Tuesday, March 2, 2010

පිස්සා ලාංකීය සිතුවිලි සමාජයේ ගෞරවණීය සාමාජිකත්වය ලබයි.

අභිනවයෙන් ආරම්භ කරනලද ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයේ සාමාජිකත්වය පිස්සාට හිමිවී ඇත.මෙය ගෞරවණීය සාමාජිකත්වයක් ලෙස පිස්සා අදහයි.මෙම නව සින්ඩිකේටරයේ මුඛ්‍ය පරමාර්ථයන් හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නීති රීති පද්ධති පිස්සාගේ සිත්ගෙන ඇත.නව සින්ඩිකේටරයේ නවමු ගමනට පිස්සාගේ ආශිර්වාදය හිමිවන අතර යහපත් ප්‍රතිපත්ති නොසිඳෙන අයුරින් යන්නාවූ ඉදිරි ගමනකදී ඇතිවන කවරනම් බාධකයකදී වුව ලාංකීය සිතුවිලි සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පිස්සා පෙනීසිට්නු ඇත.

7 comments:

  1. ස්තූතියි පිස්සා 2. තව පිස්සෙක් ඉන්නවනේ, ඒ නිසා තමා පිස්සා 2 කිව්වෙ :-)

    ReplyDelete
  2. සාස්තර පුංචාMarch 2, 2010 at 11:02 PM

    පිස්සෙක් වුවද සාමාජිය වගකිම හදුනාගෙන කටයුතු කරන්න.

    ReplyDelete
  3. මම නම් අපේ 'සිංහල බ්ලොග් කියවනය' ඇරෙන්න, වෙනත් ඒවා ගැන මහා විස්වාසයක් නෑ.. මොකද මම ඔය කියන සින්ඩිකේටර් ගොඩක ඉන්නවා.
    ඇනලයිස් කරලා බලද්දී කට්ටිය ඇවිත් තියෙන්නේ 'සිංහල බ්ලොග් කියවනය' හරහා , මූණු පොත හරහා හෝ ගූගල් රීඩරය හරහා. අනිත් කියන සින්ඩි වලින් කට්ටිය එන්නේ හරිම අඩුවෙන්..(ඇත්තෙම නැති තරම්)

    ReplyDelete
  4. පිස්සා ලේඛණ කලාව ඇරඹුවේ වයස අවුරුදු 11 දී වුවද බ්ලොග්කරණයට ආභාෂය ලැබුවේ සිංහල බ්ලොග් කියවනය ඇසුරෙනි.ඒ පිළිබඳව පිස්සා‍ගේ කෘතවේදීත්වය සදහටම නොනැසි පවතී.
    එසේවුවද සෑම ක්‍රියාවලියක් සඳහාම විකල්පයන් බිහිවියයුතු බව පිස්සාගේ මතයයි.එවිට තත්ත්වය වඩාත් සාධාරණ වන්නේය.මුග්ධ අයුරින් එකම දෙයකට ඇලී ගැලී වෙසෙනු වෙනුවට මිනිසුන්ට සිතාබලන්නට තීරණ ගන්නට හැකි පරිසරයක් බිහිවනුයේ විකල්ප අවස්ථා වැඩිවන තරමටය.
    මේ වගට,
    පිස්සා.

    ReplyDelete
  5. @පිස්සා 1,

    එක පාරට අලි අල්ලන්න බෑ නේද සහෝ.

    ReplyDelete