සිංහාසනාවරණයේදී මහජන මතය කොල්ල කෑම පිළිබඳව වහෙන් ඔරෝ භාශාවෙන් හෙළිකළ ආතතිනන්දයාගේ කථාව අසාපියා රටවැසියාගේ කුකුස් වැඩී ඇති නියා රජ්ජුරුවන්ටද ආරඤ්චි විය.මෙවිට රජ්ජුරුවෝ වහ වහා හසුන් පතක් යවා ආතතිනන්දයා රජ මැදුරට කැඳැවූහ.රජ්ජුරුවෝ සිය හසුනෙහි වැඩිමනත් සඳහන් කරන්නාහු
''එම්බල ආතතිනන්දය,තොපි විසින් සිංහාසනාවරණය නිමකළාහු මාගේ චිත්ත ප්‍රසාදය වැඩී ගියේය.ඉදින් තා හට පඬුරු පාක්කුඩම් ආදිය දෙවාපියන්නට අපි වනාහි නොයිවසිල්ලේ පසුවම්හ.ඉදින් සෙට දින උදාසනක්සේම ඉස්සෝධා නාපියා වරෙව.හා පුරා කියා පැමිණෙන්නාහු රජ මැදුරට සිස් අතින් පැමිණිම නොකටයුතු යයි හඟිමි.එසේ හෙයින් තා රවුල බානා දැළි පිහියද මනාකොටැ මැදැපියා මිටින් ගෙන වරෙව.ඇඹැනියන්දෑත් කැටුව එන දෑ නම් වඩාලාමත් යහපත් වන නියායැ''යි ලියා යැවූහ.
ආතතිනන්දයා ද රාජ ප්‍රසාද කෙරෙහි ලෝභවැ පෙර නිලකළ පරිද්දෙන්ම රජ මැදුරට යන්නාහු දොරටුවෙන් ඇතුළුවෙන්නා හා සමඟම රජ්ජුරුවෝ ඌතුමූ කණ් කෙටියෙන් ගෙනැ කළුවර කුටියකට ලාපියා නොඑක් කැට මුඟුරු ආදියෙන් තැළූහ.අවසනැ ඌතුමූ නැවතත් භක්ෂිශීලයා හමුවට පමුණුවාපීහ.
මෙවිට භක්ෂිශීලයා කියන්නාහු,''කොල නිවටය හුදෙක් රජ්ජුරුවන්ටම නතුවවයි අප ඇම කියා තිබියදීත් රට වැසියා කුපිතවැ යන නියායෙන් සිංහාසනාවරණ අවසන මුඛරි බස් දොඩාපීහ.තොපි වනාහි අපහට පිළිලයක් වන්නට කාරණා යෙදෙමින් තිබේ.උදක්ම තා කැඳවන ලද්දේ ප්‍රසාද දීපියන්නට යයි සිතුවාහුද?කිසිසේත් නැත.තොපගේ අනාගත අභිවෘද්ධිය ඉදින් මෙවක් පටන් මම්මැ නිළකරවමි.තොපගේ නර්තන විලාශය අප ඇමට නොගැලැපේ.තොපගේ වයසටද නොගැලපේ.ඉදින් මෙම රෝගයට හේතුපාදක වන්නාවූ අවයවය සුළු ශල්‍යකර්මයක් මඟින් ඉවත්කොටැපියා මුඹගේ රෝගය දුරුකැර ලන්නට අප ඇම තීන්දුකොටැපියන ලදී.තොපගේ රවුල බාන්නාවූ දැළිපිහිය මෙහි දෙව.තොපගේ අසුවල් ස්ථානයේ පිහිටි මටසිළුටු මස්පිඬු යුගලය ඉවත්කොටැපීම අපගේ කරාඹන්නාචාර්ය මර-විණ ශෛලවයා විසින් මානුෂීය අයුරින් සිදුකරනු ඇත.එතෙකුදු වුව නොබව මැනව.මෙයින් තොපට අභිවෘද්ධියක්ම වන්නේය.තවද තොපගේ සංවේදී භාවයට කිසිදු හානියක් කිරීමට අප මහරජාණෝ නොකැමතිය.එබැවින් අසුවල් අවයවයේ සංවේදී කොටස ශල්‍යකර්මයට භාජනය නොකරන්නාහුය.මෙනයින් බලාපියන කලැ තොපිද අප ඇම මෙන් අතිශය සංවේදී පුද්ගලයකු වනු ඇත."
මෙසේ භක්ෂිශීලයා විසින් නිලකරන ලදුව මර-විණ ශෛලවයාගේ ශ්‍රී හස්තයෙන්,ශුභ මුහුර්තයෙන් ආතතිනන්දයාගේ කරඅඹාපියන ලදැයි දතයුතුය.
Monday, April 19, 2010
Friday, April 16, 2010
තෙන්දුල්කාර් මල්ලීගෙන් බෙකම් අයියාට....
ආදරණිය බෙකම් අයියාට කිරිකැට් පිට්ටනියේ සිට ලියමි,
මචං අයියේ,
උඹටත් කකුලේ අමාරුව හොඳකරගන්ඩ ලංකාවට එන්ඩ කියා මහ රජ්ජුරුවන් ලියුං කෑල්ලක් එවූ බව අසා තකහනියක්ම මෙය ලියන්නට හිතුණි.මගේ වාත අමාරු සියල්ලම රජ්ජුරුවන්ගේ දෙමුහුන් වෙදා සනීප කර ඇතැයිද මම පුල් ජොලියේ බල්ටි ගසමින් සිටිනු ඇතැයිද උඹ හිතන බව මට හැඟෙයි.
උඹට කියන්ඩ අයියේ ලංකාව මාර රටකි.දැන් එය ටිකෙන් ටික ආශචර්යමත් වෙමින් යයි.මගේ වාත අමාරුවට ඔය වෙදා හමුවී ප්‍රතිකාර ගන්නට ලැබුණේද මගේ පූරුවේ කරුමයකටමය.
මිනිහාගේ ප්‍රතිකාර ආශ්චර්යමත්ය.ඉතින් මට තිබුණු අමාරුව හොඳයි කියා සිතුණි.ඒ බව නොකියා මම රජ්ජුරුවන්ටද බටර් පාරක් උලා යන්තම් මෙහාට පැනගත්තෙමි.නැත්නම් මටද නම්බු පිටින්ම සුදු වෑන් රතයක යන්නට ටිකැට් කෑල්ල ඇදෙනු ඇති බව මට කීවේ රජ්ජුරුවන්ගේ කෝකියාය.ඉතින් මම රජ්ජුරුවන්ට පේන්නට සැලියුට් පාරක් දමා පොටෝ කෑල්ලක්ද ගන්නට ඉඩදී වාත අමාරුව ඩබොල් කොරගෙන ගෙදරට පංගාර්තු වුණෙමි.
උඹෙ මොළේ තාමත් ඔළුවේ ඇතැයි මට හිතෙන නිසා වැඩිදුර විස්තර නොලියමි.රොසපාටට දිළිසෙන රණවිරු මාක් කකුලක් දානෙ පාපන්දු ගහන්න උවමනාවක් තියෙනවනම් ලංකාව පැත්තෙ ගිහින් වරෙන්.
උඹට අතුරලියේ රතන හාමුදුරුවන්ගේම සරණයි.
මම නවතිමි.
මම උඹේ බොක්කෙන්ම ෆ්‍රෙන්ඩා,
සචින් මල්ලී.

අවසානය තව දුරය..(The end is far away..)
අපගේ හඬ මකා දැමීමට උත්සාහ දරනු ලැබුවද අපි එම දුෂ්ඨ ප්‍රයත්නයන් වළකා නැඟී සිටියෙමු.අපට එල්ලවූ ජාලගත ප්‍රහාරය(network attack) හමුවේ අපගේ දත්ත පද්ධතිය මුළුමණින්ම පාහේ විනාශවී ගිය අතර සැලකියයුතු කාලයක් අප නිහඬ කර තැබීමට එය හේතුපාදක විය.ඉතින් අපි නැවතත් බින්දුවේ සිටම පටන්ගත්තෙමු.නිකන්ම නොවේ.වඩාත් ධෛර්යය සම්පන්නවය.වඩාත් තීක්ෂණවය.
හෙට දිනයෙන් උදාවන කාල පරිච්ඡේදයේදී බොහෝවිට මහජනයාගේ බලාපොරොත්තු බිඳී යනු ඇත.මැතිවරණ කොමසාරිස් වරයා පණ්ඩකකරණයට ලක්වීම අපි පිළිකුළෙන් යුතුව බලා සිටියෙමු.රජ්‍යා මාධ්‍ය දේශපාලනීකරණයවීම අපි පිළිකුළෙන් යුතුව බලා සිටියෙමු.මහජන ආරක්ෂාව වෙනුවෙන් මහජන මුදලින් පඩි කන පොලිසිය දේශපාලනීකරණය වීමද අපි බලා සිටියෙමු.එහෙත්........!!!!!!!!!!අවසානය තව දුරය.
පෙර මෙන් නිරන්තරයෙන් පාඨකයා අතරට ඒමට නොහැකි වනු ඇති වුවත් කට පියාගෙන නිහඬව සිටීමට පිස්සාගේ බලාපොරොත්තුවක් නැත.
PISSA is ALIVE!!!!!!!

Subscribe to:
Posts (Atom)