Thursday, March 18, 2010

[ශ්]රීලා[න්ක්]ඒය්[අ අබ්හ්ඉම්]ආන්[අය්අ] බලාපල්ලා.....

"බොලං කොලුවො,ඔය මළඋලව් ජාතකේ පොඩ්ඩකට නවත්තහං."කියමින් සීයා ඇඳි පුටුව ඇදගෙන හරිබරි ගැහී ඉඳගත්තේය.

අපේ ගෙදර මහ එකා දැන් ගෙදර නැත.මධ්‍යම ප්‍රමාණයට සාරවත් දෙයක් අනුමත කරගෙන එන්නට ගොස්ය.සීයා වනාහි අපේ ගෙදර මහඑකාගේ හෙවත් ගෘහ මූලිකයාගේ ආඩම්බරකාර තාත්තාය.එබැවින් ගෘහ මූලිකයා නැති තැන සීයා නිකම්ම ගෘහ මූලික වෙයි.ගෘහමූලිකයාගේ තීරණය අවසාන තීරණය බැවින් මම කටට පැඩ් ලොක් එක දමාගතිමි.

සීයා ප්ලග් එක ගසා අවලං පෙට්ටිය දැම්මේය.වෙලාව රාත්‍රී අටය.දැං ඉතින් ලයිව්(ෆ්‍රී ඕ ඩයි හාර්ඩ් )ඇට් එයිට් බලන වෙලාවය.ටකරං සද්දයක් දමාගෙන අවලං පෙට්ටිය ඇතුළේ (වෙට්ට)පිත්තල කුරුල්ලෙක් කැරකෙන්නට විය.[ශ්]රීලා[න්ක්]ඒය්[අ අබ්හ්ඉම්]ආන්[අය්අ] යනුවෙන් පසුබිමෙහි සටහන්විය.

ඉන්පසු ලෝක ගෝලය කැරකෙන්නට විය."ලාආයිව් ඈට් ඒ......යිටි....ප්‍රා...යිම් ටා......යිම්" කියමින් අතීසාර රොගියෙක් පසුබිමෙහි විලාප ගසනු ඇසුණි.

"චිකි චිකි චිකි චිකි ටං ටං ටං ටං .......

ආයිත් බොහෝ අං,මම අරින්ඩ ජයලාල්....මම ගුලිකා වණසේකර....

රට වටේ කෙරෙන අවලං වැඩ දැනගන්න සෙට් වෙන්න අපිත් එක්ක...මෙන්න උණු උණුවේ ප්‍රථම කුණු පුවත.මේක දකිනකොට මට නම් බඩ යන තරමට හිනා යනවා.ප්‍රිය හිතවත් බූරු නරඹන්නනි,ඔබත් මෙය බලා හිත පිනවාගන්න....

පසුගියදා අහවල් ගඟේ පාවෙමින් හිටි කිරි සප්පයා නසරානි ලොරි කරුවකු විසින් ගොඩ දැමූ පුවත අපි ඔබට වාර්තා කළෙමු.මෙම නොදරුවාගේ මව් පාර්ශවය අල්ලාගැනීමට අපිත් හවුල් උණා.මේ වනචර ගෘහණිය දෙනෝදාහක් ඇස් කන් පියාගෙන බලාසිටිද්දීම නොදරුවා ගඟට විසිකර තිබෙනවා.ඇය ජීවත්වී තිබෙන්නේ සුනාමි සහන ගම්මානයක බව පැවසෙනවා.දරුවා ගඟට දැම්මේ කන්න දෙන්න නැති නිසාලු.නරඹන්නනි බලංඩ ඉතිං මේ නැහැදිච්ච ගෑනි කරන ප්‍රෝඩාව.සුනාමිය වැදිලා දැන් අවුරුදු හයක් වෙන්නත් ආව.ගෙවල් කැඩිච්ච උන් ඔක්කොටම  දැන් රජමාළිගාවල් කී දාහක් නං හදල දීල තියනවද?ඇරත් රට මැද්දෑවෙ මොන සුනාමි සහන ගම්මානද?ඒව මූද අයිනෙ තියෙන්ඩ එපෑයැ.ඔය නොදරුවට කන්ඩ හොයන එකත් අද කාලෙ මහ කජ්ජක්ද පිනවතුනි.ඇහැට කණට පේන ගෑණුන්ට මේ රටේ රස්සා වැහි වැහැල.පොඩ්ඩක් පාරට බැහැල බලන්ඩ එපෑයැ.මේව දකිනකොට මට හිටගෙනත් බඩ යන්න එනව.

ඉතිං අපි මේ වනචරී හිරේ යවන්ඩ උපරිම සහයෝගය දක්වමු.එතකොට ඕකි ආයෙත් කිරිසප්පයො ගඟට විසිකරන එකක් නෑ.හෝව් පොඩ්ඩක් මෙන්න බලන්න පිංවතුනි අර දහදුරා අවලමීගෙ අනිත් කොලු රෑන.මුන් ටිකත් පරිවාසෙටම දක්කල දාන්න ප්ලෑන් කරගෙන යනව.නැත්තං ඕකුනුත් කරදඬු උස් මහත් වෙනකොට ඔය වගේම වලත්ත වැඩ කරාවි.චියර්ස් කියන්න පිංවතුනි.....

දැං අපි ඉස්පිරිතාලෙට ගිහිල්ල පණ අදින අර නොදරුවගෙ දේහය පොඩ්ඩක් විකුණගන්නයි හදන්නෙ.ඔන්න බලන්න...දැක්ක නේද අලංකාරය.ඔන්න එතකොටම ලොකු නර්ස් නෝන ඔබට කියාදේවි දරුවෙක් ගඟට වැටුණම පණ පිටින් ගොඩදාන ආකාරය.අදම ඔබේ දරුවාත් ගඟට දමා බලන්න.මේ ක්‍රමය සුවර් ඇන් සොට්.එළකිරි වගේ වැඩ.

හික් හික් හික් හික් .......

දැං නං පුතෝ හිනාවෙලා මෙතනම බඩ යන්ඩ ආසන්නයි.මං ටක් ගාල විරාමයක් අරං එන්නං.

ඊට පස්සෙ අපි බලමු එක එක අය එක එක තැන කියන කුණු කතා.

ඒ සමඟම රට තොටේ පුවත් අස්වැන්න නෙළාගෙන අපේ මඩිස්සලේ පුරවගන්නත් බලාපොරොත්තු වෙනව.

එතකං ග්‍රීසි ටීවී පටියෙ ලිස්සන ඇඩ් සමඟ ඉතුරු ටිකෙත් ඇඩ්ම බල බල ඉන්ඩ.

ටං ටං ටං ටං ටං...........
මෙය බලාසිටි මට බඩේ රුදාව සමඟ ඕක්කාරයද හැදී ඇත.

සීයා ද බඩ අල්ලාගෙන පිළිකන්න පැත්තට දිව්වේ හුරේ රන් එකේය

ඔබේ දරුවා මැරෙන්නට යන මොහොතේ වුවත් මෙම හාල්පාරුවන් පැමිණ පුවත් අස්වැන්න නෙළාගෙන යනු ඇත.

චියර්ස් කියන්න පිංවතුනි........

18 comments:

  1. Ane ammapa pisso......
    kohenda me ideas enne.....
    meka liyane ohetada pissu, mewa korana untada pissu,,,,nathnam me nika inna apitada pissu.......

    ReplyDelete
  2. සෑම දෙයක්ම වාණිජකරණයට ලක්ව ඇති යුගයක මෙවන් දෑ සිදුවීම අරුමයක් නොවේ. දැන් කෝ සෙන්පෝක කතා වස්තුවෙ ඉතුරු හරිය.................

    ReplyDelete
  3. උන් ඉතින් කීයක් හරි, හම්බ කර ගන්නනේ බං, නිව්ස් අස්වැන්න නෙළන්නේ. ඒක තමයි උන්ගෙ වෘත්තිය.
    මොකා පිස්සු කෙළියත් කමක් නෑ. උඹ පිස්සු කෙළින් නැතිව සෙන්පෝකට වෙච්චි දේ කියපන්කො අපිට.

    ReplyDelete
  4. niyamai..patta!
    hamadama magen comment nathi unata mama ube rasikayek!

    ReplyDelete
  5. නියමෙට කියල තියෙනව

    ReplyDelete
  6. නියමයි පිස්සා ...

    ReplyDelete
  7. මරු මරු.
    අම්ම අප්ප හරි මාකට් කරල ජීවත් වෙන්නත් එපැයි අපි කවුරුත් නේද?

    ReplyDelete
  8. maru kathaawa.. matath oya channel eka peinna baa dan

    ReplyDelete
  9. "රීලා ඒය් ආන් බලාපල්ලා" මේක තමයි ආතල්ම කෑල්ල. එළම කිරි පිස්සා...

    ReplyDelete
  10. සුවර්ණවාහිනියේ මාකටිං නං කියලා වැඩක් නෑ. මළ කඳත් මාකට් කරලා සල්ලි හොයන එකයි උන් කරන්නේ. මතකනේ පහුගිය දවස් වල ළමයි මැරිච්ච ඒව මාකට් කරපු හැටි.

    ReplyDelete
  11. චියර්ස්.......

    ReplyDelete
  12. දැන් හැමදේම මාර්කටිං තමයි.
    මේ නරුම හැසිරීම පෙන්නන්නේ ස්වර්ණවාහිනිව පමණක් නෙමෙයි.
    හැමෝම එකතු වෙලා අර ගැහැනියට ගල් ගැසීම වෙනුවෙන් ඉදිරියට ආව වගේම, ‍මේ ගැනැත් ස්වර්ණාවහිනියට ගල්ගැසීමට ඉදිරිපත් වීමෙන් යතාර්තය වෙනස් වෙන්නේ නැහැ. ස්වර්ණවාහිනිය වගේම දෙරණ, සිරස ආදි අනෙකුත් චැනල් වලත්, සදාචාරසම්පන්න රාජ්‍ය මාධ්‍ය වලත් මාධ්‍ය සදාචාරය මීට දෙවෙනි නැහැ. මේ දවස් වල එයාලට වෙනත් න්‍යායපත්‍ර ඇති නිසා මේ කාරණය මඟහැරුනත් අවස්ථාව ලද විට ඒ හැමකකගේම හැසිරීම ඔච්චරම තමයි. යුද්දය පැවති දිනවල මේ විදියටම යුද්දය මාර්කට් කල ආකාරය දැන්ම අමතක වෙන්න විදියක් නැහැනෙ.

    ReplyDelete
  13. අනේ පිස්සො, උන්ට විතරක් බැනල වැඩක් නෑ. අපි හැමෝම කරන්නෙ පුළු පුළුවන් විදිහට විකුණන එකයි විකිණෙන එකයි තමයි.

    ReplyDelete
  14. විකිණීමයි ප්‍රවෘත්තියි කියන්නෙ දෙකක්. විකුණනව කියන අර්ථයෙන් විතරක් බැලුවම ජනමාධ්‍ය කියන එකට මොන විධියකවත් පැවැත්මක් නෑ. මේ සිදු වීම ගැන වාර්තා කිරීම සහ ඒක ජුගුප්සාජනක විධියට ලුණු ඇඹුල් සහිතව මිනිස්සු නොමග යන විධියට පතුරු ගහන එක පැහැදිලිවම දෙකක්. පැය භාගයක් පුරා කියන්න දේවල් නැති පලියට හුදෙක් දැනගත යුතු වීම පමණක් සෑහුණ මේ සිදුවීම මහා ලොකු දෙයක් බවට පත්කරගෙන ඉන් යැපීම පැහැදිලිවම තුච්ඡ විකිණීමක්.

    මේ වගේ සිදු වීම්වල ඕජසත් විකුණන්න තරම් මෙයාල කපටි වුණත් ඒක සිදුවෙන්න හේතු වුණ සමාජ තත්ත්වය වෙනස් කරන්න කිසිම වැඩක් කරන්නෙ නෑ. මොකද අපේ ටීවී වල යන ඒව බලන මොනම අම්ම කෙනෙක්වත් ඔය වගේ වැඩක් කරයි කියල හිතන්න බෑනේ.

    මොනව කරන්නද ඔය දරුවගෙ අම්මට ටීවී එකක් තිබුණෙ නැති වුණාට!

    ReplyDelete
  15. pisso, umbata mak unada ban?
    umbatath un wedak dunnada?

    ReplyDelete
  16. පිස්සෝ උඹ කොහෙදෝ...? මුගේ පිස්සුව හොඳ වෙලාවත්ද?

    ReplyDelete