් උපාධිධාරීන් අතරද සිටින බව පහත සබැඳිය වෙත පිවිසීමේදි ඔබට අවබෝධ වනු ඇත.

http://nadeesthoughts.wordpress.com/2010/03/04/නූතන-උම්මග්ගය-බරණැස්-නුව/
මෙයින් පැහැදිළි වන්නේ එකම දෙයකි.මොහුගේ අභිලාශය හොඳින් හෝ නරකින්  මෙම කතාව අවසන්කර දැමීමයි.කඩිමුඩියේ සරම කැහැපොට ගසාගෙන කතාව බලහත්කාරයෙන් අවසන් කරන්නට යාමේදී හොරාට කලින් කෙහෙල්කැන වැට පැන ඇති අවස්ථා පාඨකයා විසින් එම ලිපිය කියවීමේදී අවබෝධවනු ඇත.
අද රටට අවශ්‍යවනුයේ මෙවැනි විද්වතුන්ය.මෙවැනි පිටපත් රචකයන්ය.මේ උපාධිධාරී පිස්සා තේරුම්ගතයුතු කරුණු කිහිපයක් ඇත.එනම් ඔබේ පිටපත ලියා අවසන් වුවද මගේ පිටපත තවම අවසන් නැති බවයි.තවද පළාමල්ලේ ඇත්තේ නූතන උම්මග්ග ජාතකය පමණක්ම නොවන බවයි.තවත් බොහෝ කුණු කන්දල්ද,පල් හෑලිද ඇත.ඒවා නිසි කලට එළියට දමමි.මෙම ලිපි වල හොර කොපි,ලිපිය බාගයක් ලියාගෙන යනවිට නොව ඊට පෙරදීම යථෝක්ත උපාධිධාරී පිස්සාගේ මල්ලෙන් හමුවනවානම් වඩා හොඳය.

එසේම ඔහුගේ ලිපියට සබැඳුම් යෙදීමේදී මෙම බ්ලොග් රචකයා කිසිසේත් සම්බන්ධ නැති "පිස්සාගේ ලෝකය" නම් බ්ලොග් අඩවියටද සබැඳුමක් යොදා ඇත.මෙය එම බ්ලොග් රචකයා අනවශ්‍ය අනතුරක හෙලීමකි.පිස්සාගේ ලෝකය ලියන්නේත් පිස්සාගේ පළාමල්ල ලියන්නේත් ලේඛකයන් දෙදෙනකු බව අවබෝධ කරගන්නට මෙම උපාධිධාරී පිස්සා අසමත්ය.

කරනවා නම් මෙන්න උපාධිධාරී පිස්සාට තවත් වැඩක්.මේ දහවල එල්ලානන්ද නම් චීවරධාරියා විසින් රචනා කරනලද "කණපිටක සූත්‍ර දේශනාව" ද මගේ පළාමල්ලේ ඇත.මට වැඩ වැඩි නිසා දැන්මම එය ලියන්නට වෙලාවක් නැත.දැන් ඉතින් ඔබේ බුලත්පයියයද අතගා බලන්න.සමහරවිට එම පොතේ හොර පිටපතක්ද එහි තිබෙන්නට පුළුවන.තිබේනම් අලුත් පිටුවක් ආරම්භකර ලියාතබන්න.

ආසයි නේ ඉතින්......!

9 comments:

  1. මචන් පිස්සා..

    ලන්කාවෙ බහුතරයක් උන්ට, විශේශයෙන්ම ගිරා දාල කැම්පස් යන උන්ට නැතිම දේ තමයි creativity කියන්නෙ. ඒකනෙ මුන්ට එක එකාට කඩේ යන්න වෙලා තීන්නෙ තමන්ගෙ පැවත්ම වෙනුවෙන්..
    ඕව අමතක කරල දාපන් මිත්‍රය...
    බල්ලො බුර්යි,..ඒත් තවලම ඉදිරියටම ඇදෙයි....එච්චරයි...
    අනික මේකත් කිව යුතුමයි...
    අපි හන්සයො නෙමෙයි..ඒත් අපිට කිරි සහ වතුර වල වෙනස හොන්දින් අන්දුනගන්න බැරිකමක් නෑ.

    ReplyDelete
  2. [...] බරණැස් නුවරුන් ලියූ පිටපත ගැන පිස්සා මෙසේ කියයි. එය කියවා මසිතට නැඟුනු සිතුවිලි [...]

    ReplyDelete
  3. එම්බා පිස්ස, තා හා කැමති අය බොහෝ වෙත්. ප්‍රතිරූපකයන් බොහෝ වැවුනද තා ම අප සිත් ගනිහි. තෙපි ලියවු, අපි එ කියවනු කැමැත්තමු. ජය..........!

    ReplyDelete
  4. කියවන්නෙක්March 4, 2010 at 8:02 PM

    රජුගේ වන්දිභට්ටයන්ටද වනන්නට හසර දෙනු මැනව....

    ReplyDelete
  5. රටේ රාළMarch 4, 2010 at 10:19 PM

    බල්ලො බුර්යි,..ඒත් තවලම ඉදිරියටම ඇදෙයි. (©Indika)
    තෙපි ලියවු, අපි එ කියවනු කැමැත්තමු. (© Kirimama)

    ReplyDelete
  6. මගේ අදහස කරුණාවෙන් බාර ගන්න.

    පිස්සා ගේ නූතන උම්මග්ග ජාතකය මුල සිටම කියෙව්වා. ඔබේ රචනය විශිල්ඨයි. උත්ප්‍රාසය දනවයි.

    නදී ලියූ බරණැස් පිටපත ද කියෙව්වා. එයද හොඳ නිර්මාණයකි. දෙදෙනාගේ දේශපාලන අදහස් වල පරස්පර බව තමා ලොකුම වෙනස.

    පිස්සා අප ද කියවා ඇති උම්මග්ග ජාතකය අනුකරණය කර තම නිර්මාණය කළා. නදී, ඒ පොත ද, පිස්සා ගේ නව නිර්මාණයද අනුකරණය කළා. ඒ බව පැවසූවා.

    මට නම් ලොකු අවුලක් නොපෙනේ. පිස්සෝ දිගටම ලියනු.

    කතන්දරකාරයා

    ReplyDelete
  7. I agree with Kathandara shurin :)

    ReplyDelete
  8. කොපිය නම් ඔයා ලියනව තරම් ලස්සන නෑ. හරියට සරම කැහැපටකැවිල නෑ. යන්තම් ඇතුලත් පේනව.

    ReplyDelete
  9. කතන්දර කාරයාගෙ කතාව තමා මටත් කියන්න තියෙන්නෙ.

    ReplyDelete